මචන් දන්න විදිහට මෙ සෑලරි එකට ලොන් දෙන්නෙ නෑ බන් අපේ කම්පෑනි එකේ සෑලරි එක දෙන්නෙ දෙකට කඩලා ම්ගේ බෙසික් එක 18ක් වගේ අනිත් ඒවා අරවා මෙවා කියලා ඈඩ කරලා දෙන්නෙ එතකොට තමයු 45ක් වගෙ සෙට් වෙන්නෙඋබට ඔය ගානට මරුටි ඇල්ටෝ විවා එලයිට් උනත් බලල ගන්න පුළුවන්...
හොඳම දේ කලබල නොවී තමන්ට ගෙවන්න පුළුවන් ගැන තීරණය කරගෙන ඉන්න එක
ඊට පස්සේ වෙන නය මුකුත් නැත්තම් බැංකු ලෝන් එකක් අරන් සම්පුර්ණ සල්ලි ගෙවල වාහනම ගන්න තමන් අතට...
ලෝන් එකේ ප්රමාණය වැඩියි වගේ හිතෙනවනම් වහනයේ බජට් එක අඩු කරගන්න එක තමයි හොඳම... මොකද ලොකු වාහනයකට ගියා වගේ නෙමෙයි අවුරුද්දක් දෙකක් යනකොට මොනවගේ ප්රශ්න එයිද කියල කවුද දන්නේ තමන්ගේ ජිවිතේ...(ලෙඩ දුක් කරද වගේ දේවල් වෙන්න පුළුවන් නිසා..) ගෙවීමේ ශක්තිය අනිවා බලන්න
වාහනයේ බජට් එක අඩු කරගන්න නම් මරුටි / ඇල්ටෝ පරණ මූන හොඳ ඒ හා සමාන මිල ගනන් යන වාහනයක් ගන්න එක හොඳයි... මොකද ඕවයේ පාට්ස් රුපියල් 600ඉඳල තියනවා... ලොකු ගණන් නෑ
තීරණය ඔබ සතුයි... අත්දැකීම් එක්ක කිව්වේ... ගොඩක් මොනිස්සු නොකියන දෙයක් එක

උබට කියන්න ගෙනැල්ල ඒක සර්විස් කරන්න උනා, ටයර්, බැට්රි දන්න උනා කාලයක් යද්දි . සේරම මගේ පඩියෙන්
. ඉදල හිටල ගමනක් ගියාට වාහනේ වියදම නම් අඩුවක් උනේ නෑ. ගෙදර මනුස්සයෝ උනත් ගන්නකන් තියෙන උනන්දුව ගත්තම නෑ
. අන්තිමේ මම ගොඩක් හිර උනා. මොකද වාහනේ අතිරේක වියදම්, ඉන්සුවරන්ස්, මේන්ටේන් එකට එන මාස තියෙනව. එපාම උනා.
මොනා කරන්නද ගොඩක් පාඩුවට දීල දැම්මා. ඒ නිසා මම උබට කියන එකම උපදේසේ නම් වාහනයක් ගන්නවනම් අඩුම 75% වත් දීල ගනින් මචන්. මොකද මම උඩ කිව්ව වියදම් එන වෙලාව හොයන්න බෑ. අනික බන් ලෝන් එකක් තියෙනකොට හිතට මාර වදයක් ඒ වගේම තමා පරන වාහනයක් අරන් ගමනක් යන එකත් හිතට ලොකු පීඩාවක්. 