2003 අප්‍රියෙල් මස 3 වැනිදා, අද වන් දිනක, ඉතා අවාසනාවන්ත ලෙස අප අතරින් වෙන්ව ගිය, ගුණදාස කපුගේ නමැති විශිෂ්ඨ සංගීතවේදියා කෘතගුණ පූර්වකව සිහිපත් කරමු. ඔහුගේ මුල්ම ගීතය වූයේ 1973 වර්ෂයේ ගායනා කල " දෑස නිලුපුල් තෙමා " නමැති ඉතාම සුන්දර ප්‍රේම ගීතයයි.
" දක හාදු දෙන රැයේ " ඔහුගේ හඬටම ගැලපෙන ශෝක ගී රාවයේ කම්පනයයි.
![]()
දෑස නිලුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මල් මාලියේ //
නිහඬ හදවත් පොතේ ලුයැවුනු
සොඳුරු ගීවැල් නැතේ මා තැනූ
ඔබේ කඳුලැලි මා සිතේ
නිබඳ පදවැල් ඇඳේ //
දෑස නිලුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසමින් පුරා ඉකිබිඳ
හඬනු මල් මාලියේ //
පබළු මිණිමුතු නැතේ මා සතූ
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ
කුසඟ පිණි ලෙස මල් මතේ
කඳූළු කොපුවේ රැඳේ //
දෑස නිලුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසමින් පුරා ඉකිබිඳ
හඬනු මල් මාලියේ //
විශාරද ගුණදාස කපුගේ
http://www.mediafire.com/?mytawtunntt














