නැවත ඉපදීම, පුනරුත්පත්තිය තහවුරු කිරීමට, තණ්හාව නොනැසූ සත්වයා ඉමක් කොනක් නොපෙනෙන මේ අනවරාග්‍ර සංසාරයේ ගමන් කරන බව තහවුරු කිරීමට මා ඇසූ අග්‍රගන්‍යම තර්කනය මෙසේ ඉදිරිපත් කරමි !
දැන් ඔබ භෞතිකවාදියෙකු, නිරාගාමිකයකු, අන්‍ය ලබ්දිකයකු නම් මේ පදනම අනිවාර්යෙන් විශ්වාස කළ යුතුයි ( Whether You believe in Physicalism / Materialism / or an atheist
)
භෞතික ශරීරය සහ
විඤ්ඤාණය කියන්නේ දෙකක්
මොකද අපිට තාම බෑ, මූලික රසායනික ද්‍රව්‍යවලින් විඥානයක් සකසන්න, යමක අන්තර්ගතය අපට තේරුම් ගන්න පුළුවන් නම් එය නැවත සැකසීමට හැකියාවක් පැවතිය යුතුයි ( Reductionism, Determinism )
කෘතිම බුද්ධිය කියන්නේ = මානව විඤ්ඤාණය වගේ මෝඩ තර්ක නම් ගේන්න එපා හරිද, කෘතිම බුද්ධියෙන්ම අහල බලන්න මේ prompt එකෙන්
1) හරි ඒක පිළිගත්තා
දැන් කොහොමද එහෙනම් භෞතික ශරීරයකට අභෞතික විඤ්ඤාණයක් ඇතුළුවන්නේ, මාතෘ ගර්භය තුළ වර්ධනය වන භෞතික කලලයට කොහොමද, සිතන පෙනෙන දැනෙන ඇසෙන විඤ්ඤාණය එල්බ ගන්නේ
භෞතිකය සහ අභෞතිකය අතර මෙම සම්බන්ධය සැකසෙන්නේ කෙසේද ?
භෞතිකයෙන් අභෞතිකය හටගන්න පුළුවන්ද ?
එහෙම වෙන්න පුළුවන් නම් ඇයි අපිට ඒ සංසිද්ධියම ආපහු ප්‍රතිනිර්මාණය කරන්න බැරි නූතන විද්‍යාව ඔස්සේ ...
මෙතැනදී ඔබට අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් එන්න ඕනේ ... එහෙම ප්‍රශ්න ආවේ නැත්නම් ඔබේ තර්කනයේ අවුලක්
හරි මෙතන ප්‍රශ්නයක් තියෙනවා ...
2) ඒකත් පිළිගත්තා
හරි ඔන්න දැන් ඒ මාතෘ ගර්භයෙන් වැඩුණු නිරෝගී දරුවා මෙලොව එළිය දුටුපසු සාමාන්‍ය මනුෂ්‍යයෙක් ලෙසින් හැදී වැඩෙනවා
ළදරු තරුණ මහලු වයස පසුකර ඔහු දැන් ඉන්නවා මරණ මංචකය අබියස
දැන් කවුද ඒ මනුෂ්‍යයා කියන්නේ
ජරා ව්‍යාධි මරණ ආදී විපරිනාමයට පත් වූ දුර්වල වූ දිරාගිය වැහැරුණු කය
සහ ඔහුගේ විඥානය
සරලව කියනවා නම්
භෞතික කය
අභෞතික විඤ්ඤාණය
3) ඒකත් පිළිගත්තා
දැන් තමයි මේ තර්කනයේ ප්‍රධාන සංධිස්ථානය
අප නොදන්න විදියකට නොදන්න තැනකින් පැහැදිලි කිරීමක් දීමට අපොහොසත්, අපේ භෞතික ශරීරයට ( මව්කුසේදී කලලයට ) එල්බ ගත්තු
ඒ අභෞතික විඤ්ඤාණය, ඔබ කොහොමද නිසැකවම ඉඳුරාම කියන්නේ භෞතික ශරීරයේ විනාශ වීමෙන් පසු එයද නැතිවී යන බව
භෞතික කය විනාශ වීමෙන් පසු
අභෞතික විඥානය ද ඒත් සමගම විනාශ වන බව
ඔබ හරියටම කියන්නේ කොහොමද ?
මෙතන තියෙනවා නේද ප්‍රශ්නයක්
4) ඒකත් පිළිගත්තා
මෙන්න මෙතනදි තමයි,
සංසාරය, පුනර්භවය, නැවත ඉපදීම වගේ සංකල්ප බිහි වන්නේ, ( උඩින් පාත් වෙන ඒවා නෙමෙයි, පෙර විසූ උත්තරීතර මනුෂ්‍යයෝ විඤ්ඤාණය තුළින්ම ධ්‍යාන ගතවී විඤ්ඤාණය පිළිබඳව තේරුම් ගැනීමට උත්සාහ කිරීම මගින් ධ්‍යානගතවී උපදවාගත් ඥානයෙන්, එනම් අධ්‍යනයෙන් තොරව ධ්‍යනයෙන් අවබෝධ කරගත් ලෝක යථාර්ථය )
ඉතින් එක එක ශාස්තෘවරු, ආගම්, මේකට එක එක අර්ථකථනයන් දුන්නා
කතෝලික,ඉස්ලාම්,යුදෙව් යන ඒබ්‍රහමික ආගම් වලට අනුව :- ඔබේ හැසිරීම හොඳ නම්, ස්වර්ගයත් - හැසිරීම නරක නම් දුගතියත් මරණයෙන් පසු උරුම වන බව.
ඉතින් මෙතන හොඳ මොකද්ද නරක මොකක්ද කියලා වෙන් කරන පදනමේම අවුලක් තියෙනවා කියලා තේරෙන්න ඕනි, එච්චරටම සරල වෙන්න පුළුවන්ද මරණින් මතු ජීවිතය ...
5) ඒකත් පිළිගත්තා
මේ එකම ප්‍රශ්නෙට, නොයෙකුත් ශාස්තෘන් වහන්සේලා, දර්ශන වාදියෝ නානාප්‍රකාර තර්ක ඉදිරිපත් කරා
මේ අතර තමා එන්නේ,
පුරාතන ආසියාව මධ්‍ය කොටගෙන බිහි වූ ජෛන, වේදික, බෞද්ධ, හින්දු වගේ ආගම්
මේ එක එක ආගම්වල, හොඳ කරොත් සුගතිය නරක කරොත් දුගතියේ යන සරල මතයට වඩා වඩා පදනමක් සහිත මරණ - පුනර්භව පිළිබඳව සංකීර්ණ යාන්ත්‍රණයක් ඉදිරිපත් කරලා තියෙනවා ...
ඒ ඒ ආගම් වල, මෙම සසර යාන්ත්‍රණය පිළිබඳව ඔබද විමසා බලන්න !
බුදු දහමේ සඳහන් වන්නේ මේ වගේ අදහසක්
සත්වයාගේ මරණ මංචකයේ ඇතිවන අවසාන සිතිවිල්ල අනුව ( චුති සිත ), එහි ඇලීමක් ගැටීමක් තණ්හාවක් උපාදානයක් ඇත්නම් මතු භවය සකස් වෙනවා ( උපාදානයට අනුව ප්‍රතිසන්ධිය )
විඤ්ඤාණයට කය නොමැතිවද
කයට විඤ්ඤාණය නොමැතිවද
නාමයට රූපය නොමැතිවද
රූපයට නාමය නොමැතිවද
පැවතිය නොහැක !
මෙම සසර යාන්ත්‍රණය සරලව කිවහොත් ...
ඔබේ අවසාන චිත්ත වීථියේ
බය, තැති ගැනීම ඇත්නම් - බොහෝවිට තිරිසන් ආත්මයක්, සතර අපාගාමී ප්‍රතිසන්ධියක්,
කාමය කෙරෙහි දැඩි ආශාවක් උපාදානයක් ඇත්නම් - කාමාබෝගි තිරිසන් සත්ව ආත්මයක්,
සසල, ධාර්මික, පින්වත් නම් - දේවලෝක / මනුෂ්‍ය
ධ්‍යානාදිය වඩා ඇත්නම්, සිත සසල නම් - බ්‍රහ්ම තල
මේ වගේ කර්ම-ඵල, හේතුඵල-දහම මූලිකව පදනම් කරගෙන තමයි බුදු දහම දේශනා වෙලා තියෙන්නේ !
ඇලීම ගැටීම තණ්හාව හෙවත් උපාදානය තිබේනම්, මරණින් පසු සත්වයා නිසැකයෙන්ම සංසාරයේ ගමන් කරනවා !
ඉතින් මේ සසර ගමන් කිරීම නැවැත්වීමට, බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා, අවබෝධ කරගත් විසඳුම තමයි
සත්වයා සසර ගමන් කිරීමට හේතුවන මෙම තණ්හාව ඇලීම ගැටීම උපාදානය නවතාලීම
තණ්හාව නැති තැන උපාදානය නෑ
උපාදානය නැති තැන භවය නෑ
භවය නැති තැන ජාතිය නෑ
ඒ තමයි උතුම් නිර්වාණය !
ඉතිං මේක තමයි සරලම තර්කනය ඔබව පුනර්භවය, සංසාරය, කර්මඵල කෙරෙහි විශ්වාසය කරවන
දැන් ඔබ තාර්කිකව සිතන මනුෂ්‍යයෙක් නම්
පුනරුප්පත්තිය නැවත ඉපදීම
6) විශ්වාස කළ යුතුමයි
මෙම තර්කනයේ අඩුපාඩු, එකඟ නොවන තැන් ඇතිනම් විමසන්න ... තර්ක කරන්න ... සංවාද විවාද කරන්න ඔබට බාරයි !
නිරන්තරයෙන් විමසීම ඔබව අවබෝධය කරා ගෙන යයි !

( පූජ්‍ය ගොතටුවේ රේවත ස්වාමීන් වහන්සේගේ දේශනානුසාරයෙන් සකසන ලද්දෙමි )

If someone argue that
AI ( or future advanced ai ) = Human consciousness
How you argue about that
What facts you'd bring to the table to quash this nonsense ( it is bullshit right 👀 )1) හරි ඒක පිළිගත්තා

Last edited: