1. hpalpola

    සැපයට හේතුවන කරුණු 4 ක්

    බුදු දහම මාර්ගය සාදා දෙන්නේ නිවනටම පමණක් නොවේ. මෙලොව ජීවත් වෙද්දී සැප විඳීම සඳහා අවශ්‍ය කරන අවබෝධය ද එයින් ලබා දෙයි. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ බත උපහත සුත්‍රය එවැනි කරුණු හතරක් දක්වන සූත්‍රය කි. මේ සූත්‍රයට අනුව කරුණු හතරකින් යුතු අඥානයා මෙලොව දුකට පත් වෙයි. එම කරුණු හතර නම්, 1. නොදැන...
  2. hpalpola

    උපාසකවරු

    බුද්ධ ශාසනය තුළ පුද්ගල කොට්ඨාස 4 ක් සිටිති. ඒ භික්ෂු භික්ෂුනී සහ උපාසක උපාසිකා ලෙසිනි. මින් උපාසක යන නාමය භාවිතා වන්නේ ගිහි තැනැත්තාට ය. බුදුරජාණන්වහන්සේගෙන් උපාසක යැයි නමක් ලැබීම පහසු කාර්යයක් නොවේ. එය බුද්ධ ශාසනය අනුව ගිහි තැනැත්තකුට ලැබෙන ගෞරව නාමයකි. වරක මහානාම ශාක්‍යයා කෙනෙක් උපාසකයකු වන්නේ...
  3. hpalpola

    තරහ පාලනය කිරීමට

    මිනිස්සු විවිධාකාර ය. මේ විවිධාකාර මිනිසුන් අතර ජීවත්වන එක්තරා මිනිස් කොටසක් වන්නේ අනුන් නිසා තරහ ගන්නා අයයි. මොවුන් සමග සබඳතා පවත්වා ගැනීම පවා අපහසුය. අන්අයකුගේ හොඳ ක්‍රියාවක් වේවා නරක ක්‍රියාවක් වේවා ඔවුන් කිපෙයි. මේ බව දන්නා පිරිස ඒ පුද්ගලයා තරහ ගස්සා සතුටු වෙති. එය මා අනුමත නොකරමි. මදකට සිතා...
  4. hpalpola

    අමු සොහොනක් බඳු මිනිසා

    අමු සොහොන ඔබට එතරම් දැක පුරුදු ස්ථානයක් විය නොහැක්කේ අද වන විට විධිමත් ආකාරයට මළ සිරුරු බැහැර කිරීමේ ක්‍රමයක් ඇති නිසාවෙනි. නමුත් දැනට වසර දහස්ගණනකට පෙර ආසියානු කලාපයේ එවැනි භාවිතාවක් නොතිබුණි. මෙනිසා අමු සොහොන් දක්නට ලැබිණි. මළ මිනී රෙද්දකින් ඔතා එහි ගොස් දමයි. සතිපට්ඨානය තුළ මළසිරුර ආශ්‍රයෙන්...
  5. hpalpola

    හිතේ ආශ්චර්යය

    හිත කියන්නෙ පුදුම දෙයක්. තවමත් මිනිස්සු උත්සාහ කරනවා හිත ගැන සම්පූර්ණයෙන් කියවන්න. බුදුරජාණන්වහන්සේ වරක දේශනා කරනවා හිත ගැන මෙහෙම. දුර ගමන් යන, තනිව හැසිරෙන ගුහාවක වෙසෙන සිත සංවරයෙහි පිහිටුවා ගත්විට මාර බැම්මෙන් මිදිය හැකි ය. ජීවත්වෙන ටික කාලය ඇතුලෙ අපි විවිධ දේවල් කරනවා. කියනවා. හිතනවා. මේ...
  6. hpalpola

    සිංහල ටයිපින්ග් උදව්වක් ඕනා

    අභය, බින්දුමතී වගේ සිංහල ෆොන්ට්වලින් ටයිප් කරද්දී අකුරු හල් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් කියනවාද වින්ඩෝස් 10 වලට පාවිච්චි කරන්න පුළුවන්.
  7. hpalpola

    කැමැත්ත නිසා ඇති වන දුක.

    කැමැත්ත නිසා ඇතිවන දුක පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරය මහා සතිපට්ඨාන සූත්‍රයේ මෙසේ දැක්වේ. "කතමඤ්ච, භික්ඛවේ, දුක්ඛං අරියසච්චං? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොකපරිදේවදුක්ඛදොමනස්සුපායාසාපි දුක්ඛා, අප්පියේහි සම්පයොගො දුක්ඛො, පියේහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි...
  8. hpalpola

    ශීලය සහ භාවනාව

    සමහරක් භාවනා කරන්න හරි උනන්දුවෙන් වාඩි වෙනවා. හැබැයි හිත එක තැනකට ගේන්න හරිම අමාරුයි. මේ නිසා ඉච්ඡාභංගත්වයට පත් වෙනවා. ඒ නිසා භාවනාව අත්හැරලා දානවා. සමහරු දැඩි වීර්යෙන් අල්ලන් ඉන්නවා. මේ තත්ත්වය ඔයාටත් දැනිලා ඇති. එහෙම නැතුවත් ඇති. මේ වගේ අවස්ථාවක් ඔයාගේ භාවනා පුහුණුවට ආවොත් ඒකට පිළියමක් තමයි...
  9. hpalpola

    දානය සහ භාවනා

    බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නෙ දානය, සීලය සහ භාවනාව ත්‍රිවිධ පුණ්‍යක්‍රියා විදියට. ඒ බව පුඤ්ඤකිරියවත්ථු සුත්‍රයේ සඳහන් වෙනවා. හැබැයි අද වෙද්දි මිනිස්සු හුඟක් උත්සාහ කරන්නෙ භාවනා කරන්න. ඒ වෙනුවෙන් භාවනා වැඩසටහන්වලට පවා සම්බන්ධ වෙනවා. ඇත්ත. වඩාත් පින් සිද්ධ වෙන්නෙ භාවනාවෙන් තමයි. හැබැයි දන් දීම කරන...
  10. hpalpola

    හිතත් මරු තමයි.

    රූපවාහිනියක දුරස්ථ පාලකය ඔබට ලැබුන විට ඔබ කරන්නේ කුමක් ද? සමහරු නම් තමුන් කැමැති චැනලය ලැබෙන තුරු එය ඔබයි. අකමැති චැනල් ලැබුන විට මාරු කරයි. සමහරක් චැනල්වල පෙන්වන්නේ කුමක්ද කියා විමසිලිමත්වී එය අප්‍රිය නම් වෙනත් චැනලයකට ගමන් කරයි. බහුතරයකගේ සාමාන්‍ය ස්වභාවය එයයි. ඔබත් එසේ විය හැක. මෙසේ හැසිරීමේ...
  11. hpalpola

    පංචේන්ද්‍රිය පාලනය කොරන්නට යාම

    පංචේන්ද්‍රිය පාලනය කිරීමට යාම නිසා මිනිසුන් අමාරුවේ වැටෙන්නේයැයි කීවොත් ඔබ පුදුම වනු ඇත. ඉන්ද්‍රිය දමනය කිරීම යනු ඉන්ද්‍රියන් පාලනය කිරීමයැයි සිතන්නා වූ පිරිස් වෙති. මිනිසාගේ ප්‍රධාන ඉන්ද්‍රිය පහකි. ඇස්, කන්, නාසය, කට සහ සිරුර ඒ ඉන්ද්‍රිය පහයි. මේ ඉන්ද්‍රියන් පාලනය කිරීම අමාරු නැත. අමාරු කාර්යය...
  12. hpalpola

    දවසක, රස නොදැනුනොත්?

    පසුගිය දිනක රෑ කෑමක් සඳහා සහභාගී වී සිටියදී ඇසීමට ලැබුණු දෙයක් නිසා මෙය සටහන් කරමි. අප සිටි මේසයට අසල වූ මේසයක ද පිරිසක් අසුන් ගෙන ආහාර ගනිමින් සිටියහ. එතැන සිටි අයකු තමුන්ට ආහාර වල රස නොදැනෙන බව පවසයි. එවිට අනෙක් සාමාජිකයන් ඔවුන්ගේ ආහාර වර්ගද ඔහුට රස විඳින්නට ලබා දෙයි. එම ආහාරයේද රස ඔහුට...
  13. hpalpola

    බුදු පිළිම වන්දනාව

    බුදු පිළිම වන්දනා කිරීම ගැන සමාජයේ කතිකාවතක් ඇත. ඒ ගැන විවිධ මතවාද පවතී. සමහරු කියන්නේ මැටි පිළිමවලට වැඳීමේ ප්‍රතිඵලයක් නැති බවයි. සමහරු එය පින් වැඩෙන ක්‍රියාවක් බව කියයි. ත්‍රිපිටකයට අනුව බුදුරජාණන්වහන්සේ කිසිදු විටක තමුන්වහන්සේගේ පිළිමයකට වන්දනා කිරීම පිළිබඳව දේශනා කර නැත. නමුත් උන්වහන්සේ...
  14. hpalpola

    සතුටින් සිටීමට - ඇසීම සහ ඇහුන්කන්දීම අතර වෙනස

    ශබ්දය, ඇසීම සහ ඇහුම්කන් දීම අතර වැදගත් වෙනසක් ඇත. මෙම වෙනස රූප දැකීම සහ රූප බැලීම අතර ඇති වෙනසට සමානය. 1. ශබ්දය ඇසීම (Hearing): - මෙය ස්වාභාවික, අකර්මන්‍ය ක්‍රියාවලියකි. - කන සහ ශබ්දය එකට මුණගැසුණු විට සිදුවන ස්වයංක්‍රීය ක්‍රියාවලියකි. - මෙය හුදු සෝත විඤ්ඤාණය (කනේ විඥානය) පමණි. -...
  15. hpalpola

    රූප දැකීම සහ රූප බැලීම

    රූප දැකීම සහ රූප බැලීම අතර වැදගත් වෙනසක් ඇත. මෙම වෙනස බුදු දහමේ ඉගැන්වීම් වල, විශේෂයෙන් සතිය සහ විපස්සනා භාවනාව පිළිබඳ ඉගැන්වීම් වල, වැදගත් ස්ථානයක් ගනී. 1. රූප දැකීම (Seeing): - මෙය ස්වාභාවික, අකර්මන්‍ය ක්‍රියාවලියකි. - ඇස සහ රූපය එකට මුණගැසුණු විට සිදුවන ස්වයංක්‍රීය ක්‍රියාවලියකි. -...
  16. hpalpola

    භාවනා කරන්න වෙලාවක්

    බහුතරයක් දෙනා කැමැති ලොකු වැඩ කරන්න. භාවනාව වුනත් එහෙමයි. සත්‍යාවබෝධය සඳහා භාවනාව අත්‍යවශ්‍යයි. ඉතින් ලොකු වැඩ කරන්න කැමැති අයට එදිනෙදා ජීවිතේ දී භාවනා කරන්න බැහැ. එක්කො වෙලාව නැහැ, එක්කො තැනක් නැහැ. සාමාන්‍ය පුද්ගලයකුට භාවනා කරන්න ගත්තම මේ වගේ ප්‍රශ්න එන්නෙ නැහැ. එයාට ජීවිතේම භාවනාවක්. ඒ කොහොම...
  17. hpalpola

    ඒකපාර්ශ්වීය වුවත් ද්විපාර්ශ්වීය වුවත් ආදරය දුකමය

    ජනප්‍රිය සිංහල ටියුෂන් ගුරුවරයකුගේ වීඩියෝ කෑල්ලක් පහුගිය දිනක නෙත ගැටුනි. ඔහු එහිදී කතා කරන්නේ ඒක පාර්ශ්වික ප්‍රේමය ගැනය, එහි ඇති සාමකාමී බව ගැනය. ඔහුගේ කතාව අසා සිටි මා හට හැඟී ගියේ ඒක පාර්ශ්වික ප්‍රේමයෙන් තවත් අයකුට හානියක් නොවන බැවින් එය නරක දෙයක් නොවන බව කීමට උත්සාහ කරන බවයි. එසේම...
  18. hpalpola

    දුක අවබෝධයෙන් දැකිය යුත්තේ ඇයි?

    දුක අවබෝධයෙන් දැකිය යුත්තේ ඇයි? තේරුම් ගැනීම සහ අවබෝධය අතර වෙනසක් ඇත. ත්‍රිපිටකයේ ධර්ම දේශනා බොහොමයක දුක පිළිබඳව සාකච්ඡා වේ. මෙනිසා දුක පිළිබඳව බෞද්ධයන්ට තේරුමක් ඇත. නමුත් දුක අවබෝධ වී ඇත්ද යන්න තමුන් විසින් ම සලකා බැලිය යුතු ය. දුක අවබෝධයෙන් දැකීම බුදු දහමේ මූලික ඉගැන්වීම් වල ඉතා වැදගත්...
  19. hpalpola

    බුදු දහම සහ ආකර්ශන නීතිය ගැලපිය හැකි ද?

    "ආකර්ෂණ නීතිය" (Law of Attraction) යනු නූතන ස්වයං-වර්ධන සංකල්පයක් වන අතර, එය බුදු දහමේ මූලික ඉගැන්වීම් සමඟ සෘජුව නොගැලපේ. කෙසේ වෙතත්, සමහර අදහස් බුදු දහමේ ඇතැම් ඉගැන්වීම් සමඟ සමානකම් දක්වන අතර වෙනස්කම්ද ඇත. මේ ආකාරයට සමානකම් දැක්වීම නිසා සමහරක් ආකර්ශන නීතිය පිළිබඳව දේශන පවත්වන පුද්ගලයන් විසින්...
  20. hpalpola

    පවුලේ අසමගියට ආදරය යන හැඟීම හේතු විය හැකිද?

    ඔව්, පවුලේ අසමගියට ආදරය යන හැඟීම හේතු විය හැකිය. මෙය පරස්පර විරෝධී අදහසක් ලෙස පෙනුනද, බුදු දහමේ ඉගැන්වීම් අනුව මෙය සිදුවිය හැකි ආකාරය පැහැදිලි කරමි: 1. තණ්හාව සහ උපාදානය: බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ (SN 56.11) දේශනා කළේ: "යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මං" "යමක් හටගැනීමේ...

    No contents