ඒ කාලේ බස්වල power steering තිබුණේ නෑ, steering wheel එක ලොකුයි, driver මුලු ඇඟේම හයියෙන් steering wheel එක කරකවලා තමයි ගම්වල වංගු පාරවල්වල බස් ගෙනිච්චෙ. CTB බස්වල නම, අංක, බෝඩ්වල ලියන්න අකුරු ලස්සන අය ඩිපෝ වල හිටියා, එතකොට එක එක ඩිපෝවල බස්වල අත් අකුරු වෙනස්. පරණ බස්වල වහිද්දි ඇතුල තෙමෙනවා, වීදුරු ළඟ හිටියොත් තෙමෙනවා. ඉඳගෙන යන එක දැන් තරම් සැප පහසු නැතත් seat වල හොඳට ඉඩ තියෙනවා 2 ක් ට ඉඳගන්න. බිමට තිබුණේ ලෑලි හින්දා යද්දි ලෑලි අතරින් පාර පේනවා. තව බස් එක පරණ නම් ඉස්සරහා වීදුරුවල දාරේ සුදුපාට මොනවාද හැදෙනවා යවන්න බැරි. ටිකක් ඈත පැතිවල බස් වෙනුවට ලොරි තිබුණේ. හවස 5,6 වගේ වෙද්දි අන්තිම බස් යනවා.
තිබුණ ලයිට් කණුවල හැඩය ටිකක් වෙනස්, සමහර තැන්වල ලී කණු තිබුණේ. තිබුණේ තැඹිලිපාට වගේ එලි තියෙන බල්බ්
කඩවල්වල තුනී wafers දෙකක් දෙපැත්තෙන් තියපු පොඩි cake කෑලි තිබුණා ගොඩක්. tube light වැඩිපුර තිබුණා. ඈත ගම්වලට යද්දි නම් විදුලිය නෑ, ඒවයි කාර් ලොරි බැටරි වලින් වැඩ කරන විදියට කලු සුදු TV තිබුණා. ඇඳුම් අයන් කරන්න පොල්කටු අඟුරු දාන අයන් තිබුණා.
ගොඩක් ගෙවල්වල අය විදුලිය තිබ්බත් නැතත් රෑ 10 වගේ වෙන්න කලින් නිදි.
නගර වලින් පිට අය වතුර ගත්තෙ ලිඳවල් වලින්. පැය ගානක වැඩක් ගෙදරට ඕනි වතුර ටික එකතුකරගන්න එක
Telecom එකෙන් phone එකක් ගන්න ගොඩක් ලොකු ගාණක් ගෙවන්න ඕනි, ගම්වල නම් එහෙම ගත්ත ගෙවල් දෙක තුනයි තිබුණේ.
ඒ කාලේ කොළඹ බය හිතෙන පෙනුමක් තිබුණේ මට නම්, එක පැත්තකින් බෝම්බ බය. අනික අපිරිසිදුකමයි, ගරා වැටුන ගොඩනැගිලි, හිටිය මිනිස්සුයි.
හැමදේම වගේ කලේ ලියුම්, තැපැල් කන්තෝරුව හරහා. වෙසක් කාඩ්, නෑදෑයොන්ට ලියුම්, පිටරට අයගෙන් ලියුම්
තාප්ප, ගේට්ටු අඩුයි. උණ බම්බු වලින් හදපු කඩුලු තිබුණා ගෙවල්වල.
සමනල්ලු, කුරුල්ලෝ වර්ග, වතුර පාරවල්වල මාළු වර්ග ගොඩක් හිටියා දැනට වඩා, ගෙවල්වල දූවිලි අඩුයි වාහන දුම් අඩුයි
photo ගන්න වෙනම අය හිටියා, ඉස්කෝලවල concert වල එහෙම photos අරගෙන හම්බවෙන්න සති ගාණක් ගියා. pose කරන්න දන්නෙ නෑ, බුම්මගෙන බයවෙලා හිටිය ඒවා තමයි වැඩි
ඕවා තමයි මතක් වෙන්නෙ
