ජීවිතය සමබර කර ගැනීමේ කළාව

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    reputation_neg.gif
    ජීවිතය සමබර කර ගැනීමේ... 09-30-2018 02:30 PM Pala hutto boru nokiya umbe amma ita passe awawadayak dunnema nadda? 😂

    athishaya ahlaada janakaya............:baffled:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ත්‍රෙඩ් එකේ දෙතුන් පොලක මගේ නම කියවිලානේ.....
    මට තේරුමක් තියෙන වයසේ වගේ ඉඳල තමා ඔය අදහස මගේ ඔලුවේ පළවුණේ.කොයි කාලේද කියන්න නම් මතක නෑ, හැබැයි 10 වසර වගේ වෙද්දී මගේ ඔලුවේ ඕක තිබුන.
    මොකද මම පොඩි කාලේ ඉඳල ලියපු ජීවිත පොතක් තියෙනවා. '' පිය සටහන් '' කියල.එක එක වෙලාවල් වලට ඔලුවට එන සිතුවිලි ලියපු පොතක්. තාමත් ඒක තියෙනවා. 2004 අවුරුද්දේ මම ඔකේ ලියල තියෙනවා,
    '' ජීවිතයේ සතුට සොයා යෑමේ චාරිකාවක් ඕනෙම මනුස්සයෙකුට තියෙනවා.මගේ චාරිකාව මම පටන් අරගෙන තියෙන්නේ නමුත් කිසිම දෙයක් පේන්නේ නෑ. ''

    මට අදටත් වචන ගලපලා මේකයි කියල තේරුම් කරන්න තේරෙන්නේ නෑ. මට දැනෙන විදිහ,
    මම හිතන්නේ ජීවිතේ කේන්ද්‍රය කියන්නේ එක එක්කෙනාට වෙනස් දෙයක්.
    අපේ හිතේ අභ්‍යන්තරයෙන්ම උපදින දෙයක්. එත් ඒක මෙන්න මේ වගේ දෙයක් කියන්න මට තේරෙන්නේ නෑ. හැබැයි එහෙම එකක් තියෙනවා.
    ඒක මේ අපි කන කෑමක් බීමක්, චිත්‍රපටියක්, අහන සින්දුවක්, ඇඳුමක්, වාහනයක්, රස්සාවක්, වගේ සිල්ලර අතට අහුවෙන, භෞතික දෙයක් නෙමේ.
    හරියට නිකන් අභ්‍යන්තර සාමයක්, ප්‍රීතියක් වගේ දෙයක්.
    නමුත් මට හිතෙන්නේ ඒ සාමය, ප්‍රීතිය එන්නේ ජීවිතේ අපි කරන කියන දේවල් වලින්.අනේ මන්දා, මමත් තාම ඒක හොයනවා, ඒක තේරුම් ගන්න උත්සහා කරනවා. මම හිතන්නේ තාම ඒක මට හම්බුනේ නෑ, එහෙම නැත්තම් හම්බුනාද කියල මම දන්නේ නෑ :confused::confused:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අම්මෝ... මරු ඔවදන් ටිකක්...කාලෙකින් කියෙව්වෙ...
    අපේ ජීවිතේ කියන්නෙ කලු ගලක් නම් ඒක පිළිමයක් කරගන්න පුළුවන් නම් හැමෝගෙම වැඳුම් පිදුම් ලබන්න පුළුවන්...වැඩදායක කෙනෙක් වෙන්න පුළුවන්... ඒ වගේම බොහෝ දෙනෙක්ට සහනයක් දෙන්න පුළුවන් නම් තමන්ට අනුන්ට වගේම ඒක සමාජෙටත් ලොකු යහපතක් අපේ කෙටි ජීවිත කාලෙ එහෙම කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද...?

    අවංකවම හිතට එකඟව වැඩ කරනවනම්. කාගෙවත් හිත් රිද්දන්නෙ නැත්නම් සමාජෙට බරක් නොවෙනවනම් ජීවත් වෙලා ඉන්න කාලෙ වගේම මැරුණ දවසට අවසන් බුහුමන් දක්වන්නත් කොටසක් හදාගන්න ඕන් ජීවත් වෙලා ඉන්න කාලෙම කියලයි මම හිතන්නෙ....
     
    • Like
    Reactions: Mr.Tom

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොහොම වටින ත්‍රෙඩ් එකක් ටොමයියේ... කියල වැඩක් නෑ. :yes:
    තනිකර රේස් දිවිල්ලක් වෙන්නෙ දැන්.:dull:

    ඉස්සර අපේ අම්මල තාතලට හම්බකරල ගෙදර නිදහසේ ඉන්න වෙලාව තිබ්බ ඒකට දැන්. කතාකරන්නවත් වෙලාවක් නෑ දුවනව.:sorry:
     
    • Like
    Reactions: Mr.Tom

    dina84

    Well-known member
  • Aug 12, 2013
    1,077
    265
    83
    Kurunegala
    18+:D හවස තමා රෙප් දෙන්න නම් උනෙ..මේක කියෙවුව ගමන් ඉස්සල්ලාම පොස්ට් කරන්න හිතුනා..:D
    කාලෙකින් කියවපු හොදම ලිපියක්..
    මේකට දෙයක් එකතු කරන්න තරම් නම්.මට ලොකු දැනුමක් නැ...හැබැයි මගෙ අදහස නම් අතිතය වෙනුවෙන් පසුතැවෙන එක අඩු කරග්න්න හො එකෙ හොදක් හොයාගන්න පුලුවන් නම් අපිට ජිවිතෙ පහසු වෙනවා කියන එක...
    මේකෙ මම දකිනවා කෙල්ල දාලා ගියා කියලා දවසට ත්‍රෙඩ් 3ක් වත් වැටෙනවා...ඇත්තටම නොගැලපෙන සම්බන්දෙක ඉදලා මුලු ජිව්ත කාලෙම දුක් විදිනවට වඩා එක හොදයි කියලයි මම හිතන්නෙ...අපිට තියෙන්නෙ එක ජිව්තයයි..එකත් අපහසුවෙන් ගෙවනවා මදිවට තව කෙනෙක් අපි එක්ක අපහසුතාවෙන් ජිවත් වෙවි කියලා බලාපොරොත්තු වෙනවා...මම මගෙ ප්‍රශ්නෙකදි මගෙ සහොදරයා ලග අඩ අඩ ඉන්න කොට එයා මට හොද සිංදුවක් දුන්නා මේක අහලා බලන්න කියලා..පොස්ට් එකෙ අන්තිමට එක දාන්නම්...
    ලොකෙම දන්න විශෙශ කෙනෙක් වෙන්න බැ අපි හැමොටම..එත් තමන් ට තමන් විශෙශ කරගන්න...ජිවිතෙ ව්දින්න..විදවන්න එපා...ජීවිතේ අපි උපමා කරන්නෙ ගලන ගගකට...හැලහැප්පීම් ජිවිතෙට ඔනි....වැටෙන්න,කැඩෙන්න,බිදෙන්න,එත් කවදාවත් නවතින්න එපා...:D:D:D
    රන් හිරු මඩලින් සිහිලස අයදිනවා
    පුන් සද පහනින් උණුසුම අයදිනවා
    ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා
    ගිරිහිස ඉදුවර සොයමින්ල තැවෙනවා

    සයුරේ පැන් තොට සොයමින්වැ ලපෙනවා
    කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා
    ගිලිහෙන දියරැලි මාලා නෙත පුරවාගෙන නෙක මායා
    මිනිසුන් සැමදා සිහිනෙක සැතපෙනවා

    ගමනේ මංපෙත දවසක නිමවෙනවා
    ලදදේ කල කීදේ හිත හඩවනවා
    නිරවැරදි හැම සගවාලා වරදට මල්දම් දාලා
    රකුසන් පුද දී මිනිසුන් සැනහෙනවා

    :yes::yes::yes:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    You must spread some Reputation around before giving it to Mr.Tom again.

    හම්මේ ටොමා ගොඩ කාලෙකින්. ජීවිතේට වටින උපදෙස් ගොඩක් අරන් ඇවිත්.
    මටත් තියෙනව ඔය වැඩ කල් දාන ලෙඩේ. ජිම් යන්න හිතන් ඉන්නවා වෙලා නැහැ කියල කල් දානව. අදම හදාගන්න ඕනේ ඒ අඩුපාඩුව
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ත්‍රෙඩ් එකේ දෙතුන් පොලක මගේ නම කියවිලානේ.....
    මට තේරුමක් තියෙන වයසේ වගේ ඉඳල තමා ඔය අදහස මගේ ඔලුවේ පළවුණේ.කොයි කාලේද කියන්න නම් මතක නෑ, හැබැයි 10 වසර වගේ වෙද්දී මගේ ඔලුවේ ඕක තිබුන.
    මොකද මම පොඩි කාලේ ඉඳල ලියපු ජීවිත පොතක් තියෙනවා. '' පිය සටහන් '' කියල.එක එක වෙලාවල් වලට ඔලුවට එන සිතුවිලි ලියපු පොතක්. තාමත් ඒක තියෙනවා. 2004 අවුරුද්දේ මම ඔකේ ලියල තියෙනවා,
    '' ජීවිතයේ සතුට සොයා යෑමේ චාරිකාවක් ඕනෙම මනුස්සයෙකුට තියෙනවා.මගේ චාරිකාව මම පටන් අරගෙන තියෙන්නේ නමුත් කිසිම දෙයක් පේන්නේ නෑ. ''

    මට අදටත් වචන ගලපලා මේකයි කියල තේරුම් කරන්න තේරෙන්නේ නෑ. මට දැනෙන විදිහ,
    මම හිතන්නේ ජීවිතේ කේන්ද්‍රය කියන්නේ එක එක්කෙනාට වෙනස් දෙයක්.
    අපේ හිතේ අභ්‍යන්තරයෙන්ම උපදින දෙයක්. එත් ඒක මෙන්න මේ වගේ දෙයක් කියන්න මට තේරෙන්නේ නෑ. හැබැයි එහෙම එකක් තියෙනවා.
    ඒක මේ අපි කන කෑමක් බීමක්, චිත්‍රපටියක්, අහන සින්දුවක්, ඇඳුමක්, වාහනයක්, රස්සාවක්, වගේ සිල්ලර අතට අහුවෙන, භෞතික දෙයක් නෙමේ.
    හරියට නිකන් අභ්‍යන්තර සාමයක්, ප්‍රීතියක් වගේ දෙයක්.
    නමුත් මට හිතෙන්නේ ඒ සාමය, ප්‍රීතිය එන්නේ ජීවිතේ අපි කරන කියන දේවල් වලින්.අනේ මන්දා, මමත් තාම ඒක හොයනවා, ඒක තේරුම් ගන්න උත්සහා කරනවා. මම හිතන්නේ තාම ඒක මට හම්බුනේ නෑ, එහෙම නැත්තම් හම්බුනාද කියල මම දන්නේ නෑ :confused::confused:

    ඇත්තටම නම් ඉතිං ඔය ප්‍රිතිය ලබන්න සෝවාන් වත් වෙන්න ඕනේ.
    නැත්තන් තමන්ගේ ඉලක්ක වලට ඇවිත් එතනින් හිත සතුටු කර ගන්න තරමටවත් හිත දියුනු කර ගන්න ඕනේ. මිනිසාගේ සාමාන්‍ය ගතිය තමන්ගේ ඉලක්කයට ආවට පස්සේ ආපහු තවත් ඉලක්කයක් හදාගන ඒක පස්සේ දුවනවා. මේකේ කෙලවරක් නෑ. යම් තරමකට හෝ තමන්ගේ වර්ථමාන තත්වය ගැන සෑහීමකට පත් වෙලා ජීවත් වෙන්න පුලුවන් කෙනාට ගොඩක් සතුටින් ඉන්න පුලුවන් වෙනවා. නමුත් මිනිහෙක් නයතුරුස් වලට හිර උනොත් කවදාවත් වර්ථමාන තත්වය ගැන සෑහීමකය පත්වෙන්න බැරි වෙනවා. ඒ නිසා හැකිතාක් දුරකට නය අවම ජීවිතයක් ඇති කර ගන්න ඕනේ. ත්‍රෙඩ් එකේ කිව්වා වගේ ජීවිතය විවිධ අංශ වලින් සමබර කරගන්න ඕනේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මෝ... මරු ඔවදන් ටිකක්...කාලෙකින් කියෙව්වෙ...
    අපේ ජීවිතේ කියන්නෙ කලු ගලක් නම් ඒක පිළිමයක් කරගන්න පුළුවන් නම් හැමෝගෙම වැඳුම් පිදුම් ලබන්න පුළුවන්...වැඩදායක කෙනෙක් වෙන්න පුළුවන්... ඒ වගේම බොහෝ දෙනෙක්ට සහනයක් දෙන්න පුළුවන් නම් තමන්ට අනුන්ට වගේම ඒක සමාජෙටත් ලොකු යහපතක් අපේ කෙටි ජීවිත කාලෙ එහෙම කරන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද...?

    අවංකවම හිතට එකඟව වැඩ කරනවනම්. කාගෙවත් හිත් රිද්දන්නෙ නැත්නම් සමාජෙට බරක් නොවෙනවනම් ජීවත් වෙලා ඉන්න කාලෙ වගේම මැරුණ දවසට අවසන් බුහුමන් දක්වන්නත් කොටසක් හදාගන්න ඕන් ජීවත් වෙලා ඉන්න කාලෙම කියලයි මම හිතන්නෙ....

    බොහෝම ස්තූතී.
    අන්න හරි. බිල්ගේට්ස් කියලා තියනවා, තමන් සමාජයට යම් විශේෂ දෙයක් කරනකල්, කවදාවත් තමන්ට සමාජයෙන් යම් තැනක්, විශේෂත්වයක් බලාපොරොත්තු වෙන්න එපා කියලා, ගොඩක් මල්ලිලා, නංගිලා හිතන් ඉන්න දෙයක් තමයි බුකියේ පොෂ් පාටට ෆොටෝ එකක් දැම්ම සමාජ තැනක් ලැබෙනවා කියලා. නමුත් ඒක ඇත්තටම ලැබෙන්න නම් තමන් සමාජයට කෙසේ වෙතත් අවට ඉන්න අයටවත් යහපත් යමක් කළ යුතුයි කියන එක එයාලා දන්නෙ නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහොම වටින ත්‍රෙඩ් එකක් ටොමයියේ... කියල වැඩක් නෑ. :yes:
    තනිකර රේස් දිවිල්ලක් වෙන්නෙ දැන්.:dull:

    ඉස්සර අපේ අම්මල තාතලට හම්බකරල ගෙදර නිදහසේ ඉන්න වෙලාව තිබ්බ ඒකට දැන්. කතාකරන්නවත් වෙලාවක් නෑ දුවනව.:sorry:

    කමෙන්ට් එකට බොහෝම ස්තූතී මල්ලි.

    දැන් ඒ රේස් එක අතරේ හොද මිනිස්සු සෑහෙන්න අඩුයි මල්ලි. හැමෝම තම තමන්ගේ තනි යුද්ධ ගෙනියනවා. :nerd:

    මේ සිංදුව මතක් උනා

    වන්නි වන පෙතේ..
    ගම් දනව් පුරා නිවහන වංක ගිරි වනේ..
    වෙසතුරු සදිසි පියවරුන්..
    අත් මුදුන් තබා බැතියෙන් වන්දනා කරම්..

    කන්ට බෑ කියා - තනියම එන්ට යයි කියා
    ගමටම බත් බුලත් - නිතර දන් දුන් පියවරුන් වෙතින්..
    ජාත වී ඇතත් - පූරුවෙ කරන ලද පවක් පලදී
    බින්න බැස හිදී නගරය අසල දූ පුතුන්..

    කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
    මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්
    කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද
    දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්..