උපාසකයකු සිල්වතකු වන්නේ කෙසේදැයි වරක මහානාම ශාක්‍ය රජුට බුදුරජාණන්වහන්සේ මෙසේ දේශනා කල සේක.
“මහානාම, යම් තැනක පටන් උපාසක තෙම ප්‍රාණඝාතයෙන් වැළකුණේ වෙයිද, සොරකමින් වැළකුණේ වෙයිද, කාමයන්හි වැරදි හැසුරුමෙන් වැළකුණේ වෙයිද, බොරු කීමෙන් වැළකුණේවෙයිද, පමාවට කරුණුවූ රහමෙර පීමෙන් වැළකුණේ වෙයිද, මහානාම...