ඡායාරුප.
ඔව් මේ නූල තුලින් මම බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ වගේම වෙනත් රටක වුනත් අපි මගතොටේ, සංචාරක ඉසව් වල,
මුහුදු වෙරළේ වගේම මහ මුහුදේ, කැලෑ ඇතුලේ, ගංගා දිය ඇලි වගේම මහා පාරේ, ගෙදර වත්තේ ඔය ඕනෙම තැනකදී අපි දකින ස්වාභාවධර්මයේ
සුන්දර මොහොතක්, පාරේදී දකින ඕනෙම මොහොතක් නගන ඡායාරුප මේකේ පළකරන්න අවස්තාව තියෙනවා.
අද වන විට ඡායාරුප පලකරලා යම් මුදලක් ලබා ගන්න පුළුවන් වෙබ් අඩවි ලෝකේ තියෙන බව ඇත්ත.
නමුත් එලකිරිය කියන්නේ අපේ තැනක්, අපි ආදරේ කරන තැනක්. අපි හැම දෙයක්ම නොමිලේ බෙදාහදා ගන්න තැනක්.
ඒක නිසා කැමති ඕනෙම කෙනෙකුට මේක සමග එකතු වෙන්න පුළුවන්.
එතකොට මේ යටතේ
Nature photos
Street photos
Landscape
Underwater
Wildlife photos
Sceneries
Moment captures
portraits
Model shoots
photo manipulation
Macro ..........ect
වගේ ඕනෙම මාදිලියක ඡායාරුප පල කරන්න පුළුවන්.
හැබැයි කොන්දේසි කිහිපයක් තියෙනවා.
- තමුන්ට පළ කරන්න පුළුවන් තමුන් ගත්තු ඡායාරුප පමණයි.
- ඡායාරුප අයිතිය සඳහන් කරලවත් වෙනත් කෙනෙකු ලබා ගත් පින්තුර මේකේ දාන්න එපා.
- අන්තර්ජාලයෙන් අරගෙන මේකේ පළ කරන්න එපා.
- ඡායාරුප වල පුද්ගල අනන්‍යතා තියෙනවා නම් ඒ අදාළ පුද්ගලයන්ට හානි වෙන අයුරින් පල කරන්න එපා.
( Specially in street photography, moment captures & Portraits )
- ඡායරුපකරණයේ පොදු නීති වලට යටත් ව පින්තුර පල කරන්න.
- වනජීවී ඡායාරුපකරණය ( Wildlife photos ) යටතේ කුරුළු කුඩ, කුරුළු පැටවුන් සහ Flasher භාවිතා කරමින් ගනු ලැබූ පින්තුර පල නොකිරීම.
- නිරුවත් හෝ අඩනිරුවත් ඡායාරුප පල කිරීමෙන් වළකින්න.
- 800 x 600 ( 15 " monitor ) .සහ 1024x768 ( 17 " monitor ) හැකිතරම් ප්‍රමාන වලට වඩා කුඩා හෝ විශාල ලෙස පල කිරීමෙන් වලකින්න.
( ඉහත ප්‍රමාණ දෙක ඇතුලත ඡායාරුප පළකරන්න )
- ඡායාරුප හොඳ මට්ටමේ වෙබ් අඩවියකට උඩුගත ( upload ) කරන්න.
( කාලයක් යනවිට සමහර පින්තුර පෙන්නුම් නොකෙරෙන අවස්තාවන් ඇති නිසා. මම ඡායාරුප upload කරනුයේ imgur අඩවියටයි.)
- Elakiri.com කියන්නේ පොදු තැනක්. ඒ නිසා තමුන්ගේ ඡායාරුප ඕනෙම කෙනෙකුට දකින්න වගේම පාවිච්චියට උනත් ගන්න පුළුවන් නිසා මෙතන පලකරන්න අකමැති නම් දාන්න එපා.
තමුන්ගේ ඡායාරුපයක් අනවසරයෙන් කෙනෙක් ලබාගෙන තියෙනවා නම් ඒ වගකීම ඇඩ්මින් ට හෝ ත්‍රෙඩ් එක දාපු මට ගන්න බැහැ.
තමුන් කැමති නම් දියසලකුණු / ලෝගෝ එකක් යොදන්න.
කොන්දේසි වගේම පහත කරුණු ගැනත් සැලකිලිමත් වෙන්න පුළුවන් නම් වටිනවා.
නමුත් හැමෝටම හොඳ මට්ටමේ කැමරා නැති වුනාට ප්‍රශ්නයක් නෑ. තමුන්ගේ අතේ තියෙන ජංගම දුරකතනයෙන්, ඩිජිටල් කැමරාවෙන් උනත් හොඳ පිතුර ගන්න පුළුවන්.
ඒ වගේම තමුන්ගේ පින්තුර ලස්සන නෑ, අඩුපාඩු තියෙනවා කියල අවතක්සේරු වෙන්නත් එපා.
මොකද ඕනෙම කෙනෙක් දෙයක් පටන් ගන්නේ මුල ඉඳලම නිසා.
ඒ වගේම මේ ත්‍රෙඩ් එක තුලින් අපි පුළුවන් ආකාරයෙන් හොඳ ලස්සනට ඡායාරුපයක් ගන්නේ කොහොමද කියල ඉගෙන ගමු.
ඒක තමුන්ට වගේම අනිත් කෙනාටත් වටිනවා.තමුන් දන්න දේ කැමති නම් අනිත් කෙනාට කියල දෙන්න.
පුළුවන් කමක් තියෙනවා නම් ඡායරුපයේ සැකසුම් ( settings ), ආලෝක තත්වය ( lighting ), එහෙම නැත්තම් දුරකතනයේ කැමරා විස්තර වගේ දත්ත එක්ක පලකරන්න.
ඒක තව කෙනෙකුට උපකාර වෙන්න පුළුවන්.
ඒ වගේම ඡායාරූපයට අදාළ මාතෘකාවක් හෝ දළ විස්තරයක් (heading or caption ) සමග පලකරන්න.
එහෙනම් ඡයාරුපකරණයට කැමති, ඉගෙනගන්න ආසා ඕනෙම කෙනෙකුට මේ ත්‍රෙඩ් එක විවෘතයි.
මේ විස්තරය කියවල අඩුපාඩු, වැරදි තියෙනවා නම් පෙන්නලා දෙන්නකෝ....ඒ වගේම ඔයාලගේ අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්නකෝ.