ow machan eya mata akamathi kiyala kiuwa dawase godak duka danuna mata, ayeth api wenada wage kathakaranawa,e unata mata bayai eya mawa dala yawi kiyala
ඒ වගේ බියක් දැනෙන එක සාධාරණයි..
ඒත් මචන් මෙහෙමයි.. ඒ කෙල්ලට දැන් ඔයාගේ ආදරය ගැන කියලා තියෙන හින්දා..
තව දුරටත් ඔයාට මේ ගැන හිතන්න දෙයක් නෑ..
හේතුව.. දැන් ඒ කෙල්ල වුනත් දන්නවා නේ.. ඔයාට ඒ කෙල්ල ගැන කැමැත්තක් තියෙනවා කියලා..
ඉතින්.. අපි තව දුරටත් මේ ගැන වද වී ගෙන ඒ ගැන කල්පනා කරගෙන මේ ජිවිතය ගෙනියන්න උත්සහ කරන්න එපා..
ඒතකොට අපේ ජිවිතයේ සාර්ථකත්වයක් අපිට උදා කර ගන්න බෑරි වෙනවා. මචන්..
ඉතින්.. මම දැන් කියන්න යන්නේ..
ඔයා ඒ කෙල්ල වෙනුවෙන් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න අතරම ඔයාගේ ජිවිතයත් දියුණු කර ගන්න බලන්න..
එහෙම දෙයක් මම කිව්වේ ජිවිතයක් සාර්ථක කරගන්න උත්සහ කරන්නේ නෑති කොල්ලෙක් ට කිසිම කෙල්ලෙක් තුල වැඩි කැමැත්තක් ඇති වෙන්නේ නෑ මචන්..



