...අපේ රටේ එවුන්...
ලංකාවේ විෂය නිර්දේශය යටතේ අධ්‍යාපනය ලබන බහුතරයක්ම, උසස් පෙළට මුහුණ දෙන්න සුදුසුකම් ලබන බහුතරයක්ම උත්සහ කරන්නේ කොහොමහරි ඉහල ප්‍රතිපලයක් අරගෙන විශ්වවිද්‍යාලයකට ඇතුලත් වෙන්න. හැබැයි එහෙම බැරි උනහම .....
'විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කියන්නේ ලංකාවේ ලොකුම කබාසිනියෝ. උන් කරන්නේ නිකන් කකා බිබී පිකට් වලට යන එක විතරයි. උන් හින්දා තමා රටේ ජාතික ධනය අපතේ යන්නේ.උන් තමා රටේ හැම ප්‍රශ්නෙකටම මුල'.
උපාධි ධාරීන් හිටිය කියල විතරක් රට දියුණු කරන්න බෑ බන්. වැඩිම උපාධිදාරීන් ඉන්න රටවල් අතර ඉන්දියාව ඉන්නේ හතර වෙනියට . ඒත් තත්ත්වේ මොකක්ද?.. රට දියුණු වෙන්න නම් මිනිස්සුන්ගේ ආකල්ප , රාජ්‍ය ප්‍රතිපත්ති , අධ්‍යාපන ක්‍රමවේද දියුණු වෙන්න ඕනේ.කැම්පස් වලට යන්නෙත් මේ රටේ system එකෙන් බැටකාපු එවුන් තමා. උන්ගෙන් එකපාරම ඇමරිකාවේ, ජපානේ පුරවැසියෙක්ව බලාපොරොත්තු වෙන්න බෑ.
අනික උබලා දන්නේ නැහැ කැම්පස් එවුන් නිහඬව කරන සමාජ සේවා වැඩ. දැනගත්තත් උබලා ඒවා කියන්නේ නැහැ උඹලගේ තියන කුහක ගතිය නිසා. දුෂ්කර ප්‍රදේශ වල පාසල් වලට ගිහින්, තමන්ගේ ශ්‍රමයෙන් ඒවගේ විද්‍යාගාර,ගොඩනැගිලි හදලා දෙන ඒවා, ශ්‍රමධාන කරන ඒවා, ගුරුවරු නැති පාසල් වලට ගිහින් සාමාන්‍ය පෙළ , උසස් පෙළ සිසුන්ට සම්මන්ත්රණ කරන ඒවා, ලේ දන්දීම් ඇතුළු දහසකුත් දේවල් උඹලගේ ඇස් වලට පෙන්නේ නෑ. ඒවාට වචනෙකින් හරි උදව් කරන්න උඹලගේ කටවල් ඇරෙන්නේ නෑ තියන කුහක කමට. විශ්ව විද්‍යාල වල පුරප්පාඩු පුරවන්නේ නැති වුනහම, බඳවා ගැනීම් ඉහල දැම්මේ නැති උනහම සමහර එවුන් සස්පෙන්ඩ් වේවි, වොර්නින් මැද ඒවාට කරන අරගල උබලට පෙන්නේ නැහැ.
උඹලට තියන ලොකුම ප්‍රශ්නේ අවුරුදු සියගානක් තිස්සේ ගොඩනැගුනු දියුණු ආකල්ප, අධ්‍යාපන හා දේශපාලන ප්‍රතිපත්ති හා ක්‍රමවේද තියන ඇමෙරිකාවේ , ඕස්ට්‍රේලියාවේ වගේ අපේ රටේ කැම්පස් නැත්තේ ඇයි කියල විතරයි..
තොපි වගේ කයියයි පඩ ගඳයි විතරක් තියන එවුන් එක්ක මෙතන විවාද කරලා වැඩක් නෑ. තමන්ගේ හිත දන්නවා නම් තමන් රට වෙනුවෙන් සේවයක් කරා කියලා ඒ ඇති.
මෙතන මොරටුවේ එවුන් දෙවිවරු කියලා කවුරුත් කියලා නෑ. සමහරු මෙතන අහල තිබුනා උන් හදල තියෙන්නේ මොනවද කියලා. ඒ නිසයි සමහරු ඒවාට රිප්ලයි විදිහට ඒ නිර්මාණ දාලා තිබුනේ. සමහරු කියනවා එතන ඉංජිනියරින් නෑ, මිකැනික් කෙනෙක්ටත් ඕක හදන්න පුළුවන් කියලා. ඔව් පුළුවන්. පළපුරුදු මේසන් බාස් කෙන්ක්ටත් පුළුවන් තට්ටු විස්සක තිහක ගොඩනැගිල්ලක් ගහන්න. එත් වෙනස මොකක්ද කියලා දන්නා එවුන් දන්නවා. කියන්න නම් ඕනේ එකෙක්ට පුළුවන්.
තමන් දෙයක් කරලා මෙතන දාපං නිකන් කියවන්නේ නැතුව.