'මම' ඉන්නේ කොහෙද?

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    හරි එහෙනම් අපිට කෙලින් උත්තරයක්‌ දෙන්නකෝ!! මම ඉන්නේ කොහෙද??
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරි එහෙනම් අපිට කෙලින් උත්තරයක්‌ දෙන්නකෝ!! මම ඉන්නේ කොහෙද??

    ඔව දමිත් ඔයාම මේක කියල දෙන්න බලන්න

    definitely යාලු!!!
    මම අනිවාර්යයෙන් තෝරලා දෙනවා!!!


    ඔයාල කොහොමහරි තිතටම අල්ලගන්න, තේරුම් ගන්න බලන්න.
    අපි මේ barrier එක පනින්නම ඕනේ!!! නැත්නම් මේ ලැබිච්ච දුර්ලභ / වාසනාවන්ත අවස්ථාවත් ගිලිහිලා යන්න පුළුවන්... එහෙම උනොත් හරි අපරාදේ! ඔයාල පව් වෙනවා!! මට time තිබුනොත් මං එහෙම වෙන්න දෙන්නේ නෑ!!! ඒත් ඔයාලගේ උවමනාව, උනන්දුව, උත්සාහය maximum තියෙන්න ඕනේ!!!
    මේක විහිළුවකට ගන්න හිතන්නවත් එපා!!!


    මට මේක හිතුනේ සෑහෙන දවසකට කලින්...
    http://www.elakiri.com/forum/showpost.php?p=9822022&postcount=1036
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ 'සත්වයා' කියල කිව්වේ මේ අපි හිතන අලි, කොටි, වලස් නැත්නම් බල්ලෝ, බළල්ලු, මාළු වගේ සත්තුන්ට විතරක් නෙවෙයි කියල දන්නවා නේද? ඒ 'සත්වයා' කියල කිව්වේ තමන්ටම කියල අනන්‍යතාවයක් (identity) තියන, ඒත් ඉපදෙන මැරෙන ස්වභාවයෙන් ගැලවෙන්න බැරුව, දිගින් දිගට පැවතගෙන ආව හෑම සියලු දෙනාටම!! ඔය එකම අනන්‍යතාවය තියන සත්වයෝ ඉන්නෙත් මුළු විශ්වයටම එක්කෙනෙක් විතරයි!!! සිත දියුණුකල, ඉර්දී බල වඩවා ගත්තු උදවියට එකවර කිහිප තැනක පෙනී සිටින්න පුළුවන්!!! ඒත් මුළු විශ්වයටම එක ID එකෙන් ඉන්නේ එක්කෙනෙක් පමණයි!!! සංසාරේ රැඳී සිටිනා තාක් කල් යම්කෙනෙක්ගේ අනන්‍යතාවය, එම ID එකෙන් හඳුන්වන සත්වයාගේ පැවැත්ම, විශ්වයේ කොහේ හරි තියෙනවා!!! පිරිණිවන් පෑවාම ඒ ID එක vanish වෙලා යනවා... එම අනන්‍යතාවය තිබුණු සත්වයාගේ පැවැත්ම එතැනින් අවසාන වෙනවා!!! ආයේ එහෙම කෙනෙක් මුළු විශ්වයේ කොහෙවත්ම නැහැ!!! එයා ඉවරයි!!!:shocked::shocked: ...බය උනාද??
     

    conservative

    Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ඒත් මුළු විශ්වයටම එක ID එකෙන් ඉන්නේ එක්කෙනෙක් පමණයි!!! සංසාරේ රැඳී සිටිනා තාක් කල් යම්කෙනෙක්ගේ අනන්‍යතාවය, එම ID එකෙන් හඳුන්වන සත්වයාගේ පැවැත්ම, විශ්වයේ කොහේ හරි තියෙනවා!!! පිරිණිවන් පෑවාම ඒ ID එක vanish වෙලා යනවා... එම අනන්‍යතාවය තිබුණු සත්වයාගේ පැවැත්ම එතැනින් අවසාන වෙනවා!!! ආයේ එහෙම කෙනෙක් මුළු විශ්වයේ කොහෙවත්ම නැහැ!!! එයා ඉවරයි!!!:shocked::shocked: ...බය උනාද??

    අන්න ආවා point එකට. ඔය ID එක තියෙන්නේ කොහෙද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ~ මේ ලැබිච්ච දුර්ලභ / වාසනාවන්ත අවස්ථාවත් ගිලිහිලා යන්න පුළුවන්... එහෙම උනොත් හරි අපරාදේ! ඔයාල පව් වෙනවා!! මට time තිබුනොත් මං එහෙම වෙන්න දෙන්නේ නෑ!!!

    මට පේනවා, සමහරු මට 'දෙපැත්තෙන්ම හිනාවෙනාව' මේවා කියවල! 'මූ හිතන් ඇත්තේ ඌ හරි ලොකු පොරක්ය කියල වෙන්න ඇති...' කියල මංගැන හිතන උදවියත් තොග ගානක් ඇති මෙතන!! ඒත් ඇත්තම කතන්දරය නම්, එහෙම හිතෙන කෙනෙක් ඉන්නවා නම්, ඒ මහා පල් මෝඩයෙක්!! තමන් හරි උගතෙක්, බුද්ධිමතෙක්, ලොක්කෙක් කියල හිතන කවුරුහරි ඉන්නවනම්, ඒ ඇත්ත නොදන්න, මාන්නයෙන් අන්ධ වෙච්ච, හිස් පුද්ගලයෙක්ම විතරයි!! 'ඉදිමෙන්නේ' හිස් මිනිස්සු තමයි!! යමෙක් සත්‍ය අවබෝධ කරන්න කරන්න ඒ පුද්ගලයා බිමටම බහිනවා... බිමින්ම ඉඳගන්නවා... සාරිපුත්ත හාමුදුරුවෝ තමයි හොඳට දැනෙන්නම මේ බව කියල දුන්නේ!!! (සාරිපුත්ත සිහනාද සුත්‍රය). උන්වහන්සේ පොලව වගෙයි කිව්වා, පාපිස්සක් වගෙයි කිව්වා, කුණු/දූවිලි පිහිදාන්න ගන්න රෙදි කෑල්ලක් වගෙයි කිව්වා... නිහතමානියි කියන්නේ, වෙන නම් කියන්න වචන නැහැ!!! ඇත්ත දැකල, බිම ඉඳගත්තම අනික් උදවිය ගැන ඇතිවෙන බොක්කෙන්ම එන අදහස තමයි මාත් ඔය කිව්වේ!!

    'සායි' උන්නැහැත් ගියා නේ නේද?? සැහෙන 'ලොකු' පුද්ගලයෙක් නේ... මෙට්‍රික් ටොන් ගානක් පිරිසත් පිරිවරාගෙන හිටිය කෙනෙක් නේ... ඒත් මලා!!! වැඩේ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු විදියට නම්, දැන් උන්නැහැ ගැන කතා කරන්නවත් දෙයක් නැහැ!!! බුදුහාමුදුරුවෝ කියා දුන්නේ මිථ්‍යාදෘෂ්ඨික පුද්ගලයාට මරණින් මත්තේ උපත් දෙකයි කියලයි... 1) නිරය 2) තිරිසන් ලෝකය. ඉතින්??? ...හොඳ වෙලාවට දැන් 'වංගීස' වගේ උදවිය නැහැ!! නැත්නම් මලසේක! වෙනවා. {වංගීස කියන පුද්ගලයාට හැකියාව තිබුනලු මැරිච්ච කෙනෙකුගේ හිස්කබලට තට්ටු කරලා, ඊළඟට ඉපදිලා ඉන්න තැන කියන්න! බුදුහාමුදුරුවෝ එයා හරි කියලත් කිව්වා. හැබැයි ඒ උත්තමයත් අන්තිමේ උතුම් අරහත්වයට පත්වෙලා පිරිණිවන් පැවලු!!} දැන් එහෙම කෙනෙක් ඉඳල 'ආ... අරය එහෙ ගියා, මෙයා මේ ගියා' කියල කියන්න තියාගත්තොත් එහෙම මහා ජංජාලයක් වේවි!! මේ හුඟ දෙනෙක් ඇත්ත නොදන්න හන්දනේ full ජොලියේ ඉන්නේ... තව තව 'පට්ට ආතල්ම' හොය හොයා ඉන්නේ...
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    බුදුහාමුදුරුවෝ කියා දුන්නේ මිථ්‍යාදෘෂ්ඨික පුද්ගලයාට මරණින් මත්තේ උපත් දෙකයි කියලයි... 1) නිරය 2) තිරිසන් ලෝකය. ඉතින්??? .

    බුදුහාමුදුරුවෝ මෙහෙම දෙයක් කියලා තියනවද ?
    ඉන්දියා වේ ධ්‍යාන ලාභී යෝගීන් බ්‍රහ්ම / දිව්‍ය ලෝක වල උපදින්නේ නැද්ද ?
    යේසුස් වහන්සේ , මහමත් තුමා සරණ ගිය අය ට නිවන් දකින්න බැරිවුනා ට ධාර්මික ජීවීත ගතකරණ පුද්ගලයන් ට දිව්‍ය ලෝක වල ට යාමේ අවස්ථාව තියනවා නේද ?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුදුහාමුදුරුවෝ මෙහෙම දෙයක් කියලා තියනවද ?
    ඉන්දියා වේ ධ්‍යාන ලාභී යෝගීන් බ්‍රහ්ම / දිව්‍ය ලෝක වල උපදින්නේ නැද්ද ?
    යේසුස් වහන්සේ , මහමත් තුමා සරණ ගිය අය ට නිවන් දකින්න බැරිවුනා ට ධාර්මික ජීවීත ගතකරණ පුද්ගලයන් ට දිව්‍ය ලෝක වල ට යාමේ අවස්ථාව තියනවා නේද ?

    අය්යෝ!! ඔයා මේ basics වත් නොදන්න ධර්මයට / ධර්ම මාර්ගයට 'ළදරුවෙක්' ද??

    නිරය, තිරිසන්, පෙරේත ලෝකවලට නොවැටෙන්න නම් තියෙන්නේ එකම ක්‍රමයයි!!! ඒ සෝතාපන්න වීම!!! වඩාත් පැහැදිලිව කිව්වොත්, සක්ඛාය දිට්ඨි / විච්කිච්චා / සීලබ්බත පරාමාස කියන ඒවා අන්සුමාත්‍ර වශයෙන්වත් නැතිවිය යුතුයි!!!

    සෝතාපන්න වීමට නම්, මේ ජීවිතය තුලදී අඩුම ගන්නේ සොතාපත්ති අංග 4 වත් තමන් තුල උපරිමයෙන් ඇතිකරගත යුතුයි!!!
    1) බුදුරජාණන්වහන්සේ ගැන නොසෙල්වෙන, ස්ථිර, 'මුල් බැසගත්තු' විශ්වාසයක්, පැහැදීමක් තිබිය යුතුයි!
    2) ශ්‍රී සද්ධර්මය ගැන නොසෙල්වෙන, ස්ථිර, 'මුල් බැසගත්තු' විශ්වාසයක්, පැහැදීමක් තිබිය යුතුයි!
    3) ආර්ය සංඝරත්නය ගැන නොසෙල්වෙන, ස්ථිර, 'මුල් බැසගත්තු' විශ්වාසයක්, පැහැදීමක් තිබිය යුතුයි!
    4) ආර්යකාන්ත ශීලයෙන් යුක්තවිය යුතුයි!

    ආර්යකාන්ත ශීලය යනු පන්සිල් රැකීම කියල තමයි හුඟක් වෙලාවට තෝරලා දීල තියෙන්නේ. ඒත් වඩාත් ගැලපෙන, නිවැරදි තේරුම නම් ආර්යාෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සති, හා සම්මා වායාම කියන අංග 3 වැඩීම කියලා තේරුම්ගන්න ඕනේ!!! එහෙම උනොතින් තමයි ඒ අංග 3 දියුණු කරන පුද්ගලයා කර්ම, කර්මඵල ගැන දැනගෙන, සිත දමනය කරගෙන, අකුසල් නොකරන්න/ප්‍රහාණය කරන්න සහ කුසල් කරන්න/දියුණුකරගන්න පියවර ගන්නේ. අන්න එයාට විතරයි දුගතිය පැත්තේ ඉඳලා සුගතිය පැත්තට ගමන් කරන්න ලැබෙන්නේ!!!

    සත්වයා කියන්නේ සතර අපායේ වැටෙන ස්වභාවය ඉක්මවා ගන්න බැරුව ඉන්න කෙනෙක්!!! ඕනෙම පුද්ගලයෙක්, දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් කිව්වත් ඒත් සත්වයෙක්!!! ඒ කියන්නේ ඔයා ඔය අහල තියන්න උදවිය හැමෝමත් සත්වයෝම තමයි!!! ඒත්, එයාල බුදුරජාණන්වහන්සේව පිළිගත්තු / විශ්වාස කරපු උදවියද??? එයාල ශ්‍රී සද්ධර්මය පිළිගත්තු / විශ්වාස කරපු උදවියද??? නැහැ නේ... ඉතින් කොරන්න දෙයක් නැහැ!!! එයාල දැනටමත් යන තැන්වලට ගිහිල්ල ඇත්තේ...

    මේ... ජීවිතේ කියන එක සෙල්ලමක් නෙවෙයි!!! බුදුවරු කරන දේකුත් නෙවෙයි!!! ස්වභාවික සංසිද්ධියක් විතරයි!!! ගැලවෙන්න පුළුවන් එකම ක්‍රමය හොයාගෙන, කියල දෙන්නේ බුදුවරු විතරයි!!! ඉතින්, බුදුකෙනේක්ගේ පස්සෙන් ඒ කියල දෙන පාරේ නොගොහින් වෙන වෙන මගුල් කර කර ඉන්න ඕනෙම 'ලොක්කෙක්' මැරිච්ච ගමන්, පට්ටම් සේරම විරෝපට්ටම් වෙලා යනවා!!! නවතින්නේ සතර අපායෙන් එකක තමයි!!!
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ධ්‍යාන ලාභී යෝගීන් බ්‍රහ්ම / දිව්‍ය ලෝක වල උපදින්නේ නැද්ද ?
    යේසුස් වහන්සේ , මහමත් තුමා සරණ ගිය අය පුද්ගලයන් ට දිව්‍ය ලෝක වල ට යාමේ අවස්ථාව තියනවා නේද ?

    ඇත්තටම නම්, මේ ප්‍රශ්ණේ මීට කලින් කෙනෙක් ජීවමාන බුදුරජාණන්වහන්සේගෙන්ම අහල තියනවා!!
    එවෙලේ බුදුරජාණන්වහන්සේ ඒ පුද්ගලයාට කියල තියෙන්නේ මෙහෙමයි,

    "ඔන්න මම දැන් ආපස්සට බලාගෙන බලාගෙන යනවා... අපි බලමු එහෙම ගිහින් තියන උදවිය ගැන..."

    බුදුරජාණන්වහන්සේ නමකට මුළු විශ්වයම ගැන මෙහෙම ඉස්සරහට පස්සට විමසනවා කියන එක අපිට ඔය video එකක් rewind / fast forward කර කර බලනවා වගේ simple case එකක්!!! ඒ ගැන හිතන්න එපා! මොකද සාමාන්‍ය මිනිස්සු කාටවත් බුදුකෙනෙක් ගැන හිතල ඉවරකරන්න බැහැ!!! 'බුද්ධ විෂයෝ අචින්තියෝ'

    ඉතින් එහෙම අතීතය විමසපු බුදුහාමුදුරුවෝ ටික වෙලාවකින් කිව්වලු, "මම කල්ප 91 ක් ආපස්සට බැලුව! ඒ කාලය තුල එකම එක අන්‍යාගමික පුද්ගලයෙක් විතරක් දිව්‍යලෝකයක උපතලබල තියනවා... හැබැයි එයත් කර්ම හා කර්ම ඵල විශ්වාස කල කෙනෙක්" කියල!!

    ඔන්න ඔහොමයි කතන්දරේ සිද්ධවෙන්නේ...
    හැබැයි මේක බුදුහාමුදුරුවෝ කරන දෙයක් නෙවෙයි!!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    අය්යෝ!! ඔයා මේ basics වත් නොදන්න ධර්මයට / ධර්ම මාර්ගයට 'ළදරුවෙක්' ද??

    එහෙම අයත් ඉන්නවනේ .
    මම ගැන comments දාලා ඔයාගේ ලොකු කම පෙන් වන්න ඕනේ නැත්නම් ,
    අහන ප්‍රශ්නය ට විතරක් උත්තර දුන්නහම ඇති .
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    ඇත්තටම නම්, මේ ප්‍රශ්ණේ මීට කලින් කෙනෙක් ජීවමාන බුදුරජාණන්වහන්සේගෙන්ම අහල තියනවා!!
    එවෙලේ බුදුරජාණන්වහන්සේ ඒ පුද්ගලයාට කියල තියෙන්නේ මෙහෙමයි,

    "ඔන්න මම දැන් ආපස්සට බලාගෙන බලාගෙන යනවා... අපි බලමු එහෙම ගිහින් තියන උදවිය ගැන..."

    බුදුරජාණන්වහන්සේ නමකට මුළු විශ්වයම ගැන මෙහෙම ඉස්සරහට පස්සට විමසනවා කියන එක අපිට ඔය video එකක් rewind / fast forward කර කර බලනවා වගේ simple case එකක්!!! ඒ ගැන හිතන්න එපා! මොකද සාමාන්‍ය මිනිස්සු කාටවත් බුදුකෙනෙක් ගැන හිතල ඉවරකරන්න බැහැ!!! 'බුද්ධ විෂයෝ අචින්තියෝ'

    ඉතින් එහෙම අතීතය විමසපු බුදුහාමුදුරුවෝ ටික වෙලාවකින් කිව්වලු, "මම කල්ප 91 ක් ආපස්සට බැලුව! ඒ කාලය තුල එකම එක අන්‍යාගමික පුද්ගලයෙක් විතරක් දිව්‍යලෝකයක උපතලබල තියනවා... හැබැයි එයත් කර්ම හා කර්ම ඵල විශ්වාස කල කෙනෙක්" කියල!!

    ඔන්න ඔහොමයි කතන්දරේ සිද්ධවෙන්නේ...
    හැබැයි මේක බුදුහාමුදුරුවෝ කරන දෙයක් නෙවෙයි!!!

    ස්තුතියි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    සත්වයා කියන්නේ තමන්ටය කියල මුළු විශ්වයටම බලපාන අනන්‍යතාවයක් තියන, 'කෙනෙකුට' බව කිව්වනේ... 'මෙයා' පවතින්නේ විද්‍යුත්චුම්බක තරංග කදම්බයක් (චුම්බක ක්ෂේත්‍රයක් කියමු) හැටියට කියලත් කිව්වනේ... දැන් එකම වැඩේ තියෙන්නේ, මෙහෙම 'කෙනෙක්' ඉන්න බව පැහැදිලි උනාට, 'එයා' අපිට පියවි ඇහැට පේන්නෙත් නැහැ!! 'එයාට' ප්‍රමාණයක් ඇත්තෙත් නැහැ!! හැබැයි ඉන්න තැන නම් confirmed! ඒ තමයි 'මොළ' ගෙඩිය!!! හැබැයි වඩාත් නිවැරදිව කියනවා නම්, ඉන්න නෙවෙයි, 'මෙයා' මොලය කේන්ද්‍ර කරගෙන පවතිනවා කිව්වා නම් තමයි හරියටම හරි!!! එතකොට දැන් මේ සත්වයෙක්, තමන්වම හඳුන්වල දෙන්න පාවිච්චි කරන වචනය නේ 'මම' කියන්නේ... ඒ හන්දා 'මම' ඉන්නේ කොහෙද කියන ප්‍රශ්නෙට උත්තරේ 'මොලයේ' කිව්වොත් අන්න ඒක සැහෙන දුරට නිවැරදියි! වඩාත්ම නිවැරදිව කියනවා නම් සත්වයා කියන්නේ, මොලය කියන ඉන්ද්‍රිය කේන්ද්‍ර කරගෙන පවතින ක්‍රියාකාරිත්වයක් විතරයි!!!
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    සත්වයා කියන්නේ තමන්ටය කියල මුළු විශ්වයටම බලපාන අනන්‍යතාවයක් තියන, 'කෙනෙකුට' බව කිව්වනේ... 'මෙයා' පවතින්නේ විද්‍යුත්චුම්බක තරංග කදම්බයක් (චුම්බක ක්ෂේත්‍රයක් කියමු) හැටියට කියලත් කිව්වනේ... දැන් එකම වැඩේ තියෙන්නේ, මෙහෙම 'කෙනෙක්' ඉන්න බව පැහැදිලි උනාට, 'එයා' අපිට පියවි ඇහැට පේන්නෙත් නැහැ!! 'එයාට' ප්‍රමාණයක් ඇත්තෙත් නැහැ!! හැබැයි ඉන්න තැන නම් confirmed! ඒ තමයි 'මොළ' ගෙඩිය!!! හැබැයි වඩාත් නිවැරදිව කියනවා නම්, ඉන්න නෙවෙයි, 'මෙයා' මොලය කේන්ද්‍ර කරගෙන පවතිනවා කිව්වා නම් තමයි හරියටම හරි!!! එතකොට දැන් මේ සත්වයෙක්, තමන්වම හඳුන්වල දෙන්න පාවිච්චි කරන වචනය නේ 'මම' කියන්නේ... ඒ හන්දා 'මම' ඉන්නේ කොහෙද කියන ප්‍රශ්නෙට උත්තරේ 'මොලයේ' කිව්වොත් අන්න ඒක සැහෙන දුරට නිවැරදියි! වඩාත්ම නිවැරදිව කියනවා නම් සත්වයා කියන්නේ, මොලය කියන ඉන්ද්‍රිය කේන්ද්‍ර කරගෙන පවතින ක්‍රියාකාරිත්වයක් විතරයි!!!

    එතකොට ප්‍රේතයන් වගේ අය ටත් මොලයක් තියනවද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එතකොට ප්‍රේතයන් වගේ අය ටත් මොලයක් තියනවද?

    අනිවා!!!

    ඇත්තටම සත්වයෙක් නම් කයක් අනිවාර්යයෙන්ම තියනවා!!! ඒ කය ඇහැට පෙන්වාද නැද්ද? කොච්චර ලොකුද පොඩිද? කියන කිසිවක් මේ මාතෘකාවට අදාළ නැහැ!!!

    උපතක් කියන්නේ, ආයතනානං පටිලාභෝ... කන්දානං පාතුභාවෝ... [ ආයතන 6 (සලායතන) ලැබීම හා පංච උපාදානස්කන්ධය බැසගැනීම ] කියල බුදුරජාණන්වහන්සේ කිව්වා!!! අර මම වතාවකුත් කිව්වනේ... තමන් හරියට දැනගෙන බලාගෙන බලාගෙන ගියොත්, නිවැරදිව කල්පණා කරගෙන කරගෙන ගියොත්, සේරම 'දකින' එක වලක්වන්න කාටවත් බැහැ කියල!!! ඉතින් දැන් නම් මම මේ සේරම දැකල ඉවරයි!!! කියන එක තමයි කරන්නේ... මේවට challenge කරන්න නම් කවුරුවත් නැහැ!!! මයිත්‍රී බුදුහාමුදුරුවොන්ට පෙන්නුවොත් 'කතාව ඇත්ත!' කියල කියාවි... එච්චරයි!!!

    ඇත්තටම මේ ලොකුකම් පෙන්නිල්ලක් නෙවෙයි! මං මොකෙක්ද කියල මම දැනගෙන සෑහෙන කල්... දන්න කියන කාලේ ඉඳල ආසාවෙන්, කැමැත්තෙන් බැහැපු subject සේරටම අන්තිමට උනේ මෙහෙම! ඉතින් මට මේකේ අමුත්තක් නැහැ!!

    ඒත්, මේ මාතෘකාව සත්වයෙකුට තියන වටිනාම දෙය!!! මට ඕනේ ඉන්න තරමක් හාමුදුරුවරු / ගිහිපිරිස හැමෝම රහතුන්වහන්සේලා වෙන්න!!! කල්ප කෝටි ප්‍රකෝටි ගණනක් සංසාරේ චාටර් වෙච්ච 'මං' ඒකෙන් ගැලවෙන කොට, සිතුවිල්ලකින් හෝ මට උපකාරයක් වෙච්ච හැමෝමත් මේ කුණු සංසාරෙන් ගැලවෙනවා නම්, මේ ක්ෂණ සම්පත්තිය ලැබූ සෙසු සියලු සත්වයෝම 'ණිවන් මඟේ' ස්ථාවර වෙනවානම් මගේ එකම ආසාව / බලාපොරොත්තුව ඒකයි!!! ඕනේ කෙනෙක් මේ කරුණු අරගෙන ඕනේ භාෂාවකින් තව කෙනෙකුගේ අවබෝධය, උන්නතිය වෙනුවෙන් පාවිච්චි කරන්න!! ඒකෙත් කිසි අවුලක් නැහැ.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මං මුල හරියේදී කිව්වා පණ තියන සත්වයෙක් කියන්නේ දැල්වෙන ඉටිපන්දමක්, මැරිච්ච කෙනෙක් කියන්නේ නිවිච්ච ඉටිපන්දමක් හැටියට ගන්න කියල... මතකද? ඉතින් තේරුණාද මේ සත්වයාගේ කතාවෙයි, ඒකෙයි තියන සම්බන්ධය?? මේක හැබැයි මගේම නිර්මාණයක් කියල කිව්වොත් වැරදියි... hint එක ගත්තේ බුද්ධ දේශනාවක් වන රතන සුත්‍රයෙන්!! "නිබ්බන්ති ධීරා යථායන් පදීපෝ..." අහල තියනවද? **- ඇත්තටම, මේ දාන සෙල්ලම් සේරම බුදුරජාණන්වහන්සේ හන්දමයි!!! ඒකත් තව චුට්ටෙන් ගෞතම බුද්ධ සාසනයත් මගහැරිලා මේ පාරත් අනාථ වෙනවා!!! අපේ හාමුදුරුවෝ පෙරුම්පුරාගෙන ඇවිල්ල යන්තම් ගැලවෙන්න උපකාර කළා / යන්තම් ගලව ගත්ත!!! -**

    හැබැයි ඉතින් කස්ටිය පොඩ්ඩක් පරිස්සම් වෙන්න තියනවා... මුලින්ම කිව්වා නේ ඉටිපන්දම ආයේ පත්තුකරන්න පුළුවන්! පහනක් නම් තෙල් දාල, තිර දාල ආයේ හදල ගන්න පුළුවන්! වගේ (ගොං) කතා මෙතනට දාන්න එපා!! කියල... දැන්, ඊටත් වඩා දෙයක් තියනවා!! ඉටිපන්දම නෙවෙයි මොකක් හරි දෙයක් දැල්වෙන්න නම්, ඒක දැල්වෙන දෙයක් (hydrocarbon) වෙන්න ඕනේ!, ඒක ජ්වලන උෂ්ණත්වයට එන්න ඕනේ!, oxygen සමග එකතුවෙන්න ඕනේ! කියල 'බර බර කතන්දර' ගොඩක් තියනවා නේ... ආයේ ඕනේ නම් කියන්න පුළුවන් නේ, එක HC අනුවක් ප්‍රතික්‍රියා කරද්දී හැදෙන්නේ දැල්ලෙන් ඉතාම සුළු කොටසයි... ඒ කියන්නේ දල්ල ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ! එහෙමත් නැත්නම් දල්ල මොහොතක් මොහොතක් පාසා ඇතිවෙමින් නැතිවෙමින් තියෙන්නේ! වගේ ලොකු ලොකු කතන්දර!!

    මෙන්න මේවට ගියොත්, මේ විදියට බරපතලව හිතන්න ගියොත්, අන්න එයාලට කියන්න වෙන්නේ 'බක පණ්ඩිතයෝ' කියලයි!! මොකද කතන්දරේ ඇත්ත උනත් නැතත් එහෙම ගන්න එක 'මේ මාතෘකාවට' ගැලපෙන්නේ නැහැ!! එහෙම හිතන 'මහප්පරාන' උදවියට වෙන්නේ අර පණ්ඩිතයට ඒදණ්ඩේ යන්න බැරි කතාව තමයි!!! මෙතැනදී ඒදණ්ඩක යන කතාවක් නැහැ නේ... මේක සංසාරයෙන් එතෙර වීම නැත්නම් මාර්ගඵල ලැබීම පිලිබඳ කතාවක් නේ... එතකොට කියමන පොඩ්ඩක් වෙනස් කරලා ගන්න වෙනවා මෙන්න මෙහෙම!

    'බක පණ්ඩිතයට සංසාරෙන් එතෙර වෙන්න බැහැ!!!' නැත්නම් 'බක පණ්ඩිතයට මාර්ගඵල ලබන්න බැහැ!!!' කියල...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් ඉතින් මෙන්න මෙහෙම 'සරලව' චුට්ටක් හිතන්න බලන්න... ඉටිපන්දමේ තියන ස්වභාවික රසායනික ද්‍රව්‍ය, ස්වාභාවිකවම සිදුවන ප්‍රතික්‍රියාවකට භාජනය වෙන නිසා, දැල්ල කියල 'ඵලයක්' හටගන තියනවා!!! හරි නේද?? මේ 'දැල්ල' කියන එක විශ්ලේෂණය කරකර, විග්‍රහ කර කර බලන්න ගියොත් පොත් ගානක් ලියන්න තරම් කරුණු තියනවා... ඒත් 'මේ මාතෘකාවේදී' එච්චර දුරට හිතන එක සතපහකට වත් වටින්නේ නැහැ!!! එහෙම හිතන්න ගියාම නැති අවුල් ගොඩාක්, තවත් ප්‍රශ්ණ වැලක් හැදිලා අවුලෙන් අවුලට පත්වෙනවා විතරයි!!! හොඳට හිතට ගන්න!!!

    හැබැයි මෙන්න මේ කරුණු ඉතා වැදගත්!!! ඔය 'දැල්ල' හටගන්න සිදුවීම, ඉටිපන්දමකම විතරක් නෙවෙයි... පහණක, ලාම්පුවක, දර කෑල්ලක වගේ ඕනෙම දෙයක සිද්ධ වෙන්න පුළුවන්!!! ඒත් කාටවත් පුලුවන්ද ඔය 'දැල්ලක්', ඒක හටගන්න උපකාර වෙන මොකවත් නැතුව (පාදක කරගෙන තියන දෙයක්, base එකක්, නැතුව කියල හිතන්න) එහෙට මෙහෙට අරගෙන යන්න? නැත්නම් පවත්වාගෙන යන්න?? ඒ කියන්නේ ඉටිපන්දම හරි, පහණ හරි නැතුව 'දැල්ල' අරන් පැත්තකින් තියන්න පුලුවන්ද??? බෑ නේද??? නිකම් කටට ආවට නෙවෙයි... හොඳට හිතල බලන්න!!!

    හැබැයි මේ 'දැල්ලත්' එක්ක වෙන පොඩි සෙල්ලමක් දාන්න පුළුවන්!! ඒ කියන්නේ එක තැනක හටගෙන තියන දැල්ල, base එකක් නැතුව (දැල්ල ඇතිවන්න උපකාර වෙන දෙය නැතුව) වෙන අතකට හරවන්න, චුට්ටක් එහාට මෙහාට කරන්න පුළුවන්!!! අර ලිප් ජාතියක් තියෙන්නේ... භාජන තියන්න කටවල් දෙකක්ම තියන! දර දාල අවුළුවන තැන කෙලින්ම එක කටකුයි, පැත්තකින් තව කටකුයි තියෙන්නේ... අන්න ඒක හොඳ උදාහරණයක්! තවත් පොඩි අවස්ථාවක් කියන්න පුළුවන්. ගෑස් (gas) වලින් දල්වන වෙලාවට හීනි දැලක් තියල දැල්වුවාම, දැල්ල ඒ දැල උඩ තමයි හට ගන්නේ. ඒ කියන්නේ දැල්ල හටගන්න හේතු වෙච්ච දෙය වෙනමත්, දැල්ල වෙනමත් තියනවා වගේ පේනවා. ඒත් ගොඩාක් ඈත් කරන්න බැහැ නිවෙනවා.

    ඉතින්, මේ කරුණු සේරම ඔය ඕනෙම කෙනෙකුට ජාති, ආගම් බෙධයක් නැතුව ඇහැට දැකලම 'ඇත්ත නේන්නම්!' කියල තේරුම් ගන්න පුළුවන් නේ... නේද? ඊළඟට බලමු අපේ 'ජීවිත' කතාවට මේක සම්බන්ධ කරන්න...
     
    May 25, 2010
    554
    27
    0
    Bakery
    සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

    මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??

    මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න...:confused: joke එකක් වගේ...

    ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!:yes::yes:

    ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??

    “There is no doer of a deed
    Or one who reaps the deed’s result
    Phenomena alone flows on
    No other view than this is right.”


    Visuddhimaggaa
    Pg-700

    :yes::yes:
     
    Last edited: