ඉතින් 2023 දි මොකටද 2017 ඒවා ගෙන්නන්න ඕන වෙන්නෙ? 2017 ඒවයෙ විතරද රෝද කැරකෙන්නෙ?
2023 දි වාහන Import කරන්න දුන්නොත් 2017 හදපු වාහන ගේන්න බෑ. ඉතින්? මොකක්ද ප්‍රශ්නෙ??
උබ කියන එකයි පැහැදිලි නැත්තෙ.
උඹ වල්ගෙ පාගන් ඉන්නෙ මචන්. කියන දේ තේරිලා නෑ උඹට. නැතිනම් සරල දෙයක් ඔලුවෙ තියන් ඒක කියාගන්න බැරුව වටේ යනව. මේකයි විස්තර ඇතුව කියනව නම්.
ජපානෙ එක වාහන මාදිලියක් ගත්තොත් ඒකෙ මිල වෙනස් වෙන්නෙ අවුරුද්දයි මයිලේජ් එකයි ඔක්ශන් ග්‍රේඩ් එකයි පාටයි වගේ ඒවගෙන්. එතකොට මෙහෙට ගේන්න අවසර දීලා තිබ්බෙ අවුරුදු 3ක් පිටිපස්සට යනකම් කාලය ඇතුලත හදපු ඒවා විතරයි. (කාර් සහ SUV වලට අදාලව)
ඉතින් 2020 ජනවාරි ආනයන තහනම් කරන්න ඔන්න මෙන්න තියෙද්දි ජපානෙ 2017 ජනවාරි හදපු වාහනයක් මෙහෙ local market තිබුණ මිලක් තියෙනවා. ඒ මිල අපි රුපියල් ලක්ෂ 40යි කියමු උදාහරණයකට. එතකොට ඒ කාලෙ ගේන්න පුළුවන් පරණම වාහනේ ගේන්න යන්නෙ ලක්ෂ 40යි.
2023 දි වාහන ඔය නීති ඔය ටැක්ස් යටතේම ගෙන්නන්න දුන්නා කියලා හිතමු. එතකොට ගේන්න පුළුවන් පරණම වාහනය 2020 හදපු එකක්. ඒක මෙහෙම ගෙනාවාම ඔය ටැක්ස් ඔය නීති ඔහොමම තිබ්බත් ලක්ෂ 40කට ගේන්න බෑ. ඒ වෙද්දි කොහොමත් 2017 හදපු එකක් ගේන්න බෑ අවුරුදු 3ට වඩා කල් ගිහින් නිසා.
එතකොට ජපානෙන් ගේන්න පුළුවන් පරණම වාහනේ ගෙනාවත් ඒක 2020 දි මිලට වඩා 2023දි අනිවාර්යෙන්ම වැඩි වෙනව. ඔයා වාහන ඉම්පෝට් කරන කෙනෙක්ද නම් දන්නෙ නෑ. නමුත් ඉම්පෝට් කරපු අයගෙන් අහන්න වාහන දිගට ගෙන්නන්න දුන්න කාලෙ ඔක්ෂන් එකේ මිල තීරණය වුනේ අවුරුද්ද අනුව. ලංකාවට ගේන්න පුළුවන් අවුරුදු සීමාව අවුරුදු 3යි. එතකොට අවුරුද්දක් ඇතුලත හදපු වාහනේ මිලට වඩා ගොඩක් අඩුව යන්නෙ අවුරුදු 2ක් පිටිපස්සට හදපු එක. ඊටත් ගොඩක් අඩුයි අවුරුදු 3ක් ඇතුලත හදපු එක.
කාරණාව සරල කරන්නම් තවත් තේරෙන්නෙ නෑ නම්..
සියලු නීති එහෙමම තියෙද්දි,
2020දි ජපානෙන් කොල 140කට ගත්ත 2017 හදපු වාහනයක් 2020දි ලංකාවෙදි විකුණපු මිලට වඩ 2023 දි ජපානෙන් කොල 140කට ගත්ත 2020 හදපු වාහනයක් ලංකාවට ගෙනත් විකුණනකොට මිල අනිවාර්‍යෙන්ම වැඩියි.
සංසන්දනය කරනකොට අවස්ථාවට අනුව සංසන්දනය කරන්න. ඔයා කියන්නෙ අද (01/08/2021), 2016 විතර හදපු වාහනයක් මාකට් එකෙ විකුණන්න දාල තියෙන ගාණට වඩා, වාහන ගේන්න දුන්නම එදාට ගේන වාහනෙ (2020 හදපු එකක් කියල හිතමු) ගාණ අඩු වෙනව කියල. ඒක ඕන හරකෙක්ට තේරෙනව මොකද දැන් තියෙන්නෙ වාහන නැති නිසා කෘතිමව මිල වැඩි කිරීමක් (ඉල්ලුමට අවශ්‍ය තරම් සැපයුම නොමැති නිසා දැනට සැපයුම ඇති සීමිත භාන්ඩ ප්‍රමාණයේ මිල ඉහල යෑම). වාහන ගෙන්නන්න දුන්නම ඒ මිලට ඊට අලුත් එකක් ගේන්න පුළුවන් නිසා අර කෘතිමව මිල වැඩි කරපු ඒවගෙ ගණන් නිකම්ම අඩු වෙනවා තමයි. මොකද ඒ වැඩි වීම තිබ්බෙ සැපයුම නැති නිසා ඉල්ලුම වැඩි නිසා.
ඉතින් වාහන ගේන්න දුන්නම සැපයුම තියෙන නිසා අර සැපයුම නොමැති කාලෙ මිලට වඩා මිල අඩු වෙනව. නමුත් අවසන් වරට සැපයුම තිබ්බ කාලෙ මිලට වඩා මිල අඩු වෙන්නෙ නෑ. ඒකෙන් කියන්නෙ වාහන මිල තිබ්බට වඩා අඩු වුනා කියලද? නෑ.. මිල වැඩි වෙලා තියෙන්නෙ අවසන් වතාවට ගෙන්නන්න දුන්න ගාණට වඩා. තේරුනාද මංදා?
තව ටිකක් සරලව කියනව නම් මේ ආණ්ඩුවෙන් ගෑස් මිල රුපියල් 300කින් වැඩි කරලා ආයෙම 150කින් අඩු කලාම මෝඩයෝ කියනවා " අඩේ ආණ්ඩුවෙන් ගෑස් රු. 150කින් මිල අඩු කලා" කියලා. සියළු කාරණා දන්න උන් කියනවා "ගෑසුත් 150කින් මිල වැඩි වුනා" කියල.
ඔය සරල දේ තේරුනාද?
2010-2013 කාලේ වාහන මිළට මොකද උනේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඒකම තමයි මේ දවස්වල වෙලා තියෙන්නේ : ඒක නිසා මේ වේලාවේ වාහන ගැන හිතන්නේ වත් නැතුව ඉන්න එක ඇඟට ගුණය "

අත්‍යවශ්‍ය කෙනෙක් හැර අනිවාර්‍යෙන්ම මේ වෙලාවෙ කිසිම වාහනයක් අලුතෙන් ගන්න එක ගැන නොහිතන තරමට හොඳයි. හැබැයි මම නම් හිතන්නෙ කාර් වෑන් ගෙන්නන්න දෙන්න අවුරුදු 2ක් වත් යයි. එතකම් වාහනයක් නැතුව ඉන්න විකල්ප හොයාගන්න වෙනව (පොදු ප්‍රවාහන සේවය. යාලුවෙක්ගෙ වාහනයක් හදිසියට ඉල්ලගන්න එක. හයර් එකට කතා කරගන්න එක වගේ)
------
Post added on Aug 1, 2021 at 11:37 PM