Green / Amber & Red Channel 🚢⚓🛳️

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,514
    124,563
    113
    දෙහිවල
    හරි එහෙනම් දැන් "Customs Declaration" නැතහොත් CusDec එක කට්ටිය පුරවලා ඇතිනේ.
    පුරවපු නැතිය අයට පුළුවන් පහත ලින්කුවෙන් වැඩේ කරගන්න 👇👇

    https://elakiri.com/threads/customs-declaration-cusdec-🚢⚓🛳️.2089155/

    ඉතින් ඕක පුරවලා, බදු එහෙම ගෙවලා, රේගුවෙන් සහිතක කරගෙන යන්න ඕන බහලුම යාත්‍රාවෙන් ඇවිත් ගොඩ බාලා තියෙන පර්යන්තයට ලොරියක් අරගෙන.
    ඉතින් එහෙම ගිහින් වරාය අදිකාරියට සහ අදාළ පර්යන්තයට ගෙවන්න ඕන සේවා ගාස්තු ගෙවලා තමයි බහලුම නිෂ්කාශනය කරගන්න පුළුවන්.
    ඒ කියන්නේ ලොරිය උඩට පටාවගන්න පුළුවන් වෙන්නේ.

    ඉතින් ලොරිය උඩට බහලුම පටවගත්තම ඔක්කොම හරිද? කෙලින්ම ආයතනයට අරන් යන්න පුලුවන්ද? පොඩ්ඩක් කතාකරමු අද ඒ ගැන.

    සැලකිය යුතුය : මේ ලිපිය සකසනු ලබන්නේ ආනයන බහලුම් නිෂ්කාශනය අංශය පිළිබද බව කරුණාවෙන් සලකන්න. බොහොම සරලව අපි මේ ගැන අද කතාකරන්නේ.

    jx2mxab.jpg


    ශ්‍රී ලංකාවට භාණ්ඩ සහ සේවා ආනයනය සහ අපනයන කරන ඕනෑම ආයතනයක් හෝ තනි පුදගලයෙක් ක්‍රම දෙකක් හරහා රේගුව සමග ලියාපදිංචි විය යුතු අතර එම ක්‍රම දෙක වන්නේ "BOI" සහ "Customs" යටතේ ලියාපදිංචි වීමයි.
    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) හරහා ආයෝජන කලාප තුල සහ කලාප පහසුම්කම් යටතේ ක්‍රියාත්මක ආයතන "BOI" ක්‍රමයටත් අනෙකුත් සියලුම ආයතන "Customs" ක්‍රමයටත් රේගුව සමග ලියාපදිංචි විය යුතුය.

    මෙහිදී අදාළ ආයතනය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) හරහා ආයෝජන කලාප තුල සහ කලාප පහසුම්කම් යටතේ ක්‍රියාත්මක වන ආයතනයක්නම් ඔවුන්ගේ "Customs Declaration" නැතහොත් CusDec සහතික කිරීම සහ අනුමත කිරීම සිදුකරනු ලබන්නේ ප්‍රදානව කොලබ BOI කාර්යාලය හරහා සහ ප්‍රාදේශීය BOI කාර්යාලය හරහාය.
    එයට හේතුව වශයෙන් සලකන්නේ BOI ආයතන බොහෝවිට ආනයනය කරනු ලබන්නේ අපනයනය කේන්ද්‍ර කරගත් "Raw material" හෙවත් අමුද්‍රව්‍ය සහ ඒ සදහා බාවිතා කරන යන්ත්‍ර ආදිය වන නිසාය.
    මෙහි අති බහුතරය බදු වලින් නිදහස් කරනු ලබන්නේ අපනයන ප්‍රවර්ධන නීති රීති වලට අනුකුලවයි.

    කෙනක් අහන්න පුළුවන් "BOI" යටතේ ලියාපදිංචි වුන කෙනෙක් කවදාහරි "Customs" එක යටතේ CusDec එකක් අනුමත කරගැනීමක් සිදුකරගන්න පුලුවන්ද කියලා?
    පිළිතුර තමයි ඔව්. හිතන්නකෝ අපනයන කේන්ද්‍ර නොකර ගෙන්වන භාණ්ඩ. උදාහරණයක් විදියට කැලැන්ඩර් ටිකක්, ලොකර් ටිකක්, පුටු මේස ටිකක් වගේ.
    එහිදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) හරහා ආයෝජන කලාප තුල සහ කලාප පහසුම්කම් යටතේ ක්‍රියාත්මක නමුත් අපනයන කේන්ද්‍ර නොකර ආනයන කරනු ලබන භාණ්ඩ සදහා Customs ක්‍රමය හරහා බදු ගෙවමින් CusDec ලියකියවිල්ල සම්පුර්න කර අනුමත කරගත යුතුය.

    Customs ක්‍රමයට රේගුව සමග ලියාපදිංචි වී සිටින අනෙකුත් ආනයන සහ අපනයන කරුවන් කොලබ ප්‍රාදන රේගු කාර්යාලය හරහා "Customs Declaration" නැතහොත් CusDec සහතික කිරීම සහ අනුමත කිරීම සිදුකරගත යුතුය.

    iF4w099.png


    BOI කාර්යාලය තුලින් හෝ Customs ප්‍රදාන කාර්යාලය තුලින් "Customs Declaration" නැතහොත් CusDec සහතික කිරීම සහ අනුමත කිරීම ක්‍රමවේදය අතරතුර අදාළ සැම නැව්ගත කිරීමක් ( Shipment ) සහ CusDec එකක්ම සදහාම channel එකක් එහෙම නැත්නම් "නාලිකාවක්" අදාළ රේගු නිලදාරියා විසින් නිර්දේශ කරනවා. අපි එකට කියන්නේ "Sri Lanka Customs Risk Management System" කියලා.

    මෙහිදී සිදුකරනු ලබන්නේ ආනයන කරනු ලබන භාණ්ඩ සහ සේවා වල ප්‍රමිතිය, ගිණුම්කරණ, ලැයිස්තුගත තොරතුරු පිලිබදව සත්‍යතාවය, අහිතකර ලැයිස්තුවේ අන්තර්ගතය, තහනම් ලැයිස්තුවේ අන්තර්ගතය, මත්කුඩු සහ අනෙකුත් මත්ද්‍රව්‍ය අන්තර්ගතය පිලිබදව ආනයනයෙන් පසුව පසු විපරමක් සිදුකිරීමයි.

    මෙහිදී ප්‍රදනව බහලුම සහ නැව්ගත කිරීම අදාළ රේගු නිලදාරියාගේ නිරීක්ෂණය අනුව channel එකක් එහෙම නැත්නම් "නාලිකාවක්" සදහා නිර්දේශ වනවා. මෙය නිර්දේශ කරනු ලබන්නේ CusDec එක මතයි.
    මෙහිදී, භාණ්ඩ ගෙන්වන රට, භාණ්ඩ වර්ගය, භාණ්ඩ වර්ගකර ඇති HS කේතය, ප්‍රාමාණය, වටිනාකම සහ අනෙකුත් කරණා මත වර්ගීකරණය සිදුවෙනවා.

    මෙය ප්‍රදාන කොටස් තුනකට බෙදී යනවා. 👇👇👇👇👇

    * Green Channel
    * Amber Channel
    * Red Channel

    හොදයි, රේගු නිලදාරියාගේ නිරීක්ෂණය අනුව channel එකක් එහෙම නැත්නම් "නාලිකාවක්" නිර්දේශ කරාට පස්සේ මොකද වෙන්නේ??

    බදු තියෙනවම් ගෙවලා, අදාළ පර්යන්ත සහ වරාය අදිකාරියට ගෙවන්න ඕන සේවා ගාස්තු ගෙවලා හම්බෙනවා පොඩි පාස් එකක්. ඒක ලොරියට දීලා යවනවා පර්යන්තය බහලුම අරගෙන එන්න.

    මෙහිදී අදාළ නැව්ගත කිරීම ( Shipment ) සහ CusDec එක සදහා නිර්දේශ වී ඇත්තේ 'Green Channel" නිර්දේශය නම් අදාළ පුද්ගලයාට හෝ ආයතනයට තම බහලුම වරයා පරිශ්‍රයෙන් ලබාගෙන නොනැවතී රිසි ස්ථානය කරා රැගෙන යා හැක.
    වර්තනාමයේ මෙම පහසුකම ලබාදෙනු ලබන්නේ සියලුම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) හරහා ආයෝජන කලාප තුල සහ කලාප පහසුම්කම් යටතේ ක්‍රියාත්මක වන ආයතනය සහ 'Green Channel" පහසුකම සදහා පිටතින් අයදුම් කල තම ආනයන නාමයන් සුදු පිරුවට තබාගත් ආයතන සදහා පමණකි.

    sqPRtaH.jpg


    එසේ නොමැතිනම් නැව්ගත කිරීම ( Shipment ) සහ CusDec එක සදහා නිර්දේශ වී ඇත්තේ 'Ambar Channel" නිර්දේශය නම් ඔබට අදාළ පර්යන්තයේදී බහලුම ලොරි රථ වෙත පැටවීමෙන් පසුව බහලුම ශ්‍රී ලංකා රේගු අදිකාරියේ නිරීක්ෂණ කලාපයක් වන RCT "Rank Container" පර්යන්තය වෙත බහලුම රැගෙන යා යුතුය.
    මෙහිදී බහලුම / CusDec සහ ඔබ නැව්ගත කිරීම සදහා යොදාගත් සහ රේගුව වෙත ඉදිරිපත් කරන ලද ලියකියවලි සහ තොරතුරු නැවත අදීක්ෂණය බාජනය කරනු ලබන අතර බහලුම අගුල් වලින් විවර කර බලා පරික්ෂනය කරනු ලබයි ( Random Examination )
    පසුව රෙගු නිලදාරීන්ගේ අනුමැතිය සහිත ඔවුන් සැහීමකට පත්වුවහොත් බහලුම නිෂ්කාශනය කර නිදොස් කරනු ලබයි. එයින් පසුව පමණක් අදාළ පුද්ගලයාට හෝ ආයතනයට තම බහලුම රිසි ස්ථානය කරා රැගෙන යා හැක.

    iKUMHbH.jpg


    අවසාන වශයෙන් නැව්ගත කිරීම ( Shipment ) සහ CusDec එක සදහා නිර්දේශ වී ඇත්තේ 'RED Channel" නිර්දේශය නම් ඔබට අදාළ පර්යන්තයේදී බහලුම ලොරි රථ වෙත පැටවීමෙන් පසුව බහලුම ශ්‍රී ලංකා රේගු අදිකාරියේ නිරීක්ෂණ කලාපයක් වන "Gray Line 1" බහලුම් පර්යන්තය හෝ "Gray Line 2" බහලුම් පර්යන්තය වෙත බහලුම රැගෙන යා යුතුය.
    මෙහිදී බහලුම / CusDec සහ ඔබ නැව්ගත කිරීම සදහා යොදාගත් සහ රේගුව වෙත ඉදිරිපත් කරන ලද ලියකියවලි සහ තොරතුරු නැවත නැවත රේගු නිලදාරීන් කිහිපදෙනෙක් අදීක්ෂණය බාජනය කරනු ලබන අතර බහලුම අගුල් වලින් විවර කර බලා පමණක් නොව බහලුමේ භාණ්ඩ පිටතට රැගෙන එකින් එක පරික්ශාකරනු ලැබේ ( Detailed Examination )
    පසුව අනුමත රෙගු නිලදාරීන්ගේ අනුමැතිය සහිත ඔවුන් සැහීමකට පත්වුවහොත් බහලුම නිෂ්කාශනය කර නිදොස් කරනු ලබයි. එයින් පසුව පමණක් අදාළ පුද්ගලයාට හෝ ආයතනයට තම බහලුම රිසි ස්ථානය කරා රැගෙන යා හැක.

    U3RdtkM.jpg


    Random Examination සහ Detailed Examination අවස්ථාවකදී බහලුම සහ නැව්ගත කිරීම අදීක්ෂණය කිරීමෙන් පසුව රේගු නිලදාරින්ට ආනයන භාණ්ඩ පිලිබදව සැකයක් හෝ ලබාදුන් තොරතුරැ ප්‍රමාණවත් නොවේනම් බහලුම එහි "detained" රඳවා තබා නිරීක්ෂණය කරනු ලබන අතර අහිතකර භාණ්ඩ අනනයනක් සිදුවී ඇත්නම් බහලුම රාජසන්තක කර ආනයනකරු හට නිතිය ක්‍රියාත්මක කරනු ලැබේ.

    බදු අඩුකරගැනීමට වංචනික ලෙස වටිනාකම අඩුවෙන් සදහන්කර තිබේනම් නැවත CusDec ලියවිල්ල සකස්කර සහ සංශෝදනය කර නිසිලෙස බදු ගෙවා පැමිණෙන ලෙස නියෝග කරනු ලැබේ.
    තවද, ආනයන විරෝදී භාණ්ඩ ගෙන්වා ඇත්නම් ප්‍රති-අපනයන කිරීමටත් නියෝග රේගු නිලදාරින් විසින් පනවනු ලබන අතර ඒ තාක් කල් බහලුම් ඔවුන්ගේ බාරයේ තබාගනී.

    dMuBl5B.jpg



    කෙටි සටහන : Walter White
    චායාරුප : අන්තරජාලය තුලින් උපුටාගන්නා ලදී
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මේක වටිනව බම්ප් ඇහ්
    ඩම්මිකයගෙ කුනු මොන චැනල් එක්කෙද ඇවිල්ල තියෙන්නෙ

    ග්‍රීන් චැනල් ඒව ඉදල හිටලවත් රැන්ඩම්ලි චෙක්ක් වෙන්නෙ නැද්ද
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,514
    124,563
    113
    දෙහිවල
    ඩම්මිකයගෙ කුනු මොන චැනල් එක්කෙද ඇවිල්ල තියෙන්නෙ

    ග්‍රීන් චැනල් ඒව ඉදල හිටලවත් රැන්ඩම්ලි චෙක්ක් වෙන්නෙ නැද්ද
    Free Zone එකට තමයි දම්මිගේ බඩු ආවේ.
    Free Zone ලංකාවේ භාණ්ඩ ගණයට අයිතිවෙන්නේ නැහැ. ඒකනිසා නිරීක්ෂණයට යටත් නැහැ.

    ග්‍රීන් චැනල් භාණ්ඩ අදාළ BOI කලාපයේ නිලදාරීන් අහබු ලෙස නිරීක්ෂණය කරනවා.
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,310
    9,480
    113
    Heaven :p
    දැන් ඔය බඩු රේගුවෙ උන් එකින් එක් අරන් බලද්දි ඒ බඩු වලට අලාභයක් හරි ඒව නැති වුනොත් හරි ඒකට මොකද වෙන්නෙ?
    රේගුවෙන් ගෙවනවද් ඒවට
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,514
    124,563
    113
    දෙහිවල
    දැන් ඔය බඩු රේගුවෙ උන් එකින් එක් අරන් බලද්දි ඒ බඩු වලට අලාභයක් හරි ඒව නැති වුනොත් හරි ඒකට මොකද වෙන්නෙ?
    රේගුවෙන් ගෙවනවද් ඒවට
    නිතිය අනුව භාණ්ඩ වලට හානියක් නොවන ලෙස අදීක්ෂණය කල යුතුයි.
    නමුත් එහමයි කියලා හානිවෙන තියෙන ප්‍රවනතාවය ඉතාමත් අඩුයි. අනික කිසිම කෙනෙක් එහෙම පැමණිලි කරන්නේ නැහැ.
    බඩු එලියට ගන්න ඕනනම් එක කරන්නේ ආනයනකරු හෝ ඔහුගේ නියෝජිතයෙක් ඉදිරිපිට
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,514
    124,563
    113
    දෙහිවල
    පට්ට ලිපියක්. TFS, සහෝ. :love2: 👍
    මෙන්න මගෙන් තවත් බම්ප් එකක් සහෝ. මේ වගේ ත්‍රෙඩ්ස් තමයි හරිනම් උඩට එන්න ඕන. :love2: 👍

    තුති 🙏🙏