¥¥¥ ඉපදීම ම දුකක් බ්රෝ ¥¥¥
මේ ලගදි You Tube එකේ ඉන්ටර්වීව් එකක් තිබ්බා කලින් ITN එකේ වෙනස කරපු ඩිල්ෂාන් කියන ඩෑල් එක දමිත් අසංක නම් රටක් ආදරය කරන හදවතට දැනෙන්න සිංදු කියපු අසහාය ගායකයා එක්ක.
ඒකේ තැනකදි දමිත් ගෙන් අහනවා මිනිහෙක්ට කෙලවෙන්න පටන් ගන්නෙ කොතනදිද කියලා. දමිත් දෙනවා සුපිරි උත්තරයක්. " මිනිහෙක්ට කෙලවෙන්න පටන් ගන්නේ උපතින් මචං " කියලා.
ඔය දෙවනි පරිච්ඡේදය චූට්ටක් ඔලුවෙ තියාගන්න. මොකද හෙඩිමයි, ඕකයි දෙකම එක වගේ ඕන වෙනවා කතාවේ ෆ්ලෝ එකට.
දමිත් පහුගිය කාලේ අමුතුම ක්රමේකට හිට් වෙනවා. ඌට අමුතුවෙන් හිට් වෙන්න දෙයක් නෑ. ඌ සුපිරි ගායකයා. ඒක ඇත්ත. නමුත් පහුගිය දොහේ එයා හිට් වෙන්නේ ගායනය නිසා නෙමේ, එයාගෙ ජීවිතේ ගතිපැවතුම් වල සිදු වූ වෙනස්වීම් හින්දා. ඒ කතන්දරේ කියන්න ඕනි නෑනේ හැමෝම වගේ ස්ටෝරිය දන්නවා මයෙ හිතේ.
කෙටියෙන් ම කිව්වොත්, දමිත් අසංක කියන්නේ ඌවේ තණමල්විලට කිට්ටුව ඇතිලිවැව කියන ග්රාමයෙන් ඇවිල්ලා තම ගැඹුරු ලයාන්විත හඩෙන් රටක් වසගයට අරන්, ජනප්රියත්වයේ හිණිපෙත්තටම ගිහිල්ලා ආතල් එකේ සැපේ හිටපු ඩෑල් එකක්. ඒත් යම්කිසි තැනකදි මොකක් හෝ හේතුවක් හින්දා ඒක නෙමේ සිරා සැප, ආතල් එක කියලා හැගිලා, ආපහු ගමට ගිහිල්ලා ජීවිතේ ඌ හොයන සැප , ඌ හොයන නිදහස ලබාගන්න හිතාන සිවුරකුත් දාගෙන ගලක් උඩට නැගලා සක්මන් කර කර ඉද්දි, ඒක දැකපු ඈයෝ මුට ගංජම ගහලා මොලේ කුරුවල් වෙලා, අපේ බාසාවෙන් කිව්වොත් සයිකෝ කියලා පොලීසියත් ගෙන්නවලා කෝමෙන් කෝම හරි කොල්ලව හිරෙත් යවනවා.
මට නිකමට හිතුනා අවුරුදු දෙදහස් පන්සීයකටත් කලින් මේ වගේ ඩෑල් ටිකක් දඹදිව හිටියනම් එහෙම ????? ඔයාලම හිතාගන්නකෝ.(මාත් වාරණයට ලක්වේදෝ යැයි සාධාරණ බියක් හිතේ උපදිනවා. මන්ද යත්, දමිත් අසංක නම් පුද්ගලයා බුද්ධ චරිතයට සමාන කිරීමට උත්සහ ගන්නේ යැයි මතයක් ගොඩනැගිය හැකි නියාවෙන්. කිසිසේත්ම නැත. ලොව කිසිදු චරිතයක් කිසිසේත්ම තවත් චරිතයකට සමාන කළ නොහැක) අප ජීවත් විය යුත්තේ සමාජයට අවැසි ලෙසද ???? සිදුහත් බෝසතානෝත් එදා එලෙසම සිතුවානම් අපට පම්පෝරි ගසන්නටවත් මෙවැනි දහමක් ලොවට පහල වේවිද ???? අනෙකාට හානියක් නොවන ආකාරයෙන් තමන්ට අවැසි ලෙස ජීවත්වීමට, තමා සොයනා ආතල් එක සොයා යාමට මූලික මිනිස් අයිතිවාසිකම් යටතේවත් අයිතියක් මේ පොළෝ තලය තුල නොමැතිද ???? මේ කුටුම්බයෙහි ඇති නිස්සාර බව තේරුම් ගන්නා පිස්සෙකු කර, එය තේරුම් ගැනීමට තබා හැඩයවත් අතගා ගැනීමට නොහැකි වූ අන්ධ භක්තියන්ට අනුව දමිත් අසංකට නිර්වාණය දැකීමට නම් පෙර සේම මියුසිකල් ෂෝ වල ගීත ගායනා කළ යුතුය. ඔහුගේ ගීත ඇසීමට අප තුල ඇති තෘශ්ණාවට ඔහුත් අප සමගම මේ සසර පුරා විදවිය යුතුය.
ඕවාට කීමට ඇත්තේ 'ප' යන්න සහ 'කේ' යන්න එකතු වන්නා වචනයට පසුව යෙදෙන්නා වූ 'ලොජික්' යනුවෙනි. තමාගේ දහම ඇත්තේ තමා තුලය. එය එකිනෙකා දකින ආකාරයද විවිධාකාරය.
බුදුන් දෙසුවේ " ඉපදීම දුකක් " යැයි කියාය. දමිත් කිව්වේ " කෙලවීමේ ඇරඹුම ඉපදීම " යැයි කියාය. බුදු රදුන් දෙසූ ලෙස කීවාට, දැක්කට නොව තම බුද්ධියට ගෝචර වේ නම් පිළිගන්න. එය ඇසුරු කරගෙන තම මග යන්න. තමාගේ දහම ඇත්තේ තමා තුලය. එය අවබෝධ කරගත යුත්තේ තමාමය.
එහෙම කරන්නත් හිත දෙන්නේ නැත්තන් ලොව වෙනස් ව දකින උන් පිස්සන් ලෙස ලේබල් කර, තමන්ට එලෙස ලෝකය දැකීමට කශේරුකාවක් හෝ බුද්ධියක් නොමැති කම සාධාරණීකරණය කර බොළඳ තෘප්තියක් ලැබීමෙන් වළකින්න. (උදා : එලෙස වෙනස්ව හිතන උන් නොසිටියා නම් නිර්වාණය කෙසේ වෙතත්, පෘතුවියද තාම තැටියක් යැයි සිතමින් , තැටියේ ගැට්ට සොයා නැව් නැගීමට එකෙන්ම සිදුවනු ඇත)
එම නිසා බ්රෝ ..........
" පිස්සව උඹට පිස්සෙක් .........
පිස්සට උඹව පිස්සෙක් .........
....... මේක යන එකම රවුමක්
..... උඹත් මාත් මේකේ ඉන්නේ "
.... හ ..... හා ....... මේවා රැප් බන් .......












" මරිජුවානා ෆීලින්ස් "