සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා
රැව් පිළී රැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගෙ සවනත වැකෙන තුරා
විඳීන්න දුන් ජීවිතය අරන් මම
විඳවන්න ද මේ භවය පුරා
දෙලොවක් අතරේ සරන ඔබේ සිත
මෙතරම් සසලෙන් නැතුව ඇතී
ඔබ මගෙ මුළු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇතී
විඳීන්න දුන් ජීවිතය අරන් මම
විඳවන්න ද මේ භවය පුරා
භවයෙන් භවයේ අහිමිව හිමිවන
නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමු ද අපි අපේම වූ මතු
භවයක යළි හමුවෙමුයි පතා
විඳීන්න දුන් ජීවිතය අරන් මම
විඳවන්න ද මේ භවය පුරා
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යළි දකින තුරා
රැව් පිළී රැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගෙ සවනත වැකෙන තුරා
විඳීන්න දුන් ජීවිතය අරන් මම
විඳවන්න ද මේ භවය පුරා......
╗ දයාන් විතාරණ ╔

මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
මේ ඉර හඳ යට හමුවී
අද නුඹ කොතැනද අද මා කොතැනද
දන්නේ නෑ නුඹ මටත් හොරා
ජීවන මහ මඟ සටන් වැදී ඇත
නාඳුනනා පෙම්වතුන් වෙලා
දැන හඳූනාගත් කාලේ ඉඳලා
ලබැඳී දයාවෙන් සිටිය නිසා
අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
හෙටටත් කඳූලක් ඉතිරිවෙලා
මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
මේ ඉර හඳ යට හමුවී.....
╗ එඩ්වඩ් ජයකොඩි ╔

මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
ඒක නම් ඇත්ත තමා...ඒත් මම මේ සිංදුව අහලා නෑ...



මේ ඉර හඳ යට හමුවී
ආදරයෙන්
කතා කරපු අය සෙනේ වඩපු අය
ළඟ පාතකවත් නෑ
ඒක නම් ඇත්ත තමා...ඒත් මම මේ සිංදුව අහලා නෑ...
දුර ඈත රටක තනිවී
සිහිවෙන හැම මොහොතක් ගානේ
නෙතඟට කඳුලු පිරේ
එන්න හිතයි ඔබෙ කුටියට
මාගේ කිරිල්ලියේ...![]()
![]()

