උඹලා පරිණත ද?

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    නාකි වේගෙන යනකොට, වයසත් එක්ක ඉගෙන ගත්ත අද්යාපනික නොවන දේවල් මොනවද උඹලා, soft skills එහෙම ( Don't mention sex skills)

    තේරුම් ගත්ත දේවල් වලින් හොඳම දේ මොකද්ද? උසස්ම දේ? වයස කීය වෙන කොටද?
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    නාකි වේගෙන යනකොට, වයසත් එක්ක ඉගෙන ගත්ත අද්යාපනික නොවන දේවල් මොනවද උඹලා, soft skills එහෙම ( Don't mention sex skills)

    ගොඩක් තියෙනව අත්දැකීම් එක්ක ජීවිතේට එකතු වෙන දේවල්
    එව්ව මෙහෙම කිව්වට උඹට දැනෙන්නෙ නෑ
    ඒ අත්දැකීම ලබන්නම ඕන.. කීපයක් දාන්නන්
    > ළමයෙක්ට ගොඩක් අසනීප වෙලා ඉස්පිරිතාලෙ ගෙනියන ගමන්, වැස්ස දවසක ට්‍රැෆික් එකේ හිර උනා, ඒ අස්සෙ කෙල්ලට උණ වැඩිවෙලා ෆිට් එක ආව. ගෑනි කෑ ගහනව යන්න යන්න කියල. මම බම්පර් එක උඩින් දාල පාරෙ අනික් පැත්තෙන් ගියා , ට්‍රැෆිල් ලයිට් කැලේ. මට කන්නාඩියෙන් පේනව පාරෙ උන් මට බනින හැටි. එදායින් පස්සෙ පාරෙ පිස්සෙක් වගේ එකෙක් ආවොත් මම ඌට ඉඩ දෙනව යන්න, මොකද මම උන්න තත්වෙ මතක් වෙනව, ඌත් එහෙම එකෙක් ද දන්නෙ නෑ..
    > රට ගිය වෙලාවක බෑග් එක බස් එකේ අමතක වෙලා බැස්ස. ෆුල් අනාත උන වෙලාවෙ ලෝකල් එකෙක් උගෙ ෆෝන් එකෙන් එහෙට මෙහෙට කෝල්ස් දාල උදව් කරා, උගෙ නමවත් අහ ගන්න කලින් ඌ ගියා, අදටත් දුකයි ඌට තෑන්ක්ස් කියන්න බැරි උනා..
    > තරහ වෙලා උන්න කෙල්ලෙක් ඇක්සිඩන්ට් වෙලා මැරුන..
    > ඉස්පිරිතාලෙ ලෙඩෙක් ගාව උන්න කොරෝන ආපුම කාලෙ. හැමෝම කොරෝන වලට පට්ට බයේ ඉද්දි කොරෝන කියල සැක කරන කොල්ලෙක් ව ගෙනාව ,කවුරුවත් ඌ කිට්ටුවටවත් යන්නෙ නෑ. හෝම්ලස් වගේ ඩයල් එකක්. ඩොකා ඌව බලල ෆාමසියෙන් ගන්න තුන්ඩුවක් ලියල දීල ගියා. ඌ ඒක අතේ තියන් උඩ බලන් උන්න....
    > කෝපරේට් ඩ්‍රාම ෆුල් ස්කිප් කරනව, වැඩේ කරා , පඩිය ගත්ත , ෆැමිලි ලයිෆ්.
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Living is easy if you're a fool.
    Strawberry fields?

    හ්ම්ම්, මට තේරෙනව, එකම දේ සැපේ ඉඳල දැන් තමයි ප්‍රශ්න එන්නේ, අනික් මිනිස්සුන්ගෙ ප්‍රශ්න තේරෙන්නෙ,
    ------ Post added on Jan 10, 2024 at 12:03 AM
     
    • Like
    Reactions: Ryan08

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    සෑහෙන දේවල් තේරුම් යනව බං. ගොඩක්ම Financial සම්බන්ද දේවල්. ඒ වගේම මිනිස්සු එක්ක ඩීල් කරද්දි වෙන අත්දැකීම්. ඒව වයසත් එක්කම එන්න ඕන දේවල්. මෙයින් ත්‍රෙඩ් එකක පිටු ගණං පිරෙන්න ලියන්න පුලුවන් එහෙම කාලෙත් එක්ක පරිණත වෙද්දි තේරුම් ගිය දේවල්. ගොඩක් දේවල් කොවිඩ් කාලෙත් ඉගෙන ගත්ත.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    නාකි වේගෙන යනකොට, වයසත් එක්ක ඉගෙන ගත්ත අද්යාපනික නොවන දේවල් මොනවද උඹලා, soft skills එහෙම ( Don't mention sex skills)

    තේරුම් ගත්ත දේවල් වලින් හොඳම දේ මොකද්ද? උසස්ම දේ?
    ජීවිතයෙ කිසිම දෙයක් ලේට් කියලා නෑ තමන්ගෙ time frame එක හරියට තේරුම් අරන් ඒකට ගැලපෙන වේගෙන් ගිහින් දේවල් achieve කරන්න. කවදාවත් තව කෙනෙක් එක්ක සංසන්දනය කරන්න ඒ වගේ වෙන්න එපා බොරු කාලෙ නාස්තියක්. මං මේක ගොඩක්ම තේරුම් ගත්තෙ ට්‍රේඩිං කරලා. ඒකෙ තියෙනවා 15m 1h 1d 1w වගේ time frame ට්‍රේඩ් කරන අය දන්නවා😊
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    30 පනින කන් හැමෝම අමු ගොං මට හිතෙන විදිහට.ඊට පස්සෙ තමා මොකක්ද ජීවිතේ කියලා තේරුම් ගන්නේ..ඵතකොට ඉතිං පරක්කු වැඩ්යි.