වන් ඩෙ වෙඩින් එකක් ගන්නකොට..
පෝරුව වෙලාව 8.45 ඉදලා දා ගන්න බලන්න. පිටත් වෙන වෙලාව 4න් පස්සෙ දා ගන්න් බලන්න..නැත්නම් රැදෙන වෙලාව මදිනෙ..
එදාම රතුපාට ඇදුම අදිනවා නම් විතරයි මේව අදාල.කැන්ඩියන් එක පිටින් ඉන්න අයට වෙන වෙඩින් වගෙ තමයි..
සැලොන් එකෙ කෙනාව දැනුවත් කරන්න
ෆොටොග්‍රැෆර් දැනුවත් කරන්න.සමහර අය ගාව එවට පැකේජ් තියනව.
ඔයාලා දෙන්නගෙම ලිස්ට් වල එකම කෙනා ඉන්නවාද බලලා ලිස්ට් එක ක්ලියර් කරලා ගාන හදා ගන්න.
ඔයාලගෙ ගාන බලලා සුදුසු හොටෙල් එකක් තෝර ගන්න..පිරිස වැඩි නිසා...
වෙඩින් කාර එක උදේට එනකොට සුදු මල් දාලා, හවසට රතු පාට මල් දාන්න කාර් එකෙ කෙනාට බාර දෙන්න.
ඔයාලගෙ සෙටිබැක් එකෙ උදේට සුදුපාටින් දාලා හවසට රතු පාටින් මල් ටිකක් සෙට් කරල දෙන්න පුලුවන්ද කියලා අහලා බලන්න.(මේක කරන්නම ඔනි නැ.)
නැත්නම් දෙකටම ගැලපෙන ඩෙකරේශන් ගන්න..
හොටෙල් එකෙ ලයිට් උදේට චාම් පාටකිනුත් ඔයා චේන්ජ් කරලා එනකොට වෙන පාටකිනුත් දාන්න කියන්න..එක ගොයිනවෙ චේන්ජ් කරන අයටත් කරන්න පුලුවන් දෙයක්.
උදේට කැන්ඩියන් එක,මනමාලයා තුප්පොට්ටිය හො නැශනල් එක.
පෝරුව චාරිත්‍ර.
මිල්ක් ෆවුන්ටන්.
කිරිබත් මේසේ.
නැදෑයො එක්කලා 4ටො ගහන්න.(ටේබල් එකෙන් ටේබල් එකට ගිහින් හරි නැදෑයො හෝල් එකට ආපු ගමන් හරි ඒක කරන්න
එ අතරෙ වෙල්කම් ඩ්‍රින්ක් බයිට් ඔයාලා දෙන දෙ දෙන්න..
හරියටම 12ට බුෆෙ එකට යන්න...
12.35 වගෙ වෙනකොට චේන්ජ් කරන්න යන්න ඔයා දෙවනි දවසට අදින ඇදුම..
හොටෙල් එකෙ 4ටො ශූට් එක කරන්න (තැන්ක් යු කාඩ් එකට එ 4ටො දෙකම ඇඩ්කරන්න පුලුවන්.නැත්නම් තැන්ක් යු කාඩ්2ම දෙන්න පුලුවන්.එක ඔයාගෙ කැමැත්ත)
හෝල් එකට එන්න..
කේක් එක කපන්න
ශැම්පේන් ෆවුන්ටන් එක.
කට්ටිය එක්කලා 4ටො ගහන්න.
අයිස් කොෆි එක දෙන්න.
ඔයාට චේන්ජ් කරන්න කි දෙනෙක් එනවද බලන්න..ඩෙකරෙශන් අය,කාර් එකෙ කෙනා දිගටම ඉන්නවද බලන්න.එයාලට වෙල්කම් ඩ්‍රින්ක් හරි,කෑම හරි දෙන්න..(මොකද අපෙ වෙඩින් එකට උදව් වෙන එන අයව කන්න නොදි යවන එක හරි නැති නිසා.හැබැයි ඒක ඔයාගෙ කැමැත්ත)
හනිමූන් සදහා පිටත් වීම්.
මනමාලයගෙ ගෙදර යන්න නැකතක් දාන් එදාට ඔයාගෙ පවුලෙ අය එක්කලා යන්න.(නැදෑයො නම් අවශ්‍ය නැ..)නොමල් සාරි එකක්,ඔසරියක් අදින්න.එදාට පොඩි තේ මේසයක්,වෙල්කම් ඩ්‍රින්ක් එක හෝ සාමාන්‍ය කෑම වේලක් හො දෙකම තිබුනම ඇති..
පලවෙනි දවසෙ චේන්ජ් නොකර කැන්ඩියන් හිටිය අය මනමාලයාගෙ ගෙදර යනකොට ,
මනමාලයා දෙන සාරි එක ඇදන් යන්න පුලුවන්.
ෆොටො ශූට් එක.කැමරාමන් උදේ 4ටො ශූට් එක කරනව.
කේක් කපන්න
පොල්තෙල් පහන
වෙල්කම් ඩ්‍රින්ක් එක
බුෆෙ එක..
කැමති දෙයක් තොරන් කරන්න..වියදම් අඩු විදියට.
ඉතුරු ටික අනිත්වයි විදියමයි..ඇල්බම් එකට ඔනි නිසා අනිවාර්‍යෙන් 4ටො ටික ඔනිමයි.
ගෙදර වෙඩින් එක ගන්නකොට.
ගොඩාක් වගකිම් තියන වැඩක්..වෙන්න ඔනි විදිය කලින් ප්ලැන් කරලා එ විදියට් කරන්න් අයට බාර දෙන්න.
ඔයාලා කලින් ගෙ අස් කරලා ඉඩ ගන්න.අනවශ්‍ය සේරම දේවල් කබඩ් වලට දාලා වහන්න.කුස්සියත් එහෙමයි..
කුස්සියෙ අස් කරලා ඉඩ අනිවාර්‍යෙන් තියෙන්න ඔනි.
ෆ්‍රිර්ජ් එකත් අනිවාර්‍යෙන් අස් කරලා තියන්න.අයිස්,ඩෙසර්ට්,බීම වගෙ දේවල් දාන්න ඔනි නිසා.
මිදුලත් අස් කරලා ඉඩගන්න..කාලෙක ඉදලා කරන් එනකොට ලොකු මහන්සියක් වෙන් නැ..
ගෙදර පාට ගාන එවා සතියකට කලින් වත් කරන්න.සෝදලා අස් කරනවා නම් එකත් එහෙමයි.
අලුතින් ක්‍රර්ටන් දානවා නම් එකත් සතියකට කලින්වත් කරන්න..
පොරුවෙ බඩු,උයන බඩු ,ඩෙසර්ට් එකට ඔනි දේවල් ගේනවා නම් කල් තියා ගන්න පුලුවන් එවා ලිස්ට් එක ලියලා එවත් සතියකට කලින් ගෙනත් තියා ගන්න.
නරක් වෙන දේවල් කලින් දවසෙ ගිහින් ගේන්න බාර දෙන්න. එලවලු,පලතුරු,මස්,මාලු වගෙ දේ...
වෙඩින් කේක් ටික කලින් දවසෙ උදේ බොක්ස් වලට දාන්න,කැවිලි හදනවා නම් වෙඩින් එකට දව්ස් 2කලින් සේරම ඉවර කරන්න...
වෙඩින් එකට කලින් දවසෙ ලොකු වැඩ තියා ගන්න් එපා.මොකද ගෙදර අයට මහන්සි නිසා.
ඩෙකරේශන් කරන අයට ගොඩක් රැ වෙන්නෙ නැතිව ඉක්මන්ට ඇවිත් එ වැඩෙ කරලා දෙන්න කියන්න.
එක තැනක් අස් කරලා කැවිලි,අවශ්‍ය බඩු තියලා තියන්න.එවා හැමොඉටම දැනුම් දීලා තියන්න.එතකොට පිලිවෙලයි.
කලින් දවසෙ ගෙදර අය අදින ඇදුම්,සපත්තු සේරම අයන් කරලා හැගස්වල දාලා එක තැනක තියන්න.
ඔයා ගෙනියන බඩු බෑග් එක දව්ස් 4කට කලින්වත් ලැස්ති කරලා තියන්න.
පොල්තෙල් පහන,කේක් ටේබල් එක හැදුවට පස්සෙ ගිනිපෙට්ටි,ඉටිපන්දම්,පිහිය කලින්ම එතනින් තියලා තියන්න.අදින්න පොඩිඅය නැත්නම්.
පොරුවෙ බඩු ටික එතනින් තියලා තියන්න.
වෙඩින් එකට කලින් දවසෙ නරක් වෙන බඩු ගේන එක,පිගන් වගෙ දේවල් සොදන එක,ඩෙසර්ට් හදන එක,ඩෙකරෙශන් ඇරෙන්න වෙන කිසිම වැඩක් තියා ගන්න එපා..එතකොට ලේසියි.
හට් එක කලින් දවසෙ උදෙන්ම ඇවිත් ගහන්න කියන්න.
එතකොට ටේබල්,පුටු,ෆෑන් තියන්න ඔනි විදිය හිතා ගන්න පුලුවන්.
ගෙදර අය නම් කිරිබත් හදන්නෙ කලින් දවසෙ සේරම දේවල් ලැස්ති කරලා තියන්න..
(ලූනු සුද්ද කරලා වගෙ දේවල්,)
වැඩ ඉවර අයට් පැයක් වත් නිදා ගන්න කියන්න..සේරම වැඩ හරියට ආවොත් ටිකක් මහන්සි ඇරෙන්න එක තැනක ඉන්න පුලුවන්.
ඇහැරිලා හිටියත් එලාම් තියන්න..
මනමාලයගෙ කකුල හොදන බේසම කෝප්පෙ හවසම එලියෙන් තියලා තියන්න.
වැඩට එන අයට තෙ දෙන එක එක්කෙනෙක්ට බාර දීලා තියන්න.
ඔයා සැලොන් එකට යනවා නම් එයාලා කියපු වෙලාවටම යන්න..
朗හට් එක සහ ඩෙකරේශන්..
මුලින්ම හට් කියක් ගහන්න පුලුවන්ද.බලන්න.අනිවාර්‍යෙන් බුෆෙ එකට හට් එකක් ඔනිමයි.
හට් එක ඇතුලෙ හොටෙල්වල වගෙ ටේබල් දාන්න පුලුවන්.හැබැයි එන පිරිස මත තමයි ඒක තිරනය වෙන්නේ .එහෙම කරොත් ලස්සනයී ඉතින්.
Dj ගහනවා නම් එකට තැනක් ලැස්ති කරන්න.
කේටරින් කරන අය ගාව ලොකු ෆැන් තියනව.එවාත් ගන්න .
සෙටිබැක්,පහන,කේක්,කිරිබත්,මිල්ක් ෆවුන්ටන්,පෝරුව,හෙඩ් ටේබල් එක ගෙ ඇතුලට ගන්න.
සෙටිබැක් එක ෆොටොග්‍රැෆර්ට 4ටො ගහන්න පරතරය තියන තැනක් ගන්න.
ඉඩ මදි නම් එකක් ඉවර වෙනකොට එක ලග තියන්න පුලුවන්නෙ..වැඩියෙන්ම ඔනි සෙටිබැක් එකනෙ.
සරල ඩෙකරේශන් තෝර ගන්න..
එන අයට ගෙ ඇතුලෙ ඉන්න ඉඩ තියන්න එපා...ඒක අපහසුවක්..
朗වැඩ බාර දීම..
වෙල්කම් ඩ්‍රින්ක් එකෙ ගෙදරනෙ හදන්නෙ.එවා කලින් හදලා අසුරලා තියන්න.සහ වෙලාවට බෙදන්න .
එන අයට දෙන්න ඔනි බයිට් එහෙම බාර දෙන්න.වෙල්කම් ඩ්‍රින්ක් එකෙන් පස්සෙ එවා දෙන්න කියන්න..
වෙඩින් කේක් තව කෙනෙක්ට බාර දෙන්න.
කැවිලි මේසේ,බුෆෙ එක ,පෝරුවෙ වැඩ..එකින් එකට බෙදලා තියන්න...
පුටුවලට ටේබල් වලට කවර් දාන වැඩෙ උදෙන්ම කරන්න කෙනෙක්ට බාර දෙන්න එයාලා කරලා දෙන්නෙ නැත්නම්.
වැඩ කරන්න ගෙදර අය,නැදෑයො,යාලුවො ඉන්නවා නම් අවුලක් නැනේ..
නැත්නම් කේටරින් එකෙ අය ගාව වැඩ කරන අය ඉන්නව.
හොටෙල් ස්කූල් වලින් කට්ටිය ගන්න පුලුවන්.
කරන්න ඔනි විදිය එයාලට කියලා තියන්න..
朗කේටරින් එක සහ කෑම..
කෙටරින් එකෙන් සෙරම දේවල් ගන්න පුලුවන්නෙ..එයාලට කියන්න ඔයාට ඔනි විදිය..
මෙතනදි ඔයාට ඔනි මෙනු එක දාන්න පුලුවන්..රයිස් වර්ග කියද,නුඩ්ලස් තියනවද,ප්‍රධාන කරි වර්ග,අනිත් කරි,සලාද...
එයාලගෙ මෙනු එකට ඔයාට ඔනි සේරම එනකොට ගන වැඩියි නම් ඔයාට පුලුවන් එවා ගෙදර හදන්න පුලුවන් ඔයාගෙ ගානට ශේප් වෙන විදියට.
ඩෙසර්ට් එහෙමනම් අමාරු එවා නැතුව අනිත් එවා ඔයාලට හදන්න පුලුවන්නෙ..
ඔයාට ගෙදරත් හොටෙල් එක වගෙ ලස්සනට් කරන්න පුලුවන්..ටේබල්වල වතුර විදුරු එහෙම තියලා.බුෆෙ එකෙ වෙලාවට එ විදුරු වලට වතුර දාලා ,බයිට් කන්න පොඩි දීසි එහෙම තියලා.
පොඩි පොඩි වැඩ පස්සෙ කරනව කියලා දා ගන්න එපා.සේරම එකතු උනාම පිස්සු වගෙ වෙනව.කලින් දවසෙ පුලුවන් තරම් ෆ්‍රී කර ගන්න බලන්න..
මුල ඉදලා වැඩපිලිවෙලට ලියලා කරලා ඉවර උනාම හරියක්දාලා තියන්න.
හනිමූන් ගෙනියන බැග් එක ගැන අහලා තිබුනා.එත් වෙන කෙනෙක්ගෙ පෝස්ට් එකකට උත්තර දීලා තිබුනා කට්ටිය..එ නිසා එ ගැන ලියන් නැ...2යි ලියන්නෙ.
කතුරක් අරන් යන්න දැන් මනමාලිගෙ මාල ටික,අලුතින් දාන ඔනම්න්ට් මහනවා.එවා කපන්න ඔනි උනොත් එහෙම.
නුලක්,ඉදිකට්ටක් ,හැට්ටකටු-අදින එකක බොත්තමක්වත් ගැලඋනොත් එහෙම දන්නවනෙ නිකම් දවස් වලටත් වෙන දේවල් ඉතින්..
හොටෙල් එකකට ගිහින් කතා කරන්න ඔනි දේවල්..
මුලින්ම අපෙ වෙඩින් එකට ආරාදනා කරන අයගෙ ලිස්ට් එක හදා ගන්න ඔනි..කි දෙනෙක්ද කියලා ..100-150-200එ වගෙ..
හොටෙල් එකෙ එ පිරිස දාන්න පුලුවන්ද කියන එක මුලින්ම බලන්න.(.පෝරුව,සෙටිබැක් එක ආවම ඉඩ කොහ්මද බලන්න..)
හෝල් එක දෙන කාලය බලන්න..සමහර එවයි එයාලා දෙන කාලය ඉවර උනාම වැඩිපුර ගෙවන්න වෙනවා.එ නිසා ඔයාලට පිටවිම් නැකැත්,ඇතුල්විම් නැකැත් වෙලාවල් කියන්න.
එයාලගෙ පැකේජ් බලන්න..එවයින් සුදුසු එකක් තෝරගෙන එවයි විසතර..
පෝරුව, සෙටිබැක්,ඩෙකරේශන්,කේක් කපන්න,කිරිබත් කපන්න පිහි,කකුල හෝදන බාජන ,වෙඩින් කාර් එයාලා දෙනවද අහන්න..දෙනවා නම් එවයි විස්තර ගන්න.
පෝරුව එලියෙ ගන්නවා නම් එ ගැන..
බ්‍රයිඩ්ට දෙන රූම් එකට අමතරව ජයමංගල ගාතා,බෙර ,නැටුම් එවාට වෙනම රූම් එකක් ගන්න පුලුවන්ද..
උදේට කැවිලි මේසේ කැවිලි දාන්න බාජන එයාලා දෙනවද,උදේට දෙන තේ එක එයාලා දෙනවද,අපේ බඩු වලට එයාලා හදලා දෙනවද අහන්න.
වෙල්කම් එක කොහොමද වෙන්නෙ- කිරිබත් හොටෙල් එකෙන් ගන්නවා නම් එයාලට කපන කිරිබත් එක හදලා දෙනවද,එක ඩෙකරේශන් අය එක්කලත් කතා කරලා බලන්න.
වෙල්කම් ඩ්‍රින්ක් එකට දෙන්නෙ මොනාද ,එක දෙන්නෙ කොහොමද (ටේබල් එකෙ තියලා තියනවද,අමුත්තා ආවම දෙනවද)කිසිම කෙනෙක්ව මග ඇරෙන් නැති වෙන්න දෙන්න කියන්න.
වෙල්කම් එකයි,බුෆෙ එකයි අතර කාලයට දෙන බයිට් එක ගැන..(අවශ්‍ය ප්‍රමාන..එයාලා දන්නවා සාමන්‍යෙන් දෙන විදිය.ඊට අමතර වැඩි දෙයක් ඔනි නම් එ ගැන.
බාර් එකෙ වැඩ ටික ගැන-එකෙ බයිට් වර්ග ගැන..
කෑම-ප්ලේට් එකෙ ගාන,එකට එන කරි වර්ග,ඩෙසර්ට් එක.
හවසට දෙන අයිස් කොෆි එක ගැන..
ලයිට් සිස්ටම් එක ගැන.
පුල් එකක් තියන හොටෙල් එකක් නම් එක ගන්න පුලුවන්ද..
හොටෙල් එකෙම ඉන්නවා නම් හනිමූන් රූම් එක ගැන..කෑම ගැන..එ පැකේජ් එක ගැන.
බ්‍රයිඩ් අදින්නෙ එ හොටෙල් එකෙනම් සැලෝන් එකක් තියනවද නැද්ද..නැත්නම් ඩ්‍රෙසින් රූම් එකට ඔනි ලයිට් තියනවද බලන්න..නැත්නම් දාලා දෙන්න කියන්න..
පුටු කවර ,ක්‍රර්ටන් ,වල පාට වෙනස් කරන්න පුලුවන්ද(ඔයාට අවශ්‍ය පාටට)සමහර අය එක කරලා දෙනවා.
ගොයිනවෙ චේන්ජ් කරනවා නම් ,ඒකට කේක් ,ශැම්පේන් එහෙම තියනවා නම් එ ගැන..ඔයාට ඔනි විදිය කියන්න් එ විදියට හදල තියන්න කියන්න.
4ටො ගහන්න ලොකේශන් තියනවද.
එ දේවල් තමයි....
තව හනිමූන් ගෙනියන බැග් එක ගැන දාන්න කියලා කියලා තිබුනා..එක ගැන පෝස්ට් එකක් වෙන සොයුරියක් දාලා තිබුනා..මගෙනුත් දෙතුන් දෙනෙක්ම ආපහු අහපු නිස මාත් දන්නම්..
දෙන්නගෙ බඩු වෙන වෙනම පැක් කරනවා නම් ලේසියි..
හෝම්කමින්ග් අදින ඇදුම අව්ශ්‍ය නම් විතරක් ගෙනියන්න..නැත්නම් ඇදුම සෙට් කරලා වෙන කෙනෙක්ට බාර දෙන්න හොක්ම්කමින්ග් එක දවසෙ සැලෝන් එකට ගෙනත් දෙන්න කියලා.
යන පලාත කොයි වගෙද කියලා බලලා ඇදුම්,බඩු ලැස්ති කරන්න.
ඩේ,නයිට් කියක්ද් බලලා ඇදුම් ගන්න.
බීච් එක හරි,පූල් එක,දිය ඇල්ලක් හරි තියන තැනක්,පලාතක් නම් එකටහරියන ඇදුම්.
ඇවිදින්න යනවාඇදුම් වලට අවශ්‍ය ජුවලරි, පොඩි මේකප් බඩු ටිකක්.
සපත්තු,සෙරෙප්පු 2ක්
මේකප් රිමු එකක් අවශ්‍ය නම් විතරක්,ෆේශ්වොශ්,ශැම්පු,කන්ඩිශනර්,බොඩිවොශ්,ටූත්පේස්,බ්‍රශ්
ටවල්,ටිශූ,සනීපාරක්ශක ද්‍රව්‍ය.
ඩියොට්‍රන් ,බොඩි ක්‍රීම් එක,සන් ක්‍රීම් එක.ඔඩිකොලොන් එක.පනාව,බූල්බැන්ඩ්,කොන්ඩ කටු,සිලිකන් ඔයිල්.
ඔයාලා කලින් ඉදලම ගන්න බෙහෙත් වර්ග තියනවන්ම්,ප්ලාස්ටර්,පැනඩෝල්,සිද්දාලේප,පිරිටන්2ක්.
4න් චාජර්,පවර් බෑන්ක්,4න් කාඩ්,සල්ලි ගන්න කාඩ්,අවශ්‍ය මුදල්. එවා දාලා තියන්න පොඩි සයිඩ් බැග් එකක්.
හොම්කමින්ග් එකට ගාන කියුටෙක්ස්,රිමු එකක්.
නූල්,ඉදිකටු,කතුර,කටු කැරැල්ලක්.
තෙත ඇදුම්,දාන්න ඉටි කවර,ශොපින් බෑග් .
වතුර බෝතලයක්,කන්න බිස්කට් ස්නැක් මොනා හරි ටිකක්.