ඒක මට දුන්නේ යාලුවෙක් බං. CD set එකක්. බැලුවේ 2004 දි විතර. කෑම්ප් එක ඇතුලේ කොටි ඔත්තුකරුවන් (හමුදාවෙම) හිටියා කියලා හොදට තේරෙනවා කලින් දවසේ හොද බොන පාටියක් කෑම්ප් එකේ තිබුන. එකත් ඒ video එකේ තියෙනවා
Sad to hear machan!මගේ බාප්පා කෙනෙක් නැති උනා ඔය මුලතිව් සටනේ.
එයාට වෙඩි වැදිලා තුවලා වෙලා නිවාඩු හිටියේ. ඒත් ආයේ ගියා කැදවීමක් ඇවිත් කෑම්ප් එකට. සමහරවිට කොටි පහරදීමක් ගැන බුද්ධි තොරතුරු ලැබිලා නිවාඩු ගිය හමුදා සාමාජිකයන් ආයේ කැඳවන්න ඇති. යන්න කලින් දවසේ රෑ අපේ කුඹුරක ගොයම් කපලා මඩවන දවසක් මී ගවයින්ගෙන්. ගමේ හැමෝම ඇවිත් උදව් කරන දවසක්. බාප්පා රෑ එලි වෙනකං මිනිස්සු එක්ක කතා කර කර හිටියේ. ඒ කාලේ කුඹුරු වැඩ, ගොයම් කපන ඒවා මඩවන ඒවා කරනකොට හැමෝම උදව් කරනවනේ. කොහොම හරි එතකොටත් බාප්පට කලින් සටනකදී කොටින්ගේ වෙඩි වැදිලා නිසා ඒ අසනීප හොදටම සුව වෙලා තිබුනේ නැහැ. කිහිලි කරුවකින් ඇවිද්දේ,
අපි 2009 යුද්ධේ ඉවරවෙනකන් හිතන් හිටියේ මුලතිව් කඳවුර බිඳ වැටුනම පස්සේ අතුරුදහන් උන බාප්පා ඇතුළු හමුදා නිලධාරීන් එල්ටීටීඊ සංවිධානයේ අත්තඩංගුවේ වත් ඉදලා හමු වෙයි කියලා. අදටත් අපේ අය හිතන්නේ එතුමන් කොහේ හරි ජීවතුන් අතර ඇතියි කියලා.
Even during the battle, if they had reinforced properly through the sea, things might have changed.That was not a battle it was intentional suicide. The most embarrasing defeat in sri lankan military history.
මානසිකව බලපානවා ඇති අදටත්. එකට කෑම්ප් එකේ හිටපු අය මැරිලා වැටිලා ඉන්නවා දකිද්දී පට්ට Shock ඇති. දැන් එයා මොකද කරන්නේ? ඇටෑක් එකෙන් පස්සේ ආයෙ හමුදාවට ගියාද?මගෙ ඥාති සහෝදරයෙක් හිටියා ඔය කෑම්ප් එකේ. බුවා මැරැනා කියල තමයි ආරංචිය ආවෙ. සතිදෙකකට විතර පස්සෙ පණිවිඩේ ලැබුනා බුවා ජීවත් වෙනවා කියලා. අන්තිම මොහොතේ කොහොමහරි පොරගෙ වෙඩි වැදිච්චි සගයවත් අරගන පොරත් වෙඩි පාරක් කාගනම කැලේ මැද්දෙන් දවස්ගානක් ඇවිත් ජනාවාසයකට ඇවිත් තිබුනා. බුවාට සම්මාන පවා හම්බඋනා. හැබැයි ඒකෙන් පස්සෙ ඌ මාර විදිහට වෙනස් උනා. ඒ ගැන කතාකරන්නෙවත් නෑ හරියට. නූලෙන් බේරිච්චි නිසා වෙන්න ඇති
අපි හෙනම පොඩී ඔය සිද්දිය වෙනකොට. ඒ කාලෙ මුලතිව් කෑම්ප් කියල දන්නෙ නෑ. පස්සෙ තමා ක්ලික් උනේ බුවා ඉදලා තියෙන්නෙ මුලතිව් කියල
හෙලිකොප්ටර් එන්නේ මම හිතන්නේ අපේ SF එකේ අය. Reinforce කරන්න එන්නේ. කර්නල් Fazly Laphir නුත් එන්නේ ඔය සෙට් එකේ. ඕකෙ හෙලිකොප්ටර් එක මුහුදට බාන සීන් එක හෙන Famous. මොකද ඒ වෙද්දී කොටි කෑම්ප් එක අල්ලලා ඉවරයි. ඒ නිසා ඒක පට්ට Risky Move එකක්. ඔයා කියන්නේ පහලින් තියෙන මේ සීන් එක වෙන්න ඇති. මේක කොටින්ගේ Documentry එකෙත් තියෙනවා මම හිතන්නේ.මම 2010 වගේ කාලේ බලල තියනවා ඕකේ ltte එකෙන් කරපු documentry එකක්. Tamil english දෙකෙන්ම තිබ්බා. Helicopter එනවා පෙන්නනවා ඒකේ. පුලුවන්නම් හොයල දෙන්න දැන් youtube නෑ
True machan!දැන් ගොඩක් උන් මේවා ගැන දන්නේ නැ. කීප දෙනෙක් කරපු වැරදි නිසා මුළු ආමි එකේම ඉන්න ය වැරදි කරපු ගානට හිතන්නේ..
මේවා ගැන කථා නොකරත් බෑ බං. හරිහමන් උඩ නායකත්වයක් තිබ්බේ නැති නිසා මේ වගේ කොල්ලෝ ගොඩක් නැතිවුණා. එයාලගේ ඒ Sacrifice එක ගැන කථා කරන්න ඕන තැන කථා කරන්න ඕන.ඕවාගැන කතාකරලා වැඩක් නෑ. දැන් ඉන්න හිමිජන්ට ඕවාගේ කික් එකක් නෑ . අපි ඉපදුනකාලේ ඉදන් ම අපිට සෙට් උනේ රජයේ හමුදාවන් මෙච්චරයි කොටි මෙච්චරයි නිව්ස් වලට. අරහෙට කෙලලා බස් බොම්බ කොලඹට කොටි. යුද්දේ තියන කාලෙට ආතල් ඉවර උනාම ගානක් නෑ
Thanks for adding machan! Fazly Laphir ගැන අනිවාරෙන්ම කථා කරන්න ඕන මුලතිව් Fight එක ගැන කථා කරනවනම්. මම SF ලා ගොඩබහින සීන් එකේ ඉදන් ටික වෙනම Thread එකකින් දාන්න කියලා බැලුවේ. රාජ් විජේසිරි එක්ක කරන Interview එකක් WANESA චැනල් එකේ තියෙනවා. ඔයා සමහරවිට ඒක බලලා ඇති.TFS. මට මාරම දුකයි දේශපාලුවන්ගෙයි, හමුදාවේ ලොකු පුටු වල අමනයන් ගෙයි වැඩ වලට හමුදාවේ කොල්ලන්ට ජීවිත වලින් වන්දි ගෙවන්න වුන එක ගැන. මේ කෑම්ප් එකේ හිටපු හමුදාවේ කොල්ලන්ට අමතරව SF එකේ first SF regiment එකම වගේ අණදෙන නිලධාරී කර්නල් ෆස්ලි ලෆීර් එක්කම නිකරුනේ නැතිවුණා. SF එකට මුලින්ම උපදෙස් දුන්න විදිහට වෙරළ තීරය අල්ල ගත්තාම අනිත් පාබල හමුදා ගොඩ බැහැලා SF එකත් එක්ක camp එක අල්ල ගන්න යන්න තිබුනේ. හැබැයි SF එක වෙරළ තීරයට අමතරව තවත් ගොඩබිමට buffer zone එකක් අල්ලගෙන හොද operation launching pad එකක් හදලා තිබ්බත් පොරොන්දු වූ විදියට infantry reinforcements ගොඩ බැස්සෙ නෑ. එකෙන් වුනේ SF first regiment එක ආසන්න වශයෙන් සමූලඝාතනය වුන එක. ඒ සටනින් SF එකේ captain රාජ් විජේසිරි ත් බරපතල තුවාල ලැබුවා. රටේ වාසනාවට ඔහුව හෙලිකොප්ටර් එකකින් evacuate කලා. එයාත් එතනදී මැරුනා නම් සමහර විට SF LRRP unit එකක් කවදාවත් බිහි නොවෙන්න ඉඩ තිබුනා. මොකද රාජ් විජේසිරි තමයි ඒක පස්සේ කාලෙක පටන් ගත්තේ. නැතිවුණ කර්නල් ෆස්ලි ලෆීර් කියන්නේ SF එකේ හිටපු හොදම වැඩ කාරයෙක්. අන්තිම යුද්දෙදී පුදුම සේවයක් කරන්න තිබුන කෙනෙක්.
කනගාටුවට කරුණ තමයි වගකීම මගහැරපු කෑම්ප් එකේ ලොක්කා ලෝරන්ස් ප්‍රනාන්දුට විරුද්ධව කිසිම පියවරක් නොගැනීම. ඌ 2006 විතර වෙනකං හමුදාවේ ඉදලා මාණ්ඩලික ප්‍රධානී විදියට retire වුනා. අනිත් වැරැද්ද තමයි කෑම්ප් එක කොටි අල්ලා ගත් වෙලාවේ ගුවන් ප්‍රහාරයකින් විනාශ නොකිරීම. මම කොටි හදපු පැය තුනේ සම්පූර්ණ වීඩියෝව බැලුවා. ප්‍රභාකරන් කිසිම ගානක් නැතුව කෑම්ප් එකට ඇවිත් අල්ල ගත්ත කාලතුවක්කු පවා එලියේ ඉදගෙන පරීක්ෂා කරා. ඒ වෙලාවේ දැඩි ගුවන් ප්‍රහාරයක් එල්ල කලා නම් කොටි බර ගානක් සමූලඝාතනය කරලා දාන්න තිබුණා නායකයො එක්කම. ඒ කාලේ ගුවන් හමුදාව කෆීර් තිබිලත් එහෙම කරන්න කවුරුත් නියෝග කලේ නැති එක අදටත් ප්‍රශ්නයක්.
ඔය Attack එක වෙන්න ගොඩක් ආසන්න දවස් වල කොටි ඇතුලේ ඉන්නවා කියලා ඕනතරම් සාක්ෂි ලැබිලා තියෙනවා. Soldiers ලගේ දවල් බත් එක, Uniform එහෙම අතුරුදහන් වෙලා තිබ්බා. ඇතුලේ හිටපු අය එළියට යද්දි එකෙක් දෙන්නෙක් මාට්ටු වෙලා තියෙනවා. පණපිටින් අල්ලගන්න බැරිවුණාට, කෑම්ප් එකේ Sketch එකක් එහෙම ඒ මාට්ටු වෙච්ච අය බේරිලා දුවද්දි වැටිලා තියෙනවා.maat oka beluwa kalin. reinforcements apu neti nisa kela una kiyala tamai kiyanne. Oya video ekemada koheda tibuna camp eke sketch ekak hadala attack karanna kalin ltte ekan practice karana video tikak. okkoa inside information etika eliyata gihilla tibila tiyenne. taama kattiya uba oya kiyapu prashna tika mathu karanawa. adu gaane antimata aerial attack ekak dunna nam loku damage ekak karanna tibba.
මාත් හෙන ආසාවෙන් ඉන්නේ පොර ගැන Update එකක් ගන්න. මහලොකු Production Quality එකක් නැතිවුණාට, පොරගේ Videos වලින් මාර දැනුමක් ගන්න පුලුවන්.යූටියුබ් එකේ ලංකාවේ යුද්දෙ ගැන අද වෙනකන් හදපු හොදම ඩොකියුමන්ට්‍රි සීරිස් එක හැදුවෙ බණ්ඩගෙ බක්කිය. අප්ඩේට්ස් නැවතුන දවසෙ ඉදන් අද වෙනකනුත් දැන් අවුරුදු හත අටක් ගිහිල්ලත් තාම සමහර වෙලාවට ගිහින් බලනව කමෙන්ට් එකක හරි අප්ඩේට් එකක් තියේද කියල. හදපු පොර හොයාගන්න ට්‍රයි කලාට බැරිඋනා, පොර මැරිල කියලත් ඒ දවස්වල කතාවක් ගියා. කවුරුහරි දන්නවනං විස්තරේ දාන්න.
ඔහොම කථාවක් මාත් අහලා තියේ. තව දෙයක් කිව්වොත්, මුලතිව් කෑම්ප් එක ඇතුලෙම දෙමල පවුල් දෙක තුනක් ඉදලා තියෙනවා. ඒ දෙමල පවුල් වල පිරිමි අය එහෙම Day to day හමුදා Activites වලට Help කරලා තියෙනවා. එයාලගෙන් පිටවුණා කියලත් සමහර අය කියනවා.මේකේ ලොකුම සිද්දිය ගොඩක් අය සැක කරන්නේ කදවුරේ හිටපු දෙමල කාලතුවක්කු කපිතාන් මේකට කොටින්ට උදව් දුන්න කියලා. පොරත් සිද්දියෙන් පස්සේ ආගිය අතක් නැතිලු...
හැබැයි කවුරුවත් පොරගේ background එක හොයන්න යන්නේ නෑ... පවුලේ අය, නෑදෑයෝ ඉන්නවා ඇතිනේ. ඒවා පස්සෙන් පන්නල ඇත්තටම පොරමද මේකට උදව් කරේ, නැත්නම් ලොක්කොන්ගේ වැරදි වහගන්න උව පාවිච්චි කරාද කියලා හොයාගන්න බැලුවනම් හරි...
හැබැයි කමල් ගුණරත්නම කියලා තිබ්බ පොර ඒවගේ දෙයක් කරා කියලා හිතන්නේ නෑ කියලා.
CBK කියන චෝර රැජින මුසල ගෑනි ගේ කාලේ වුන දේවල් තමයි ඔය විස්කි බිබී රට කරපු එකේ විපාක ඔය මුලතිව් වලට වඩා 100 විශාල හානියක් වෙන්න ගිය එක නවත්ත ගත්තේ නැත්තම් තාම යුද්දේ යනවා යාපනේ කොටුව වට කරපු වෙලේ විස්කි බිලා කැබිනට් මීටින් එකට ඇවිත් හිරවෙලා හිටපු 50000 අතරලා දාන්න කියලා කියද්දී අනුරුද්ද රත්වත්තේගේ තනි විරුද්ද තාව නිසා බේරුනේ හිරවෙලා හිටපු අර්මි එක. අනුරුද්ද රත්වත්තේ නැත්තම් 50000 ම ඉවරයි මල්ටි බැරල් ගෙනල්ලා තමයි බේර ගත්තේ.
දැන් කියනවා ආයුද ගෙනාවේ එයාලු දන්නෝ දනිති මහින්ද රට ගද්දි බුලට් වත් තිබ්බේ නැ තිබ්බ ආයුද හරියට නඩත්තු කරලා තිබ්බේ නැ හරියට යුද්දේ තිනිකරම මෙච්චර කල් ඇදෙන්න ලොකුම හේතුවක් තමයි චෝර රැජින යුද්දේ ඉවර කරන්න කරපු දෙයක් නැ ලංකාවේ අසාර්තකම ජනාදිපති කියන්නේ ඒකයි.
හමුදාව කොච්චර හොඳ උනත් හරි දේශපාලන නයකත්වයක් නැත්තම් යුද්දේ දිනන්න බැ කියන්න හොඳ උදාහරණයක් තමයි චෝර රැජින.

බැස්සෙ නැ නෙවෙයි මචන් බහින්න දුන්නෙ නැ. නෙවි ලැන්ඩින් ක්රාෆ්ට් වල ආපු 1 කොමාන්ඩො එකට බහිද්දිම උන් මෝටාර් වක්කරලා තියනවා කොමන්ඩොස්ලා 20-30ක් එතනම ඉවරවුනා වෙලාවට ලැන්ඩින් ක්රාෆ්ටෙකෙ දොරට විතරයි මොටර් එකක් වැදිලා තියෙන්නෙ. උබ බලපු විඩිඔ එකෙ කොටි වතුරෙ ඉඩලා වෙපන් අරනෙන්නෙ එඅ මැරිච්ච කොල්ලොන්ගෙ එවා. නෙවි නැවකුත් සුවිසයිඩ් බොට්ටුවකින් ගිල්ලුවා.ඔය විඩියො එකෙ තියෙන්නෙ එක. දවස් පහකට විතර පස්සෙ තමයි රිඑන්ෆොර්ස්මෙන්ට් ලැන්ඩ් කරගන්න පුලුවන් උනෙ.
මේක නෙමේ මචන්. ටිකක් ඈත ඉදන් කොටි වීඩියෝ කරන්නේ. කැලේ තැනක ඉදන් . ඈතින් beach එකට helicopter එක කිට්ටු කරනවා.හෙලිකොප්ටර් එන්නේ මම හිතන්නේ අපේ SF එකේ අය. Reinforce කරන්න එන්නේ. කර්නල් Fazly Laphir නුත් එන්නේ ඔය සෙට් එකේ. ඕකෙ හෙලිකොප්ටර් එක මුහුදට බාන සීන් එක හෙන Famous. මොකද ඒ වෙද්දී කොටි කෑම්ප් එක අල්ලලා ඉවරයි. ඒ නිසා ඒක පට්ට Risky Move එකක්. ඔයා කියන්නේ පහලින් තියෙන මේ සීන් එක වෙන්න ඇති. මේක කොටින්ගේ Documentry එකෙත් තියෙනවා මම හිතන්නේ.
ලොරන්ස් ගේ කේස් එකනම් කමල් ගුණරත්නගේ පොතෙත් තියනවා බන්. වෙඩි වැදුනා කියලා ආපු දෙවෙනි හෙලිකොප්ටර් එකෙන්ම ගියා කියලා. කාලතුවක්කු කැප්ටන් ගැන තමා කියලා තියෙන්නේ ඒ කතාව එයා විශ්වාස කරන්නේ නැහැ කියලා( ආමි එක ඇතුලේ කතන්දර තියෙන්නේ ඇති) .Sad to hear machan!
Even during the battle, if they had reinforced properly through the sea, things might have changed.
මානසිකව බලපානවා ඇති අදටත්. එකට කෑම්ප් එකේ හිටපු අය මැරිලා වැටිලා ඉන්නවා දකිද්දී පට්ට Shock ඇති. දැන් එයා මොකද කරන්නේ? ඇටෑක් එකෙන් පස්සේ ආයෙ හමුදාවට ගියාද?
හෙලිකොප්ටර් එන්නේ මම හිතන්නේ අපේ SF එකේ අය. Reinforce කරන්න එන්නේ. කර්නල් Fazly Laphir නුත් එන්නේ ඔය සෙට් එකේ. ඕකෙ හෙලිකොප්ටර් එක මුහුදට බාන සීන් එක හෙන Famous. මොකද ඒ වෙද්දී කොටි කෑම්ප් එක අල්ලලා ඉවරයි. ඒ නිසා ඒක පට්ට Risky Move එකක්. ඔයා කියන්නේ පහලින් තියෙන මේ සීන් එක වෙන්න ඇති. මේක කොටින්ගේ Documentry එකෙත් තියෙනවා මම හිතන්නේ.
![]()
True machan!
මේවා ගැන කථා නොකරත් බෑ බං. හරිහමන් උඩ නායකත්වයක් තිබ්බේ නැති නිසා මේ වගේ කොල්ලෝ ගොඩක් නැතිවුණා. එයාලගේ ඒ Sacrifice එක ගැන කථා කරන්න ඕන තැන කථා කරන්න ඕන.
Thanks for adding machan! Fazly Laphir ගැන අනිවාරෙන්ම කථා කරන්න ඕන මුලතිව් Fight එක ගැන කථා කරනවනම්. මම SF ලා ගොඩබහින සීන් එකේ ඉදන් ටික වෙනම Thread එකකින් දාන්න කියලා බැලුවේ. රාජ් විජේසිරි එක්ක කරන Interview එකක් WANESA චැනල් එකේ තියෙනවා. ඔයා සමහරවිට ඒක බලලා ඇති.
ලෝරන්ස් ගේ සීන් එක ගොඩක් අය කියනවා. ලෝරන්ස් මේ Fight එක අස්සේ Back කරන්න ගියත් ආයෙ තුවාල වෙලා ආවා කියලා කියනවා.
ඔය සීන් එක වෙද්දී, හමුදාවට අත්දැකීම් පට්ට අඩුයි. හරියට Reinforce කරානම් මුහුදින්, අතීතේ වෙනස් වෙන්නත් තිබ්බා. ගොඩක් Decisions වලට වැඩ කරේ පරක්කු වෙලා. හැබැයි මට මතක විදිහට ඔය කාලේ වෙද්දි, කොටින්ට ගුවන්යානා නාශක අවිත් තිබ්බා. ඒවටත් සමහරවිට Ready වෙලා ඉන්න ඇති.
ඔය Attack එක වෙන්න ගොඩක් ආසන්න දවස් වල කොටි ඇතුලේ ඉන්නවා කියලා ඕනතරම් සාක්ෂි ලැබිලා තියෙනවා. Soldiers ලගේ දවල් බත් එක, Uniform එහෙම අතුරුදහන් වෙලා තිබ්බා. ඇතුලේ හිටපු අය එළියට යද්දි එකෙක් දෙන්නෙක් මාට්ටු වෙලා තියෙනවා. පණපිටින් අල්ලගන්න බැරිවුණාට, කෑම්ප් එකේ Sketch එකක් එහෙම ඒ මාට්ටු වෙච්ච අය බේරිලා දුවද්දි වැටිලා තියෙනවා.
මාත් හෙන ආසාවෙන් ඉන්නේ පොර ගැන Update එකක් ගන්න. මහලොකු Production Quality එකක් නැතිවුණාට, පොරගේ Videos වලින් මාර දැනුමක් ගන්න පුලුවන්.
ඔහොම කථාවක් මාත් අහලා තියේ. තව දෙයක් කිව්වොත්, මුලතිව් කෑම්ප් එක ඇතුලෙම දෙමල පවුල් දෙක තුනක් ඉදලා තියෙනවා. ඒ දෙමල පවුල් වල පිරිමි අය එහෙම Day to day හමුදා Activites වලට Help කරලා තියෙනවා. එයාලගෙන් පිටවුණා කියලත් සමහර අය කියනවා.
ඒ Reinforcement ආවට පස්සේ කෑම්ප් එකේ හැංගිලා හිටපු සමහර හමුදා කොල්ලෝ SF ලා බේරගෙන තියෙනවා. රාජ් විජේසිරි WANESA Interview එකේ මේ ගැන කියනවා.
Thanks for the information machan <3මේක නෙමේ මචන්. ටිකක් ඈත ඉදන් කොටි වීඩියෝ කරන්නේ. කැලේ තැනක ඉදන් . ඈතින් beach එකට helicopter එක කිට්ටු කරනවා.
ඒකේම තව documentary එකක් තිබ්බ නොනවතින රැල්ල. දෙමලෙන් "ඕයාත අලෙගල්"
WANESA චැනල් එකේ පොර මේ Thread එක දැකලද මන්දා, ඊයෙ මුලතිව් Survivor කෙනෙක්ගේ Interview එකක් දාලා. පොර මේ පාරනම් 1996 මුලතිව් කියලා Keywords ටිකක් දාලාmamath baluwa videos ,,, okkmoa eka digata balanda puluwan,,

.මේක ගොඩක් දුරට වෙන්න පුලුවන් තමයි මචන්. කොහොමත් Fight එක අස්සේ SF ලා එනවා කියලා පණිවිඩේ මේජර් අලීබාට ලැබිලා තියෙනවා. අපේ එවුන් ඔහොමහරි අල්ලගෙන හිටියේ SF ලා එයි කියලා. හොදම සීන් එක තමයි කොටින්ට SF ලා එනවා කියලා ආරංචිය ඇවිත්. ඊටපස්සේ උන් අපේ රේඩියෝ සිග්නල් වලට කියලා අපි SF ලා. මුහුද පැත්තෙන් දැන් එන්නේ අපි. ඒ නිසා Fire කරන්න එපා කියලා. SF ලයි කොටිය් අදුරගන්න බෑ ළගට එනකන්ම මොකද ඒ දෙගොල්ලොම රැවුල් කොණ්ඩ වවාගෙන සරම් ගහගෙන තමයි Operation වලට බහින්නේ. ඊටපස්සේ එහෙම ඇතුලට ආපු කොටි ටිකත් හමුදාවට හොද Fire එකක් දීලා.ඔතන උනේ හරියට ආරාංචිය හෙඩ්ක්වාටස් එක කොට ගහලා ඉවරයි කෑම්ප් එකට. කැම්පස් එක බේරගන්න කියලා හිතන් දෙක තුනම යන්නේ කෑම්ප් එක තාම ආමි එක අල්ලගේන ඉන්නවා කියලා හිතාගෙන. SF එක කෑම්ප් එකට යනකම් අපේ උන් හිතන් ඉන්නේ ඇතුලේ කට්ටිය ඇති කියලා. අනික කෑම්ප් එක ඇතුලේ ආයුධ ඕනේ තරම් තිබිලා. ආමි එක ඉදලා. Defensive battle එකක් කර ගන්න බැරි උනා කියන්නේ. මේක තමයි ලංකාවේ ආමි එකට වෙච්ච අන්තිම කැතම පරාජය. අලිමංකඩ පරදින්නේ සති ගානක් අල්ලන් ඉදලා. මේක ඉතින් එක දවසේ න් ඉවරයි.
මචන් මම මේ ගොඩක් කලින් ඉදන් ලියන්න හිතපු Thread එකක්. නිවාඩුවක් හම්බෙනකන් හිටියේ මේ ගැන ලියන්න.
මට හිතෙන විදිහට 1996 මුලතිව් Fight එක කියන්නේ ලංකාවේ හෙනම Underrated Fight එකක්. මේකට හරි හමන් Recognition එකක් තාම ලැබිලා නෑ. මේ Fight එක ගැන සෑහෙන්න සවිස්තරාත්මක Documentry එකක් Youtube එකේ තියෙනවා. (මම ඒක මේ Thread එකේ අන්තිමට දාන්නම්.) ඒත් Fight එක ගැන මුකුත් නොදන්න කෙනෙක්ට ඒ Documentry එක බැලුවා කියලා මට හිතෙන්නේ නෑ මේ Fight එකේ තියෙන භයානක කම ගැන ලොකු අවබෝධයක් එයි කියලා. මුලතිව් Fight එක ගැන මෙලෝ දෙයක් නොදැන මම ඒ Documentry එක බැලුවනම් මටත් එච්චර ඒ Fight එක ගැන හොයන්න ආසාවක් නැතිවෙයි කියලා හිතෙනවා. ඒත් කලාතුරකින් දවසක් මම WANESA Youtube චැනල් එකේ, මුලතිව් Fight එකේ Survivor කෙනෙක්ගේ Interview එකක් බැලුවා. ඒකෙන් පස්සේ මට මාර විදිහට මේ Fight එක ගැන හොයන්න ආසාවක් ආවා. පොර එච්චර හොදට උගේ කථාව විස්තර කරනවා.
ඔහොම කලාතුරකින් මුලතිව් Fight එකේ Survivors ලගේ කථා WANESA චැනල් එකෙන් දාන්න ගත්තා. හැබැයි පොර ඒ වීඩියෝස් Youtube එකට Upload කරපු විදිහට කාටවත් 1996 Mullaitivu Fight කියලා ගැහුවට Youtube එකෙන් ඒ Videos හොයාගන්න අමාරුයි. අඩුම තරමේ Thumbnail එකෙන්වත් හොයාගන්න අමාරුයි. ඒකත් එක හේතුවක් මම මේ Thread එක දාන.
මම මේ Thread එකෙන් Fight එක ගැන හෑලි ලියන්න ගන්නේ නෑ. මම Fight එක ගැන Interest වුණ විදිහට මේ Survivors ලගේ Interviews ටික පිළිවෙලට දාන්නම්. ඊට කලින් මම පොඩි Historical Background එකක් දෙන්නම් Fight එක ගැන. ඒක කියවලා මේ Interviews ටික බැලුවම උඹලට හිතෙයි මේක කොච්චර Underrated ද කියලා. Interviews 3ක් 4ක් බලලා, මම අන්තිමට දාපු Documentry එක බලනවනම් උඹලට ලංකාවේ යුද්ධේ ගැන කවදාවත් බලපු නැති කෝණයකින් බලන්න පුලුවන් වෙයි.
මේක කියවගෙන යද්දී හිතෙයි, World War 2 වල Movies, Documentries බලපු කවුරුහරි මේ වගේ පොඩි Fight එකකින් Impress කරන්න පුලුවන්ද කියලා. But trust me, මේ Fight එක ගැන දැනගන්න කලින්, මාත් ආසාවෙන්ම බලපු Movie Genre එක තමයි WW2 Movies. Hollywood ටික බලලා ඉවරවුණාට පස්සේ Russian Movies නුත් බලන්න පටන් අරන් තිබ්බේ WW2 ගැන. ඒත් මේ Fight එක වෙනම Level එකක තියෙන්නේ. මේ Survivors ලගේ Experience එක මාර Thrilling and Adventurous. මේකට Interview දෙන ගොඩක් අය මේ කථා අමුවෙන්ම කියනවා. හමුදාවේ ලොකු Position වල ඉන්න අය වගේ අනවශ්‍යය වීරත්වයකින් මේ ගැන කියන්න යන්නේ නෑ. සමහර තැන් වල කියනවා Fight එකේ හොදටම තුවාල වෙච්ච අයව කොච්චර බැගෑපත් වුණත්, දාලා ගියපු තැන්. ඒවා එහෙම අමුවෙන්ම කියනවා මේ සෙට් එක. Team එකේ ඔක්කොම බේරුණේ නැත්නම් මරාගෙන මැරෙනවා වගේ නිකන් අනවශ්‍ය වීරත්වයක් උන්ගේ කථාවල නෑ. ඒකයි මේ කථා ටික මාර Realistic වෙන්නේ. අනික මේ කථා අහන හැමෝටම තේරෙනවා, මේ Fight එකෙන් බේරෙන්න අනිවාරෙන් Luck එක තියෙන්න ඕන කියලා.
Interviews බලන්න කලින් පොඩි Historical Background එකක් දෙන්නම් මේ Fight එක ගැන.
මේක තමයි ලංකාවේ හමුදාවට වෙච්ච බරපතලම දෙවෙනි පරාජය. පළවෙනි එක අලිමංකඩ Fight එක. මුලතිව් කෑම්ප් එකේ පිහිටීම කිව්වොත් මේ කෑම්ප් එකට Access තියෙන්නේ මුහුදින් හෝ අහසින් විතරයි. ගොඩබිමින් මුලතිව් කෑම්ප් එක වට කරලා තිබ්බේ කොටි කෑම්ප්. අන්න ඒ නිසා තමයි මේ Fight එකේ Survivors ලගේ කථා මාර Adventurous වෙන්නේ. මෙතනින් බේරිලා එන හැමෝම මේ කොටි කෑම්ප් අස්සෙන් යන්න ඕන. ඒ නිසා මේ කාටවත් Teams පිටින් ආපහු හමුදාවේ කෑම්ප් එකක් හොයාගෙන එන්න බෑ. තනියෙන් හරි දෙන්නා දෙන්නා හරි Map එකක් නැතිව පාර හොයාගෙන කොටි කෑම්ප් අස්සෙන් යන්න ඕන. මේ කථා ටික අහද්දි සිරාවට හිතෙනවා Luck එක නැත්නම් මේක කරන්න පුලුවන් වැඩක් නෙවේ කියලා.
තව දෙයක් කිව්වොත්, මේ Fight එක ගැන මාර Conspiracies තියෙනවා. එකක් තමයි කෑම්ප් එකට ගහන වෙලාවේ කෑම්ප් එකේ උඩම Position දෙක නිවාඩු ගිහින් හිටියේ. ඊට පස්සේ උඩම Position නිලධාරියට Fight එක අස්සේ ආයේ SF එක එක්ක ගිහින් Backup කරන්න කිව්වමත් අදි මදි කරා කියලා කථාවක් යනවා. තව Conspiracy එකක් තියෙනවා, කෑම්ප් එකේ කොල්ලෝ ටිකට එදා හොදට බොන්න දීලා හිටියේ කියලා. LTTE එක ගහද්දී ඒ නිසා කොල්ලෝ ටික අසරණ වුණා කියලා.
මට මේ Fight එක ගැන මාර විදිහට අවුල් වෙච්ච තැන තමයි, ඔය Fight එක අස්සේ ඒ වෙනකොට කෑම්ප් එකේ හිටපු ලොකුම අණ දෙන Officer නැති වෙනවා. එතකොට පණිවිඩයක් එනවා කට්ටිය අතරට දැන් අණ දෙන්න කවුරුත් නෑ. තමන්ගේ ආරක්ෂාව තමන්ම බලාගෙන Survive වෙන්න කියලා. මට Personally මේ Statement එක පට්ට අවුල්. හිතපන්කෝ කොටි ගහන කෑම්ප් එකක අසරණ වෙලා ඉන්නකොට ඔහොම Statement එකක් එනකොට කොල්ලෝ ටික කොච්චර අසරණ වෙන්න ඇතිද. අදටත් මම හිතන්නේ Battlefield එකේදී කවුරුවත් මෙච්චර අසරණ වෙන්න එපා කියලා.
Fight එක ගැන ඔය උඩින් තියෙන ටික දැනගෙන හිටියනම් හොදටම ඇති මේ Interviews ටික බලන්න.
මේක තමයි මම මේ Fight එක ගැන බලපු පළවෙනි Interview එක. මේකෙන් තමයි මට මේ ගැන ආසාවක් ආවේ හොයන්න. ඒක නිසා මම මේක මුලින්ම දාන්නම්. මේ Survivor ට මාර Storytelling Skill එකක් තියෙනවා. නිකන් පැයක Thriller Film එකක් විදිහට රූප එහෙම හිතේ මැවෙයි මේක අහගෙන ඉන්නකොට. මොකද අර මම කලින් කිව්වා වගේ මේ කෑම්ප් එකට ගොඩබිමින් Access නැති නිසා, කොටි කෑම්ප් අස්සෙන් යන්න ඕන. අන්න ඒ නිසා සමහර වෙලාවට හමුදාවේ කෑම්ප් කියලා හිතාගෙන කොටි කෑම්ප් ගාවටම ගිහින් හැරිලා ආපු තැන් තියෙනවා. ඒ නිසා අර Film එකක තියෙන Flow එක මේ කථාවල තියෙනවා.
මුලතිව් කෑම්ප් එක කියන්නේ ටිකක් ලොකු කෑම්ප් එකක්. මේක නිකන් පොඩි ගමක් වගේ. ඒ නිසා Buildings, ලොකු ගස් එහෙම තැනින් තැන තියෙනවා. ඒ නිසා Fight එක වෙලාවේ හැංගෙනවනම් හැංගෙන්න පොට් තියෙනවා කෑම්ප් එක අස්සේ. ඒත් ඒ වැඩේ එච්චර සාර්ථක වෙන්නේ නෑ මොකද කෑම්ප් එක අල්ලගත්තට පස්සේ කෑම්ප් එක වටකරලා කොටි බංකර් ගහලා මුරට ඉන්නවා. එතකොට කෑම්ප් එකේ හිරවෙච්ච අයට පනින්න බෑ. අනිත් එක තමයි කෑම්ප් එක අල්ලගත්තට පස්සේ දවල් වරුවේ කොටි කරන්නේ කෑම්ප් එකේ එක කොනකින් පටන්ගෙන අර පරණ Buidings ඔක්කොටම Grenades දදා, හැංගිලා ඉන්න අයව ඉවර කරන එක. ඒ නිසා හැංගිලා බේරෙන්න අමාරුයි මුලතිව් කෑම්ප් එකේදී. මොකද දැන් මේක Already කොටි කෑම්ප් එකක් වෙලා ඉවර නිසා.
මට මේ Fight එකේ Interesting ම Part එක තමයි මේක. කෑම්ප් එකේ පරණ වතුර ටැංකියක් තියෙනවා. හමුදාවේ තුවාල වෙච්ච, ඒත් ඇවිදගන්න පුලුවන් වගේ සෙට් එකක් ඔය වතුර ටැංකියට නැගලා හැංගිලා ඉන්නවා. 12 දෙනෙක් විතර දවස් 2-3ක් ඇතුලත ඔය වතුර ටැංකියට එකතු වෙනවා. උන්ගේ වෙලාවට කොටින්ට ඕක Check කරන්න මිස් වෙලා. ඒකයි මම කිව්වේ, Luck එක නැත්නම් මේ Fight එකෙන් බේරෙන්න බෑ කියලා. Interviews වල කියනවා සමහර දවස්වල කොටි ටැංකිය ළගටම ඇවිත් හැරිලා යනවා කියලා. ටැංකිය ගොඩක් පොඩි නිසා එක Grenade එකක් දැම්මනම් 12ම එතන ඉවර වෙන සීන් එකක් තියෙන්නේ. ඔය 12 දෙනාගෙන් 10ක් විතර අන්තිමට බේරෙනවා (මුලතිව් Fight එකෙන්ම මට මතක විදිහට බේරිලා එන්නේ 60ක් විතර. එතනින් 10-11 ඔය ටැංකියේ හිටපු අය.). ටැංකියේ ඉන්න අය දෙන්නා තුන්දෙනා ගානේ Teams හැදිලා රෑ වෙද්දී එක දවසකට එක ටීම් එක ගාණේ බේරිලා යනවා. ඒ බේරිලා ගියපු අය එක එක ගමන් මාර්ග වල යන්නේ. හැමෝටම තියෙන්නේ වෙනස් Adventurous කථාවක්.
මේ ඉන්නේ එහෙම ඒ ටැංකියේ හිටපු Survivor කෙනෙක්ගේ කථාවක්. ටැංකියේ ඉන්න එක දවසක මේ පොර ලේවලින් "සමුගනිමි" කියලා ලියලා Girlfriend ගේ නම ලියනවා. මේ කථාව ආයේ Validate කරනවා ටැංකියේ හිටපු අනිත් අයගේ Intervies වලින්. දවල්වරුවේ කවුරුත් ටැංකියෙන් එළියට බහින්නේ නෑ. අර ගිණි ගහන අවුවේ රත් වෙවී ටැංකියේ ඉන්නවා. කෑමක් වතුර ටිකක් හොයාගන්න රෑට තමයි ටැංකියෙන් බහින්නේ. ඔහොම එක දවසක වතුර තිබහ ඉවසගන්න බැරිම තැන, හෙල්මට් එකකට චූ කරලා ඔය සෙට් එක බීපු කථාවක් කියනවා. පට්ට Shocking ඒවා අහද්දී. පොරගේ කථා වේ අන්තිම හරියේ මට දැනිච්ච පොඩි කෑල්ලක් කියන්නම්. කෑම්ප් එකක් හම්බුණාම මේක කොටි කෑම්ප් එකක්ද නැත්නම් හමුදාවේ කෑම්ප් එකක්ද කියලා බලන්න ළගටම යන්න ඕන. ඒක මාර Risky වැඩක්. මොකද ඇදුමයි කථා කරන භාෂාවයි ඇහෙන්න සෑහෙන ළගකට ගිහින් තියෙන්න ඕන. මේ සෙට් එක හමුදාවේ කෑම්ප් එකක් ගාවට යනකොට (කථාවේ අන්තිම හරියේ), Grenades වල Safety පින් එහෙම ගලවලා තිබ්බේ. කොටි කෑම්ප් එකක්නම් පුපුරවාගෙන මැරෙන්න. මේ වෙද්දී දවස් 21 විතර, කැලෑවේ හරියට කෑමක් සපත්තු කුට්ටමක් නැතිව Physically මාර විදිහට දුර්වලව ඉදලා තියෙන්නේ. අන්තිමට හමුදා කෑම්ප් එකක් කියලා අදුරගෙන හමුදාවේ අය බේරගන්න එද්දී, පොරව එතනම වැටිලා. ඒ දවස් 21, නිකන් හිතේ හයියට ආපු සීන් එකක් තියෙන්නේ. ඒ කෑල්ල කියද්දී පොරට ඇඩෙනවා ඇත්තටම. මේ වීඩියෝ එක බැලුවම ඒ කෑල්ල මාර විදිහට හිතට වදියි.
මේ Interview එකත් ඒ Survivor එක්කම තමයි කරන්නේ. මෙතනදී ඇත්තටම මුලතිව් කෑම්ප් එක තිබ්බ තැනට ගිහින් Interview එක කරන්නේ. මේ Interview එකෙත් කියන්නේ ඒ කථාවම වුණාට කලින්ට වඩා Details ගොඩක් කියනවා. ඒ සිද්ධිය වෙච්ච තැනටම ගිහින් ඒ ගැන මතක් කරද්දි, ගොඩක් දේවල් මතක් වෙන්න ඇති. කෑම්ප් එකට කොටි ගහද්දී අපේ හමුදාව Withdraw වෙනවනෙහ්. කොහොමහරි එක තැනක් තියෙනවා, Withdraw වෙනවනම් එක Open එකකින් යන්න ඕන. ඔතන කොටි රැකලා ඉන්නවා පනින පනින කෙනාට ගහන්න. ඉතින් ඒ නිසා ලොකු සෙට් එකක් Fight එක වෙලාවේ ඔතනින් එක පාරට Withdraw වෙනවා. මොකද එතකොට ටික දෙනෙක් හරි බේරෙනවනෙහ්. මේ Survivor නුත් එහෙම Withdraw වෙච්ච කෙනෙක්. පොර කියනවා Withdraw එකේදී හමුදාවේ කොල්ලෝ වෙඩි වැටිලා බිම වැටිලා කකුලෙන් එහෙම අදිනවලු මාවත් අරගෙන යන්න කියලා. ඒ කෑල්ල එහෙම කියද්දී මාර Shocking. ඒත් ඒ වෙද්දී තමන්ට තමන් විතර සීන් එකක් තමයි තියෙන්නේ.
මේකත් මාරම Interview එකක්. මෙයත් අර කලින් කිව්ව ටැංකියට ගිහින් බේරිච්ච කෙනෙක්. පොර ගැන කිව්වොත්, මුලතිව් Fight එකට කලිනුත්, කොටි එක්ක Fight එකකින් ඔහොම බේරිලා ආපු කෙනෙක්. පොරගේ කථාවේ දුක හිතෙනම කෑල්ල තමයි, මුලතිව් කෑම්ප් එකේම මෙයාගේ අම්මගේ අක්කගේ පුතත් සේවය කරනවා. Fight එක වෙලාවේ දෙන්නට දෙන්න හම්බෙලා, ඒත් අම්මගේ අක්කගේ පුතාට වෙඩි වැදිලා පණ තිබුණට ඇවිදින්න බැරි සීන් එකක් තිබිලා තියෙන්නේ. කෑම්ප් එකේ ගොඩක් දුර මෙයා එයාව උස්සගෙන ගිහින් තිබ්බත්, එක තැනකදි දාලා යන්න වෙලා. ඒක මෙයා කථාවේ කියනවා. අන්තිමට වෙන්වෙන තැනදී තුවක්කුව අතට දීලා මෙයා ගිහින්. ඒ කෑල්ල එහෙම පට්ට දුක හිතෙනවා. මුලතිව් Fight එකෙන් බේරිච්ච හැමෝටම හමුදාවෙන් පොඩි වරප්‍රසාදයක් දෙනවා ලංකාවේ කැමති කෑම්ප් එකකට ගිහින් සේවය කරන්න. එතකොට යුද්ධ තියෙන සටන් බිම් වලට යන්න ඕනෙ නෑ. ඒත් ගොඩක් අය ආයේ ඉල්ලුවේ යුද්ධ තියන තැන් වල කෑම්ප් ම තමයි. මෙයත් එහෙම කෙනෙක්. යුද්ධේ ඉවර වෙනකන්ම යුද්ධ බිමේම ඉන්නවා. මෙයා කියන්නේ, කොටින්ගේ ලොකු Fight දෙකකින් බේරිලා ආපු මට, ආයෙ කරදරයක් වෙයි කියලා හිතුවේ නෑ කියලා.
මෙයත් ටැංකියේ ඉදන් බේරිච්ච කෙනෙක්. ටැංකියෙන් බැහැලා යන ගමනේ මෙයා ටීම් වෙලා තියෙන්නේ උඩ මම කථාව දාලා තියෙන කෙනා එක්ක. කොහොමහරි මේ දෙන්නා මාර අමාරුවෙන් මහ රෑ Beach එකට වෙනකන් බඩ ගාලා, Beach එක ගාව තියෙන කැලෑවක හැංගෙනවා. දවල් වරුවේ කැලේ හැංගිලා, රෑ වෙද්දී පාරුවක් හදලා කැලේ තියෙන දේවල්වලින්. ඔහොම දවස් ගාණක් කැලේට වෙලා හැංගිලා පාරුව හදලා. Target එක වෙලා තියෙන්නේ පාරුවෙන් වෙන රටකට හරි දූපතකට හරි පැනගන්න. කොහොමහරි හදපු පාරුව එච්චර Strong වෙලා නෑ. මෙයාලා දෙන්නා කොහොමහරි මුහුදට පාරුව දාලා ටිකක් දුර ගිහින් පාරුව Control නැතිව ගහගෙන ගිහින්. කරුමෙටම ගහගෙන ගියපු පාරුව ආයේ මුලතිව් කෑම්ප් එකේ වෙරලට ගහගෙන ඇවිත්. ඒ වෙද්දී ඒක කොටි අල්ලලා ඉවර නිසා කොටි කෑම්ප් එකක්. ඊට පස්සේ එතනින් නුත් කොහොමහරි බේරෙනවා. මේ කථාවත් මාර Adventurous.

මේවා ගැන ත්‍රෙඩ් දාලා සෝමපාල සහෝදරයට මාලිමා පාලකයන්ගේ වෛරයට ලක්වෙලා හිරේ විලංගුවේ යන්න වෙයි.
හිටපු නාවික හමුදාපතිට පෙරේදා උන දේ පේනවනේ.
මගේ බාප්පා කෙනෙක් නැති උනා ඔය මුලතිව් සටනේ.
එයාට වෙඩි වැදිලා තුවලා වෙලා නිවාඩු හිටියේ. ඒත් ආයේ ගියා කැදවීමක් ඇවිත් කෑම්ප් එකට. සමහරවිට කොටි පහරදීමක් ගැන බුද්ධි තොරතුරු ලැබිලා නිවාඩු ගිය හමුදා සාමාජිකයන් ආයේ කැඳවන්න ඇති. යන්න කලින් දවසේ රෑ අපේ කුඹුරක ගොයම් කපලා මඩවන දවසක් මී ගවයින්ගෙන්. ගමේ හැමෝම ඇවිත් උදව් කරන දවසක්. බාප්පා රෑ එලි වෙනකං මිනිස්සු එක්ක කතා කර කර හිටියේ. ඒ කාලේ කුඹුරු වැඩ, ගොයම් කපන ඒවා මඩවන ඒවා කරනකොට හැමෝම උදව් කරනවනේ. කොහොම හරි එතකොටත් බාප්පට කලින් සටනකදී කොටින්ගේ වෙඩි වැදිලා නිසා ඒ අසනීප හොදටම සුව වෙලා තිබුනේ නැහැ. කිහිලි කරුවකින් ඇවිද්දේ,
අපි 2009 යුද්ධේ ඉවරවෙනකන් හිතන් හිටියේ මුලතිව් කඳවුර බිඳ වැටුනම පස්සේ අතුරුදහන් උන බාප්පා ඇතුළු හමුදා නිලධාරීන් එල්ටීටීඊ සංවිධානයේ අත්තඩංගුවේ වත් ඉදලා හමු වෙයි කියලා. අදටත් අපේ අය හිතන්නේ එතුමන් කොහේ හරි ජීවතුන් අතර ඇතියි කියලා.
ඊළගට මේ අනික් බාප්පා. මේ වීඩියෝ එකේ ඩිෆෙන්ඩර් එකේ ගිහිං කොටි වෙඩි වලට දිවි දීලා බිම වැටිලා ඉන්නේ එයා. මම මේ ගැන කලින් කියලා ඇති එළකිරි එකේ. කාටවත් බය නැති කෙනෙක්. යාන්තං අවුරුදු 30 ගෙවුනා විතරයි නැති වෙනකොට.
මම FB active නෑ මචන්. ඔයාගේ මොකක්හරි Page එකක් එහෙම තියෙනවනම් දාන්න. මට කතෘ අයිතිය මුකුත් එපා.ෆේස්බුුුක් පෝස්ට් එකක් දාපන්කො
දෙමළ පොරක් තමයි Army කාලතුවක්කු අංශයේ ලොක්කා.... ඌ අදටත් අතුරුදහන්.... අනිවාර්යෙන් ඌ පාවලා දෙන්න ඇත්තේ....
මෙන්න මේකා ඉස්සුවා නම් ගොඩක් දේවල් දැනගන්න තිබ්බා.
Adeh... Thanks for sharing <3 මේ Incident එක ගැන දැනගෙන හිටියේ නෑ.මටනම් LTTE බෝම්බ වලින් අමතක වෙන්නේ නැති එකක් තමයි JOC බොම්බේ. 1991 ජුනි 19 වෙනිදා royal, thurstan, mahanama, ladies ගිය ඕනේ කෙනෙකුට ජීවිත කාලෙටම මතක හිටින සිද්ධියක්. plastic explosives කිලෝ 75 ක විතර බෝබ්යක් පිපුරුවේ ඔය ඉස්කෝල හැම එකටම මීටර් 100-300 වගේ දුරකින්. උදේ පලවෙනි period එක හරි දෙවෙනි එක හරි ගණන් period එකේ. පොතේ ලිය ලිය ඉන්නකොට එක පාරට miliseconds ගානක් ඇතුලත යෝදයෙක් මුළු building එකම උස්සලා පොලවේ ගැහුවා වගේ එකක් දැනුනා හෙන ඩිඩිං සද්දයක් එක්ක. ඒ experience එක හිතාගන්න දැනෙන්නම ඕනේ. සර් ළමයින්ට එලියට දුවන්න කිව්වා. එලියට බැහැල බලනකොට ඒ පැත්තෙන් හෙන මීටර් සීයක් විතර මහත පස් පාට සුන්බුන් කදක් අහසට නගිනවා . ඊට පස්සේ ඉස්කෝල වැහුවා. උළුවහු ජනෙල් පිටින් කඩන් වැටිලා තිබ්බ. අපේ පන්තියේ සීලින් කඩන් වැටිලා ජනෙල් වීදුරු කුඩුවෙලා. ගෙදරින් අම්මලා තාත්තලා ආවහම තමයි යන්න දුන්නේ. බොම්බේ පිපිරුන තැන අඩි ගානක වලක් හැරිලා තිබ්බා news වල දැක්කා.
ඊට පස්සේ indian hc ගෙදරට බෝම්බයක් ගහලද කොහෙද කාලයක් thurston road එක තුන්මුල්ලෙන් වහලා දාලා තිබ්බා thurston එක ලඟට වෙනකන්. පුළු පාරේම වේලිච්ච කොල වැටිලා පිරිලා තිබ්බ
![]()
Sri Lanka Bomb Said to Kill Up to 60
June 22, 1991
![]()
A suicide car bomb attack at the command center of the army's campaign against guerrillas killed scores of people today, military officials said. They blamed rebels of the Tamil minority ethnic group for the attack.
Up to 60 people, including 20 civilians, died in the explosion at the heavily fortified Joint Operations Command in the heart of Colombo, the officials said. The Government, whose figures are often conservative, reported 20 dead, mostly soldiers, and more than 50 wounded.
Two men in a van with more than 150 pounds of plastic explosives tried to drive into the base about 10 A.M., said Walter Fernando, a deputy secretary in the Defense Ministry.
https://www.nytimes.com/1991/06/22/world/sri-lanka-bomb-said-to-kill-up-to-60.html