තලන්න කලින්
ඔබ තලන්න
එවිට මම රත්වේවී
කපන්න කපන්න
තව මම දික්වේවි
කැපිලා රත්වුණහම
මම නැමේවි
එහෙත් ඒ කාලය,
නුඹට අපතේ යාවී
නුඹට කිසිදා සතුටක් නැතිවේවි
අනුන්ගේ සතුටද නොඉවසුම් නොදේවි
මරණයේත් කුණු කයට කිසිවකුත් නොහඬාවි
කඳුලටත් නිදහසක් නුඹෙන් මතු නොලැබේවි
සංකල්පය - මාලන්...