එකම බසයක යන්න කැමති ද?
මට ලංගමක නැග
එන්නයැයි පවසා...
ඉන්ටර්සිටි කෝච්චියකට
ගොඩ වී ඇති
ඔබ,
මට කලින් පැමිණ
අන් සෙනේහයක
දැවටී සිටියත්,
ඒ ඔබම බව
දුටුවනම මම
හඳුනා ගතිමි.
නැත නිසැක
ඔබත් මා
හඳුනා ගත් බවට
ඒත් නිසැකයි
මා දැන් පරක්කු
බව නම්.
නැවත යනවිට
එකම බසයක
යන්න කැමති ද?