IMPORTANT : resolving ගෝඨාබය factor

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ගොටාභය - සජිත් ඔය දෙන්න අතර තමා අන්තිමට තරගෙ තියෙන්නෙ සිංහලු ඡන්ද දෙන සිස්ටම් එක අනුව ආදි කාලෙ ඉඳන්..නිල්-කොල අය එපා වෙලා නම් 3වෙනි බලවේගය වෙන JVP එකට මිනිස්සු කවදාවත් විපක්ෂෙ හෝ දෙවෙනි තැනට පත් නොකරපු එකෙන් ඒක පේනව..හිතන්ඩම බැරි අමුතුම සීන් එකක් උනොත් නිල්-කොල-රතු හැර වෙන කෙනෙක් 2වෙනි තැනට එන්ඩ ඉඩ තියෙනව හැබැයි දිනන්නෙ නම් නෑ ජනාධිපති කමට(මමත් කැමතියි අලුත්ම කෙනෙක් එනවනම් ඒත් මේ අවස්ථාවෙ මගෙ ඡන්දෙ දිනයි කියල හිතන්ඩවත් බැරි කෙනෙක් වෙනුවෙන් නාස්ති කරන්ඩ බෑ)..

    අවසානයෙ හැමදාම උනා වගේ ලක්ෂ 4~5 වෙනසකින් ජනාධිපති පත්වෙයි(දෙකට බෙදිච්ච මෝඩ සිංහලු නිසා). :dull:
    නැත්නම් දෙන්නම එකම ගානට ඇවිල්ල 50% ගන්ඩ බැරි උනොත් දෙවෙනි මනාපෙන් කෙනෙක් පත්වෙයි. :)

    THANKS MACHAN
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මෙච්චරකල් මේරට
    කේතුමතියක් කරන්න පුළුවන්
    දියසේන කුමාරය අපි අතරමනේ
    ඉදල තියෙන්නේ .
    අයි මෙච්චර කල් අපි ගෝටව ජනාදිපති කරගත්තේ නැත්තේ
    මේ කියන විදියට 2009 විතර පත් කරගත්තාණන්
    දැන් මෙරට Singapore වගේ වෙලා . :dull::dull:

    සජිත් ගිය අවුරුදු 04 තුළ කිසිම තැනක ජාතික ආරක්‍ෂාව, ආර්ථික ප‍්‍රතිපත්තිය, පාලන තන්ත‍්‍රය වගේ දේවල් ගැන මෙලෝ දෙයක් කරලත් නෑ, අඩුම තරමේ වචනයක්වත් කියල නෑ.... පොර කරපු එකම දේ තමයි දිව උලුක් වන නම් ද දා පෙට්ටි ගෙවල් හදල භූමිය විනාශ කරපු එක.... ඔය යකා දුන්න ඔක්කොම ගෙවල් ටික ෆ්ලැට් දෙක තුනකින් කුඩා ඉඩක කරන්න තිබ්බා.... සංස්කෘතික ඇමති විදියටත් පතෝල සේවයක් තමයි කලේ.... මහ බැංකු හොරකම, පාස්කු ප‍්‍රහාරය වගේ සිද්ධිවලදිත් ගොලුවෙක් අන්ධයෙක් වගේ තමයි හිටියේ... ගිය දවස් ටිකේ වුණත් නිකං කන්න දෙනවා ඉන්න දෙනවා වගේ පිස්සු කතා කිව්වට දැක්මක් ප‍්‍රතිපත්තියක් පෙන්නල නෑ... කෙටියෙන් කියනවානං සජිත් කියන්නේ හිස් කෝම්බයක්... අනිත් එක ඌ වටේ වටවෙලා ඉන්න එවුන් ටික දිහා බලපුවම මෙලෝ දෙයක් කරන්න හම්බ වෙන්නේ නෑ....​
     
    • Like
    Reactions: BadBlueGenius

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    මෙච්චරකල් මේරට
    කේතුමතියක් කරන්න පුළුවන්
    දියසේන කුමාරය අපි අතරමනේ
    ඉදල තියෙන්නේ .
    අයි මෙච්චර කල් අපි ගෝටව ජනාදිපති කරගත්තේ නැත්තේ
    මේ කියන විදියට 2009 විතර පත් කරගත්තාණන්
    දැන් මෙරට Singapore වගේ වෙලා . :dull::dull:

    PLEASE FOLLOW THE TOPIC

    ගෝටට ඉල්ලන්න බැරිවෙනවා හරි ගෝටා පරද වෙනවා කියමුකෝ.හරි. කියපන් බලන්න (ඉල්ලන්න බැරිඋනොත් හෝ පැරදුනොත්) අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. හොඳක් වෙනවනම් මම මගේ ගෙදර අයට දන්නා අයට කියනවා දෙන්න එපා කියල.

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
    5. වංචාව දුෂණය
    6. අධ්‍යාපනය and health
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික
    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: BadBlueGenius

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,291
    8,398
    113
    රූකඩ රාජ්ජේ
    ඔබතුමා ගේ ඉල්ලීම මත මෙන්න මම දකින දේ........

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) - ආයේ දෙකක් නෑ ඔහු හැමදාම කිව්වේ/කියන්නේ ජාතික ආරක්ෂාව අංක එක කියලා. එක තර්කානුකුලව ඇත්ත. රටේ ජාතික ආරක්ෂාව මකබාල ගිය පාස්කු ප්‍රහාරයෙන් පස්සේ රටේ ආර්ථිකය කඩා වැටුනේ බලන් ඉන්දෙද්දී. ව්‍යාපාර, අධ්‍යාපන, මේ හැම සෙක්ටර් එකක්ම දුවන්න රටක ආරක්ෂාව තහවුරුවෙලා තියනකන් විතරයි.


    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) - ඔහු දැනටත් මේ කතිකාව පටන් අරන් ඉවරයි. එලිය සහ වියත් මග හරහා මේ ගැන විද්වත් සහ බුද්ධිමත් මිනිසුන් අතර ඔහු සංවාදය පටන් ගත්තේ වසර ගණනකට කලින්. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ආවාම මේ ගැන ඔබට තේරෙයි ඔහු කියන්නේ මහපොලව මත කරන්න පුළුවන් තිෂය සහ සාත්ශය ප්‍රායෝගික දෙයක් කියලා.


    3. නීතිය හා ස්වාදිපත්‍ය - රටට එක නීතියක් ගෙන්න ඔහු කටයුතු කරයි කියන එක ගැන සහ රටේ ස්වාධිපත්‍ය රකියි කියන බලාපොරොත්තුව ඔහු සම්බන්ධව අපිට තියනවා. වුද්ධය යන කාලේ ඔහු වෙන රටවල බලපෑම් හමුවේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරලා එක ප්‍රයෝගිකව ඔප්පු කළා.


    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්- ඔහු නාගරික සංවර්ධන අධිකාරිය මෙහෙයවපු කාලේ සද්ද නැතුව වැඩ කළා. ඔහු ඕන කරන කෙනා ඕන කරන තැනට පත්කර ගන්නවා කියන එකට හොදම නිදසුන ෆීල්ඩ් මාර්ෂල සරත් ෆොන්සේකා හමුදාපති ධුරයට පත්කර ගැනීම. ඔහු තද පාලකයෙක් උනත් ශ්‍රමයට සරිලන ගෙවීමක් කරපු කෙනෙක් ඒ කාලෙදිත්....


    5. වංචාව දුෂණය - ඔහු තද පාලකයෙක්. ඔහුට ඕන කරන මිනිසුන් අපි ඊලග මැතිවරණයෙන් සැපයුවහොත් ඔහු වංචාව සහ දුෂණය නම් අනිවා නැති කරනවා. ඔහුට විරුද්ධව කෙරෙන නඩු වල තීරණ ආවාම ඔහු ඔය කියන විදියේ මිනිහෙක් නොවන බව පෙනෙයි. දිල්රුක්ෂි නෝනා ගේ හඩ පටය සිහි කර ගන්න.


    6. අධ්‍යාපනය and health - මේ රටේ අධ්‍යාපන ක්‍රමයම වෙනස් කරන්න ඕනේ කියල ඔහු කියල තියනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඒ ගැන බලමු. සෞඛ්‍ය ගැනත් ඔහු ලොකු වෙනසක් කරයි.


    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික - මේක අනිවා ඔහු දියුණු කරනවා. ඔය කවුරුවත් දන්නේ නැති උනාට ඔහුට තාක්ෂනය සම්බන්ධව ලොකු දැනුමක් සහ අවබොධයක තියනවා. කොටින්ම ගල් යුගේ ආයුද වලින් කොටින් එක්ක ඇර ගත්ත අපේ හමුදා වලට නවීන තාක්ෂණික අවි ලැබුනේ ඔහු ආරක්ෂක ලේකම් උනාට පස්සේ. (මේ ගැන මගේ පෞද්ගලික අත්දැකීම් මෙහි පල කල නොහැකි බව කරුනාවෙන සලකන්න. ඒවා දන්නෝ දනිති)



    :yes::yes::yes::yes:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    <b>
    සජිත් ගිය අවුරුදු 04 තුළ කිසිම තැනක ජාතික ආරක්‍ෂාව, ආර්ථික ප‍්‍රතිපත්තිය, පාලන තන්ත‍්‍රය වගේ දේවල් ගැන මෙලෝ දෙයක් කරලත් නෑ, අඩුම තරමේ වචනයක්වත් කියල නෑ.... පොර කරපු එකම දේ තමයි දිව උලුක් වන නම් ද දා පෙට්ටි ගෙවල් හදල භූමිය විනාශ කරපු එක.... ඔය යකා දුන්න ඔක්කොම ගෙවල් ටික ෆ්ලැට් දෙක තුනකින් කුඩා ඉඩක කරන්න තිබ්බා.... සංස්කෘතික ඇමති විදියටත් පතෝල සේවයක් තමයි කලේ.... මහ බැංකු හොරකම, පාස්කු ප‍්‍රහාරය වගේ සිද්ධිවලදිත් ගොලුවෙක් අන්ධයෙක් වගේ තමයි හිටියේ... ගිය දවස් ටිකේ වුණත් නිකං කන්න දෙනවා ඉන්න දෙනවා වගේ පිස්සු කතා කිව්වට දැක්මක් ප‍්‍රතිපත්තියක් පෙන්නල නෑ... කෙටියෙන් කියනවානං සජිත් කියන්නේ හිස් කෝම්බයක්... අනිත් එක ඌ වටේ වටවෙලා ඉන්න එවුන් ටික දිහා බලපුවම මෙලෝ දෙයක් කරන්න හම්බ වෙන්නේ නෑ....​
    </b>


    ඒකත් මෙලෝ වැඩකට ඇති එකෙක් නෙවේ බන් .
    අරය ඇවිල්ල මෙහෙම කරයි ප්‍රතිපත්ති ප්‍රකාශනේ මෙහෙම තිබ්බ වගේ කතා
    කියද්දී හිනා යනවා බං . ලංකාවට අහසින් පහත් වෙච්ච මිනිස්සු වගේ කතා කරන්නේ .
    කොහොම හරි මේ කාලකන්නි රටෙන් යන එක තමා එකම විසදුම . :(:(



    tharinduncc sorry මචං thread එක අල කරන්න නෙවේ අවේ . කතිකාවත ගෙනියපන් .
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඒකත් මෙලෝ වැඩකට ඇති එකෙක් නෙවේ බන් .
    අරය ඇවිල්ල මෙහෙම කරයි ප්‍රතිපත්ති ප්‍රකාශනේ මෙහෙම තිබ්බ වගේ කතා
    කියද්දී හිනා යනවා බං . ලංකාවට අහසින් පහත් වෙච්ච මිනිස්සු වගේ කතා කරන්නේ .
    කොහොම හරි මේ කාලකන්නි රටෙන් යන එක තමා එකම විසදුම . :(:(



    tharinduncc sorry මචං thread එක අල කරන්න නෙවේ අවේ . කතිකාවත ගෙනියපන් .

    THANKS BRO..
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අපි නොදන්න දේශපාලනය. :dull:




    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.:confused::confused::confused:

    මේ ත්‍රෙඩ්/topic එකට අදාල වෙන්නේ නෑ මචන්. any way thanks machan:):)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොහොම ස්තුති...best clarification. මෙන්න මේ වගේ තමා මම අදහස් කරේ..කෙනෙක්ට හොඳට තේරුම් ගන්න පුළුවන්..මඩ ඕනි නෑ ..සංවාදයට නියම පාර...GR8:):):)
    :lol::lol::lol:සංවාද කරන්න???? මේ කිරියේ.....?????
    ලොල් මචන්......
    ඔය පහල ඉන්නවා වගේ උරන්පුට්ටුවෝ එක්කද උබ සංවාද කරන්න හදන්නේ මේකේ.......??
    එපික් ෆේල්......

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT) - :lol::lol::lol::lol:
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT) - :lol::lol::lol::lol:
    3. නීතිය හා ස්වාදිපත්‍ය - :lol::lol::lol::lol::lol:
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්. - :lol::lol::lol::lol::lol:
    5. වංචාව දුෂණය - :lol::lol::lol::lol::lol::lol::lol:
    6. අධ්‍යාපනය and health - :lol::lol::lol:
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික - :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol:

    බලාගෙන ගියාම 2015 වෙනකන් රට කරල
    තියෙන්නෙ මහින්ද නෙමෙයි ගෝට.. :lol::lol:

    මෙච්චරකල් මේරට
    කේතුමතියක් කරන්න පුළුවන්
    දියසේන කුමාරය අපි අතරමනේ
    ඉදල තියෙන්නේ .
    අයි මෙච්චර කල් අපි ගෝටව ජනාදිපති කරගත්තේ නැත්තේ
    මේ කියන විදියට 2009 විතර පත් කරගත්තාණන්
    දැන් මෙරට Singapore වගේ වෙලා . :dull::dull:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    :lol::lol::lol:සංවාද කරන්න???? මේ කිරියේ.....?????
    ලොල් මචන්......
    ඔය පහල ඉන්නවා වගේ උරන්පුට්ටුවෝ එක්කද උබ සංවාද කරන්න හදන්නේ මේකේ.......??
    එපික් ෆේල්......

    ඉන්දපන්කෝ මචන්...ඔව් උඹ කියන එක ඇත්ත. :yes::yes::yes: topic 1ක් දාලා describe කරලා පටන්ගත්ත මඩ එපා කියල...එත් ඉතින් මොනවා කරන්නද ? කිසිම වටිනා අදහසක් මතයක් ඉදිරිපත් කරන්න බැරි personality 1ක් නැති මිනිස්සු ඉන්නවා. ඕව වැඩිය හිතන්න එපා බන් . තාර්කිකව හිතන්න දෙයක් කියන්න බැරිනම් ඒ අය ඇත්තටම කිව්වොත් කඩේයන දේශපාලනය ගැන හිතාගන්න පුළුවන්. කිසිම ප්‍රයෝගිකත්වයක් නැති කුහක දේශපාලනයක් පමණයි. :cool::cool::cool:
     

    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    දිනන්නේ එක්කෝ ගෝටා නැත්නම් සජිත් .අනිත් අය ඉල්ලන්නේ වෙන වෙන අරමුණු වලට .පක්ෂ දෙක සැලකුවම දෙගොලෝම වැඩක් නැ .අපේක්ෂකයෝ දෙන්නා ගත්තම සජිත්ට වඩා ගෝටා ඉස්සරහින් ඉන්නවා.මේ දෙගොල්ලෝ ඇර වෙන කෙනෙක්ගේ ,පක්ෂයක හොද ප්‍රතිපත්ති හොද දැක්මක් හොද අනාගතයක් තිබුනා කියල හිතුවට , ඒ ගොල්ලොනට දින්නත් බෑ .ඒ අයට දෙන චන්දෙ අපරාදේ .මට හිතෙන විදියට ගෝටා දෙයක් කරාවි ,සජිත්ට වඩා .මේවා හිතල දැනට ගෝටා වෙනුවෙන් චන්දය වෙන් කර ඇත . හැබැයි ගෝටා නොමැතිනම් නම් .....
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දිනන්නේ එක්කෝ ගෝටා නැත්නම් සජිත් .අනිත් අය ඉල්ලන්නේ වෙන වෙන අරමුණු වලට .පක්ෂ දෙක සැලකුවම දෙගොලෝම වැඩක් නැ .අපේක්ෂකයෝ දෙන්නා ගත්තම සජිත්ට වඩා ගෝටා ඉස්සරහින් ඉන්නවා.මේ දෙගොල්ලෝ ඇර වෙන කෙනෙක්ගේ ,පක්ෂයක හොද ප්‍රතිපත්ති හොද දැක්මක් හොද අනාගතයක් තිබුනා කියල හිතුවට , ඒ ගොල්ලොනට දින්නත් බෑ .ඒ අයට දෙන චන්දෙ අපරාදේ .මට හිතෙන විදියට ගෝටා දෙයක් කරාවි ,සජිත්ට වඩා .මේවා හිතල දැනට ගෝටා වෙනුවෙන් චන්දය වෙන් කර ඇත . හැබැයි ගෝටා නොමැතිනම් නම් .....

    THANKS MACHAN
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    ගෝටා වැඩ කරලා පෙන්නපු කෙනෙක්. සජිත් කලේ ගෙවල් හදිල්ල විතරයි. එකත් ණයක් දීල.....


    සජිත් තාම ප්‍රතිපත්ති ප්‍රකාශය දාලා නෑ...නමුත් එක හදන්න දාල තියෙන්නේ අර මෝල් දත්වහන්සේ.....උගේ කල්ලතෝනි වැඩ ගැන අපි නොදනිද?


    කොටින්ම ගොට ඇර වෙන විකල්ප නෑ....


    ගොටට බැරි නම් ඒ ප්‍රතිපත්ති වලින් එන එකෙක්ට චන්දෙ දෙනවා.....
    මොකද එහෙම එන එකෙක් යටත් ආයේ ගොට රාජ්‍ය නිලධාරියෙක් වෙයි....


    කොහොම හරි වැඩේ කෙරෙන්නයි ඕනේ......

    :yes::yes:
    exactly brother
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,709
    113
    ලිම්පෝපෝ කන්දෙ
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.:confused::confused::confused:

    මේ ත්‍රෙඩ්/topic එකට අදාල වෙන්නේ නෑ මචන්. any way thanks machan:):)

    වීඩියෝස් දෙකම ඉස්ස්සෙල්ලා හොදට බලලා ඉදපන්. ලංකාවේ දේශපාලනය කියන්නෙ මොකද්ද කියලා ඕන හරකෙක්ට ඔය වීඩියෝස් දෙක ඕපන් මයින්ඩ් එකකින් බැලුවොත් තේරෙනවා. :cool:

    කුනු දේශපාලනය ඉස්සරහා උබෙ ඔය topics ඔක්කොම මවාපෑම් විතරයි.
    :lol::lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,769
    2
    54,424
    113
    වීඩියෝස් දෙකම ඉස්ස්සෙල්ලා හොදට බලලා ඉදපන්. ලංකාවේ දේශපාලනය කියන්නෙ මොකද්ද කියලා ඕන හරකෙක්ට ඔය වීඩියෝස් දෙක ඕපන් මයින්ඩ් එකකින් බැලුවොත් තේරෙනවා. :cool:

    කුනු දේශපාලනය ඉස්සරහා උබෙ ඔය topics ඔක්කොම මවාපෑම් විතරයි.
    :lol::lol:


    දේශපාලනේ කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයිනේ බන් මේ සෝ ඕක Off-Topic
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    විකල්ප බලවෙගය ගෙන මොකක්ද කියන්නේ.. ( මහෙශ් සේනනායක ) ගොඩදෙනෙක් එ පිලිබදවත් හිත ගෙන ඉන්නවනේ..
    කොටින්ම ගොට ඇර වෙන විකල්ප නෑ....
    මේක තමා විසදුම.. එත් දන් තත්වේයි මිනිස්සු හිතන විදියයි වෙනස් නේද????

    යූටිටුබ් එකේ වීඩියෝ දැම්ම කියල රටක් බාර දෙන්න පුලුවන්ද? සුරංගනා ලෝකෙක ඉඳන් කතා කලාට ප්‍රායෝගික අත්දැකීම් තියනවද? තමන්ට කරන්න පුළුවන් දේවල් ප්‍රායෝගිකව ඔප්පු කරල තියනවද? මිනිහ හරියට නොහඳුනන නිසා හොරෙක් නෙමෙයි මිනීමරුවෙක් නෙමෙයි කියල කිව්වත් හරියට හඳුනගත්තට පස්සෙ මිනිහ ගැන හිතාගෙන ඉන්න විදිය වෙනස් වෙන්න පුළුවන් නේද?

    ඉම්‍රාන් කාන් ආවෙත් බිම් මට්ටමේ ඉඳන් අල්ලගෙන මුල ඉඳන් දේශපාලනේ පටන් අරන්. එකපාරටම වීඩියෝ ටිකක් දාල ජනාදිපති වෙන්න ට්‍රයි කලේ නෑ නේද? කාලයක් තිස්සෙ තමන්ගෙ හැකියාව නොහැකියාව ප්‍රායෝගිකව ඔප්පු කරල නේද ආවෙ. හිට්ලර් උනත් එහෙමයි. කොච්චර හොඳ කතිකයෙක් උනත් බලේට එන්න අවුරුදු 10ක් ගියා මම දන්න විදියට. ඒ තමන්ගෙ මතේ සමාජගත කරන්න ප්‍රායෝගිකව කරන්න ඕන දෙයක් නිසා.


    චතුරගෙ ඉන්ටවිව් එකකින් ඇවිල්ල මතයක් හදල රට අල්ලන්න යන්නෙ උන්ට රට අල්ලන්න බෑ කියල නොදැන නෙමෙයි. දැනගෙන. තියෙන්නෙ වෙනම අරමුනක්. ඒකයි පලාත්සභා, ප්‍රාදේශීය සභා අත ඇරල එකපාරටම ජනාදිපති වෙන්න හදන්නෙ. අපේ ලණු කන්නම උපන් උගත් යැයි සිතා සිටින දේශපලන ලදරුවො ටිකක් ඉන්නව උන් හිතන්නෙ සමාජ ජාල රාමුවෙන් විතරයි.

    තව දෙයක් මේ ප්‍රශ්නෙට උත්තර.

    ආරක්ශාව - ගෝඨා හැර වෙනත් අය සිටීද?
    ආර්තිකය - 2005-2014 ආර්තික දර්ශක වල වෙනස සැසඳුවනම් උත්තරෙ හම්බෙවි,.
    නීතිය සහ ස්වාදිපත්‍ය - ගූඇන්පිය වගේම අල්ලෙ නටවන්න හදාවි.
    දූශනය - මහින්ද ගෙ රනිල් ගෙ යුගයට වඩා අඩු වේවි. ඒත් තියේවි. මොකද අර රත්තරන් ල අලුත්ගමගේලා පොල් ගෙඩි අරන් කන කට්ටට සැපක් දෙන්න වෙනව.
    අධ්යාපනය - දැනට වඩා නම් හොඳ වේවි. මොකද, රාජ්‍ය විශ්වවිද්‍යාල වල සිට පෞද්ගලික දක්වා සමබර ප්‍රතිපත්තියක් තියන නිසා. ගූඇන්පිය වගේ පෞද්ගලික විතරක් අල්ලන් දඟලන්නෙ නෑ.
    කාර්මික - තොරතුරු තාක්ෂණය මෙච්චර දියුණු උනෙත් මහින්ද යටතෙ. 2005 අඩියෙ තිබ්බ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය 2015 වෙද්දී පීක් එකකට ගියා. මේ ආණ්ඩුව යටතේ ඒව ආයිත් ඉංදියාවට ගියත්.


    තව දෙයක් - බදියුදීන් සම්බන්දන් වගේ ජාතිවාදී චන්ද මත පදනම්ව චන්ද කරන අය මහින්ද පිලට හේත්තු වෙන්න නැඹුරුවක් නැති වෙන්න හේතුවක් තියනව. උන් ඉල්ලන දේ ගන්න ලේසි වෙන්නෙ නෑ කියල උන් දන්න නිසා. ගූ ඇන් පියෙන් ලේසි නිසා.ඒක තමයි මම ගෝටට චන්දෙ දෙන්න හේතුව. යූ ඇන්පිය හැමදාමත් විරුද්ධ පාර්ශවයට ජාතිවාදී ලේබල් ගහල සුළු ජාතින් තුල ජාතිවාදය වපුරල සුළු ජාතික චන්ද ඩැහැගන්න පක්ෂයක්. ලන්කාවට වැඩිම හානියක් කල වගේම, ලංකාවේ ජාතිවාදී චන්ද වැඩිවශයෙන්ම ලැබෙන පක්ෂය තමයි ගූඇන්පිය.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ගෝටට ඉල්ලන්න බැරිවෙනවා හරි ගෝටා පරද වෙනවා කියමුකෝ.හරි. කියපන් බලන්න (ඉල්ලන්න බැරිඋනොත් හෝ පැරදුනොත්) අපේ රටට ජාතියට වෙන යහපත් දේවල්. රටේ ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය වගේ දේවල්....ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. හොඳක් වෙනවනම් මම මගේ ගෙදර අයට දන්නා අයට කියනවා දෙන්න එපා කියල. :yes::yes::yes:

    මෙන්න මේ points තමා major...

    1. රාජ්‍ය ආරක්ෂාව (MAJOR POINT)
    2. ආර්ථික සංවර්දනය (MAJOR POINT)
    3. නීතිය හා ස්වාදිපත්‍ය
    4. අනවශ්‍ය ලෙස රාජ්‍ය අංශයට කරන බඳවා ගැනීම් හා වැටුප් වැඩිකිරීම්.
    5. වංචාව දුෂණය
    6. අධ්‍යාපනය and health
    7. තොරතුරු තාක්ෂණික හා තාක්ෂණික/කාර්මික

    සංවාදයට විවුර්තයි (ගොන් කතා නැතුව කියපල්ලා බලන්න. )


    අනිත් අපේක්ෂකයෝ ගැනත් වෙනම කතාකරමු වෙන නුලක :yes::yes::yes:

    ඇත්තම කිව්වොත්, ගොට ආවට මේ මොකුත් කරන්න බැ.
    හේතුව 19 වෙනි ව්‍යවස්ථා සංශෝදනය අනුව ජනාදිපතිට අමාත්‍යංශ දරන්න බැ. අගමැති සහය දෙන දේවල් විතරයි කරන්න පුළුවන්.
    ඔය තියන ලිස්ට් එකෙන් යම් දෙයක් කරන්න ඊලග මැතිවරණයෙන් ගොට්ට සහය දෙන ආණ්ඩුවක් හදන්න ඕනි.

    ගොටට බලතල තිබුන කියල හිතමුකෝ. එත් මම නම් ගොටගෙන් බලාපොරොත්තු වෙන්නේ (1) විතරයි.
    අනිත් ඒවා නම් පාවෙන චන්ද ගන්න කියන බොරු කතා.