දැන්කාලෙ බහුල වශයෙන් තියෙන්නෙ ආදරය කියන දේ නෙමයි. රැල්ලට ආදරය කියල හිතාගන්න, ක්‍රියාත්මක වෙන දෙයක්.
වර්ථමාන පරපුර අතරත් ප්‍රේමය සුන්දරත්වය තියෙනව. ඒත වැඩිහිටි අයට බහුලව දකින්න වෙන්නෙ අර වගේ දේවල් නිසා කියනව ඇති. හැබැයි තව දෙයක් තියෙනව එයාලගෙ කාලයට වඩා අද කාලය වෙනස්. තාක්ෂණය, සමාජවෙනස්කම්, පුද්ගල වෙනස්කම් වගේ දේවල්. ඉතින් එයාලගෙ කාලෙ තිබුණ ආදරය හා ඒ ආදරය ලබාගන්න දරපු වෙහෙස කියන දේ අනුව දැන්කාලෙ අයට තියෙන පහසුකම් නිසා එයාලගෙ ආදරය සැහැල්ලුකොට සලකනව.
අනිත් දේ තමයි දැන් කාලෙ පුද්ගලයන් ඉස්සරට වඩා සෑහෙන ඉක්මන්, විවෘතයි, සාමාජීයයි වගේ දේවල්. මොක ද ඒ කාලෙ ආදරවන්තයින් හමුවෙලා තියෙන්නෙත් සෑහෙන ලැජ්ජවකින්, බියකින් වගේ දේවලින්. දැන් කාලෙ එහෙම නැති නිසා ඒව ගැනත් එයාලගෙ ආකල්ප වෙනස්.