හිටපන්කො ඕකෙ කතාව කියන්න.
පිරමීඩ ගැන මම දැනගන්නෙ මචන් දැනට අවුරුදු 20කට විතර කලින් ස්කෝලෙ යන කාලෙ ඒ කාලෙ මොකක් හරි ඔරලෝසුවක් බෙදුව. ඕක අපේ ගෙදර විකුණන්න උස්සගෙන ආව එකාට අම්මල දැන් අතේ සල්ලි නෑ කියල යැව්ව මතකයි. අපි හොදටම අදුරන කෙනෙක් ආවෙ ඕක උස්සගෙන. පස්සෙ ඌ ගමෙත් හිටියෙ නෑ ඒකට කෙල උනාම.
ඊටත් පස්සෙ මම කැම්පස් අවුට් වෙනකොටම සෙට් වෙනව ඩයල් එකක් පොරට ඕනි වෙනව මට කියල සිස්ටම් එකක් හදාගන්න 2014 වගේ. මම ඉතින් ඔය මොකවත් දන්නෙ නෑ හා හදමු කියල රික්වර්‍යමන්ට් ටික ගත්ත. අරගෙන ඔය කමිශන් සීන් ඔක්කොම එක්ක මම ගාණ හදල බලපුවම ඒ කාලෙත් වැඪේට අඩුම 4 මිලියන් විතර යනව. පස්සෙ මම ඕක පොරට කිව්වම ආ කමක් නෑ මල්ලි කරමු කිව්ව. ඊට පස්සෙ මම පොරට කිව්ව ඇඪ්වාන්ස් එකක් දෙන්න වැඩේ පටන් ගන්නන් කියල. මූ ඊට පස්සෙ මට උගෙ ඔෆිස් එකට එන්න කිව්ව. තැන මරුවට හදල තිබ්බ. තව උගෙ ඩිරෙක්ටස්ල කියන සෙට් එකකුත් හිටිය. මම ඉතින් ආයෙ මුල ඉදල ඔක්කොම උන්ට පැහැදිලි කරල දුන්නට පස්සෙ මුන් කියනව මල්ලි අපි උබට හැම ට්‍රාන්සැක්ශන් එකකින්ම ගාණක් දෙන්නන් මේක උබේ සල්ලි වලින් හදල දීපන් කියල. මගෙ අතේ සතයක් තිබ්බෙ නෑ එතකොට ඔය වගේ දේකට දාන්න. කමක් නෑනෙ ලොකු ගාණක් එනවනෙ අන්තිම වෙනකොට කියල වැඩේට ඕනි සර්වර් ටික හරි අරන් දියන් පස්සෙ මට එන ගාණෙන් අඩු කරගන්න කියල කිව්වම කියනව ඒක කොහොම හරි මට හොයාගෙන දාගනන් කියල. එතනින් පස්සෙ තමා මට මේ රෙද්දෙ මොකක් හරි අවුලක් තියෙනව කියල තේරුනේ. ඕකෙන් පස්සෙ මේ පෙරේදත් එකෙක් ආව පිරමීඩ සොප්ටෙයාර් එකක් හදන්න කියාගෙන සෑහෙන උන් සෙට් වෙලා තියෙනව එක එක නම් කියාගෙන ඔය රෙද්ද උස්සගෙන එන.
ඕකට වැටෙන උන්ට කවදාවත් වෙන දේකින් ගොඩ එන්න බෑ. උන් එකකින් බැරුව ගියාම ආයෙ තව ඒ වගේම එකක් අටව ගන්නව කලින් එක කෙල උනේ මේකයි අපි නන් දැන් ඒක කරන්නෙ නෑ කියල. ඔයිට වඩා හොදයි කුඩු ගහන්න පුරුදු වෙනව උන්ව පුනරුත්තාපනය හරි කරන්න පුලුවන් මුන්ව ඒත් බෑ.
මම ඕක ගැන රිසර්ච් එකක් කරා අර ආව බයිනරි කට් එකට කතා කරාම එකෙක් මට. මොකද ඒක ටිකක් අනික් මොඩල් වලට වඩා වෙනස් ප්‍රමෝට් කරපු විදිය සහ කමිශන් දුන්න විදිය. ඕක ගැන බලන්න ඕනි උන අනික් හේතුව තමා උන් සෑහෙන කාලයක් ඇදගෙන ගිය එක. පස්සෙ මම එක්සෙල් එකකුත් හදල ඕක චෙක් කරා වැටෙන කාලෙ ගැන අදහසක් ගන්න.
ඕකෙ WhatsApp ගෲප් වල ඉන්න උන් තාම අඩනව සල්ලි නෑ කියල ඒම කියල අඩ අඩා ආයෙ ආයෙ වෙන වෙන මගුල් වලට අහු වෙනව. ඉවරයක් නෑ.
ලන්කාවෙ ඔය හැම සෙට් එකකම උඩ ඉන්නෙ එක්කො ග්ලෝබල් එකේ ඉදපු උන් නැත්තන් බෙස්ට්ලයිෆ් හිටපු උන්.
ඒ කියන්නෙ හැමදාම ඕව අටවන්නෙත් එකම සෙට් එකක් (උන්ට පුරුදු මේක), ඕවට අහුවෙන්නෙත් එකම සෙට් එකක් (මුන්ට මොකක් හරි මොළේ අවුලක් තියෙනව)
මරු හැබැයි.

