පද පේලි .....

Status
Not open for further replies.

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
2003 අප්‍රියෙල් මස 3 වැනිදා, අද වන් දිනක, ඉතා අවාසනාවන්ත ලෙස අප අතරින් වෙන්ව ගිය, ගුණදාස කපුගේ නමැති විශිෂ්ඨ සංගීතවේදියා කෘතගුණ පූර්වකව සිහිපත් කරමු. ඔහුගේ මුල්ම ගීතය වූයේ 1973 වර්ෂයේ ගායනා කල " දෑස නිලුපුල් තෙමා " නමැති ඉතාම සුන්දර ප්‍රේම ගීතයයි.
" දක හාදු දෙන රැයේ " ඔහුගේ හඬටම ගැලපෙන ශෝක ගී රාවයේ කම්පනයයි.


gunadasa1.jpg




දෑස නිලුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසුමින් පුරා ඉකිබිඳ
හඬනු මල් මාලියේ //

නිහඬ හදවත් පොතේ ලුයැවුනු
සොඳුරු ගීවැල් නැතේ මා තැනූ
ඔබේ කඳුලැලි මා සිතේ
නිබඳ පදවැල් ඇඳේ //

දෑස නිලුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසමින් පුරා ඉකිබිඳ
හඬනු මල් මාලියේ //

පබළු මිණිමුතු නැතේ මා සතූ
කඳුළු මුතු ඇත ඔබේ මා පැතූ
කුසඟ පිණි ලෙස මල් මතේ
කඳූළු කොපුවේ රැඳේ //

දෑස නිලුපුල් තෙමා
කඳුළු මුතුවැල් සලා
දෙතොල සුසමින් පුරා ඉකිබිඳ
හඬනු මල් මාලියේ //


විශාරද ගුණදාස කපුගේ



http://www.mediafire.com/?mytawtunntt
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
දුක හාදු දෙන රැයේ හිත පතුලටම වෙලා
යෞවනේ අකට විය විරහී හද ගිලන් වෙලා

ගහ කොළද මල් පිපේ
ඇල දොල නිල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ
ඒ රුවට රැවටුනේ

දුක හාදු දෙන රැයේ හිත පතුලටම වෙලා
යෞවනේ අකට විය විරහී හද ගිලන් වෙලා

නන්නාඳුනන ලෙසේ
මඟ තොට යලිත් හමු වෙලා
මහමෙර හිසින් දරාගෙන
අපි යමු දුරස් වෙලා

දුක හාදු දෙන රැයේ හිත පතුලටම වෙලා
යෞවනේ අකට විය විරහී හද ගිලන් වෙලා
දුක හාදු දෙන රැයේ....


විශාරද ගුණදාස කපුගේ



http://www.mediafire.com/?tydzybjkmyj
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
මගෙ සුදු අම්මා:love:
මට තනි හින්දා:dull:
ඉස්පිරිතාලෙන් :(
මල්ලි ගෙනාවා:frown:
මල්ලිගෙ අත් පා:oo:
මල් පෙති වාගෙයි:rolleyes:
සමණල තට්ටක් :rofl:
වාගේ සිනිදුයි:)
මල්ලිගෙ මූණත් :growl:
මගේ වගේමයි:baffled:
කියලා අම්මා:no:
ඊයෙත් කිව්වා:yes:
 
  • Like
Reactions: Alex Mercer

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
දෙතොල නොකීදේ දෙනෙතේ කියැවෙනවා
වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා
නංගිගෙ පාමුල ඉර හඳ තියලා
ආදර හිත ලඟ කවුරුද මුවා වුනේ

හැඩරුව බලලා කැඩපත වෙහෙසන්නේ
පුංචි හිතේ පොඩි මදු මල් පිපිලාදෝ
ගෙදර බුදුන් මුව උදානයක්වූ
නංගිගෙ හිත ලඟ කවුරුද මුවා වුනේ

දෙතොල නොකීදේ දෙනෙතේ කියැවෙනවා
වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා
නංගිගෙ පාමුල ඉර හඳ තියලා
ආදර හිත ලඟ කවුරුද මුවා වුනේ

බාල බොළඳියේ ඉස්සර හුරතල්වූ
කවට සිනා කෙළි සඟවා තැබුවාදේ
වසන්තයට පෙර කැකුළට ලංවී
නංගිගෙ හිත ලඟ කවුරුද මුවා වුනේ

දෙතොල නොකීදේ දෙනෙතේ කියැවෙනවා
වසන් කරන සිත මුහුණේ ලියැවෙනවා
නංගිගෙ පාමුල ඉර හඳ තියලා
ආදර හිත ලඟ කවුරුද මුවා වුනේ


විශාරද ගුණදාස කපුගේ
]


http://www.mediafire.com/?ojmh2ttgdni
 
Jan 15, 2009
9,238
368
0
ආ මග වැරදී යන මං නොපෙනී
තනිවී දෙවිඳූන් නැති දෙවොලේ
කවුරු යදින්නද කවුරු පතන්නද
හිරු සඳූවත් නැති මිහිමඬලේ

සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවණැලි පාවෙයි නිල් දියරැළි අතරේ
දං පඳූරේ මංකඩ ළඟ ගොම්මන් අඳූරේ
දියබුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ

හඬ දොඩා කීවත් දුක කවුරුද ඇසුවේ
ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුලැලි ගැලුවේ
මන්දාරම් අහස වැසූ මිහිදුම් සළුවේ
කිම්ද සොඳුරු ජීවන මග හිරිකඩ හෙලුවේ

සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවණැලි පාවෙයි නිල් දියරැළි අතරේ


- අමරසිරි පීරිස්
- ශශිකා නිසංසලා
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
සිහින් සරින් ඉකි බිඳ බිඳ
හද හඬවනු ඇයිද කුමරි
මල් හීසර ඔබේ නෙතට
මා නොහෙලමි සිහින කුමරි
 

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    සිතේ සුසුම් නිවනා ගායනා
    ඔබෙ සවන් සොයා සැනෙකින් පාවෙලා
    මැදියම් රැයේ රැඟුමන රඟා
    මතක ලෝකේ වේදනා අමතක කලා

    ~ ක්‍ලැරන්ස්/ජැක්සන් (සුසීමා)
     
    Jan 15, 2009
    9,238
    368
    0
    බුදුහාමුදුරුවො අපිත් දකින්නැති
    බණත් අහන්නැති ඒ කාලේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    ඒකයි තවමත් සංසාරේ

    දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
    බුදුන් වඳීන්නට ඒ කාලේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    ඒකයි තව මා සංසාරේ

    අපිත් එක්ක සිටි අපේම යාළුවො
    නිවන් දකින්නැති ඒ කාලේ
    මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
    පින් පුරවමු අපි මේ කාලේ

    බුදුහාමුදුරුවො අපිත් දකින්නැති
    බණත් අහන්නැති ඒ කාලේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    ඒකයි තවමත් සංසාරේ. .
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    කොලොම්තොටින් නැව් නැග්ගා
    අපේ රටේ මනුස්සකම
    කොලොම්තොටට ගොඩ බැස්සේ
    අමනකමයි ඒ වෙනුවට........

    බෝනික්කන් ඇස් නටවන ලස්සන හුරු බුහුටිකමට

    නැවේ ඇවිත් කොලොම්තොටට ගොඩබැස්සා අපූරුවට
    අපේ ඇත්තෝ බෝනික්කන් මිලදී ගෙන කාසි වලට
    කිරි දරු පැටවුන්ගෙන් නැව පුරවන්නේ ඒ වෙනුවට...

    මව් තුරුලේ පිපෙන මලට ලංසු තියන නොමිනිසුන්ය

    දුප්පතුන්ගේ මල් නෙලමින් ඉසුරු සොයන බැතිමතුන්ය
    කිරි දරුවන් විතරක් නොව මාරුවෙලා කාසිවලට
    කොලොම්තොටින් නැව් නැග්ගේ අපේ රටේ මනුස්සකම...

    ~ප්‍රදීපා ධර්මදාස~
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පුණ්‍ය වූ
    පුණ්‍ය වූ රන් දේශයක්
    රන් දේශයක්
    ගිම් නිවූ
    ගිම් නිවූ සරු කෙම්බිමක්
    කෙම්බිමක්
    කල්පයක් දුටු සිහිනයක් වේනම්
    ඒ මවු බිමයි මගෙ පරපුරයි සුපසන්

    කල්පයක් දුටු සිහිනයක් වේනම්
    ඒ මවු බිමයි මගෙ පරපුරයි සුපසන්


    සහේළී :love:
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුවිසල් රටකින් සමුගෙන ආ මොහොතේ
    ඔබ හැර දසුනක් නෑ මට මේ දියතේ....

    -මිල්ටන් මල්ලවාරච්චි-
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    සිංහලේ පිනින් උපන් අපේම මීමුතුන්
    සිංහලේ රකින්න පෑ නිසා ගතත් සිතත්
    සිංහ වෙස් දැරූ සිඟාලයන් නොවූ පිනෙන්
    සිංහලේ එදා නොවී අනුන්ට පෑ අතක්

    උන් පැතුම් නොවී එදා අනුන් පිදූ බතක්
    උන් ගතේ නොවී එදා අනුන් සැදූ වතක්
    දැන් දණින් වැටී විදේශ වන්දනා කළත්
    ආදි සිංහලුන්ට වැන්දෙ ඒ විදේශයොත්

    උන් ලැබූ නමුත් එදා තම්බපණ්ණියක් (දැන් යක්ෂ රැළ මට විරුද්ධව අවි අමෝර ගනීද මන්ද)
    නන් විකුම් බෙලෙන් තැනූහ ස්වර්ණභූමියක්
    දැන් අපිත් රකිම්හ මේ අපේ කියා යමක්
    ඒ අපේ හිසත් කඳත් මිසක් වෙනින් කුමක්
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Let me see you Cry cry cry
    I need to see u cry cry cry
    Until your tears run dry dry dry
    Like the deserts need the rain
    Want ya tears to fall down on me


    maxx song by Jay sean :)
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    පල් හොරා එන්න කලිණුත් ඒ පැත්ත තම්මැන්නාව කියලා හැදින්නුව බවට සාධක් තියනවළු :P

    ඇති ඔයින් ගියා. :eek:
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0

    උන් ලැබූ නමුත් එදා තම්බපණ්ණියක් (දැන් යක්ෂ රැළ මට විරුද්ධව අවි අමෝර ගනීද මන්ද)
    නන් විකුම් බෙලෙන් තැනූහ ස්වර්ණභූමියක්
    ;)
     
    Status
    Not open for further replies.