ඉලන්දාරි අඩහැරය... විරිදු
ඕලෙවලුත් ඉවර කලා ඒ ලෙවලුත් ඉවර කලා...
කැම්පස් සිහිනයක් වෙලා මම සිටියා බකං නිලා.....
රස්සාවක් නැතත් තවම හැමදාමත් ගමන උඩින්...
තාර පාරෙ වැදිලම නෑ මගෙ කැන්වස් ශූස් ඉතිං....

රස්සාවක් හොයාගනිං ඉක්මනටම මෝඩ රජෝ....
කලවයසක් ගෙවිලා යනවා නෙව උඹගේ මෝඩ රජෝ.....
අම්මා කියයි උදේ හවස ශ්ලෝකෙ වගේ මේක ඉතිං.....
දෙන දේ කා වෙන දේ මම බලං ඉන්නේ නෝ තිංකිං.....
උදේ පාන්දර නැගිටලා තාත්තා ජොබ් එකට යතේ....
ටිකක් දවාලෙං නැගිටලා අක්කත් වැඩ පොළට යතේ.....
උදෙන්ම බත ඉදෙන නිසා අපේ ගෙදර ඉතිං පුතේ....
චූන් එකේ මම ඉන්නේ වැය කරමින් සතේ සතේ....
සරන පතා එන අයටයි ... ඩිලිවරි කරනා අයටයි...
හැමදාමත් මම දෙන්නේ 100 ට වැඩියෙන් විතරයි....
පීට්සා හට් බයිසිකලේ රෝද ගෙවුනේ මා හින්දයි....
අපේ ගෙදර උළුකැට අඩු බව දන්නේ අපි විතරයි....

කිට මරලා මම යනකොට පාර දිගේ බයික් එකේ....
හොනට් එකේ සද්දෙට මරු කෑලි බලයි පාර්ක් එකේ....
අතින් අතට යන අය අත දැම්මට මම නරක නැතේ....
එක දවසට එක කෙල්ලයි මම හරි හොද කොල්ලා පුතේ....

බයික් එකයි ලුක් එකටයි රැවටීලා එන කෙල්ලන්...
දත ගලවයි යක්කු වගේ මම එතකොට වෙමි සල්ලන්....
කැටේ කඩපු සල්ලි ටිකත් ඉවරයි නොවැ කර සෙල්ලන්...
ඔරලෝසුව උගස් කරලා ආවේ මම අද පල්ලන්.... !
මල්කීලා.... ඔශානිලා... තාමත් මට පිස්සු වැටේ....
සොෆි.. ඩැරින්.. වින්සි.. එක්සි... පස්සෙන් එයි මාර වැඩේ...
කොයි කෑල්ල ආවත් මම රට යන්නයි ඉන්නේ හෙටේ....
එහෙම කියලා කර මුලටම එරිලයි දැන් ඉන්නේ මඩේ....

අදත් උදෙන් හොනට් එකෙන් ආවා හන්දිය බලලා...
පෙට්රල් ටික ණයට ගත්තෙ මුදලාලිට ශේප් වෙලා...
අදත් ඉතින් ගමන හෙමින් රේස් කලොත් ඉවර වෙලා..
තල්ලු කරන් යන්න වෙන්නේ බයික් එකත් මගේ ඩලා....
සිගරටි එක ගහන්නමයි හැමදාකම සිත යන්නේ...
කෙතරම් අම තක කෙරුවත් නෑ එය අමතක වෙන්නේ...
රෑ නින්දෙන් හොරෙන් හොරෙන් ගල් පොල් මට සිහිවන්නේ...
අනේ මචං සෙට් වෙන්නට කොහොමද මම පැනගන්නේ....

නාමු විලේ සීත ජලේ... බන්ට් එකේ.. ප්රීති පුරේ.....
විනෝද වෙමු සින්දු කියමු අපිත් නටමු අදත් දුවමු...
කෑම බීම පිටින් අරන් බිලත් ගෙවමු කියමු හුරේ......
ලෝන් ගහලා ලව් කරලා අද සැනසී හෙට වැනසෙමු.....

මේ කවි නෙවේ ... විරිදු හරිද.... ඔක්කොම බලලා කමෙන්ට් කරන්න... (හදිස්සියෙන් හැදුවේ)

Ela ela digatama liyapan 