මට නුඹෙ ආදරෙ සිහිනයක්දෝ
ඔය ඇස් මට ආදරෙ කියයිදෝ
මගෙ මේ ජීවිතේ ඔබගේදෝ
ඔබෙ හිත මාගේ වෙනවාදෝ
මල් සුවඳ සිප ගන්න උණුහුමට ගුලිවෙන්න හිතයිදෝ
පෙම් සිහිනෙ ඇලවෙන්න ඇස්මානෙ නවතින්න වෙයිදෝ
මේ සිහිනෙ හැමදාම මා ළගම තනියට හිදීදෝ
නුඹ මාගෙ හිත ගාව දගදාන මිහිරාවි නේදෝ
මං නුඹේමයි නුඹ කියයිදෝ
මට ආදරෙන් නුඹ හිදීදෝ
නුඹ මට හීනයක් නොවෙයිදෝ
මට නුඹෙ ආදරේ ලැබෙයිදෝ
උන්මාදෙ දැවටෙන්න හීනෙන් ගමන් යන්න වෙයිදෝ
හසරැල්ලෙ පාවෙන්න හීනයට තටු දෙන්න එයිදෝ
මේ සිහිනෙ හැමදාම මා ළගම තනියට හිදීදෝ
මේ සිහිනෙ ඉගිලෙන්නෙ මිහිරාවියක් වෙන්නෙ කවුදෝ
ඔබ මට ආදරේ දෙනවදෝ
ඇගෙ සිත මාගෙමයි නේදෝ
කෝ මගෙ මිහිරාවි කොයිදෝ මං ඔබේ වෙලා
සිත උමතු වෙලා...