2 phase කියල එකක්නම් නැ පුතේ, 3 phase & single phase තමයි තියෙන්නේ.
ඔය පාරේ සාමාන්යෙන් ලයිට් කණු වල කම්බි ලයින් 4ක් තියෙන්නේ, ඒකෙන් 3ක් live අනික neutral.
ගෙවල් වලට කරන්ට් දෙනකොට ඔය ලයිව් 3න් එකයි, neutral එකයි වයර් දෙකක් අරන් මීටරේට හයි කරලා. අපි live කම්බි තුන 1, 2, 3 කියල හිතමු, උබලගේ ගෙදරට තියෙන්නේ live 2, අල්ලපු ගෙදරට live 3, තව ගෙදරකට live 1, එහෙම මාරුවෙන් මාරුවට තමයි යන්නේ. එතකොට එකට fuse එකක් ගියොත් අනිත් ලයින් 2ක වැඩ. එකයි සමහර වෙලාවට සමහර ගෙවල් වල කරන්ට් තිබ්බට උබලට නැති වෙන්නේ.
3 phase ගෙදරකට වැඩක් නැ, ඇති එකම වැඩේ එක ලයින් එකක් වැඩ නැත්තම් අනිත් ලයින් දෙකෙන් එකකින් කරන්ට් ගත්තකි. 3 PHASE ඕන වෙන්නේ ඔය ලොකු machine දුවන්න වගේ තමයි, ඔය හාල් මෝල් ලී මෝල් වගේ 3 phase මෝටර් දුවන්න.
3 phase ඕනනම් ගනින් ඉතින් වියදම වැඩියි, මීටර් 3යි, ට්‍රිප් 3යි ඉතින් තව සිද්දි තියනවා