~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම හිටියොත් ඒ මිනිස්සු අපේ ඔලුවට අත හෝදලා යන්නේ නැතිවෙයි කියලා හිතන්න පුලුවන්ද?

    ඒක ඉතින් ඔයාගෙ හැකියාව. ගොනා කන්නෙ පොල් පැලේ කියල දන්නවනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් වෙලාවට බැ කියන්නේ නැත්තේ හිත නොහොද වෙයි කියලා හිතන නිසා

    එක දවසක් බෑ කියල බලන්න එහෙනම්. ඔයාට හිතෙන හැටි ගැන. ඊට පස්සෙ හිතල බලන්න :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයාට එහෙම තරහ වෙලා, එයාලගෙ වැඩ නොකර, තනිකර වානිජමය විදියට ඉහලට යන්න පුළුවන්. මං නෑ කියන්නෙ නෑ ඒක. හැබැයි එතකොට ඔයාට නැතිවුණ දේවල් අතර ඔයාත් ඉන්නව. ඒ කියන්නෙ ඔයාට ඔයාවත් නැතිවෙලා :D

    වානෙ පන්නරය වෙන්න තලන්න ඕන කියල අහල තියෙනව ද? ඒ වගේ තමයි හිතත්, ඔයත් තැලෙන්න ඕන දේවල් වැටහෙන්න. ගොඩක් අයට යමක් කරගන්න ඕන වුණා ම තමයි මතක් වෙන්නෙ. ඒක මිනිස් ස්වභාවය. ඒකට ඉතින් කොයි විදියට මුහුණ දෙනව ද කියන එක ඔයාගෙ දෙයක්.

    පන්නරය ලබපු අය එහෙම අය වෙන්න බැරිද?
    මන් තාම පන්නරය ලබලා නැති නිසා උන්ට උදව් කරනවා වෙන්න බැරිද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පන්නරය ලබපු අය එහෙම අය වෙන්න බැරිද?
    මන් තාම පන්නරය ලබලා නැති නිසා උන්ට උදව් කරනවා වෙන්න බැරිද?

    වෙන්න පුළුවන්. ඒ අය කලින් කට්ටියට උදවු කරල ඔයා වගේ හිතල දැන් එහෙම කට්ටියගෙන් උදවු ගන්නව වෙන්න පුළුවන්.

    ඒ වුණාට ඒ අය කරන දේ ඔයාට අදාල නැහැනෙ. ඒක එයාලගෙ වැඩක්. ඔයා තීරණය කරන්න ඕන ඔයාට ඉන්න ඕන ඒ අය වගේ කාටවත් උදවුවක් නොකර ද? නැත්තම් වෙන විදියකට ද කියල.

    විරහ වේදනාවෙන් ඉන්න ගැහැණු ළමයෙක්ට ආදරය කරද්දිත් ඔය වගේ සිද්ධියක් වෙනව බොහෝ වෙලාවට. (හැමවිට ම නෙමෙයි. හැමෝටමත් නෙමෙයි)ඒක ඉතින් ඒ ගැහැණු ළමයගෙ වරද නෙමෙයිනෙ. මොක ද ඒ වෙලේ එයා ළඟින් ඉන්න කෙනාට එයා කැමති වෙන්නෙ. ඒත් පස්සෙ තේරෙනව එයාව හරියන්නෙ නෑ කියල. එතනින් අතහැරල දානව.

    ඒ වගේ තමයි වැඩ කරගන්න ඕන වුණාමත් කට්ටිය. ඒ වැඩේ වෙනකන් කොහොම හරි කට්ට කාගෙන තමන් එක්ක ඉන්නව. ඒත් වැඩේ කරගත්තට පස්සෙ ඈත් වෙනව.

    ඕක කම්පැනිවලත් කරනව. වෙබ්සයිට් වගේ ඩිසයින් කරගන්න පුහුණු පදනම මත කට්ටියව ගන්නව. ඊට පස්සෙ ඒ අයව අයින් කරල දානව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ගුඩ් මෝර්නින් මගෙ පැටියෝ පිස්සු හැදෙනවා
    හරි පුසුඹයි දැක්ක ගමන් කන්න හිතෙනවා
    මං බැලුවම ඔරවන්නේ අනේ මට ම මයි වෙන්නේ
    අපිව බලාගන්න ඉතින් කවුරුත් නෑනේ

    :rofl::rofl::rofl::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ගුඩ් මෝර්නින් මගෙ පැටියෝ පිස්සු හැදෙනවා
    හරි පුසුඹයි දැක්ක ගමන් කන්න හිතෙනවා
    මං බැලුවම ඔරවන්නේ අනේ මට ම මයි වෙන්නේ
    අපිව බලාගන්න ඉතින් කවුරුත් නෑනේ

    :rofl::rofl::rofl::rofl:

    මේ මොන මගුලක්ද බන් මේ... :dull::dull::baffled::baffled::baffled::baffled: