ඔබත් රටේ දේශපාලන තත්වය ගැන උනන්දු එළකිරිවාසියෙක්ද ?
හැමදාම කියන මැතිවරණ අනාවැකි කිරි ගහට ඇන්නා වගේ හරිගියාද ?
පෙබරවාරි 10 දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙහි මැතිවරණ ප්‍රතිපල අනුමාන කර වටිනා ත්‍යාග දිනාගන්න මෙන්න කදිම අවස්ථාවක්. 
එක් එක් දේශපාලන පක්ෂය ලබගනිවී යැයි ඔබ අනුමාන කරන චන්ද ප්‍රතිශතයන් UNP XX.X%, පොහොට්ටුව XX.X%, UPFA XX.X%, JVP XX.X% ආකාරයෙන් ලබාදී තරඟයට ඇතුලත් වන්න. එක් එක් පක්ෂය ලබාගත් සැබෑ චන්ද ප්‍රතිශත අගයන් සහ ඔබේ අගයන් අතර වෙනසේ එකතුව අඩුම පිළිතුර ජයග්රාහි පිළිතුර ලෙස තෝරා ගනු ලැබේ
ජයග්රාහි එළකිරි සාමාජිකයා වෙත වසරේ විශිෂ්ඨතම අනාවැකිකරු සඳහා පිදෙන
"සුමනදාස අබේගුණවර්ධන අභියෝගතා කුසලානය"
සමග අතේ රැගෙන යා හැකි ජීවම් කල හැකි සුරයක්.

අනුශූරතාවය ලබාගන්නා එළකිරි සාමාජිකයා වෙත වෙත වසරේ කණ ගාවින් ගිය අනාවැකිකරු සඳහා පිදෙන
"චන්ද්‍රසිරි බණ්ඩාර අභියෝගතා කුසලානය"
සමග ජීව උණ්ඩ පිරවූ රිවෝල්වරයක්.

තුන්වෙනි ස්ථානය ලබාගන්නා එළකිරි සාමාජිකයා වෙත වසරේ ලාවට හරි අනාවැකිකරු සඳහා පිදෙන
"විජිත රෝහණ අභියෝගතා කුසලානය"
සමග හොඳින් ඔපමට්ටම් කල දෙකේ දෙකේ පොල්ලක්.

ගංගා සුදර්ශනී මෑණියන්ගේ අනුග්‍රහයෙන් ජයග්‍රාහකයන් තිදෙනාටම රෙප් පොයින්ට්ස් 100 බැගින් සැනසිලි ත්‍යාග
ඉන්දික තොටවත්ත මහතාගේ අනුග්‍රහයෙන් සහභාගී වන සැමට රෙප් පොයින්ට්ස් 20 බැගින් සැනසිලි ත්‍යාග 
අනාවැකි සඳහා උපකාරයක් ලෙස පසුගිය 2015 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිපල
UNP - 45.66%, UPFA - 42.38%, JVP - 4.87%, වෙනත් 7%

