~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    රනිල් මාමගෙ පොරොන්දුවක් නේ ඒක

    ඔයාට ඉතින් රනිල් මාමාගෙ පොරොන්දු විතරමනෙ කොහොමත් මතක් වෙන්නෙ. :rofl::rofl: කොයි දේශපාලකයත් දුන්න පොරොන්දුවලින් කොච්චර ඉටු කරල නැද්ද කියල මතක නෑ ඔයාලට.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එතකොට එයාල බලන්නෙ එක එක ඒව. හොරා කෑවට වැඩ කළානෙ කියල දෙනව. මොනවත් නොකළත් අපේ නායකය එක්ක ඉන්නවනෙ කියල දෙනව. සමහර දේවල් කළානෙ ඒකට අපි සදා ණයගැතියි කියල දෙනව. අපේ පවුලෙ කෙනෙකුට හරි රස්සාවක් දුන්නනෙ කියල දෙනව. අනේ මලගෙදරකටවත් එන්න ඉන්න මිනිහනෙ කියල දෙනව. දැක්ක තැන හිනා වෙනවනෙ කියල දෙනව. ඔය වගේ දහසකුත්‍ හේතු හදාගෙන දෙනව.

    මෙහෙමයි ඉතින් මුකුත්ම නොකරපු හොරෙකුට දෙනවට වඩා පුංචි හරි වැඩක් කරපු හොරෙකුට දෙන එක සාධාරනයිනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙමයි ඉතින් මුකුත්ම නොකරපු හොරෙකුට දෙනවට වඩා පුංචි හරි වැඩක් කරපු හොරෙකුට දෙන එක සාධාරනයිනේ

    එතන තමයි වරද. එතකොට කවුරුත් දන්නවනෙ මිනිස්සුන්ට පේන්න පොඩි දෙයක් කරල ඕන ජරා වැඩක් කළාට ආයිත් ඡන්දය ලැබෙනව කියල. මිනිස්සුන්ව ගොනාට අන්ඳන්න හරි ලේසියි කියල.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එතන තමයි වරද. එතකොට කවුරුත් දන්නවනෙ මිනිස්සුන්ට පේන්න පොඩි දෙයක් කරල ඕන ජරා වැඩක් කළාට ආයිත් ඡන්දය ලැබෙනව කියල. මිනිස්සුන්ව ගොනාට අන්ඳන්න හරි ලේසියි කියල.

    මෙහෙම හිතන්නත් පුළුවන්නේ
    චන්දය නොලැබුණු හොරු ඊලග සැරේ වත් මිනිස්සු වෙනුවෙන් පොඩි හරි සේවයක් කරන්න වෙනවා කියලා හිතාවිනේ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙම හිතන්නත් පුළුවන්නේ
    චන්දය නොලැබුණු හොරු ඊලග සැරේ වත් මිනිස්සු වෙනුවෙන් පොඩි හරි සේවයක් කරන්න වෙනවා කියලා හිතාවිනේ

    මෙච්චර කාලෙකට එහෙම වෙලා තියෙනව ද? දැන් රට සුඛිත මුදිත වෙලා ද තියෙන්නෙ?

    එහෙම නෙමෙයි පළවෙන පාරින් ම ඒ අය ප්‍රතික්ෂේප වුණානම් අනිත් අයත් දන්නව යමක් කරන්න ඕන හරියට තමන්ටත් ඡන්දයක් ලැබෙන්න කියල.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මෙච්චර කාලෙකට එහෙම වෙලා තියෙනව ද? දැන් රට සුඛිත මුදිත වෙලා ද තියෙන්නෙ?
    එහෙම නෙමෙයි පළවෙන පාරින් ම ඒ අය ප්‍රතික්ෂේප වුණානම් අනිත් අයත් දන්නව යමක් කරන්න ඕන හරියට තමන්ටත් ඡන්දයක් ලැබෙන්න කියල.

    ඉතින් එහෙම කාවවත් ප්‍රතික්ෂේප වෙන පාටක් පේන්න නෑනේ :dull:
    ඉතින් පොඩි හොරෙකුට තමා චන්දෙ දෙන්න වෙන්නේ :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් එහෙම කාවවත් ප්‍රතික්ෂේප වෙන පාටක් පේන්න නෑනේ :dull:
    ඉතින් පොඩි හොරෙකුට තමා චන්දෙ දෙන්න වෙන්නේ :dull:

    ලෝකෙ හදන්න කලින් තමන් හැදිල ඉන්න එපායෙ :P මුලින් තමන් පටන් ගන්න ඕන. අනිත් අය කරන දේවල් තමන්ට වැඩක් නැහැනෙ.

    තමන් හොරෙක් නෙමෙයි කියල හිතෙන කෙනෙකුට ඡන්දය දුන්නොත් ඒ සතුට තමන්ට නෙමෙයි ද එන්නෙ. ඒ කෙනා පස්සෙ හොරෙක් බවට පත්වුණත් එදා ඔයා ඡන්දය දුන්නෙ හොරෙකුට නෙමෙයිනෙ.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ඔයාට ඉතින් රනිල් මාමාගෙ පොරොන්දු විතරමනෙ කොහොමත් මතක් වෙන්නෙ. :rofl::rofl: කොයි දේශපාලකයත් දුන්න පොරොන්දුවලින් කොච්චර ඉටු කරල නැද්ද කියල මතක නෑ ඔයාලට.

    ඒකනේ ලඟම පොරොන්දු ටික තමයි මතක. අනික රැවටුනා කියල දැනුනම මතක හිටිනව වැඩියි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ලෝකෙ හදන්න කලින් තමන් හැදිල ඉන්න එපායෙ :P මුලින් තමන් පටන් ගන්න ඕන. අනිත් අය කරන දේවල් තමන්ට වැඩක් නැහැනෙ.

    තමන් හොරෙක් නෙමෙයි කියල හිතෙන කෙනෙකුට ඡන්දය දුන්නොත් ඒ සතුට තමන්ට නෙමෙයි ද එන්නෙ. ඒ කෙනා පස්සෙ හොරෙක් බවට පත්වුණත් එදා ඔයා ඡන්දය දුන්නෙ හොරෙකුට නෙමෙයිනෙ.

    ඉතින් හොරෙක් නොවෙයි කියලා හිතන්න පුළුවන් මිනිහෙක් චන්දෙ ඉල්ලන්නේ නෑනේ
    හැමෝටම කොහෙන්හරි කේස් එකක් ගැවිලා තියෙනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒකනේ ලඟම පොරොන්දු ටික තමයි මතක. අනික රැවටුනා කියල දැනුනම මතක හිටිනව වැඩියි.

    ඒක ඇත්ත. කොහොමත් ළඟ ම දේ මතක නිසා තමයි අපි හැමදා ම අවුරුදු ගානක් ඔය දේවල් කිය කිය ඉන්නෙ. :D කාටත් දැනෙන්නෙ ළඟදි වුණ දේවල් තමයිනෙ. ඒක නිසා තමයි හැමදා ම පැති විතරක් මාරු කර කර එක ම පුද්ගලයන් පත් කර කර යවන්නෙ. :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මෙහෙමයි ඉතින් මුකුත්ම නොකරපු හොරෙකුට දෙනවට වඩා පුංචි හරි වැඩක් කරපු හොරෙකුට දෙන එක සාධාරනයිනේ

    හ්ම්.... ඔක්කොම බෙටි තමයි. අපිට තිය්‍ර්න්නෙ බලු බෙට්ටද ගොම බෙට්ටද කියල වෙන් කරගන්න විතරයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    14 වෙනි මණ්ඩපේ මාගේ 1000 වෙනි පෝස්ටුව 😎

    එළ එළ සුභපැතුම්. ඔයා වෙන්න ඕන එහෙනම් වැඩි ම දාල ඇත්තෙ නේද? :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් හොරෙක් නොවෙයි කියලා හිතන්න පුළුවන් මිනිහෙක් චන්දෙ ඉල්ලන්නේ නෑනේ
    හැමෝටම කොහෙන්හරි කේස් එකක් ගැවිලා තියෙනවා

    මොන පිස්සු ද. ඔය ඡන්ද නාමලේඛනවල දාන සමහර නම්වත් අපි දන්නෙ නෑ. ඉතින් කොහොම ද හැමෝ ම හොරු කියන්නෙ? අපි අහලවත් නැති නම් ඕනතරම් තියෙනවනෙ නාමලේඛනවල. :rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    ඒක ඇත්ත. කොහොමත් ළඟ ම දේ මතක නිසා තමයි අපි හැමදා ම අවුරුදු ගානක් ඔය දේවල් කිය කිය ඉන්නෙ. :D කාටත් දැනෙන්නෙ ළඟදි වුණ දේවල් තමයිනෙ. ඒක නිසා තමයි හැමදා ම පැති විතරක් මාරු කර කර එක ම පුද්ගලයන් පත් කර කර යවන්නෙ. :D

    වටේ අය ඉදිරිපත් වෙන්න බයයි. ඒකයි හැමදාම එක්කෙනෙක් පිටියට එන්නෙ. කවුද ක්‍රීඩකය කියල තෝරන්නෙ ජනතාව නෙවෙයිනේ ඒකයි ගැටලුව
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හ්ම්.... ඔක්කොම බෙටි තමයි. අපිට තිය්‍ර්න්නෙ බලු බෙට්ටද ගොම බෙට්ටද කියල වෙන් කරගන්න විතරයි

    ගොම බෙට්ට පැලෙකටවත් දාන්න පුළුවන් කියලා හිතනවනේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මොන පිස්සු ද. ඔය ඡන්ද නාමලේඛනවල දාන සමහර නම්වත් අපි දන්නෙ නෑ. ඉතින් කොහොම ද හැමෝ ම හොරු කියන්නෙ? අපි අහලවත් නැති නම් ඕනතරම් තියෙනවනෙ නාමලේඛනවල. :rolleyes:

    ඔව් අපි අහලා නැති නම් තියෙනවා
    ඉතින් අපි කවදාවත් අහලවත් දැකලාවත් නැති මිනිහෙක් හොරෙක්ද හොද මනුස්සයෙක්ද කියලා තීරණේ කරන්න බෑනේ :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වටේ අය ඉදිරිපත් වෙන්න බයයි. ඒකයි හැමදාම එක්කෙනෙක් පිටියට එන්නෙ. කවුද ක්‍රීඩකය කියල තෝරන්නෙ ජනතාව නෙවෙයිනේ ඒකයි ගැටලුව

    එහෙම තෝරල දෙන අය ජනතාව ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැනෙ. පිළිගන්නවනෙ. ඉතින් එයාලට හිතෙන ඕන කෙනෙක් තෝරනව. පත් කරල යවල කරන දේවල් බලාගෙන ඉන්නව මිසක් වැරැද්දක් කළොත් විවේචනය කරන්නෙත් නැහැනෙ. ඒ වැරැද්ද සාධාරණීකරනය කරල සද්ද නැතුව ඉන්නව.

    225 එයාල ඉන්නෙ. මිනිස්සු කෝටි ගානක් ඉන්නව. හරිනම් බලය තියෙන්න ඕන මිනිස්සුන්ට නේද? ඒත් මිනිස්සු කරන්නෙ එයාල කරන දේවල් බලාගෙන ඉන්න එක විතරයි. අපිත් දැන් මේවල කියෙවුවට මොනවත් කරන්නෙ නැහැනෙ. මිනිස්සුත් ඒ වගේ තමයි. දෙන්නෙක් තුන්දෙනෙක් කථා වෙලා ඒක අමතක කරල නිකන් ඉන්නව.