නාකි වේගෙන යනකොට, වයසත් එක්ක ඉගෙන ගත්ත අද්යාපනික නොවන දේවල් මොනවද උඹලා, soft skills එහෙම ( Don't mention sex skills)
ගොඩක් තියෙනව අත්දැකීම් එක්ක ජීවිතේට එකතු වෙන දේවල්
එව්ව මෙහෙම කිව්වට උඹට දැනෙන්නෙ නෑ
ඒ අත්දැකීම ලබන්නම ඕන.. කීපයක් දාන්නන්
> ළමයෙක්ට ගොඩක් අසනීප වෙලා ඉස්පිරිතාලෙ ගෙනියන ගමන්, වැස්ස දවසක ට්රැෆික් එකේ හිර උනා, ඒ අස්සෙ කෙල්ලට උණ වැඩිවෙලා ෆිට් එක ආව. ගෑනි කෑ ගහනව යන්න යන්න කියල. මම බම්පර් එක උඩින් දාල පාරෙ අනික් පැත්තෙන් ගියා , ට්රැෆිල් ලයිට් කැලේ. මට කන්නාඩියෙන් පේනව පාරෙ උන් මට බනින හැටි. එදායින් පස්සෙ පාරෙ පිස්සෙක් වගේ එකෙක් ආවොත් මම ඌට ඉඩ දෙනව යන්න, මොකද මම උන්න තත්වෙ මතක් වෙනව, ඌත් එහෙම එකෙක් ද දන්නෙ නෑ..
> රට ගිය වෙලාවක බෑග් එක බස් එකේ අමතක වෙලා බැස්ස. ෆුල් අනාත උන වෙලාවෙ ලෝකල් එකෙක් උගෙ ෆෝන් එකෙන් එහෙට මෙහෙට කෝල්ස් දාල උදව් කරා, උගෙ නමවත් අහ ගන්න කලින් ඌ ගියා, අදටත් දුකයි ඌට තෑන්ක්ස් කියන්න බැරි උනා..
> තරහ වෙලා උන්න කෙල්ලෙක් ඇක්සිඩන්ට් වෙලා මැරුන..
> ඉස්පිරිතාලෙ ලෙඩෙක් ගාව උන්න කොරෝන ආපුම කාලෙ. හැමෝම කොරෝන වලට පට්ට බයේ ඉද්දි කොරෝන කියල සැක කරන කොල්ලෙක් ව ගෙනාව ,කවුරුවත් ඌ කිට්ටුවටවත් යන්නෙ නෑ. හෝම්ලස් වගේ ඩයල් එකක්. ඩොකා ඌව බලල ෆාමසියෙන් ගන්න තුන්ඩුවක් ලියල දීල ගියා. ඌ ඒක අතේ තියන් උඩ බලන් උන්න....
> කෝපරේට් ඩ්රාම ෆුල් ස්කිප් කරනව, වැඩේ කරා , පඩිය ගත්ත , ෆැමිලි ලයිෆ්.