බංකොලොත් භාණ්ඩාගරයක් තියාගෙන, හොර මැශීන් ගෙන්වා ගෙන ආණ්ඩුව මිනිස් ජීවිත එක සෙල්ලම් කරයි - නීරෝධායනය වන අසාදිත නොවූවන්ගෙන් ගසා කයි!
විදේශයින් පැමිණි මා හෙට දිනයේ නීරෝධායනය අවසන් කොට හෝටලෙන් පිටවීමට නියමිතය. දෙවන PCR පරීක්ෂාව 26/10 දින සිදු කලද සාම්පලයේ අඩුවක් නිසා වාර්තාව නොලැබී ඇති බව අද රාත්‍රී 8.30ට මට දැනුම් දුන්නා.
මිලිටරි නියෝගය වූයේ පෞද්ගලිකව PCR පරීක්ෂාව කරගන්නා ලෙසටත්, එහි වාර්තාව ලැබෙන තුරු මා හට හෝටලයෙන් පිටවිය නොහැකි බවත් ය.
නමුත් මා පෙන්වා දුන්නේ මා හට එවන් මුදලක් නොමැති බවත්, අලුත් නීති අනුව පළමු පෙල ආශ්‍රිතයන් පවා නිවෙස්වල නීරෝධායනය කරන නිසා, හෙට උදෙන්ම නැවත සාම්පල ලබාගෙන අපව පිටත් කරන ලෙසටයි.
එවිට ඔවුන් කිව්වේ සතියකට පෙර ගත්තු සාම්පල් වල පවා ප්‍රතිඵල නොලැබී ඇති බැවින් එසේ කළ නොහැකි බවයි.
මෙය බලහත් කාරී මර්දනයක් නොවේද? කෝවිඩ් අරමුදලට මොකද වුණේ? රජයේ නොසැලකිලි කමට අවනත නොවන මාව අත් අඩංගුවට ගත හැකිද?
එලිවෙන ජාමෙට හොද හොද සෙල්ලම්...SHARE!

#බොක්කෙන්මlankan
- tushara wickrmanayaka