'මම' ඉන්නේ කොහෙද?

0_Inception

Member
Feb 12, 2011
69
2
0
බුද්ධ ධර්මය ගැනය් ඔය ප්‍රශ්නය අහන්නෙ කියල මම හිතනව. බුද්ධ ධර්මයේ අනාත්ම කියල කියන්නෙ ඕක. ආත්මයක් හෝ මම කියල දෙයක් නැති කම. ආත්මය කියන සන්කල්පයේ තේරුම මම මැරුනයින් පස්සෙ නොවනස්ව ගිහින් වෙනත් ශරීරයක් අල්ලගන්නව කියන එක. ඒ කියන්නෙ ආත්මය කියන්නෙ වෙනස් නොවෙන දෙයක්. බුද්ධ ධර්මය හැටියට වෙනස් නොවෙන දෙයක් නැහැ ඒක නිසා ආත්මයක් කියල දෙයක් නැහැ. අභිධර්මයේ තියෙන දේ කාටත් තේරෙන විදියට කිව්වොත් සිතුවිලි පරම්පරාවක් ගඟක් වගේ,නැත්තන් විදුලි දාරාවක් වගේ නවතින්නෙ නැතුව ගැලීමය් වෙන්නෙ. ඔය සිතුවිලි නවතින්නෙ නැතුව ගැලීම තමය් අපි "මම" කියල කෙනෙක් ඉන්නව කියල වැරදියට හිතන් ඉන්නෙ. බුදු රජානන් වහන්සේ කියල තියෙන විදියට මරනයෙන් පස්සෙ වෙනත් තැනකින් ඉපදෙන්නෙ මම නොවෙය්, මම නොවෙන කෙනෙකුත් නෙමෙය්. හැබැයි බුදු හාමුදුරුවො පැහැදිලිව කියල තියෙනව මැරෙනකොට අපේ ශරීරයෙන් මුකුත් පිටවන්නෙත් නැහැ, වෙන ශරීරයකට මුකුත් යන්නෙත් නැහැ කියල. නිවන් දකිනව කියන්නෙ ඔය සිතුවිලි ගැලීම නතර වීමය්. ඔන්න ඔය ටික තමය් තෙරවාද බුදු දහමෙ සන්දහන් වෙන්නෙ

Like

ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ආත්ම දෘෂ්ඨියත් අනාත්ම දෘෂ්ඨියත් අන්ත දෙකක් මිසක් සත්‍ය නෙවෙයි නේ ද?
 
0_Inception

Member
Feb 12, 2011
69
2
0
ඒකට ඉස්සෙල්ල උනන්දු වෙලා, බුද්ධ දේශනා ඉගෙන ගන්න ඕනේ!!! ඒවා නොදැන ආව මේ අපේ ජීවිත වල කතාව මහා අවුලක්!!! ඒ අවුල ලිහාගන්නයි try කරන්න ඕනේ!!!
මට මතක් වෙනවා සුනීතව :D. සෝපාකව :D

හැබැයි 'කොන්' අල්ලගන්නේ නැතුව, ප්‍රයෝජනයක් ගන්න බැලුවොත් තමයි හොඳ!! මේ හැමෝටම වැදගත් මාතෘකාවක්!!!

තව තව ඔයාලගේ අදහස් දක්වන්න... මේවා කතාවෙන තරමට මයි හොඳ!
:yes::yes::yes:
 
Destiny Found

Member
Feb 17, 2011
729
123
0
Like

ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ආත්ම දෘෂ්ඨියත් අනාත්ම දෘෂ්ඨියත් අන්ත දෙකක් මිසක් සත්‍ය නෙවෙයි නේ ද?

ඔය කියන්නෙ භව තන්හා විභව තන්හා ගැන නෙ. ඒ කියන්නෙ මේ ජීවිතෙන් ඔක්කොම ඉවරය් කියල හිතීම සහ ඉස්සරහට තවත් අපි ඉපදෙනව කියල හිතල තන්හාවක් ඇති කර ගැනීම. ඔය දෙක අන්ත දෙකක් තමය්, ඔය දෙකම බුද්ධ ධර්මයෙ සන්දහන් විදියට වැරදි සංකල්ප දෙකක්. නමුත් අනාත්ම කියන්නෙ ඕක නෙමෙය්. අනාත්ම සංකල්පය යනු මැරි මැරී ඉපදෙන වෙනස් නොවන මම කියල දෙයක් හෝ ආත්මයක් නැහැය් කියන එක. ඒකෙ තේරුම මේ ජීවිතෙන් ඔක්කොම ඉවරය් කියන එක නෙමේ.මම කලින් කිව්ව වගේ නැවත හටගන්නේ මම නෙමෙය්, මම නොවෙන කෙනෙකුත් නෙමෙය්. ආත්මීය සංකල්පය එන්නෙ හින්දු ආගමේ, මේ ජීවිතෙන් ඔක්කොම ඉවරය් කියන සංකල්පය එන්නෙ කිතු දහමෙ. බුදු දහමෙ අනාත්ම සංකල්පය ඔය මත දෙකටම නැති එකක්. සත්‍යය මොකක්ද කියල තීරනය කිරීම ඔබට බාරය්.
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ ශරීර එකම විදියට තියෙන්නේ නැහැ! ස්ථිර නැහැ!! වෙනස් වෙන සුළුයි!! කියන එක හුඟ දෙනෙක් දන්නවා නේ නේද?? අන්න ඒ ලක්ෂණයට තමයි 'අනිත්‍යය' කියන්නේ!!! (හැබැයි ඒකට වෙන වෙන තේරුම් පිළිගත්තොත් 'හුටා':baffled: වෙනවා!). දැන් ඔය 'හිත' කියන එක ගැන, මහා වැල් වටාරම් හිතන්නේ නැතුව, 'හිත' කියන්නේ මේ කයේ ක්‍රියාකාරිත්වය හන්ද හටගත්තු ඵලයක් කියල ගන්නකො... (ඇත්තටම වෙන්නේ ඒකයි!!) අන්න ඒ 'හිතට' අනන්‍ය තාවයක් තියනව!!! ඒ හිතේ කෙනෙක් අහපු, දැකපු, විඳපු, කල්පනා කරපු, හඳුනගත්තු, දැනගත්තු 'මතකය' (දත්ත/data, කියමු) සේරම ගබඩා වෙලා තියනවා!!! ඔන්න ඔය data ටික තමයි මේ 'සත්වයා' කියල කියන්නේ... ඒක තමයි ඔය දිගින් දිගට පැවතගෙන පැවතගෙන යන්නේ...
    දැන් මොනවද හිතෙන්නේ?? ඕක කොහොමද තියෙනවා ඇත්තේ??
     
    madsugath

    Member
    Nov 30, 2008
    505
    18
    0
    Gampaha
    :eek::eek::eek: i dnt knw much about this in terms of religion.. But ive gone through this article...

    Hypothesis Concerning Soul Substance Together with Experimental Evidence of The Existence of Such Substance by Duncan MacDougall, M.D.
    of Haverhill, Mass..
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    :eek::eek::eek: i dnt knw much about this in terms of religion.. But ive gone through this article...

    Hypothesis Concerning Soul Substance Together with Experimental Evidence of The Existence of Such Substance by Duncan MacDougall, M.D.
    of Haverhill, Mass..

    සිංහල පුළුවන් ඇති නේ නේද??

    ඔය ලොකු ලොකු උදවියගේ කතා පැත්තකට දාන්න!! මම ඉගෙන ගත්තේ 'ලොකුම' එක්කෙනාගෙන්!!! එයාට tally වෙන ලොක්කෝ ඉන්නේ, ඒ ජාතියේම අය 'සම්මා සම්බුදු' උදවිය විතරයි!!! එයාල හ‍රී දුර්ලභයි!!! හැබැයි දැන් 'ගෞතම' නමින් මේ කාලයේ උදවියගේ උපකාරයට පැමිණුන කෙනා කියල දීපුවා හොඳට තේරෙන්න ඉගෙන ගන්න අවස්ථාවක් තියනවා!!!

    මාත් ඉගෙන ගත්ත... කියල දෙන්නයි හදන්නේ... බලන්න!!
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    භවයෙන් භවයට යනව කියන එක ඔයාට ඔප්පු කරන්න පුලුවන් ද ?? :confused::confused:

    ඔප්පු කරන්න දෙයක් නැහැ! ඕනේ කෙනෙකුට උවමනා නම් බලාගන්න පුළුවන් තම තමන් එහෙම ඇවිල්ල තියෙන හැටි!! හැබැයි ඉතින් දැක්කොත්, ඔය දෙවියෝ මැව්වා කියල හිතාගෙන ඉන්න... මේ පලවෙනි පාරටමයි ඉපදුනේ... මෙතනින් ඉවරයි ආයේ ඉපදීමක් නැහැ... වගේ එක එක විදියට හිතාගෙන ඉන්න අයගෙත් ආයේ නැහැ, පු_ මූට්ටු වෙනවා!!! :(:(:(

    ඔයාලගෙන් ඉපදෙනකොටම කතාකරන්න, කියවන්න, ලියන්න, දැනගෙන ආව අය කවුරුත් ඉන්නවද? නැහැ නේද? එහෙනම් දැන් කොහොමද ඒවා ඔය ලස්සනට කරන්නේ?? ඉගෙන ගත්තු නිසා, පුරුදු/පුහුණු වෙච්ච නිසා නේද??

    අන්න ඒක තමයි!! මේ කතන්දර වලටත් නෑ! බෑ! පිස්සුද? එහෙම වෙන්නේ කොහොමද? ඕව කොරන්නේ කොහොමද? වගේ බකපණ්ඩිත කම් කියවන්න එපා!! මේවා දන්නේ නැති හන්ද, ඉගෙන ගත්තේ නැති හන්ද, තමයි බැරි!!! ඉගෙන ගත්තොත් හුඟ දෙනෙකුට පුළුවන්!!!

    හැබැයි ඉතින් අතීත ජීවිත දැකල හෝන්දු මාන්දු වෙලා, ලත වෙවී ඉන්න එකක් ගැන මේවයෙන් අදහස් කරන්නේ නැහැ... අතීතය බලන්න දඟලන්න කියල කියන්නෙත් නැහැ!! ඒවා එහෙම සිද්ධ වෙලා තියෙන්නේ අපි 'යමක්' නොදැන, අවබෝධ කර නොගෙන ඔහේ යන්නන් වාලේ ගියපු හන්දයි!!! දැන් කරන්න තියෙන්නේ අන්න ඒ නොදැන සිටිය දේවල් ඉගෙන ගෙන, අවබෝධ කරගෙන, මින් ඉදිරියට යන්නන් වාලේ නොගිහින් තමන්ගේ ගමන් මාර්ගය වෙනස් කර ගන්නයි!!!
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල

    ඔන්න ඔය ඔව්වලට මම එහෙම නෑ ඕන්:rolleyes::yes:

    මොකද මෝඩය වගේ හිනා වෙන්නෙ. කෙනෙක්ගෙ පණ යනව කියන්නෙ පෙනහලූ ඇතුලේ තියන වාතය වගේ දේවල් ඉවත් වෙනව. එතකොට මළ සිරුරේ බර අඩු වෙන්න පුලුවන්. :nerd:

    කොහොමත් Destinyට ඔහොම හිනා යනවා එක පාරටම:yes::rolleyes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    අන්න ඒක තමයි!! මේ කතන්දර වලටත් නෑ! බෑ! පිස්සුද? එහෙම වෙන්නේ කොහොමද? ඕව කොරන්නේ කොහොමද? වගේ බකපණ්ඩිත කම් කියවන්න එපා!! මේවා දන්නේ නැති හන්ද, ඉගෙන ගත්තේ නැති හන්ද, තමයි බැරි!!! ඉගෙන ගත්තොත් හුඟ දෙනෙකුට පුළුවන්!!!

    හැබැයි ඉතින් අතීත ජීවිත දැකල හෝන්දු මාන්දු වෙලා, ලත වෙවී ඉන්න එකක් ගැන මේවයෙන් අදහස් කරන්නේ නැහැ... අතීතය බලන්න දඟලන්න කියල කියන්නෙත් නැහැ!! ඒවා එහෙම සිද්ධ වෙලා තියෙන්නේ අපි 'යමක්' නොදැන, අවබෝධ කර නොගෙන ඔහේ යන්නන් වාලේ ගියපු හන්දයි!!! දැන් කරන්න තියෙන්නේ අන්න ඒ නොදැන සිටිය දේවල් ඉගෙන ගෙන, අවබෝධ කරගෙන, මින් ඉදිරියට යන්නන් වාලේ නොගිහින් තමන්ගේ ගමන් මාර්ගය වෙනස් කර ගන්නයි!!!

    සියල්ල දත් අයියා කියමු බලන්න එහෙනම් අපිටත් කරන විදිය :yes:
    (කලින් පෝස්ට් වල උඹ කියල කතාකලාට සමාවෙන්න. ඔයා මට වඩා ගොඩක් වැඩිමල් කෙනෙක් කියල දැනගත්තෙ දැන් :yes:ඔයා AL කරන කාලෙ මට අවුරුදු 3යි)
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සියල්ල දත් අයියා කියමු බලන්න එහෙනම් අපිටත් කරන විදිය :yes:

    siyalla dath kiwwama ara indiyawe 'dath' pawule kenek wage ne...:D

    karanna one serama nam ara religious section eke karapu thread eke thiyanawa. me kiyanna gaththe wenama ekak... habayi hinaa yanawa me widiyata hithala balanakota!

    therunoth one kenekuta hari watinawa!!!
    tika tika liyala dannam.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පරීක්ශන වලින් ඔප්පුවෙලා තියනව මනුස්සයෙක් මෑරුනහම ජීවත්වන කාලයට වඩා බර කිලෝ 21 - 24 අතර ප්‍රරමානයකින් අඩුවෙනව කියල,, ඒ කට හේතුවක් තාම හොයාගෙන නෑ,, විශ්වාස කරනව ඒ ආත්මයෙ බරකියල.. නමුත් ඒක විශ්වාසයක් විතරයි...

    අනිවාර්යයෙන්ම මම කියල කෙනෙක් ඉන්නව.. මම ඉන්නෙ මේ කුනුවෙන ගදගහන ශරීරය නම් තාවකාලික නවාතෑන තුල..

    ගොඩ දෙනෙක් තේරුම් ගන්නෙනෑ... නිවන් දකින්නෙ මම මිසක් මේ කුනු ශරීරය නොවන බව... බුදුහාමුදුරුවො පවාපිරිනවන් පෑමව ශරීරය ඉතුරු උනා.. නමුත් මනස්/ වින්නාශය/ ආත්මය නිවනට ගියා.. ඔන්න ඔය ටික තේරුම් ගන්න පුලුවන්නම්... මමත්වය අතහරින පුලුවන්

    උදේ හවස නාල.. සෙන්ට් පවුඩර දාල.. ලස්සන ඈදුම් අන්දවල පිලිවලට් තියන් ඉන්න අපේ මේ ශරීරයවත් අපි යද්දිගෙනියන්නෙ නෑ ..අනිතිමට අපිට ඉතුරුවෙන්නෙ .. අපි අපේ මනස එහෙම නෙත්නම් ආත්මය සදහා කරගතු කුසල් හෝ අකුසල් විතරයි

    ඔය ටික තේරුම් ගන්නෑතුව මිනිසුන් රේස් දුවනවා.. සල්ලි හොයන්න ...
    අනුත් අනිතිමේදී ඉතුරු වෙන්න හිස් කලගෙඩි ටිකක්.. වටෙන් ලොකුවට තිබුනට ඈතුල හිස්.. ආද්යාත්මක ව කිසිම දෙයක් නෑ...
     
    Sachchaka

    Well-known member
  • Dec 5, 2008
    1,267
    145
    63
    CyberSpace
    Damith Ayya thank for you thread ; I did Buddhist Civilization for A\L

    There is nothing called "Athmaya " or "Mama" Because these words stated that there is a something that "NOT CHANGING" So in Buddhism "Every thing is CHANGING" = "ANATHMA" ---- What we know as me is equal to === "FLOW OF THINKING PATTERN" Because we have "THANHAWA" We STICK to something EVERY TIME. So because of this "WE ARE KEEP GOING IN THIS called "SANSARAYA" When a person "DIE " Means ="FLOW OF THINKING PATTERN" will stick in to another FORM called "ANTHARA BHAWAYA" Or called "Gandabba" where he will TRANSFER TO A NEXT LIFE FORM it may either this world as a man , as animal (If you are soo bad) or you might go to hell!!!!!!!!! It DEPENDS on the things you do in this world -- EVERY ACTION YOU DO THERE WILL BE A REACTION " Its like you throw a ball to a wall IT WILL BOUNCE BACK!!!!!!!!!!!! SO if you want to get rid of this CYCLE you MUST FOLLOW "ARYA ASHTANGIKA MARGAYA" -- DO meditation -- ofcourse this is NOT EASY But that is the ONLY WAY OUT !!!!!!!!!!!!!!!!!!! This is the true Buddhism which i learned IT IS UPTO YOU BELIEVING OR NOT Any questions ???
     
    වැරදියි. ඔය විශ්වාසය debunked වෙලා ගොඩක් කල් :lol:ඔය ග්‍රෑම් 21(කිලෝ නෙමෙය්) දේ හොයාගත්තෙ ගොඩක් කාලෙකට කලින් තාක්ශනය නොදියුනු කාලයෙ, ඒක ඒ මනුස්සය කරපු නිගමනයක් විතරය්, මැරුනට පස්සෙ ඔය බර අඩුවෙන්නෙ ශරීරයේ වෙන වෙනත් ක්‍රියාවලි නිසා වෙන්න ඇති. ඇත්තටම ඔය කතාව දැන් joke එකක් වෙලා තියෙන්නෙ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පරීක්ශන වලින් ඔප්පුවෙලා තියනව මනුස්සයෙක් මෑරුනහම ජීවත්වන කාලයට වඩා බර කිලෝ 21 - 24 අතර ප්‍රරමානයකින් අඩුවෙනව කියල,,

    :shocked::shocked::shocked:

    මම හිතන්නෙ උඹ ඔය කියන්නෙ ග්‍රෑම් වෙන්න ඕන :rolleyes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මැරුනට පස්සෙ ඔය බර අඩුවෙන්නෙ ශරීරයේ වෙන වෙනත් ක්‍රියාවලි නිසා වෙන්න ඇති. ඇත්තටම ඔය කතාව දැන් joke එකක් වෙලා තියෙන්නෙ
    භෞතික හා රසායනික ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලයක්. උදාහරණයක් විදියට පෙනහළු වල වාතය ඉවත් වීම.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Damith Ayya thank for you thread ; I did Buddhist Civilization for A\L

    There is nothing called "Athmaya " or "Mama" Because these words stated that there is a something that "NOT CHANGING" So in Buddhism "Every thing is CHANGING" = "ANATHMA" ---- What we know as me is equal to === "FLOW OF THINKING PATTERN" Because we have "THANHAWA" We STICK to something EVERY TIME. So because of this "WE ARE KEEP GOING IN THIS called "SANSARAYA" When a person "DIE " Means ="FLOW OF THINKING PATTERN" will stick in to another FORM called "ANTHARA BHAWAYA" Or called "Gandabba" where he will TRANSFER TO A NEXT LIFE FORM it may either this world as a man , as animal (If you are soo bad) or you might go to hell!!!!!!!!! It DEPENDS on the things you do in this world -- EVERY ACTION YOU DO THERE WILL BE A REACTION " Its like you throw a ball to a wall IT WILL BOUNCE BACK!!!!!!!!!!!! SO if you want to get rid of this CYCLE you MUST FOLLOW "ARYA ASHTANGIKA MARGAYA" -- DO meditation -- ofcourse this is NOT EASY But that is the ONLY WAY OUT !!!!!!!!!!!!!!!!!!! This is the true Buddhism which i learned IT IS UPTO YOU BELIEVING OR NOT Any questions ???

    බුද්ධ දේශනාවට අනුව, අන්තරා භව / ගන්ධබ්බ හෝ තැන තැන යන විඥාණයක් ගැන සඳහන් වෙන්නේ නැහැ!! ඒවා, බුද්ධ දේශනාවල් වලට එකතුවෙච්ච 'කුණු' හැටියටයි මම සලකන්නේ!!

    බුදුරජාණන්වහන්සේ දැක්වූ ආකාරයට, ඇත්තටම වෙන විදිය අනුව, විඥාණය තනිව පවතින්නේ නැහැ!!! එය පවතින්නට නම් නාමාරූප සමඟ සම්බන්ධ විය යුතු මයි!!! ඒ කියන්නේ එක්කෝ, තවත් කයක් කරා ගිහිල්ල... එහෙම නැත්නම් මරණය සිද්ධවෙලා, කය බිඳිලා නැහැ!! තවත් කයකට බැසගත්තා කිව්වොත් උපතක් සිද්ධ වෙලා!! (කන්දානං පාතුභාවෝ කියලයි කියන්නේ)

    හැබැයි transit එකේදී, සුළු වෙලාවකට හරි, වර්තමානයේ ඉන්න කයයි ඊළඟට යන්න හදන එකයි දෙකම සක්‍රියව පවතින අවස්ථාවක් තියනව!! මොකද විඥාණය 'තව කයක් අල්ලාගෙනයි ඉන්න එක අතහරින්නේ' කියල බුදුහාමුදුරුවෝ කියලම තියනව. මං කරපු main thread එකේ, ඔය සිදුවීම ඇත්තටම දැකපු අවස්ථා කිහිපයක් ගැන කියලත් ඇති! ඇත්තටම වෙන්නෙත් එහෙමයි! cross-fade එකක්!! මේ කියන්න යන උදහරනෙත් ඒක පෙනෙයි...

    ඉතින් ඔය අන්තරා භව, ගන්ධබ්බ අවස්ථා කියල රැවටිලා තියෙන්නේ, භූත / පෙරේත ආත්ම වලට කියලයි මම හිතන්නේ!! හැබැයි ඒවා නම්, මේ ආයේ වෙන තැනකට යනකම් තාවකාලිකව ඉන්න තැන් නෙවෙයි... අවුරුදු 20,000 30,000 ගණන් වලින් අනන්ත දුක් විඳින්න වෙන 'හීන ධාතුවේ' උපත් ලු!!! දෙවි/මිනිස් කාම ලෝකයෙන් පහලට තියන 'පීචන්' ජීවිත... මැරෙන මැරෙන මිනිස්සු ගොඩ දෙනෙක් යනවා කියන්නෙත් ඒවට!!

    ඇත්තටම අපි ඉන්නේ මාර risk එකක!