TIN එක ගත්තු පමණින් බදු වාර්තාව දාන්න ඔනේ කියල එකක් නෑ.
PIN එක ගහලා IRD portal එකට log වෙලා බලන්න tax type register වෙලාද කියල. (taxpayer registration -> tax type registration request)
එතන Registered tax type IIT active කියල පෙන්නන්නේ නැත්නම් tax type register වෙලා නෑ. IIT කියලා පෙන්නනවා නම් tax type register කරවලා තියෙන්නේ IRD එකෙන්ම.
tax type register කරවලා නම් තියෙන්නේ ඉලඟට ගිහින් බලන්න Return / Schedule management -> Individual income tax වල මේ අවුරුද්දට return එකක් දාන්න ඇවිල්ල තියනවාද කියල. 2025/2026 කියලා තියනවා නම් return issue වෙලා තියෙන්නේ මේ November 30 ට කලින් return එක දාන්න ඔනේ. මේ දවස් වල tax consultant ලා හොයල වැඩක් නෑ. කවුරුවත් බාර ගන්නෙ නෑ. බාර ගත්තත් November 30 ට කලින් ඕක දාන්න වෙන්නේ නෑ. අනික payment කරන්න september 30 කොහොමත් පැනලා නිසා දඩ වදිනවා. ඒ නිසා හිමීට හොයලා බලලා හරි return එක දාන්න කාලේ අරගෙන.
tax type register වෙලා නැත්නම් අදායමත් අවුරුද්දට ලක්ශ 18ට අඩු නම් මුකුත් කරන්න දෙයක් නෑ.
අදායමත් අවුරුද්දට ලක්ශ 18ට අඩු ඒත් tax type register කරවලා return issue වෙලා නම් nil return දාන්න ඔනේ. youtube video තියනවා ඕක තනියම කරගන්න හැටි.
නොවැම්බර් කියන්නෙ RAMIS එක හොඳටම slow වෙන මාසේ. page 1k load වෙන්න විනාඩි 5-10 යන්න පුලුවන්. ඒ නිසා ඉවසීමෙන් වැඩ කරන්න.