මට මතක් වෙන්නේ 2019 ගෝඨා ට තිබුන රැල්ල. ඒකට වැඩ කරපු මිනිස්සු ඔක්කොම දැන් මේ පක්ෂෙට වැඩ වගේ. ඒ වචන ටිකමයි, ඒ අදහස්මයි, ඒ වාක්‍ය එහෙමම කියනවා. රැල්ල ඒකමයි.
ලාල් මෙතන කියන්නේ පිරුණු ලැමක් ගැන, පුළුලු උකුලක් ගැන. ඒක මිනිහගේ sexual fantasy එකක් මිසක සෞඛ්‍යය සම්පන්න වීම ගැන අදහසක් නොවෙයි.
සිහින් ඉඟක් නම් ව්‍යායාම වලින් හදන්න පුළුවන්. ඒත් දරුවෝ වැදුවට පස්සේ ඒක හින්දි නිළියන්ටවත් හදන්න බෑ. හෙද සේවය කියන්නේ 25/30 කෙල්ලන්ගේ ජොබ් එකක් නෙවෙයි. 55 වෙනකං යන වෘත්තීයක්.
ඕගොල්ලෝ පක්ෂයක් දිනවන්න කතා කළාට කමක් නෑ. වැරදි තැන ඒකත් කතා කරන්න. අඩු ගාණේ වැරදි කළොත් අපි තමයි මුලින්ම පාරට බහින්නේ කියලත් කියන්න. එතකොට වැඩේ සම්පූර්ණයි.
රට හදන්න අමාරුයි. හැබැයි අපි වැඩේ අතෑරලා නෑ.
දවසක ඕගෝල්ලොම අපිටත් මේ විදියට සපෝට් කරයි. හැබැයි මගේ එකම ඉල්ලීම මෙහෙම නම් කරන්න එපා. අපේ වැරදි ටික අපිට කියන්න. අඩුපාඩු පෙන්නන්න. බනින්න. හදන්න. එතකොට අපිට පුළුවන් වෘත්තීය දේශපාලනයක් කරන්න. හරි පාරේ යන්න.
ඒ වගේම අපි ගැන දැනටත් විශ්වාසය තියලා තියන අයට කියන්නේ, ඉවසීමෙන් මේ රැල්ලට මූණ දෙන්න. රැල්ලට ගහ ගෙන යන්නේ මැරිච්ච මාළු. ඒක ලේසියි. එන එන රැල්ලට අහුවෙලා පාවෙනවා. හැබැයි තීරකයා වෙන්නේ සෘජුවම හරි තැන අල්ලගෙන ඉන්න ඔබ. ඔබේ දවස එනකං ශක්තිමත්ව අල්ලගෙන ඉන්න. This too will pass.