පරීක්ශන වලින් ඔප්පුවෙලා තියනව මනුස්සයෙක් මෑරුනහම ජීවත්වන කාලයට වඩා බර කිලෝ 21 - 24 අතර ප්රරමානයකින් අඩුවෙනව කියල,, ඒ කට හේතුවක් තාම හොයාගෙන නෑ,, විශ්වාස කරනව ඒ ආත්මයෙ බරකියල.. නමුත් ඒක විශ්වාසයක් විතරයි...
අනිවාර්යයෙන්ම මම කියල කෙනෙක් ඉන්නව.. මම ඉන්නෙ මේ කුනුවෙන ගදගහන ශරීරය නම් තාවකාලික නවාතෑන තුල..
ගොඩ දෙනෙක් තේරුම් ගන්නෙනෑ... නිවන් දකින්නෙ මම මිසක් මේ කුනු ශරීරය නොවන බව... බුදුහාමුදුරුවො පවාපිරිනවන් පෑමව ශරීරය ඉතුරු උනා.. නමුත් මනස්/ වින්නාශය/ ආත්මය නිවනට ගියා.. ඔන්න ඔය ටික තේරුම් ගන්න පුලුවන්නම්... මමත්වය අතහරින පුලුවන්
උදේ හවස නාල.. සෙන්ට් පවුඩර දාල.. ලස්සන ඈදුම් අන්දවල පිලිවලට් තියන් ඉන්න අපේ මේ ශරීරයවත් අපි යද්දිගෙනියන්නෙ නෑ ..අනිතිමට අපිට ඉතුරුවෙන්නෙ .. අපි අපේ මනස එහෙම නෙත්නම් ආත්මය සදහා කරගතු කුසල් හෝ අකුසල් විතරයි
ඔය ටික තේරුම් ගන්නෑතුව මිනිසුන් රේස් දුවනවා.. සල්ලි හොයන්න ...
අනුත් අනිතිමේදී ඉතුරු වෙන්න හිස් කලගෙඩි ටිකක්.. වටෙන් ලොකුවට තිබුනට ඈතුල හිස්.. ආද්යාත්මක ව කිසිම දෙයක් නෑ...

මම ගැනවත් මගේ ආත්මය ගැනවත් අපිට ගැබුරට හිතන්න බැහැ මොකද අපි ඉන්නෙ මම කියන දෙයට බැදිලා.බැදිලා තියෙන්නේ තන්හාව ආසාව මමත්වය හා තවත් බොහෝ දේවල් එක්ක ඔයාට මම කවුද කොහෙද යන්නේ කියලා දැන ගන්න ඔනි නම් අර මුලින් කිව්ව දේවල් වලින් අයින් වෙන්න එතකොට යම් ප්‍රමානයකට ඒ කියන්නේ ඉතාම සුලුවෙන් මම කියන්නේ කවුද කොහාටද යන්නෙ කියලා යම් අදහසක් විතරක් ගන්න පුලුවන් වෙයි
සිංහල පුළුවන් ඇති නේ නේද??
!

man sinhala akuru walin posts danna dan ne.. methana kavru hari danna kenek innavanam kiala denna.. 
ammoooo meyage sera..man sinhala akuru walin posts danna dan ne.. methana kavru hari danna kenek innavanam kiala denna..
![]()
http://www.google.com/transliterate/sinhalese
link eken thamayi mama nam wada ganne... methanata gihin oya widiyatama type karala copy karala ganna one...

ඔය කියන්නෙ භව තන්හා විභව තන්හා ගැන නෙ. ඒ කියන්නෙ මේ ජීවිතෙන් ඔක්කොම ඉවරය් කියල හිතීම සහ ඉස්සරහට තවත් අපි ඉපදෙනව කියල හිතල තන්හාවක් ඇති කර ගැනීම. ඔය දෙක අන්ත දෙකක් තමය්, ඔය දෙකම බුද්ධ ධර්මයෙ සන්දහන් විදියට වැරදි සංකල්ප දෙකක්.
. තන්හාව හොද තැනක උපදින්න උනාට, ඒක බුදුහාමුදුරුවෝ මොහොතක්වත් වර්ණනා නොකළ සංසාරෙමනේ...


නමුත් අනාත්ම කියන්නෙ ඕක නෙමෙය්. අනාත්ම සංකල්පය යනු මැරි මැරී ඉපදෙන වෙනස් නොවන මම කියල දෙයක් හෝ ආත්මයක් නැහැය් කියන එක. ඒකෙ තේරුම මේ ජීවිතෙන් ඔක්කොම ඉවරය් කියන එක නෙමේ.මම කලින් කිව්ව වගේ නැවත හටගන්නේ මම නෙමෙය්, මම නොවෙන කෙනෙකුත් නෙමෙය්. ආත්මීය සංකල්පය එන්නෙ හින්දු ආගමේ, මේ ජීවිතෙන් ඔක්කොම ඉවරය් කියන සංකල්පය එන්නෙ කිතු දහමෙ. බුදු දහමෙ අනාත්ම සංකල්පය ඔය මත දෙකටම නැති එකක්. සත්‍යය මොකක්ද කියල තීරනය කිරීම ඔබට බාරය්.

මම කියල කෙනෙක් ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ...
සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?
මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??
මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න...joke එකක් වගේ...
ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!
ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??
ගොනෝ Astral body එක කිරලා මැනලා හොයාගන්න බැහැ
එක තේරුම් ගන්නත් මොලයක් කියලා එකක් තියෙන්නන ඕන.
මේක කියවලා තේරුම් ගනින්
http://en.wikipedia.org/wiki/Astral_body
ගමේ යන්න එහෙම!
මේ බලන්න එහෙම හිතන්න ගිය එකෙන් ඔයාටම වැරදිලා තියන හැටි!!! 'අපි හිතමු කෙනෙක් ඒ ගිනිදැල්ල වෙන ඉටිපන්දම් තිරයක තබනවාත් සමගම කලින් ගිනිදැල්ල නිවනවා' ඔය කියන විදියට ඉටිපන්දම් 100 ක් පත්තු කරන්න ගිනිකූරු 100 ක් ඕනේ!! හරිද??
QUOTE]
ගිනි කූරු 100 ඕනේ නෑ. එක ඉටිපන්දමෙන්ම 100 පත්තු කරන්න පුළුවන්. ඒ ඉටිපන්දම නිවන ගමන් තවත් එකක් පත්තු කරනවා. එකත් නිවන ගමන් තව ඉටිපන්දමක තිරයට අල්ලනවා.
ගිනි බෝලයක් කරකවනකොට එතන ගිනි වළල්ලක් පේනවා. කෙනෙක් ඇහුවොත් එතන ගිනි වළල්ලක් තියෙනවාද කියල,
1) එතන ගිනි වළල්ලක් නෑ, කිව්වොත් එතකොට එයා කියයි, එතකොට අර පෙන්නේ, කොහොම හරි එතන ගිනිවලල්ලක් තියෙනවනේ කියල.
2) එතන ගිනි වළල්ලක් තියෙනවා කිව්වොත්, එතකොට එයා කියයි, අය්යෝ එක මායාවක් නේ කියලා.
හැබැයි මෙහෙම උත්තරයක් දෙන්න පුළුවන්. ගිනි බෝලය කරකවන ඔට ගිනි වළල්ලක් පේනවා, එත් කරකවන එක නතර වුනාම ගිනිවලල්ලක් එතන නෑ, එක හරිනේ.
රූප වේදනා සඥා සංස්කාර විඥාන නිසා මම කියල කෙනෙක් අපිට පේනවා, හරියට අපිට ගිනි බෝලයක් පේනවා වගෙයි.
ඒ හිතේ කෙනෙක් අහපු, දැකපු, විඳපු, කල්පනා කරපු, හඳුනගත්තු, දැනගත්තු 'මතකය' (දත්ත/data, කියමු) සේරම ගබඩා වෙලා තියනවා!!!