මල්ලියනේ ඇයිද මෙසේ මිය යන්නේ
මල්ලියනේ ඇයිද සෙමින් මිය යන්නේ
නිල් රතු කහ දම් පාටින් බොඳවුණු
සැලෙන වැනෙන පොල් මල් වැණි සෙවණැලි
රැක ගෙන ඉන්නා සේ
බිලි ගන්නට ඔබෙ ජීවෙ
මල්ලියනේ ඇයිද මෙසේ මිය යන්නේ
සංගීත කලා ක්රීඩා මත වැජඹුනු
පාසල් කළ සිට උඹෙ මිතුරන්
ඉවතදමා අද තාච්චි බට ඉටිපන්දම් සිරිංජ කිට්ටු කරන්
අදිනා විට නුඹ නාහෙට ඔය විස
හඩනා හදවත් හැරිල බලන්
විදිනා දුක් අම්මා පවුලේ සැම බලන්න බෑ හද පැලෙන තරම්
හත්පෙති කොළ උරලා ඇරඹු දිවි
ඇත්දැයි වී මත් ලෝලි වෙලා
බිත්ති දිගේ බඩ ගානව හිරගෙයි යකඩ කූඩු තුල මට්ටු වෙලා
අදිනා දුම් උගුරේ මරැ විසනේ
ගසනා කටු තුල ඇති මරණෙ
රැවටෙන්න එපා මල්ලියෙ මාගේ බිලි දෙන්න එපා වටිනා ජීවේ
මල්ලියනේ ඇයිද මෙසේ මිය යන්නේ
මල්ලියනේ ඇයිද සෙමින් මිය යන්නේ
පෙරදා තිබු ඒ කෙලිළොල් මුහුණේ
හොටු කබ කඳුළින් කිළුටුව වැනසේ
ජේත්තු විලාසිතා හැඩ එකලේ කඩමලු වැරිහල් වී මෙකලේ
ඊයම් කොලයේ උයනා පිහනා
විසකුරැ මරැවා අදිනු එපා
ආදරයෙන් නුඹ හැදු වැඩු මා පිය දෙදෙනා අකලේ මරනු එපා
මල්ලියනේ ඇයිද මෙසේ මිය යන්නේ
මල්ලියනේ ඇයිද සෙමින් මිය යන්නේ
-ජයශ්රී-

උඹට අපි අඬ ගැහුවම තමා එන්න බැරි..
. හරි හරි... 