සිරිපාල

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    සුදුහුම්පොළ ඉඳන් රේල් පාර දිගේ පයින්ම ටවුමට ගාටපු සිරිපාල ඉස්ටේසමට ගොඩ උනේ පැයක් හමාරක් එතන ගත කරලා දවල් වෙද්දි ගුඩ්ෂෙඩ් එක පැත්තට යනවා කියලා හිතාගෙන..සිරිපාල කරන්නේ නුවර ටවුමේ ටොපි විකුණන එක.. බස් ඉස්ටෑන්ඩ් එකට වඩා ඉස්ටේසමේ තමයි සිරිපාල වැඩිපුර රැඳෙන්නෙ. බදුලු කෝච්චියේ උන්නු පොඩි එකෙකුට චුයින්ගම් එකක් අතට දීලා සල්ලි ගනිද්දි සිරිපාල ගේ ඇහැ ගියේ පොඩි එකාගෙ අම්මගෙ තන් දෙක දිහාට. කලු පාට බ්ලවුස් එකේ බොත්තම් අස්සෙන් තමන්ගෙ හිතේ ඉන්න යකා ඇස් බෝල දෙකෙන් විනිවිදලා යවාපු සිරිපාලගේ හිත මිනිහගෙ කණටම කොඳුරලා කිව්වෙ බුදු අම්මේ ඒකෙ සයිස් එක.... ගමටම කිරි දීලද කොහෙද.
    බර වෙච්ච හිත ගසා බසා දාලා ප්ලැට්ෆෝම් එක දිගේ කෝච්චිය අයිනෙන් ඇවිදින්න පටන් ගත්තා. ඇවිදින අතරේ … හිතමද බර වුනේ කියලත් සිරිපාල ට නොහිතුනාම නෙවෙයි .
    නැරඹුම් මැදිරියෙ උන්නු සුද්දියෙක් අත වනලා සිරිපාලට අඬ ගහන්නෙ ඔය අතරෙ…වැඩි මිලට පෙපර්මින්ට් පැකට් එකක් වික්ක සිරිපාල සල්ලි ගන්න අතරේ සුද්දි ගෙ නිරුවත් කලවා දිහා බලන් හිටියේ අපිට කොහෙන්ද බූල් බල්ලො කියලා හිතාගෙන.
    සිරිපාලට හදිසියේ මතක් උනේ දවල් වෙනකොට ඉස්පිරිතාලෙ ලෙඩ ඇඳේ ඉන්න තමන්ගෙ පවුලට කෑම එකක් ගෙනියන්න ඕනෙ බව. කාලයක් තිස්සේ හතියෙන් පීඩා විඳපු සිරිපාලගෙ අඹුව ලෙඩ ඇඳටම වැටුණේ ගිය මාසේ…රාසිං දෙව් විද්‍යාලෙට යන කොල්ලො දෙන්නට ඕන කරන සල්ලි පංගුව නම් උදෙන්ම හම්බ කර ගත්තෙ උදේ සුසන්ත සර්ගෙ බයොලොජි පන්තිය අයිනේ ඉඳන් කඩයප්පන් විකුණලා..
    ප්ලැට්ෆෝම් එකේ ඔහේ ඇවිද්ද සිරිපාලට රෙන්න බරක් ආවෙ ඔය අස්සෙ..ඉස්ටේසමේ දකුණු පැත්තේ කොනට වෙන්න තියෙන වැසිකිළියේ දොර වහනවත් එක්කම සිරිපාලගෙ ඇහැ ගියේ ඒ මහතුන්ගේ වැසිකිළියේ මහත්තයෙක් ඇදලා තිබ්බ නග්න ස්ත්‍රී රූපෙටයි ඊට පල්ලැහින් ලියලා තිබ්බ කවි පන්තියටයි. පරණවිතාන මහත්තයලා ඔය එක එක බයිලා කීවට සීගිරි ගලෙත් ඇත්තෙ මේ වගේ කුණුහබ්බ වෙන්නැති කියලා සිරිපාලට හිතුණා...මොකෝ ඒ කාලෙ හිටියෙත් හිංගලයො ම නේ… අද කාලෙ ඉන්ටනැට් එකේ සෙක්ස් හොයලා කප් ගහපු හිංගලයන්ගෙ මහ උන් ඒ කාලේ එහෙම නොවී පුලුවනෑ...
    විනාඩි පහකට විතර පස්සෙ හුස්මක් හෙලලා අත හෝදගෙන සිරිපාල ආයෙත් ටොපි විකුණන්න මාතලේ කෝච්චියට නැග්ගා.
    දෙවෙනි පෙට්ටියට නගිනවත් එක්කම ආයෙත් රෙන්න බරක් දැනෙද්දියි සිරිපාලට මතක් උනේ කක්කුස්සි ගියාට රෙන්න මතක නැති උනු බව.
     
    • Like
    Reactions: djnick and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,870
    2
    115,898
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    38252c55502a1b07ebc1bd14c44c1fcb_L.jpg
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වලි නෑ.. ඌ තනියෙන් කියෝනව. මම පඩේකට ගණන් ගන්නෙ නෑ :lol:
    බැනපන් ඕකට, ඔය djnick කියන්නේ මහ එපාම කරපු එකෙක් කුණු කතා කියන එකමයි ඕකගේ වැඩේ :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොට් කරලා කියනවා ගණන ගත්තේ නෑලු
    9344262.png
    9344262.png
    9344262.png
    බලපන්කො නේද මුන් කෝට් කරලා පස්සේ දන්නේ නෑ වගේ කියන කතා :yes: ඔය ගොට්ටා ඔහොම්මමයි අතාරින්න එපා උඹත් බැනපන් :yes: