දැන් ඉතින් මෙන්න මෙහෙම 'සරලව' චුට්ටක් හිතන්න බලන්න... ඉටිපන්දමේ තියන ස්වභාවික රසායනික ද්‍රව්‍ය, ස්වාභාවිකවම සිදුවන ප්‍රතික්‍රියාවකට භාජනය වෙන නිසා, දැල්ල කියල 'ඵලයක්' හටගන තියනවා!!! හරි නේද?? මේ 'දැල්ල' කියන එක විශ්ලේෂණය කරකර, විග්රහ කර කර බලන්න ගියොත් පොත් ගානක් ලියන්න තරම් කරුණු තියනවා... ඒත් 'මේ මාතෘකාවේදී' එච්චර දුරට හිතන එක සතපහකට වත් වටින්නේ නැහැ!!! එහෙම හිතන්න ගියාම නැති අවුල් ගොඩාක්, තවත් ප්‍රශ්ණ වැලක් හැදිලා අවුලෙන් අවුලට පත්වෙනවා විතරයි!!! හොඳට හිතට ගන්න!!!
හැබැයි මෙන්න මේ කරුණු ඉතා වැදගත්!!! ඔය 'දැල්ල' හටගන්න සිදුවීම, ඉටිපන්දමකම විතරක් නෙවෙයි... පහණක, ලාම්පුවක, දර කෑල්ලක වගේ ඕනෙම දෙයක සිද්ධ වෙන්න පුළුවන්!!! ඒත් කාටවත් පුලුවන්ද ඔය 'දැල්ලක්', ඒක හටගන්න උපකාර වෙන මොකවත් නැතුව (පාදක කරගෙන තියන දෙයක්, base එකක්, නැතුව කියල හිතන්න) එහෙට මෙහෙට අරගෙන යන්න? නැත්නම් පවත්වාගෙන යන්න?? ඒ කියන්නේ ඉටිපන්දම හරි, පහණ හරි නැතුව 'දැල්ල' අරන් පැත්තකින් තියන්න පුලුවන්ද??? බෑ නේද??? නිකම් කටට ආවට නෙවෙයි... හොඳට හිතල බලන්න!!!
හැබැයි මේ 'දැල්ලත්' එක්ක වෙන පොඩි සෙල්ලමක් දාන්න පුළුවන්!! ඒ කියන්නේ එක තැනක හටගෙන තියන දැල්ල, base එකක් නැතුව (දැල්ල ඇතිවන්න උපකාර වෙන දෙය නැතුව) වෙන අතකට හරවන්න, චුට්ටක් එහාට මෙහාට කරන්න පුළුවන්!!! අර ලිප් ජාතියක් තියෙන්නේ... භාජන තියන්න කටවල් දෙකක්ම තියන! දර දාල අවුළුවන තැන කෙලින්ම එක කටකුයි, පැත්තකින් තව කටකුයි තියෙන්නේ... අන්න ඒක හොඳ උදාහරණයක්! තවත් පොඩි අවස්ථාවක් කියන්න පුළුවන්. ගෑස් (gas) වලින් දල්වන වෙලාවට හීනි දැලක් තියල දැල්වුවාම, දැල්ල ඒ දැල උඩ තමයි හට ගන්නේ. ඒ කියන්නේ දැල්ල හටගන්න හේතු වෙච්ච දෙය වෙනමත්, දැල්ල වෙනමත් තියනවා වගේ පේනවා. ඒත් ගොඩාක් ඈත් කරන්න බැහැ නිවෙනවා.
ඉතින්, මේ කරුණු සේරම ඔය ඕනෙම කෙනෙකුට ජාති, ආගම් බෙධයක් නැතුව ඇහැට දැකලම 'ඇත්ත නේන්නම්!' කියල තේරුම් ගන්න පුළුවන් නේ... නේද? ඊළඟට බලමු අපේ 'ජීවිත' කතාවට මේක සම්බන්ධ කරන්න...