Battle of Mullaitivu (මුලතිව්) 1996

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    ඒක මට දුන්නේ යාලුවෙක් බං. CD set එකක්. බැලුවේ 2004 දි විතර. කෑම්ප් එක ඇතුලේ කොටි ඔත්තුකරුවන් (හමුදාවෙම) හිටියා කියලා හොදට තේරෙනවා කලින් දවසේ හොද බොන පාටියක් කෑම්ප් එකේ තිබුන. එකත් ඒ video එකේ තියෙනවා
    මං 98 ඔය වීඩියෝ එක බැලුවා. VHS එකක්. කොළඹදි අල්ල ගත්ත LTTE කෙනෙක් ගාව තිබුණ VHS එකක්. මට ඔය පාටියේ සිද්ධිය හොඳට මතකයි. මට මතක විදිහට ඔය වීඩියෝ එක මුලින්ම පටන් ගත්තේ ගම් නගර වල නම්ගම් ගහලා තියෙන සුදුපාට ගල් නාමපුවරුවක් පෙන්නන කොටසකින්.
    මේ වීඩියෝ එක ඒ දවස් වල හැම තැනම වගේ තිබ්බ මචන් VCD. ඉස්සර ඕක තේරුනේ නැති උනාට පස්සේ තේරනව ඇතුලේ ගොඩක් ඔත්තු කාරයෝ හිටිය කියල. නැත නම් මේ වගේ ගහන්න බෑ ලේසියෙන්..
    මේ වීඩියෝ එක හොයා ගන්න බලනම් ආපහු මේකේ දාන්න..
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,078
    4,393
    113
    දැන්නම් දුකත් හිතෙනව මේ රණවිරුවො ගැන, හරියට තමන්ගෙ පෞද්ගලික යුද්දයකට සහභාගි වෙලා වගේ දුක්විදල තියෙන්නෙ. එදා මෙදා මේ රටේ හිටිය, ඉන්න කිසිම පාලකයෙක්ට මේ අය ගැන කිසිම වගකීමක්, වග වීමක් තිබිල නෑ... මේ මිනිස්සු තවටත් තමන්ගෙ ආදරණීයයන් ගෙන් වෙන්වෙලා පිටරටවල්වල වැඩකරන්න ඕනද ? රටවෙනුවෙන් ජීවිතය කැපකරපු මිනිස්සුන්ට මේකද උරුම ? අපි ජාතියක් විදිහට ලැජ්ජා වියයුතුයි ඇත්තටම !
    ජීවිත පූජාකරපු, අතපය පූජාකරපු මිනිස්සු , ඒ අයගෙ ආදරණීයයන් අපිට සාපකරනව ඇති...

    වෙන රටක උනානම්, ෆිල්ම් දුසිම් ගානක් හදල, මේ අයව අගයන්නෙ.
    තව ටික කාලෙකින් කොටි විතරක් ඔය යුද්දෙ සමරයි, අපේ එකාලට ඕක තිබ්බද කියලවත් වගක් නැතිවෙයි... පව් මේ මිනිස්සු...

    දැන් ඉන්න ජනාදිපති පොන්නට මේ යට රණ විරුවන් කියන්නවත් කොන්ද පන නැති බියගුළු පොන්නයෙක්.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,099
    6,521
    113
    East Blue (Goa Kingdom)
    මං 98 ඔය වීඩියෝ එක බැලුවා. VHS එකක්. කොළඹදි අල්ල ගත්ත LTTE කෙනෙක් ගාව තිබුණ VHS එකක්. මට ඔය පාටියේ සිද්ධිය හොඳට මතකයි. මට මතක විදිහට ඔය වීඩියෝ එක මුලින්ම පටන් ගත්තේ ගම් නගර වල නම්ගම් ගහලා තියෙන සුදුපාට ගල් නාමපුවරුවක් පෙන්නන කොටසකින්.
    koti langa thibila allpu VHS ohoma thibba issara ewa thamai kalayak gihin VCD share une

    මේ වීඩියෝ එක ඒ දවස් වල හැම තැනම වගේ තිබ්බ මචන් VCD. ඉස්සර ඕක තේරුනේ නැති උනාට පස්සේ තේරනව ඇතුලේ ගොඩක් ඔත්තු කාරයෝ හිටිය කියල. නැත නම් මේ වගේ ගහන්න බෑ ලේසියෙන්..
    මේ වීඩියෝ එක හොයා ගන්න බලනම් ආපහු මේකේ දාන්න..
    ohoma un ona tharam hitiya. samahra un eliyeth athi.
    army eke un hitiya wahana ussala kotinta wikunana .
    ekek nam rata panna ekek. ekek berila hitiya monawa hari wela shape wenna athi, eeta passe kaleka pathale part danna gihin marum kala thibba lankawema prasidda case ekakata.
     
    Last edited:
    • Like
    Reactions: Bunji Kuraki

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    මෙයත් ටැංකියේ ඉදන් බේරිච්ච කෙනෙක්. ටැංකියෙන් බැහැලා යන ගමනේ මෙයා ටීම් වෙලා තියෙන්නේ උඩ මම කථාව දාලා තියෙන කෙනා එක්ක. කොහොමහරි මේ දෙන්නා මාර අමාරුවෙන් මහ රෑ Beach එකට වෙනකන් බඩ ගාලා, Beach එක ගාව තියෙන කැලෑවක හැංගෙනවා. දවල් වරුවේ කැලේ හැංගිලා, රෑ වෙද්දී පාරුවක් හදලා කැලේ තියෙන දේවල්වලින්. ඔහොම දවස් ගාණක් කැලේට වෙලා හැංගිලා පාරුව හදලා. Target එක වෙලා තියෙන්නේ පාරුවෙන් වෙන රටකට හරි දූපතකට හරි පැනගන්න. කොහොමහරි හදපු පාරුව එච්චර Strong වෙලා නෑ. මෙයාලා දෙන්නා කොහොමහරි මුහුදට පාරුව දාලා ටිකක් දුර ගිහින් පාරුව Control නැතිව ගහගෙන ගිහින්. කරුමෙටම ගහගෙන ගියපු පාරුව ආයේ මුලතිව් කෑම්ප් එකේ වෙරලට ගහගෙන ඇවිත්. ඒ වෙද්දී ඒක කොටි අල්ලලා ඉවර නිසා කොටි කෑම්ප් එකක්. ඊට පස්සේ එතනින් නුත් කොහොමහරි බේරෙනවා. මේ කථාවත් මාර Adventurous.

    ඒ බන් මේකේ දිසානායක කියලා මේ අය එක්ක ටැංකියේ හිටපු කෙනා ගැන කීප දෙනෙක්ම කිව්වා. එයාගේ බඩට වෙඩි වැදිලා බඩ කුණුවෙලා මැරෙන්න හිටියේ කියලත් කිව්වා. එත් මේ වීඩියෝ එකේ කියනවා පොර මේගොල්ලන්ගේ පිටිපස්සෙන් ඇවිල්ල මුහුද දිගේ ගිහිල්ල මේ අයටත් ඉසෙල්ලා බේරිලා කියනවා. ඒ පොරගේ වීඩියෝ එකක් නැද්ද? ඒ මනුස්සයට ඊට පස්සේ මොනවද උනේ කියල හොයා ගන්න විදියක් නද්ද්ද??
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441

    මේ රණවිරුවන් අද මේ කල්ලතෝනි පාලනය යටතේ කොහොමත් එලියට එන්නේ නැහැ
     
    • Sad
    Reactions: Kalegana

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,089
    1,338
    113
    පේමන්ට් එකේ.
    ඒ බන් මේකේ දිසානායක කියලා මේ අය එක්ක ටැංකියේ හිටපු කෙනා ගැන කීප දෙනෙක්ම කිව්වා. එයාගේ බඩට වෙඩි වැදිලා බඩ කුණුවෙලා මැරෙන්න හිටියේ කියලත් කිව්වා. එත් මේ වීඩියෝ එකේ කියනවා පොර මේගොල්ලන්ගේ පිටිපස්සෙන් ඇවිල්ල මුහුද දිගේ ගිහිල්ල මේ අයටත් ඉසෙල්ලා බේරිලා කියනවා. ඒ පොරගේ වීඩියෝ එකක් නැද්ද? ඒ මනුස්සයට ඊට පස්සේ මොනවද උනේ කියල හොයා ගන්න විදියක් නද්ද්ද??
    පොරගේ Video එකක් තවම නෑ මචන්. ඇත්තම කථාව, පොරවත් අර කියපු බෝගන්විලා පදුර ගාව දාලා යනවා. පොරව එක්කන් යන එක පට්ට Risk එකක්. මුහුදු වතුරට තුවාල ටික හොද වුණා කියලා කියනවා. පොරගේ කථාව "මරණය මැදින් මුලතිව් සිට" පොතේ තියනවා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,025
    113
    Kuwait-Galle
    පොරගේ Video එකක් තවම නෑ මචන්. ඇත්තම කථාව, පොරවත් අර කියපු බෝගන්විලා පදුර ගාව දාලා යනවා. පොරව එක්කන් යන එක පට්ට Risk එකක්. මුහුදු වතුරට තුවාල ටික හොද වුණා කියලා කියනවා. පොරගේ කථාව "මරණය මැදින් මුලතිව් සිට" පොතේ තියනවා.
    මේ පොත කොහෙන්ද ගන්න පුළුවන් ??
     
    • Like
    Reactions: War Fighter

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,089
    1,338
    113
    පේමන්ට් එකේ.
    මේ පොත කොහෙන්ද ගන්න පුළුවන් ??
    මචන්, BMICH Book Fair එකේනම් හමුදාවට අදාල පොත් වලට වෙනම කුටියක් තියෙනවා. ඒකෙන් ගන්න පුලුවන්. ඊට කලින් ගන්න ඕනනම්, ඕකේ Author ට FB Message එකක් දාන්න. පොරගේ Profile Name එක Sujith Chaminda Edirisingha.
     
    • Like
    Reactions: War Fighter

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,089
    1,338
    113
    පේමන්ට් එකේ.
    https://www.sundaytimes.lk/970713/plus4.html

    Fight එක ගැන විස්තර හොයනකොට පරණ Article එකක් හම්බවුණා. මේක 1997 ජූලි 13 ලියපු Article එකක්. ඒ කියන්නේ Fight එක වෙලා අවුරුද්දක් විතර වෙනවා. මුලතිව් Fight එකේ අතුරුදහන් වෙච්ච අයගේ පවුල් වල අය දීපු Statements ගැන තියෙනවා.

    ඇත්තම කථාව කිව්වොත්, යුද්ධෙදි නැතිවුණා කියන එකයි අතුරුදහන් වුණා කියන එකයි පවුලකට දැනෙන විදිහ මාර වෙනස්. නැතිවුණා කියලා බොඩිය ගෙදරට ආවාම ගෙදර මිනිස්සුන්ට හිත හදාගන්න පුලුවන්. ඒත් Fight එකේ අතුරුදහන් වුණා කියලා ලියුමක් ආවම ජීවත් වෙලා ඉන්නකනම් ගෙදර මිනිස්සු හිතන්නේ කවදහරි ගෙදර එයි කියලා.

    මගේ බාප්පා කෙනෙක් නැති උනා ඔය මුලතිව් සටනේ. අපි 2009 යුද්ධේ ඉවරවෙනකන් හිතන් හිටියේ මුලතිව් කඳවුර බිඳ වැටුනම පස්සේ අතුරුදහන් උන බාප්පා ඇතුළු හමුදා නිලධාරීන් එල්ටීටීඊ සංවිධානයේ අත්තඩංගුවේ වත් ඉදලා හමු වෙයි කියලා. අදටත් අපේ අය හිතන්නේ එතුමන් කොහේ හරි ජීවතුන් අතර ඇතියි කියලා.

    මම දාපු Article එකේ පවුල් වල අය හිතන් ඉන්නෙත් කවදහරි එයි කියලා. මොකද පේන බලන තැන් වලින් කියපු දේවල් තමයි මෙහෙම Situation එකක් වුණාම මිනිස්සු විශ්වාස කරන්නේ.

    මේ Article එකේ ජනක කස්තුරිආරච්චි Sir ගේ Wife ගේ Statement එකක් තියෙනවා. ජනක කස්තුරිආරච්චි කියන්නේ මුලතිව් Fight එක වෙලාවේ Camp එකේ හිටපු Officer කෙනෙක් (Navy එකේ මම හිතන විදිහට). ජනක කස්තුරිආරච්චි Sir කියන්නේ සිරිමෙවන් කස්තුරිආරච්චි ගේ සහෝදරයෙක්. සිරිමෙවන් කස්තුරිආරච්චි කියන නම උඹලට Familiar ඇති කියලා හිතෙනවා. යුද්ධ කාලේ පත්තරේට ලිපි ලියපු මාධ්‍යවේදියෙක්. ඉතින් මේ ජනක කස්තුආරාච්චි කියන්නේ අර කියපු ටැංකියේ හිටපු 12 දෙනාගේ සෙට් එකෙන් එක්කෙනෙක්. ටැංකියේ බැහැලා ගිය 4 දෙනෙක්ගේ සෙට් එකේ කස්තුරිආරච්චි Sir ඉන්නවා.

    මේ පහළින් දාලා තියෙන Interview එකේ Survivor එක්ක ගියපු සෙට් එකේ තමයි සර් ඉදලා තියෙන්නේ. මෙයාලා Camp එකෙන් එළියට ඇවිත් මුහුද දිගේ යනකොට, ඈතින් Navy බෝට්ටු (Dora) යනවා දැකලා තියෙනවා. එතකොට කස්තුරිආරච්චි සර්නුයි, තව එක්කෙනෙකුයි කොටයක් බදාගෙන බෝට්ටු යන පැත්තට පීනනවා, Navy එකට හම්බුනොත් එයාලා එක්ක ගොඩබිමේ අනිත් අය බේරගන්න එනවා කියලා. ඒත් කස්තුරිආරච්චි Sir ට ගොඩක් දුර යන්න වෙන්නේ නෑ. මගින් හැරිලා ආයි ගොඩබිමේ ඉතුරු වෙලා ඉන්න දෙන්නා ගාවට යනවා. කොටේ බදාගෙන ගිය අනිත් එක්කෙනා කොහොමහරි Navy එකේ බෝට්ටුවක් ගාවට ළං කරලා බේරෙනවා.

    කස්තුරිආරච්චි Sir එක්ක ගොඩබිමේ ඉන්න 3 දෙනා මුහුද දිගේ ආයෙ පයින් යනවා. ඔහොම යද්දි එකතැනකදි, ජනක කස්තුරිආරච්චි Sir කියනවා අඩි පාරෙන් ගියොත් ඉක්මණට යන්න පුලුවන් කියලා. ඒත් මේ Survivor කියලා තියෙනවා කැලෑවෙන් ගියොත් අපිට හැංගිලා යන්න පුලුවන් කියලා. කොහොමහරි හරි තැනකදි LTTE එක ෆයර් කරද්දි, කස්තුරිආරච්චි Sir අඩි පාරට පැනලා තියෙනවා.. අනිත් දෙන්නා කැලෑවෙන් ගිහින් තියෙනවා. ඊට පස්සේ කස්තුරිආරච්චි Sir ට වෙච්ච දේ ගැන අදටත් ආරංචියක් නෑ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,441
    113
    එළකිරි එකේ හිටපු සෝමපාල සහෝදරයා මිය ගියා කියලා කිත්සිරි මල්ලි ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. සෝමපාල සහෝදරයාට නිවන් සැප ප්‍රර්ථනා කරමු.
     
    BODHIEE

    Active member
  • Nov 23, 2023
    131
    175
    43
    පොරගේ Video එකක් තවම නෑ මචන්. ඇත්තම කථාව, පොරවත් අර කියපු බෝගන්විලා පදුර ගාව දාලා යනවා. පොරව එක්කන් යන එක පට්ට Risk එකක්. මුහුදු වතුරට තුවාල ටික හොද වුණා කියලා කියනවා. පොරගේ කථාව "මරණය මැදින් මුලතිව් සිට" පොතේ තියනවා.
    ඒක නියම පොතක් ලගදි හම්බුවෙලා එක හුස්මට කියෙව්වා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,461
    8,624
    113
    මේ මුලතිව් සටනත් අපිට පේන දේට වැඩිය හැන්ගුන දේවල් තියෙනවා.. වෙනස එකේ එක කතාවක කියනවා SF බහින්න කලින් ගුවන් හමුදාවෙන් බීච් එක අයිනට බොම්බ දාන හිටියේ, හැබැයි කලින් දවසේ එක උනේ නෑ වගේ එකක්..
    ඊට පස්සෙ ගොඩක් අය හයිලයිට් කරන්නෙ කාලතුවක්කු හමුදාවේ හිටිය කපිතාන් කෙනෙක් මේකට ඔත්තූ දුන්න කියලා.. හැබැයි අද වෙනකම් පොර ගැන කවුරුවත් හොයන්නෙ නෑ..
     
    • Love
    Reactions: Sexy Somapala