කර්මය

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    IMG_7349.jpeg

    IMG_7350.jpeg
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    630
    1,040
    93
    සත්ත්වයන් කරන කුශලාකුශල කර්ම සංඛ්‍යාත චේතනාදි ධර්‍ම සිත හා ඉපද සිත සමග ම නිරුද්ධ වෙනවා මිස, යම් කිසි තැනක රැස් නො වේ. ගින්නෙන් හටගන්නා ආලෝකය ගින්න ඇති කල්හි මිස ගිනි නිවුන පසු ඇති නො වේ. එමෙන් ඇතැම් හේතූන් ගේ ඵලය හේතුව විද්‍යමාන කාලයෙහි ම මිස හේතුව නැති වූ පසු ඇති නො වේ. ඒ න්‍යාය අනුව නම් “නිරුද්ධ වූ කර්මයෙන් ඵලයක් ඇති වන්නේ කෙසේ ද?” යන ප්‍ර‍ශ්නය නැගිය යුතු ය. අඹ ඇටයක් රෝපණය කළ කල්හි අඹ ඵල ඇති වන්නේ රෝපණය කළ අඹ ඇටය දිරා විනාශ වී ගොස් බොහෝ කලක් ගත වූ පසුව ය. විද්‍යමාන අඹ ඇටයකින් කිසි කලෙක අඹ ඵලයක් හට නො ගනී. එමෙන් ඇතැම් හේතූන්ගෙන් ඵලය ඇති වන්නේ හේතුව නිරුද්ධ වී බොහෝ කලක් ගත වූ පසු ය. කර්මයත් ඒ ගණයට අයත් හේතුවකි. සියලු ම කර්මයන් තම තමන් ගේ විපාකය ඇති කරන්නේ එය නිරුද්ධ වීමෙන් පසුව ය. විද්‍යමාන කර්මයකින් කවර කලෙක වත් ඵලයක් ඇති නො වේ. විද්‍යමාන ක්ෂණයෙහි ඵලය ඇති නො කිරීම කර්මවල ස්වභාවය ය.

    නිරුද්ධ වූ කුශලාකුශල කර්‍මවලින් බොහෝ කල් ගත වී ඵල හට ගැනීම ඉතා ගැඹුරු කරුණෙකි. කෙනකු අනිකකුගෙන් ණයක් ගන්නා කල්හි ණය ගැනීම වූ ක්‍රියාව අනිකා දෙන දෙය අතට ගන්නවාත් සමග කෙළවර වේ. ඉන් පසු ණය ගැනීම් ක්‍රියාව නැත. එහෙත් ණය ගත් නිසා ගත්තා වූ තැනැත්තා කෙරෙහි ණය ගෙවිය යුතු බව වූ එක්තරා ස්වභාවයක් ඉතිරි වේ. එබැවින් ණය ගත් තැනැත්තා එය ගෙවන තුරු ම ණයකාරයෙක්ව සිටී. ඔහුට හිමිවී ඇති ඒ ණයකාර ස්වභාවය නැති වන්නේ ණය ගෙවූ පසු ය. ණයක් ගත් කල්හි නැවත ගෙවිය යුතු බව වූ එක්තරා ස්වභාවයක් ණය ගැතියා ගේ සන්තානයෙහි ඉතිරි වන්නාක් මෙන් ම කර්මය කළහොත් එය නිරුද්ධ වුව ද අනාගතයෙහි විපාක ඇති වීමට හේතු වන එක්තරා ස්වභාවයක් කර්මය කළ තැනැත්තා ගේ සන්තානයෙහි ඉතිරි වේ. සියලු ම කර්ම නිරුද්ධ වන්නේ කර්මකාරී පුද්ගලයා ගේ සන්තානයෙහි මතු විපාක ඇතිවීමට හේතුවන එක්තරා ස්වභාවයක් ඉතිරිකොට ය. ඒ ස්වභාවය ඉතිරි වී ඇති නිසා අවස්ථාවක් පැමිණි කල්හි ඒ ඒ කර්ම තමා ගේ විපාකය ඇති කෙරේ. විපාකය ඇති කළ හැකි එක්තරා ආකාරයකින් පැවැත්ම කර්මවල එක්තරා ස්වභාවයකි. ණය ගත් තැනැත්තාට හිමිවන ණයගැතිකම අසවල් තැන අසවල් ආකාරයෙන් තිබෙනවාය කියා නො දැක්විය හැකි ය. එහෙත් එය නැත්තේ නො වේ. එමෙන් නිරුද්ධ වූ කර්මවල මතු විපාක ඇති වීමට හේතුවන එක්තරා ස්වභාවයක් සත්ත්වසන්තානයෙහි ඉතිරි වී ඇතත් එය අසවල් තැන අසවල් ආකාරයෙන් ඇතය කියා නො දක්විය හැකි ය. කිය හැක්කේ ඇති බව පමණෙකි.

    ලෝකයේ සිටින සෑම මිනිසකුට ම නමක් තිබේ. නම අසවල් තැන අසවල් ආකාරයෙන් ඇතය කියා නො දැක්විය හැකි ය. එහෙත් එය නැත්තේ නො වේ. ඒ ඒ තැනැත්තා දුටු කල්හි නම කියා අමතන්නේ ඒ ඒ තැනැත්තා නම කියා හඳුන්වන්නේ තිබෙන තැනක් තිබෙන ආකාරයක් නැතත් නමක් ඇති නිසා ය. කර්‍මයන්ගේ පැවැත්මත් නම්වල පැවැත්ම සේ සිතා ගත යුතු ය. නම ඇති තැනක් අති ආකාරයක් නො දැක්විය හැකි වන්නාක් මෙන් ම කර්මය ඇති තැනක් එහි පවත්නා ආකාරයක් නො දැක්විය හැකි ය. එහෙත් එය නැත්තේ නොවේ.

    කර්ම විපාකය පහසුවෙන් දත හැකි කරුණක් නොව ඉතා ගැඹුරු කරුණෙකි.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    බුද්ධ දේශනාවට කිසිම ගැලපීමක් නැත . මේ මොහතේ ඵල දෙන්නේ කර්මයේ එක කොටසක්වන දිට්ඨධම්ම වේදනීය කර්ම විතරයි . අනිත් කොටස් අහෝසිවීමක් වගේම පසුවටත් බලපානවා.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,263
    10,514
    113
    මරනය කොහොමද බන් කරුමයක් වෙන්නේ..ගෙනාපු ආයුස ලෙප්ට් වෙවෙද්දී නේ මැරෙන්නේ
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නෑ වැරදියි

    කවුද බං මේ බොරු ලියන්නෙ
    මරනය කොහොමද බන් කරුමයක් වෙන්නේ..ගෙනාපු ආයුස ලෙප්ට් වෙවෙද්දී නේ මැරෙන්නේ
    බුද්ධ දේශනාවට කිසිම ගැලපීමක් නැත . මේ මොහතේ ඵල දෙන්නේ කර්මයේ එක කොටසක්වන දිට්ඨධම්ම වේදනීය කර්ම විතරයි . අනිත් කොටස් අහෝසිවීමක් වගේම පසුවටත් බලපානවා.
    නෑ වැරදියි

    කවුද බං මේ බොරු ලියන්නෙ

    බොරු, ඇත්ත, මරනය, කර්ම සංකල්ප, බුද්ද දේශනා වල ලිටරල් මිනින්ග් ඔක්කොම තියෙන්නෙ අවිද්යා බුමියෙ, ඒකෙන් මිදෙන්න ප්‍රජ්ජාව පහල කරගන්න උපකාර වෙන්න තමයි මේ තව අවිද්යාත්මක හැල්ලක් දැම්මේ, මේ හැල්ලෙත් ලිටරල් මිනින්ග් හොයන්නැතුව, මේ හැල්ලයි ඔයාලගේ අදහසුයි වෙනස් වුනෙ ඇයි කියලා හිතන්න, විදර්ශනා කරන්න

    ඇත්ත බොරුව මිනින්ග් පනවද්දිම, කන්ප්ලික්ට්ස්, දුක ඒවා ඇසුරු කරන් පවතිනවා, සමුදය දැක්කහම, නිරෝද මාර්ගය තේරෙයි
     
    • Like
    Reactions: NRTG

    nipund

    Well-known member
  • May 17, 2007
    780
    1,081
    93


    ම්

    මා

    "අ" කියවන කොට පරණ දැනුමකින් අලුත් දැනුමක් හැදුනා.
    ඒ දැනුම උපයෝගී වෙලා "ම්" කියවන කොට අලුත් දැනුමක් ආවා.
    ඒක උපයෝගි වෙලා "මා" කියවෙන කොට අකුරු වලින් එහාට ගිය දැනුමක් ඇති වුනා .

    පරණ දැනුමක් උපයෝගි වෙලා අලුතින් හැදෙන්නේ එහෙමයි .
    දැනුමක් කියන එකට ඕන නම් වෙන නමක් දාන්නත් පුළුවන් 😉
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එතකොට කර්මය හොරකං කරන්න බැරිද?

    හොරකම් කරන්න කර්මයක් තියෙන්න ඕනෙනෙ, කර්මය කියලා මුකුත් පනව්න්නැත්තම් හොරකම් කරන්න දෙයක් තව දුරට ඉතුරු වෙන්නෑ
     
    • Like
    Reactions: NRTG

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    හොරකම් කරන්න කර්මයක් තියෙන්න ඕනෙනෙ, කර්මය කියලා මුකුත් පනව්න්නැත්තම් හොරකම් කරන්න දෙයක් තව දුරට ඉතුරු වෙන්නෑ
    සතෙකුගේ මස් කනවා කියන්නේ උගේ කර්මය හොරකං කරනවා කියන .