පද පේලි .....

Status
Not open for further replies.

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පෑ ලයාදර හැඟුම් කොහිදෝ
    මා මුලාවේ දැමුවාවත් දෝ
    පෑ ලයාදර හැඟුම් කොහිදෝ
    මා මුලාවේ දැමුවාවත් දෝ
    විශ්වාසය නැති තැනක
    ආදරයක් පවතී දෝ
    කාලයට ඉඩදී අපි බලා
    අපි බලා ඉමුකෝ
    කෝ ඔබේ ඒ පොරොන්දුව කෝ
    මා රැවටුනා රැවටුනාවත් දෝ

    ~ නදීක
     
    Jan 15, 2009
    9,238
    368
    0
    උදා ලා හිරු එන පැයේ
    සුදෝ සුදු පැහැයෙන් සැදී
    එදා පාසැල් වියේදී
    දුටු දිනේ මතකයි සදා
    කල්පනා...කල්පනා...

    මැවී පිවිතුරු පෙම් සිනා
    බැඳී කුළුදුල් ප්‍රේමයේ
    නදී තෙරදී අප එදා
    හමුවුණා මතකයි නගේ
    කල්පනා...කල්පනා...

    ගෙවී කාලය ඉගිලිලා
    බිඳී සෙනෙහස ඉරිතලා
    ලිහී වෙනතක යාවෙලා
    තනිකලේ ඇයි මා සදා
    කල්පනා...කල්පනා...

    - වික්ටර් රත්නායක

     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    මදුමතියේ මදුමතියේ
    සද ගාව සදලු තලේ
    මදුබදුනේ සද දියවේ
    සදපාන ඔබෙ කොපුලේ
    මදුමතියේ ඔබම තමා
    තරු රෑන ගගනතලේ
    තද බද වී හද පිපෙනා
    මදු මල වන් මදුමතියේ

    රෑ අදුර සදා මදුරයි
    හද මැදුර සදා සුවදයි
    ඒ සුවද මගේ සුසුමයි
    ඒ සුසුම ඔබේ නමටයි


    මාගේ ආදර මදුමතියේ
    ඔය සිරුරේ සිත සැතපේ
    මාගේආදර බර සිහිනේ
    ඔබෙ පහස පතා වැලපේ..

    #රනිදු#



     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සුළං සැරට හීං සැරේ එකතු වෙලා අපේ පැතුම්
    එක මොහොතක පහන් රැසක
    ආලෝකය ඒ වේවි උතුම්
    එකම සිතින් දෝතට ගත් ආලෝකය ගලා යන්න

    එහා ඉවුරෙ රිද්මය හා ඔබත් අනේ එකතු වෙන්න
     
    • Like
    Reactions: sandun thilaka

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    තාරුකා නිවා
    දුර ඈත තනිවෙලා
    කොහේ ගියාද දිව්‍යාංගනා
    ජීවිතේ කියා
    පෙරදාක රැවටිලා
    මගේ නොවේද දිව්‍යාංගනා
    නික්මීනොයා
    මහදේ දොර වසා

    හදේ රැදෙන්න දිව්‍යාංගනා

    ළංවී ඉඳින්න දිව්‍යාංගනා

    අජිත් බණ්ඩාර
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සඳ රෑ සිහිනයේ රැඳෙනා දිගැසියේ
    කල්පනා මීවිතේ පිරුණා ආදරේ

    කඳූලැල් පියන් වසනා වෙලේ
    හඬනා යුග නෙතූ
    තවරා කසුන් හසකැන් දොවා
    ලංවී හද පිදූ
    සරසා ආදරෙන් තනිවී ඒ රැයේ

    සඳ රෑ සිහිනයේ රැඳෙනා දිගැසියේ
    කල්පනා මීවිතේ පිරුණා ආදරේ

    දහවල් පැයේ යනෙනා මගේ
    දකිනා සැම නෙතින්
    රැකවල් හෙලා ගෙනෙනා තුරා
    සුරතේ රැඳී අතින්
    සැඟවී වෙන්වෙලා තනිවී ඒ රැයේ

    සඳ රෑ සිහිනයේ රැඳෙනා දිගැසියේ
    කල්පනා මීවිතේ පිරුණා ආදරේ...

    - ගුණදාස කපුගේ


     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ආදරේ පිණි පොද වැස්ස සේ..
    පෙම්වතුන්ගේ රිද්මයට
    ආදරයේ පියවර තියන්න..
    ඔබත් එක්ක තුරුල් වෙලා තෙමෙන්න..
    සිහිල් සුලන් රැල් මට විඳින්න..
    ඔබෙන් එක මොහොතක් මට දෙන්න..
    ඔබෙන් එක මොහොතක් මට දෙන්න..
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මුලු ලොව මගෙන් අසාවී
    ඔබ ගැන කුමක් කියම්දෝ
    මගෙ සිත මගෙන් අසාවී
    ඔබ ගැන කුමක් කියම්දෝ

    මට වේදනා නොදුන්නැයි කීවත් කුමක් කියයිදෝ
    ඔබ මට දුකක් නොවීයැයි කීවත් කුමක් කියයිදෝ
    මා හද ලෙයින් ලියූවත් ලොව මට කුමක් කියයිදෝ

    ඔබ ගැන කීවා නොකීවත් මිනිසුන් සිනා නොවෙයිදෝ
    ඔබ නිවැරදියි කියූවත් මිනිසුන් කතා නොවෙයිදෝ
    ඔබ යළි මගේම වූවොත් ලොව මට කුමක් කියයිදෝ

    මුලු ලොව මගෙන් අසාවී
    ඔබ ගැන කුමක් කියම්දෝ
    මගෙ සිත මගෙන් අසාවී
    ඔබ ගැන කුමක් කියම්දෝ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සිල් ගත් දෝතට පියුම් පිපෙනවා
    පිං හිත පුරහඳ බුදුන් වදිනවා
    මිත්තණියේ ඔබ සිල් රෙදි පොරවා
    පන්සල් ගිය හැටි හිතේ මැවෙනවා

    dedicated song:)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සිල් ගත් දෝතට පියුම් පිපෙනවා
    පිං හිත පුරහඳ බුදුන් වදිනවා
    මිත්තණියේ ඔබ සිල් රෙදි පොරවා
    පන්සල් ගිය හැටි හිතේ මැවෙනවා

    dedicated song:)

    :(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බුදු බණ කීව්වත් නිරතින්තරේ
    බුදු බණ ඇසුවත් නිරන්තරේ
    ගතිගුණ අතින් අපි තවමත්
    වනන්තරේ වනන්තරේ

    බෝසත් ගතිගුණ පිහිටන්නේ නැති
    ගතියක් අපි හට ඇතිවද මන්දා

    මේ තරමට බුදුබණ අහනා රට
    දින දින පිරිහෙන කරුමය මන්දා

    එඩ්වර්ඩ්
    ||චරිතා

     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පෑදි දියේ
    ඔබෙ නිර්මල හදවත විනිවිද දකින්නම්
    *** කොනේ
    හඳ පානේ නටන වීදුරු මල් නෙලන්නම්
    පායනා තුරූ ඔබේ නුවණ් තරු
    පෙරුම්පුරා දිනූ ඔබේ උතුම් හදේ
    ආදරබර වස්තුව වෙන්නම්

    රජීව් සෙබෙස්තියන්

     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,949
    12,284
    113
    Behind u :p
    මං ඇහැව්වා හොරෙන් හදවතින්
    මම ඇත්තට ඔයාට ආදරේදෝ කියා
    මට හදවත කිව්වා තව පොඩ්ඩක්
    කල්පනාකලොත් හොදයි කියා
    මම පැත්තකට උනා
    හදවත කීදේ ගැනම සිතා
    හද පැත්තකින් තබා
    ඔයා ගැනම කල්පනා කලා...
     

    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදි විදුලිය පඹා...........
    රන් රසේ එක් වන ලෙසේ වෙණ නාදනූපා තබ තබා.....


    ඉතුරු ටික මතක නැතෝ :(
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙලදිදී විදුලිය පබා
    රන් රසේ එක්වන ලෙසේ වෙණ නාද නූපා තබ තබා
    කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා
    මං කෙසේ පවසමි එසේ වර සුර ළදුන් දුන් රඟ සොබා

    පුන් මදාරා මල් දමින් යුතු දිගු සුනිල් ගොතා
    මන් නදා කිතුලිය ලෙසින්උර තුර සරා දිලි මුතු ලතා
    මන් නදා වන මිණී මෙවුල් නද වෙණ නදින් එක්කොට ඉතා
    උන් එදා දුන් රඟ දුටොත් තව සක් සැපත් කවරෙක් පතා

    පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මෙන් මන් බැඳේ
    ලඹ සවන් දිගු රන් පටින් දන නෙත් නුවන් බඳීමින් තදේ
    මද පවන් වැද ලෙළ පහන් සිළු මෙන් රැදුම් දෙන රන් බඳේ
    දෙවි වුවන් රූසිරි නුවන් බඳූ බඹ වුවත් දැහැනින් මිදේ
    බඳූ බඹ වුවත් දැහැනින් මිදේ....

    සඳුන් කර්ටසී
     
    Jan 15, 2009
    9,238
    368
    0
    ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
    යළි ඔබ සවනේ
    නොරැඳී නොගැටී
    සුළඟේ මිලින වුණාවේ

    දවනු දැනේ සිසි කිරණ පවා
    සිසිල නොදේ මද පවන පවා
    ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
    ඔහුගේ නම රැඳූනාවේ

    සුවඳ දැනේ ඔබෙ උදය හවා
    කඳූළු නැගේ නෙත රැයද දිවා
    ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ
    ඔහුගේ නම රැඳූනාවේ

    ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
    යළි ඔබ සවනේ
    නොරැඳී නොගැටී
    සුළඟේ මිලින වුණාවේ...

    - මිල්ටන් මල්ලවාරචිචි


     
    Status
    Not open for further replies.