පද පේලි .....

Status
Not open for further replies.
Jan 15, 2009
9,238
368
0
ඈත නීල අහසේ පාට දේදුනු දහසක් පායාලා
මාගේ ජීවිතේ සැණකෙළියක් වාගේ
ඒ ආදරේ...
විකසිත වත කමලේ නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ සිත සිතුවිලි සසැලේ
ළඳුනේ මා පතනා සිහිනේ හද සැළුණා
...
 

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මේ අඳුරු රාත්‍රියේ
    අඳුරේ බියෙන් තනිවී
    හඬන් සිතින්
    සඳක් ලෙසින් ඔබ ඒවිදෝ...
    -නදීක ජයවර්දන-
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කියුටිකිරා මුව තවරන රුවැත්තී
    බෝවිටියා පාට මුවින් කොඳ හසලන මුවැත්තී
    රනේ රුවට වාත්තුවෙන් කළ රූ ඇති සිඟිත්තී
    බලාගෙනයි යන එන මඟ අඳූර වැඩියි සිතැත්තී
     
    Jan 15, 2009
    9,238
    368
    0
    මිහිදුම් සළුතිර පැළඳි නමුණුකුල
    සෙවණැල්ලේ මුළු ලොවින් සැඟව ගමු
    නිකෙළෙස් හද බැඳී විකසිත ආදර
    තේමා ගීතය එක්ව ගයන්නට...
     
    • Like
    Reactions: KHz

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    හද සල්ගසේ එතෙනා වැල මෙසේ ලියලාදෝ
    වැල සල් ගසේ එතිලා මල් පිපී හිනැහේදෝ

    අහසේ වළාවෙන් දිනිඳා වැසේදෝ
    නොසිතූ විලාසෙන් අඳූරේ ගිලේදෝ
    අස්ථිර මේ ලෝකේ ආලේ ද සිහිනේකී

    ගංගා ජලේ ගලනා සයුරේ පාවේදෝ
    හද සල් ගසේ එතෙනා වැල මෙසේ ලියලාදෝ

    එළඹී වසන්තේ කෙවිළී හඬයිදෝ
    බඳිනා කැදැල්ලේ සුවසේ වෙසෙයිදෝ
    අසමාන ආශාවෝ රෑ පේන සිහිනෙකී

    සන්සුන් පැතුම් පතනා නුදුරේ ඉටුවේදෝ

    වැල සල් ගසේ එතිලා මල් පිපී හිනැහේදෝ

    - ආදරණීය ජෝති
    - සුජාතා අත්තනායක


    සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
    නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ
    සැලී වෙලී දෙගොඩ තලා
    ගඟක් ගලයි සයුර බලා
    මුහුදට හාවී ගඟ හාදු පුදාවී

    මී අඹ දළු සිලි සිලි ගා නටන්නේ
    කාටද මේ කාටද අත වනන්නේ
    මල වටකර වන බඹරිඳු බමන්නේ
    මදු රස දැනිලාද මෙසේ රඟන්නේ
    පිල් විදහා රණ මයුරා
    රන් රැඟුමක් පා මියුරා

    ඒ දුටු මයුරි
    බලයි සතුටින් ඉපිලී

    සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ
    නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ
    සැලී වෙලි දෙගොඩ තලා
    ගඟක් ගලයි සයුර බලා
    මුහුදට හාවී ගඟ හාදු පුදාවී

    සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ



    ජේ.ඒ.මිල්ටන් පෙරේරා / මල්ලිකා කහවිට
     
    • Like
    Reactions: RuwinRTY

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    සින්දිගුරු ඇවිත් සිංදු කිය කියා
    සෙංකඩගලපුර වැව් තෙර වටා සරනවා

    කල්‍යාණ වීදියේ දොර කවුළු විවර වේ
    පුර ලඳුන පාද කිකිණි නාද දේ
     

    Alex Mercer

    Member
    Aug 29, 2009
    3,647
    81
    0
    Nowhere


    With so much drama in the industry
    Hip Hop Police are listening
    Be careful or you'll be history
    Looks like another unsolved mystery
    It's murder, murder, murder
    Ah it's murder, murder, murder
    Yeah it's murder, murder, murder
    Somebody tell em it's murder
    Murder was the case and they blamed me.
    :lol:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    we are the crowd, we're c-coming out
    got my flash on it's true, need that picture of you
    it's so magical, we'd be so fantastico
    leather and jeans, garage glamorous
    not sure what it means but this photo of us
    it don't have a price, ready for those flashing lights
    'cause you know that baby I

    I'm your biggest fan
    I'll follow you until you love me, papa-paparazzi
    baby, there's no other superstar
    you know that I'll be your papa-paparazzi
    promise I'll be kind, but I won't stop until that boy is mine
    baby you'll be famous, chase you down until you love me
    papa-paparazzi

    I'll be your girl backstage at your show
    velvet ropes and guitars, yeah 'cause you're my rockstar
    in between the sets, eyeliner and cigarettes
    shadow is burnt, yellow dance and we turn
    my lashes are dry, purple teardrops I cry
    it don't have a price, loving you is cherry pie
    'cause you know that baby I

    I'm your biggest fan
    I'll follow you until you love me, papa-paparazzi
    baby there's no other superstar
    you know that I'll be your papa-paparazzi
    promise I'll be kind but I won't stop until that boy is mine
    baby you'll be famous, chase you down until you love me
    papa-paparazzi

    real good, we dance in the studio
    snap snap, to that shit on the radio
    don't stop for anyone
    we're plastic but we still have fun

    I'm your biggest fan
    I'll follow you until you love me, papa-paparazzi
    baby there's no other superstar
    you know that I'll be your papa-paparazzi
    promise I'll be kind but I won't stop until that boy is mine
    baby you'll be famous, chase you down until you love me
    papa-paparazzi


    ෆල් සොරි 4 ඔල් දෙස් හු කොල් දෙම් සෙල්ෆ් අස් සෙලෙබ්:sorry:
    ,
    මට akon මතක් උනා​
     
    Last edited:

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල් රේණුවෙන් රේණුවම ඉම්බා
    ඔබ දන්නෙ නෑ
    ඔබ දන්නෙ නෑ
    සිත බිඳුන දා
    තරු කඩා වැටුණා
    මම ඉකි ගසා හැඩුවා
    කුමුදිනිය පෙති ලිහී
    බොළඳ මගෙ හිත රිදී
    ඔබ දන්නෙ නෑ
    ඔබ දන්නෙ නෑ
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    chrishanthie akki my name is khan baluwada ? :)
    mama baluwa
    its sad needa :(
    endin is k :)


    Ha maine dekha. Bohoth achchi film hai. Shabaash !!

    Ow mama eeye thamai baluwe.
    SRK's acting should win him an award, don't you think ? But I think the end is a bit silly, I mean, meeting the president ??

    MY NAME IS KHAN, AND I AM NOT A TERRORIST
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සිනා දොලක් වන් සිනාමලී
    මල්වර නැකතින් දොරට වඩින සුදු සිනාමලී
    බලා උන්නේ එනතුරු පෙර වාගේ
    ඇයි පිට පාරෙම අද.......

    පෙරට වඩා අද හැඩකාරයි ආඩම්බර පාටයි

    නාඳුනනා ලෙස කෝල බැලුම් නෙත
    නොදැක හිටිය ටික දවසට වෙනස් වුනාදෝ
    ඇයි හිනා නැතුව අද.....

    වදුලු පුරා දං හිඹුටු සොයා කෙලි දෙලෙන් නිදැල්ලේ

    දුව පැන හිනැහුනු පුංචි කිරිල්ලිය
    නුඹේ ලපටි සිත දෙගුරුන් අවුල් කලාදෝ
    ඇයි කථා නැතිව අද.......

    ~වික්ටර් රත්නායක~
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට


    Well if I spell it out, if I get it out,
    Will you hear me when I tell you about
    What I have to say, before it gets too late?
    It's not as easy as I said it'd be,
    But there’s something right about you and me,
    Something right about you and me.

    We're like Romeo and Juliet,
    We're like 40 dogs, cigarettes,
    We're like good times that haven’t happened yet but will.
    And I can tell you where we're gonna be
    When the whole world falls to the sea:
    We’ll be livin’ ever after, happily.

     
    • Like
    Reactions: sandun thilaka

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මිටින් මුදා හැර බැලුවෙමි
    සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී....
    සමුගෙන ගොස් යළි හැරුනෙමි
    සත්තයි නුඹ ඇවිදින් සෙවනැල්ලක් වී....
    :(

    එඩ්වර්ඩ් - නිර්මලා
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    වැලිබත් ඉවුවා මතකයි අපි දෙන්නා
    ඔංචිලි පැද්දා මතකයි අපි දෙන්නා
    මෙතුවක් එක්වී වැඩුනත් අපි දෙදෙනා
    අද හිනැහෙන්නේ කොයි ලෙසදෝ මන්දා

    තනිමංසල මට ඔබ මුණගැසෙනු නොදී
    තනිපංගලමේ ගෙන්පිට යන්ට නොදී
    වපරැස් බැල්මට පිවිතුරු ලෝකය නොපෙනේ
    අවිහිංසක මුදු සිතුවිලි මල් පරවේ

    වැලිබත් ඉවුවා මතකයි අපි දෙන්නා
    ඔංචිලි පැද්දා මතකයි අපි දෙන්නා
    මෙතුවක් එක්වී වැඩුනත් අපි දෙදෙනා
    අද හිනැහෙන්නේ කොයි ලෙසදෝ මන්දා


    ඔබ ඉන්නා තැන තුඹු මහ පවුරු තැනේ
    තහනම් දේශය ඔබ සැරිසරනු නොහේ
    මිනිසුන්වූ අප යලි පොඩි දරු දෙපල නොවේ
    ඔබ මා තනිවන දවසක් නැවත නොවේ

    වැලිබත් ඉවුවා මතකයි අපි දෙන්නා
    ඔංචිලි පැද්දා මතකයි අපි දෙන්නා
    මෙතුවක් එක්වී වැඩුනත් අපි දෙදෙනා
    අද හිනැහෙන්නේ කොයි ලෙසදෝ මන්දා

    අබේවර්ධන බාලසූරිය / ඉන්ද්‍රානි පෙරේරා


    අබේවර්ධන බාලසූරිය මහතාගේ ගීතයක් මා ඊයේ රාත්‍රියේ පද පේලි අතරට එක් කලේ, අද දින ඔහුගේ අකල් මරණය ගැන අසන්නට නම් නොවේ.එහෙත් දෛවයේ සරදමක් මෙන් අද ආරංචිවූ මේ පුවතින් මා අතිශයින් කම්පා වීමි. අපගේ ආදරණීය ගායකයින් මෙසේ අකාලයේ මිය යාම, ගීත රසිකයින්වු අපට දරා ගත නොහැකි වේදනාවකි. දරාගත නොහැකි පාඩුවකි.

    මිනිසකු විලස ඉපදුනු පල ලබන්නටත්, අවසන් හුස්ම පොද නොබියව හෙලන්නටත්, අද ඔබට හැකි වුනා. අද ඔබ මලත්, හෙට ඔබ උන් සුවඳ ඇති. කොයිතරම් දෛවෝපගත ගීතයක්ද !
    ඔබට නිවන් සුව ලැබේවා !


    අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට
    සිව් රියනේ හිත සතුටින් නිදන්නට
    මිනිසකු විලස ඉපදුනු පල දකින්නට
    පුළුවනි මරණ මංචකයේ වුවද මට

    දහදිය දියවුනේ නෑ මාලිගාවල
    කඳුලැලි වැටුනෙ නෑ නිවටුන් දෙපා මුල
    ගත හැඩි දැඩි වුනේ ළඳුවල කැලෑවල
    කරගැට මතුවුනේ නගුලට උදැල්ලට
    මහ කෙත් රණ බිමට වැදගෙන උදළු කෙටි
    මේ රළු පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී
    ඒ ජය මට නොවෙයි නුඹටයි ඉපිද නැති
    අද මා මළත් හෙට මා උන් සුවඳ ඇති


    අබේවර්ධන බාලසූරිය


    http://www.mediafire.com/?mjogn4iy4wo
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    So close, no matter how far
    Couldn't be much more from the heart
    Forever trusting who we are
    and nothing else matters

    Never opened myself this way
    Life is ours, we live it our way
    All these words I don't just say
    and nothing else matters

    Trust I seek and I find in you
    Every day for us something new
    Open mind for a different view
    and nothing else matters

    never cared for what they do
    never cared for what they know
    but I know

    So close, no matter how far
    Couldn't be much more from the heart
    Forever trusting who we are
    and nothing else matters

    never cared for what they do
    never cared for what they know
    but I know

    Never opened myself this way
    Life is ours, we live it our way
    All these words I don't just say

    Trust I seek and I find in you
    Every day for us, something new
    Open mind for a different view
    and nothing else matters

    never cared for what they say
    never cared for games they play
    never cared for what they do
    never cared for what they know
    and I know

    So close, no matter how far
    Couldn't be much more from the heart
    Forever trusting who we are
    No, nothing else matters
     

    Chrisanthie

    Member
    Aug 17, 2006
    1,059
    56
    0
    දිනෙක මතුදා දෛවයෝගෙන්
    ඔබව හමුවේනම්
    සිතැඟි ඉවසා වේදනා දුන්
    ආදරේ මා පවසන්නම්

    බැඳි ආදරේ සඟවා හිතේ
    නොකියා මෙමා උන්නා
    ඔබ දන්නෙ නෑ මා කීවෙ නෑ
    හඬනා හැඟුම් පෙන්නා ලයේ
    ආදරෙන් අමතා

    දිනෙක මතුදා දෛවයෝගෙන්
    ඔබව හමුවේනම්
    සිතැඟි ඉවසා වේදනා දුන්
    ආදරේ මා පවසන්නම්

    ඉරණම් ලෙසින් වෙන්වී මගෙන්
    හෙට හෝ ඔබත් යාවී
    තනිවූ මගේ පෙම් චේතනා
    මට රෑ රිදුම් දේවී හදේ
    පසුතැවී කඳුලේ

    දිනෙක මතුදා දෛවයෝගෙන්
    ඔබව හමුවේනම්
    සිතැඟි ඉවසා වේදනා දුන්
    ආදරේ මා පවසන්නම්


    අබේවර්ධන බාලසූරිය


    :(:(:(:(
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    දිනෙක මතුදා දෛවයෝගෙන්
    අබේවර්ධන බාලසූරිය :(:(:(:(

    අර්ථවත් ගී සමුදායකින් හා නන්දන වින්දන ප්‍රසංගය තුලින් අප රසික හදවත් පිනවු දායාබර අබේ අය්යා, අදදින සදහටම අපෙන් සමුගත්තා! :(

    ඔබට නිවන් සුව ලැබේවා!
     

    RuwinRTY

    Member
    Dec 16, 2007
    13,422
    129
    0
    32
    With My Angel
    Ha maine dekha. Bohoth achchi film hai. Shabaash !!

    Ow mama eeye thamai baluwe.
    SRK's acting should win him an award, don't you think ? But I think the end is a bit silly, I mean, meeting the president ??

    MY NAME IS KHAN, AND I AM NOT A TERRORIST

    ya
    SRK's actin wz superb
    i think dz movie will get abt 6 str screen awrds n filmfare awrds nxt yr for sure

    hehe
    ya little bit
    bt dt prt wz soo funny:lol::)
     
    Status
    Not open for further replies.