බය කරන්ඩ එපා යකෝ
මොනා කරන්නද ඉතින්..
අපි කතා කරන්න අකමැතිම දෙයක් තමයි මරණය. ඒකට හේතුව තමයි අපේ හිත්වල ජීවත් වෙන්න තියන ආසාව. අපි කොච්චර අකමැති වුනත් දවසක අපිත් මැරෙනවාමයි. මරණය කොච්චර අමිහිරි අත්දැකීමක් වුනත් අපිට ඒක මගහැර යන්න බෑ. ඉපදෙන හැම සත්වයෙක්ම මරණයට මුහුණදෙන්න වෙනවාමයි. මරණය ගැන නිතර සිහි කරන්න. එසේ මරණය සිහිකිරීම අප්රමාදී වෙන්න හේතුවක් වේවි.. අපි අද මෙහෙම හොදට හිටියට කවදාහරි මැරෙනවා කියන දේ හිතට ගන්න. එතකොට නොපමාව පින් කරන්න සිත් වේවි.. පින පමණයි කොයි කාටත් සැනසීම... අපි මැරෙන මොහොත වෙනකොට අපි කරල තියන පින් සිහිකරගන්න පුලුවන් නම් ඒක තමයි ලස්සනම මරණය. ඒකට පුලුවන් තරම් පින් කරගන්න ඕනෙ. නැත්තම් වෙන වෙන දේවල් මතක් වෙන්න තියන ඉඩ කඩ වැඩියි.. එහෙම වෙන වෙන රාග, ද්වේශ, මෝහ සිතුවිලි අපේ හිත් වල පහළ වුනොත් අපායගාමී වෙන්න තියන ඉඩකඩ වැඩියි.. සුගතියක උපදින්න නම් අපි හිත හදන වැඩ පිළිවෙලක යෙදෙන එක අත්‍යවශ්‍යයි. අපේ හිත අත් හැරීම කියන දේ පුරුදු කලේ නැත්තම් අන්තිම මොහොතෙ මේ ලෝකෙ දාල යන්න බැරි වෙනවා.. ඒ නිසා හොද සිහියක් හදා ගන්න අවශ්‍ය බව හිතට ගන්න.. නිතරම තමන්ගෙ සිත ගැන සැලකිල්ලෙන් ඉන්න. සිතට එන සිතුවිලි ගැන හිතන්න.. "මට දැන් රාග සිතක් පහල වුනා..", "මගේ හිතේ දැන් ද්වේශයක් ඇති වුනා... " කියල ඒ වෙලාවට හිතන්න. හිත ගැන කල්පනාවෙන් සිට සිත පාලනය කරගන්න.. ඒ සිතුවිල්ල යටපත් කරගන්න පුලුවන් වේවි.
ටික ටික හරි අත් හැරීම පුරුදු කරන්න.
නිතර පින් කරන්න.
කරපු පින් ගැන සිහිපත් කරන්න.
සිත ගැන කල්පනාවෙන් ඉන්න..
නරක සිතුවිලි යටපත් කරගන්න..
අපිට සසර ජයගන්න පුලුවන්..
මේ භවයෙදිම ඒක කරන්න පුලුවන්.., හිතුවොත්.
අඩුම ගානෙ සුගතියක උපදින්න පුලුවන් වෙන්න වත් හිත සකස් කරගන්න. ඒ සදහා ප්‍රමාද නොවී දැන්මම උත්සාහ ගන්න.
සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ඪාන සාසණං
සියලු බුදු වරුන්ගේ අනුශාසනය හිතට ගන්න.
තෙරුවන් සරණයි..