මට හොඳටම ශුවර් උඹ මේ බාගෙට බාගයක් දාන්නෙ උඹ හදපු කතා කියලා, උඹ මෙතන් උන්ව rage bait කරලා උන් කියන කතා අහලා අතේ ගහනවා. ඇත්ත කියපන්.
උඹට වෙන දේවල් මෙතන වෙන එකෙක්ට තියා ලංකාවෙ වෙන එකෙක්ටවත් වෙන්නෙ නෑ.
නිකන් කියපන්කො මොන පොන්නයද බන් කස්ටර්මර්ට කියන්නෙ ඔයාට ඕක ඕන නෑ, මේක ගන්න කියලා?
පිලිගන්න පුලුවන් පචයක් ගහපන් පොන්නයෝ මිනිසුන්ගෙ වෙලාව කන්නෙ නැතුව.
පච නම් නොවේ මට ශාකාවකින් කිව්වා
මගේ HBB එකේ Account Manager නිතර කියනවා ගැටළුවක් ගැන කියනකොට.
අනුරාධපුරේ මිනිස්සු වෙනස් බන් මෙහෙ ඇවිත් බලපන් මෙහෙ අවොත් උබට වෙයි , වෙන පළාත් වල මෙහෙම වෙන එකක් නැහැ මම එක නිසා වෙන පැත්තකට යන්න ඉන්නේ.Me ubata wena samahara dewal apita wenne nane, anna ekai aula
මම කලින් රු. 6500ක් දීලා 4Mbps පැකේජ් එකක් පාවිච්චි කරේ. ගෙවන ගානට speed ආවේ නැති නිසා මම Corporate Home Broadband (HBB) එකකට මාරු වුණා.උබ ඉතින් දෙදහකට තුන්දාහට unlimited හෙව්වාට හම්බවෙන්නේ නැහැ. අනික බූරූවාට කිව්වා එකවුන්ට් මැනේජර්ට කතා කරන්න කියලා ඉන්ටප්‍රයිස් වලට මරු වෙලා.
හැබැයි ඒකේ හවස 6-12 Internet වැඩ නෑ Slow නොවේ වැඩම නැහැ Internet. මම මේ ගැන දිගටම complain කරා. Account Manager, ගෙදරට ආපු tech team දන්න මල ඉලව්වක් නෑ. උන් කිව්වෙම shared connection නිසා අනිත් අය පාවිච්චි කරද්දි මට speed නැති වෙනවා කියලා. අන්තිමට ආපු team එක "මේ පැත්තට signal වැඩි කරන්න බෑ" කියලා note එකක් දාලා, මට වෙන network එකකට යන්න කියලා backend එකෙන් දැනුම් දීලා තියෙනවා කියලා තාක්ෂනික අංශයෙන් කිව්වේ.
හැබැයි මම එළකිරි එකේම ත්‍රෙඩ් එකක දැකලා මගේ පැකේජ් එකේ QCI configuration ගැන අහලා e-mail එකක් දැම්මා. උන් සති දෙකක් යනකම් reply කරේ නෑ. හැබැයි පුදුමෙකට වගේ ඊට පස්සේ සති දෙකක් තිස්සේ දැන් හවස 6-12ත් කිසිම අවුලක් නැතුව සුපිරියටම වැඩ!
දැන් මට තියෙන ප්‍රශ්න:
- මුන් කලින් signal වැඩි කරන්න බෑ කිව්වේ මොන පදනමකින්ද?
- දැන් එකපාරටම වැඩ කරන්නේ කොහොමද?
තව එකක්: මුන් මුකුත් කරන්නේ නැති නිසා මම Router එකේ Cell Lock කරලා ප්‍රශ්නෙ විසඳගත්තා. අන්තිමට ආපු උන් ඒකට මම එක්ක වාද කරන්න ගත්තා කවුද කියලා දුන්නේ අහලා, ඒ මනුස්සයාගේ නම, ගම, phone number ඉල්ලනවා! මදිවට cell lock කරන්න බැරි වෙන්න router software එක update කරන්න හැදුවා. මම plug එක ගැලෙව්වාම, "දැන් update වෙලා ඉවරයි" කියලා මට හිනා වෙවී ගියා.

