පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මල්ලියනේ ඇයිද මෙසේ මිය යන්නේ
මල්ලියනේ ඇයිද සෙමින් මිය යන්නේ
නිල් රතු කහ දම් පාටින් බොඳවුණු
සැලෙන වැනෙන පොල් මල් වැණි සෙවණැලි
රැක ගෙන ඉන්නා සේ
බිලි ගන්නට ඔබෙ ජීවෙ
මල්ලියනේ ඇයිද මෙසේ මිය යන්නේ

සංගීත කලා ක්‍රීඩා මත වැජඹුනු
පාසල් කළ සිට උඹෙ මිතුරන්

ඉවතදමා අද තාච්චි බට ඉටිපන්දම් සිරිංජ කිට්ටු කරන්
අදිනා විට නුඹ නාහෙට ඔය විස
හඩනා හදවත් හැරිල බලන්
විදිනා දුක් අම්මා පවුලේ සැම බලන්න බෑ හද පැලෙන තරම්

හත්පෙති කොළ උරලා ඇරඹු දිවි
ඇත්දැයි වී මත් ලෝලි වෙලා
බිත්ති දිගේ බඩ ගානව හිරගෙයි යකඩ කූඩු තුල මට්ටු වෙලා
අදිනා දුම් උගුරේ මරැ විසනේ
ගසනා කටු තුල ඇති මරණෙ
රැවටෙන්න එපා මල්ලියෙ මාගේ බිලි දෙන්න එපා වටිනා ජීවේ

මල්ලියනේ ඇයිද මෙසේ මිය යන්නේ
මල්ලියනේ ඇයිද සෙමින් මිය යන්නේ

පෙරදා තිබු ඒ කෙලිළොල් මුහුණේ
හොටු කබ කඳුළින් කිළුටුව වැනසේ
ජේත්තු විලාසිතා හැඩ එකලේ කඩමලු වැරිහල් වී ‍මෙකලේ
ඊයම් කොලයේ උයනා පිහනා
විසකුරැ මරැවා අදිනු එපා
ආදරයෙන් නුඹ හැදු වැඩු මා පිය දෙදෙනා අකලේ මරනු එපා

මල්ලියනේ ඇයිද මෙසේ මිය යන්නේ
මල්ලියනේ ඇයිද සෙමින් මිය යන්නේ

-ජයශ්‍රී-
 

ac2000

Member
Oct 10, 2008
34,134
647
0
ලෝකෙ එහා කොනේ
මට කොත්තුත් ඕනේ
මට lime නුත් ඕනේ
සම්බෝල ටිකක් උඩින් දාල
Cheese ටිකක් යටින් දාල
ගේන්න මල්ලි දැන්

මට පිට්ටු කන්න බෑ
මට ආප්ප කන්න බෑ
මට උදේ කාපු බත් එක දැන් ආයිත් කන්න බෑ
කෑම කඩේ වහල හින්ද ඒකෙ කොත්තු නෑ
ඔය foreign කෑම කාල මට ගෙදර යන්න බෑ

එදා ගිහින් කොත්තු කාල මයිලො බීල
මාර වැඩේ ත්‍රී wheel එකෙ ආතල් එකෙ නිදියනකොට
වේටර් අයියා තට්ටු කරානෙ මගෙ ඔලුවට බිල ගෙවන්න
Purse එක නෑ මගෙ ලග දැන් පුලුවන් නන් credit දෙන්න

ඔන්න මචන් ඕකට මල ඌ set වෙයි මට ගහන්න
ඇදපන් දැන් ත්‍රී wheel එක වැල්ලවත්තෙ beach එකට
මාර වැඩේ petrol නෑ shape එකේ මාරු වෙන්න
අද නන් මට ඉන්න වෙන්නෙ කුරුඳුවත්තෙ පොලීසියේ

මට කොත්තුත් ඕනේ
මට lime නුත් ඕනේ
සම්බෝල ටිකක් උඩින් දාල
Cheese ටිකක් යටින් දාල
ගේන්න මල්ලි දැන්
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
නෙතු ගැටුණු සැනින නුඹගේ
හුරු පුරුදු බවකි දැනුණේ

දුර ගෙවා පැමිණි සසරේ
හමු වුණේ කොතැන සොඳුරේ

සඳ නැගුණු අහස් වියනේ
තරු එළිය ලොවට නොපෙනේ

සඳ මැකුණු අඳුරු අහසේ
තරු එළිය පමණි සහනේ

මල් සුපිපි වසත් උයනේ
කටු කරඹ මලක් නොපෙනේ

ගව් ගණන් ඇදෙන සුළඟේ
මල් සුවඳ දුරක දැනුණේ

ක්‍රිශාන්ත|| දිනෝද්‍යා යාපා

තෑන්ක්ස් සදුන් ෆෝර් සෝන්ග්
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහිවී නැගිටින්නේ
    පූජාසනයේ ඔබ හිඳුවා


    :rolleyes:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ
    ඒ මතකය විතරයි....
     
    • Like
    Reactions: X men
    Jan 15, 2009
    9,238
    368
    0
    අපේ ජීවිත මේ මහ සාගරේ
    ගෙවිලා යනවා අයියේ
    ඔරු පාරුවලයි රෑ එළිවෙන්නේ
    කරුමේ නේ මල්ලියේ.. :nerd:
     
    Jan 15, 2009
    9,238
    368
    0

    හිරු විකසිතවී මියයන පොළොවේ
    එළිය අඳූර සම සමව බෙදයි
    ගත පනනල වන් රුධිරය මවුගේ
    කිරට හැරී කුසගිනි දුරලයි

    සුමුදු වදන් සවනත පාවේ
    බිළීඳූ ඔබේ තුරුලේ සැතපේ
    ලෝකය බිහිකල මවුනි මගේ
    නුඹේ නමට මුළු ලොවම වඳියි
    මුළු ලොවම වඳියි

    හද මඬලේ සෙනෙහස් කඳූලින්
    සුදු බුදුරැස් විහිඳූනි අහසින්
    එවන් මහිමයක් ලොවට උදාකළ
    මවුනි ඔබට මුළු ලොවම ගැතියි
    මුළු ලොවම ගැතියි

    හිරු විකසිතවී මියයන පොළොවේ
    එළිය අඳූර සම සමව බෙදයි
    ගත පනනල වන් රුධිරය මවුගේ
    කිරට හැරී කුසගිනි දුරලයි
    ...

    - අසංක ප්‍රියමන්ත
     
    Jan 15, 2009
    9,238
    368
    0
    සමණළ මුදුනේ සිරිපද සිඹ සිඹ
    උදා ඉරක් පායයි
    සැනසිලි සුවදෙන නවමල් සුවඳීන්
    දැහැමි දැයක් පිබිදෙයි
    දැහැමි දැයක් පිබිදෙයි

    කුල මල දන බල නොතකන හෙළදැය
    සුදු බුදුරැස් පැතිරෙයි
    සමමෙත් කරුණා බුදුබණ පදයක
    සිහිලෙන් රට සැනහෙයි
    සිහිලෙන් රට සැනහෙයි

    මිනිසා මිනිසෙකු විලසින් එළඹෙන
    නවයුගයක් ඇරඹෙයි
    තුන්සිංහලයම අත්වැල් බැඳගෙන
    නිවහල් සුවය විඳීයි
    නිවහල් සුවය විඳීයි


    සමණළ මුදුනේ සිරිපද සිඹ සිඹ
    උදා ඉරක් පායයි
    සැනසිලි සුවදෙන නවමල් සුවඳීන්
    දැහැමි දැයක් පිබිදෙයි
    දැහැමි දැයක් පිබිදෙයි..

    - ජෝති දුටු සිහිනයක් :dull:
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
    මගෙ සිහිනෙන් මා මුදන්න ලන් නොවන්න
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඇත්තම ඔහෙට කියන්නම්
    ඔයා එය පිලිගන්නවා නම්
    මිතුරෙක් අඩගැහුවා පොඩි අඩියක් ගැහුවා
    ඕකත් ලොකු වරදක්ද

    අඩෝ... :growl: උඹට අපි අඬ ගැහුවම තමා එන්න බැරි..:angry:. හරි හරි... :oo: බොට අද කී පාරක් කෝල් කලාද... :angry: :rofl::P
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    මේ තරම් විසල් අහසක් තරුවලින් වහන්නට බෑ
    ඒ වගෙයි මගේ හැගුමත් තරුවලින් ගනින්නට බෑ
    නෙත් පියවෙනා තුරා කොහොම කියන්නද මමත්
    ඒ නිසා ඒ වගේ අහසක් වෙන්නෙපා ඔබත්.....................
     
    Jan 15, 2009
    9,238
    368
    0
    තුන්හෙළේ කෑළෑ තුළ සිංහ පැටවු
    නැත උන් රට අතැර ගොසින්
    කොටුකර යදැළින් ඇති සිංහ පැටවු
    විළිවැද යති දැක හෙළයන්

    සරු දෙරණ මකා තණ කබළ කකා
    සිංහයෝ සිඟති එතෙරින්
    සිහරදුනට දාවූ සිංහ පැටවු
    තුටුවෙද අනුනගෙ ඉඳූලින්

    අප ධජයේ ඉන්නා සිංහ පැටවු
    පැන යන්නට පෙර මෙරටින්
    පිටරටුන් දොරින් දොර සිඟා නොකා
    සිත අලස සුවය දුරරින්


    තුන්හෙළේ කෑළෑ තුළ සිංහ පැටවු
    නැත උන් රට අතැර ගොසින්
    කොටුකර යදැළින් ඇති සිංහ පැටවු
    විළිවැද යති දැක හෙළයන්...

    - නන්දා මාලිනි

     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    මේ අන්ධකාර රාත්‍රියේ ඔබේ නීල දෑස පායලා
    අවදි කරයි නිදා සිටින අතීතයක්
    නිදා සිටින අතීතයක්

    ප්‍රථම ප්‍රේමයේ සොඳුරු සැමරුම් සිත් මඬලේ ඇන්දෙයි
    ජීවිතයේ සුභ ප්‍රාර්ථනා පොකුරු පොකුරු මැඬලෙයි

    මේ අන්ධකාර රාත්‍රියේ ඔබේ නීල දෑස පායලා
    අවදි කරයි නිදා සිටින අතීතයක්
    නිදා සිටින අතීතයක්

    මතක පොතේ අන්තිම පිටු අතරේ හංස ගීය ලියැවෙයි
    ඔබේ සුවඳ රැඳි මාරුතයයි ජීවිතයම කැළඹෙයි

    මේ අන්ධකාර රාත්‍රියේ ඔබේ නීල දෑස පායලා
    අවදි කරයි නිදා සිටින අතීතයක්
    නිදා සිටින අතීතයක්

    අමරසිරි පීරිස්
    තනු නිර්මාණය සහ සංගීතය - ඩෙනිස්ටර් පෙරේරා


    :love::love::love::love:
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව
    මගේ අවසන් සුසුම පමණද
    අවැසි ඔබ හට මා දකින්නට

    වසර ගණනක යොදුන් ගණනක
    ගමන් මග අප ගෙවා ඇත්තෙමු
    තරුවියන් යට කුසුම් පෙති මත
    දෑත් පටලා ඇවිද ඇත්තෙමු
    එහෙත් සුහදිනි
    මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව

    මිලින කුසුමෙක මිලින සිහිනෙක
    මගේ සිහියද සැඟව ගත්කල
    සිතනුමැන ඔබ ඔබට අවනත
    හදක් මිහිමත මෙතෙක් රැඳි වග
    එහෙත් සුහදිනි
    මගේ සෙනෙහස මෙතෙක්වේ යැයි
    මනින්නට ඔබ උගෙන නැත තව...


    - සුනිල් එදිරිසිංහ
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    "But it doesn’t mean anything
    Now that you’re gone
    From above,
    Seems I had it all
    But it doesn’t mean anything
    Since you’re gone"


    32 Alicia Keys - Doesnt Mean Anything
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    පය ලිස්සා යයි සඳ එළියේ පරිස්සමින් පා තබන්න කුමරිය
    විල්තෙර නල සිලි සිහිලයි කුමරුනි වෙලන්න මා ගත සඳ රැස් දහරින්

    නිල්මිණි තරු සඟළක් වලා රොදක තුරුලේ සැඟවෙනවා
    ඔබේ නුවන් දැක ලැජ්ජාවෙන්
    නොඉඳුල් සුරතල් දිය දහරක් හිනැහී හිනැහී ගලා බසිනවා
    කුමරුනි ඔබගේ ප්‍රේමය වන්

    පය ලිස්සා යයි සඳ එළියේ පරිස්සමින් පා තබන්න කුමරිය
    විල්තෙර නල සිලි සිහිලයි කුමරුනි වෙලන්න මා ගත සඳ රැස් දහරින්

    නිසසල වන අරණේ දැනෙන මුදු සිසිලස තුරු සෙවනේ
    ලොවේ කුරිරු මිනිසත් දෙරණේ
    නිදිනා රාවේ නෙතු බැලමෙන් හිංසක රළු මිනිසුන් ඇසුරෙන්
    දුක නිවු ප්‍රේමයෙ යගුළු ගුදම්

    පය ලිස්සා යයි සඳ එළියේ පරිස්සමින් පා තබන්න කුමරිය
    විල්තෙර නල සිලි සිහිලයි කුමරුනි වෙලන්න මා ගත සඳ රැස් දහරින්


    අමරසිරි පීරිස් සමඟ සහේලි රෝචනා
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    රෑ සීතලේ සැලී සැලී හැඟුම් අවදි වේ
    I love you I love you මම ඔබට ආදරෙයි
    I love you

    නොලද පියවි ලොවේ සතුට සිහින ලොවේ
    රැඳෙන අයුරු බලා එන්න මා සොයාලා
    I love you

    රෑ සීතලේ සැලී සැලී හැඟුම් අවදි වේ
    I love you I love you මම ඔබට ආදරෙයි
    I love you

    ජය පැන් බිබී පැතූ සුවේ තුරුමල් පිපී මැවේ මැවේ
    හස රැල් ජලාසේ ගිලීලා රණහංස ගී අසාලා
    දෙතොල දෙතොල යාවේ
    මී පැණි පිරීලා
    I love you

    රෑ සීතලේ සැලී සැලී හැඟුම් අවදි වේ
    I love you I love you මම ඔබට ආදරෙයි
    I love you

    මුල් ගායනය එච්.ආර්.ජෝතිපාල සමඟ ඉන්ද්‍රාණි පෙරේරා
    නව ගායනය ඉන්ද්‍රාණි පෙරේරා සමඟ සුරේන්ද්‍ර පෙරේරා

    සංගීතය - කලාශූරී ස්ටැන්ලි ඕමාර්
     
    Status
    Not open for further replies.