පද පේලි .....

Status
Not open for further replies.
දෙනෙත් අගින් කඳුළැළි පීදේ
සිතට මගේ තව දුක දී...
ආදරේ මටමයි කියා කීවා
කීවා මතකයි දිවුරා එදා
මා හැරදමා ඔබ ගියා

දෙනෙත් පුරා පිරි කඳුලැල් පිටාරයට හසු නොවන්න ....
වියලුනු සිත් සනසවන්න නඳී තරංගා....
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුනි
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳි
පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදි
සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුවත් දිවිබර මට රැඳුනේ
මහ මෙරකට උසයි දරු පෙම හද පතුලේ
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ
මවකට මුවාවී නුඹ වෙත දිවි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණයි දන්නේ
පිය සෙනෙහස නැතිද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ

ටී.ම්.ජයරත්න
(පද මාලාව මාලිනී ජයරත්න)

අම්මාවරුනේ අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කදුළු දකින දා
සුරලොව සිට අතපා
ඒ කදුලැලි පිසිනා
 

අම්මාවරුනේ අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ
දරුවන්ගේ දුක් කදුළු දකින දා
සුරලොව සිට අතපා
ඒ කදුලැලි පිසිනා

නැති බැරි මොහොතතට ...
පිහිටට එන්නේ...
මවුනි පියානනි ඔබ පමනයි....
:cool::cool:
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැති බැරි මොහොතතට ...
    පිහිටට එන්නේ...
    මවුනි පියානනි ඔබ පමනයි....
    :cool::cool:

    බුදුන් ලඟට අපගේ දුක දන්නේ...
    මවුනි පියාණනි ඔබ දෙපලයි....
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මා සිතට අහම්බෙන්
    ඔබ එඹිකම් කල අරුමය රහසින්
    මුළු ලොවට මුවාවෙන්
    සගවා ගන්නෙද මතුදා කෙලෙසින්....
     

    nwnbs

    Member
    විහඟ ගීතය නිහඩ ඇයි...
    කියනු මැන කොඳුරා...

    නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා...
    විහඟ ගීතය නිහඩ සුසුමක නැවතිලා...
     

    nwnbs

    Member
    මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න...
    ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
    ඔබේ නිහඩ බව මට බෑ දරාන ඉන්න...

    විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ...
    කවුළු දොරින් ගෙට එන නිදි නැති අටවක සඳ
    තනි යහනේ සරදම් රටා වියන්නේ...

    විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
    ඔබ මට කියාදුන්න සෙත් කවියක් කියන්න
    නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුනේ...


    -සුනිල් එදිරිසිංහ-
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    ඔබ නොදැක ඉන්න බැරි තරමට
    නුඹ සිතට ඇවිත් හෙමි හෙමිහිට
    ඔබ නොදැක ඉන්න බැරි තරමට
    නෙත ඔබව සොයනවා දවසෙම....
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වළා රොදක සැඟවිලා
    අපේ මියුරු පෙම් කතා
    අසා සිටිනවා
    අසා සිටිනවා

    කඳුලු බිඳු ගලා සඳේ තුරුලතා පුරා
    සියොලඟම සැලී මගේ නොහිම් සීතලේ
    ඔබේ නෙත යදී මහද වියරුවෙන්

    කියඹුවැල් ළිහී ඔබේ මාරුතේ සැලී
    කොපුල්තල ගැටී මගේ සිතුම් සසලවයි
    නිවාලන්න මා ඔබේ සිසිලසින්


    ගායනය: පණ්ඩිත් අමරදේව
    රචනය: කුලරත්න ආරියවංශ
    සංගීතය: ප්‍රේමසිරි කේමදාස
     

    nwnbs

    Member
    දෙතොල් පුරා මුදු සිනා නගන්නෙමු
    දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු
    හදවත් ගැහෙනා රිද්මය අතරේ...
    සිතින් ගතින් එක්තැන්වී ඉන්නෙමු
     

    nwnbs

    Member
    මේ... ඉර හඳ යට හමුවී... ආදරයෙන්...
    කතා කරපු අය සෙනේ වඩපු අය
    ලඟපාතකවත් නෑ...
    මේ... ඉර හඳ යට හමුවී...

    අද ඔබ කොතැනද අද මා කොතැනද
    දන්නේ නෑ නුඹ මටත් හොරා...
    ජීවන මහ මඟ සටන් වැදී ඇත
    නාඳුනනා පෙම්වතුන් වෙලා...

    දැන හඳුනාගත් කාලේ ඉඳලා
    ලබැඳි දයාවෙන් සිටිය නිසා...
    අප වෙනුවෙන් අප නමින් හෙළන්නට
    හෙටටත් කඳුලක් ඉතිරි වෙලා...


    -එඩ්වඩ් ජයකොඩි-
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos

    Day after day
    Time pass away
    And I just can�t get you off my mind
    Nobody knows ... I hide it inside
    I keep on searching but I can�t find
    The courage to show ...
    To letting you know ...
    I�ve never felt so much love before
    And once again I�m thinking about
    Taking the easy way out ...

    Night after night
    I hear myself sayin�
    Why can�t this feeling just fade away?
    There�s no one like you ...
    You speak to my heart...
    It�s such a shame we�re worlds apart ...
    I�m too shuy to ask ...
    I�m too proud to lose
    But sooner or later I gotta choose
    And once again I�m thinking aboutTaking the easy way out ...
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අශෝක වනයේ පලවැල නෙලලා
    පිටදිය අගලින් මානෙල් පලදා
    සිංහ පාදයට පහනක් තබලා
    සීගිරියට එනු මැන සොදුරේ
    සැමට හොරා එනු මැන අදුරේ
     

    nwnbs

    Member
    මුතුකුඩ ඉහලන මල් වරුසාවේ...
    උඩ ඉගිලෙන විට වැහිළේණී
    එබී බලා රිය කවුලු දොරින්
    යටගිය දවසේ...දෑස ගියා ඉගිලී...
     

    nwnbs

    Member
    නෙලන්න බැරි දුරින් පිපී
    කියන්න දුක රැඳී ඇවිත්
    පවන් රොදේ...

    අසන්න දුක බලා ඉමී
    රැඳෙන්න ඒ බිමෙන් මිදී
    මගේ ලොවේ...


    විලක රැයේ පිපෙන මලේ
    කඳුළු සඟවලා...

    නැගෙන සඳේ කිරණ ලෙසේ
    ගලමි රැය පුරා...

    හිරු ලා
    ...

    ඉවුරු දිගේ යනෙන අපේ
    හඬන හිත නිවා...

    ගලන ගඟේ කඳුළු ඉමේ
    පැතුම ඇත බලා...

    යුලා...

    -දීපිකා ප්‍රියදර්ශනී / කරුණාරත්න දිවුල්ගනේ-
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට
    දෙන්න ඔබේ එක සිනා පොදක්
    හඬාවැටෙන්නට ලොවට හොරෙන් මට
    දෙන්න අපේ මතකයෙන් බිඳක්
     

    thilan##

    Well-known member
  • Feb 21, 2009
    2,343
    51
    48
    36
    Kurunegala
    සිහිල් සුළං රැල්ලේ
    ඔබේ සුවඳ මුසු වේ
    ආදරයේ මද සිනිඳු පහස ලැබ
    හදවත දළු සෙලවේ...

    සුදු වැලි කතරේ පිපුණු මල වගේ
    ලොව්තුරු රස ගංඟා....
    ඔබෙ ආදරේ වරුසා වැහැලා
    කතර දෙව්ලොවක් වේ....

    සීත හිමව්වේ කඳුගැට අතරේ
    සෙනෙහස දිය දහරා....
    ඈත හිමේ කඳු අතරේ පායන
    අමා සුවය පැතුවේ....
     
    Last edited:
    Status
    Not open for further replies.