අදුරන්නැති මිනිස්සු රොත්තක් මැද්දෙ ගෙදර

rangawkrs

Well-known member
  • Jun 26, 2017
    367
    57
    63
    අදුරන්නැති මිනිස්සු රොත්තක් මැද්දෙ ගෙදර

    Neth Gossip එකේ මේක තිබ්බේ .


    වැඩවර්ජන,විරෝධතා,උද්ඝෝෂන කියන වචන ලංකාවෙ අපිට අලුත් දෙයක් නෙමෙයි. විශේෂයෙන්ම ලංකාවේ දුම්රිය සේවය ගැන සළකා බලද්දි මේ වචන ඊට ගොඩක් සමීප වනවා. මොකද මගීන් අපහසුතාවයට පත්කරමින් ලංකාවෙ දුම්රිය සේවයතුල නිරන්තරයෙන්ම සිදුවන වැඩවර්ජන පිළිබඳව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ.

    ඊයේ (08) දිනයේදීද කිසිඳු පූර්ව දැනුම් දීමකින් තොරව සිදුකල දුම්රිය වැඩ වර්ජනය නිසා රාජකාරී කටයුතු අවසන් කර නිවෙස් බලා යාමට පැමිණි දහස් සංඛාත මගීන් පිරිසකට යනඑන මන් නැතිවුනු මගීන්ට මධ්‍යම රාත්‍රිය වනතුරුත් දුම්රිය ස්ථානවල රැඳී සිටීමට සිදුවුනා.

    දිගින් දිගටම තම වෘත්තීය වරප්‍රසාද වෙනුවෙන් අසරණ මිනිසුන්ගේ ජීවිත බිල්ලට තබන දුම්රිය බළධාරීන්ගේ අවධානය වෙනුවෙන් මගියෙකු තම අතීත අත්දැකීම් සහිත සටහනක් තබා තිබුනේ මෙලෙසින්.

    මතකයි අද වගේම දුම්රිය මහත්තුරු කරපු වැඩක්....

    දවසනම් මතක නෑ..

    ඉස්කෝලෙ ඇරලා ගෙදර එන්න වෙනද වගේ මරදානට ආව. දවල් 12 ඉදන් කෝච්චි ස්ට්‍රයික්. තැන් තැන් වල ඉස්කෝලෙ ළමයි. ගෙදර යන්න විදිහක් හොයනව.. ඒ දවස්වල බලන බලන එකා අතේ hand phone නෑ. රු. 5 කාසි අතේ තියාගෙන කට්ටිය phone එක ගාව පෝලිමේ. සමහරුන්ගෙ අතේ සල්ලි නෑ. මොකද අතේ සල්ලි පුරවගෙන ළමයි ඉස්කෝලෙ එන්නෙ නෑ. සමහරුන්ට පුරවන් එන්න තියා මොනදේ කරන්නත් සල්ලි නෑ. අතේ තියන සල්ලි එක එක්කෙනා බෙදා ගන්නවා. මගෙ අතේ රු.100ක් තිබුන එදා. ඒකෙන් 60ක් මට ගෙදර එන්න තියාගෙන ඉතුරු 40 බෙදල දීල බස් එකක නැග්ගා. බස් එකේවත් එන්න පාරක් දන්නැති ළමයින්ට දන්න විදිහට එක එක්කෙනා පාර කියනව.

    මහත්තයෝ...

    උඹලට දරුවො ඉන්නවද කියල අපි දන්නෙ නෑ. ඒත් ඉන්නවනම් උන් කෝච්චියේ යනවනම් උඹල අද උන්ව ගෙදර නවත්තගෙන ඇති. අද 8 වෙනිදා. අහිංසක කොල්ලො කෙල්ලො ඉන්නව 10 පඩි ගන්න උන්. උන්ගෙ අතේ මේ වෙද්දි පිච්ච්යක් නැතිවෙලා. මාසෙට රු. 5000ට 6000ට training වෙන්න යන කොල්ලො කෙල්ලො ඉන්නව. ඔය සීසන් කෑල්ල නිසා තමා උන් යන්තම් කොළඹ යන්නෙ.. ගිහින් බලපන්. උන් තාමත් ඉන්නවා කීයට හරි කෝච්චියක් එනකන් කියල බලාගෙන. මහා ලොකු සල්ලි කාරයොනම් ඔය කෝච්චියෙ තැම්බෙන්නෙ නෑ මහත්තයෝ.

    මහත්තයෝ....

    එකට එකතුවෙලා එක set එකක් විදිහට කොළඹ වැඩට යන සෙට් වල ඉන්නවා ගැබිණි මව්වරු. ආබාධිත කට්ටිය. උන්ව අද උදේ කොළඹට අතෑරල ඕනෙ විදිහකට පලයව් කියල මොකක්ද මහත්තයෝ උඹල ගන්න ආතල් එක.. උන් කොහොමද ගෙවල් වලට යන්නෙ. සෙනග පුරවන් යන බස් එකේ දරුවෙක් බඩේ දරාගෙන කොහොමද උන් යන්නෙ?? උඹලට හිතක් පපුවක් නැද්ද මහත්තයො???

    අද ගෙදර එන්න විදිහක් නැතුව තාමත් කොටුවෙ මරදානෙ ඉන්නෙ උඹනම් උඹට තේරෙයි...

    අද ගෙදර එන්න විදිහක් නැතුව බඩත් උස්සගෙන බස් එකේ තෙරපෙන්නෙ උඹේ ගෑණිනම් උඹට තේරෙයි....

    ගෙදර එන්න විදිහක් නැතුව අතේ සල්ලි නැතුව ඉන්නෙ උඹේ පුතානම් උඹට තේරෙයි...

    උඹට තේරෙයි තමත් අදුරන්නැති මිනිස්සු රොත්තක් මැද්දෙ ගෙදර එන්න විදිහක් නැතුව ඇස්වලින් කදුලු හලන්නෙ උඹේ දුවනම්....

    උඹල ඔහොම ගන්න ආතල් මහ එවුන්ට තේරෙන්නෙ නෑ. උඹලයි, මහ එවුනුයි හැමදාම තලන්නෙ පොඩි උන්වමයි...

    තොපිට හෙන ගහනවා මහත්තයෝ......
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    45.gif


    කාටද රිදුනේ...
    කවුරුද හැඬුවේ...
    දුම්රිය මොහොතක් නතර වුනේ...
     

    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    ඔය පාරවල් වල රස්තියාදු වෙන "අහින්සක" එවුන් ම තමා ගමේ කසිප්පු කාරයා, කුඩු මුදලාලිව, ලමා දූශකයව පාර්ලිමෙන්තු, පලාත් සභා යැව්වෙ....මන් නම් කියන්නෙ හොද වැඩේ
     
    • Like
    Reactions: Bart_Allen

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,080
    113
    සේදවත්ත
    රටේ මිනිස්සු මිනිස්සු මුන්ට ගහන්න ඕනේ. එත් අපේ උන් පාට පක්ෂ වලට බෙදිල උන්ට රට වෑඩක් බෑ. පාරට බෑහෑල ඈමතියව ගෙදර යවන්න එකෙක් නෑ උ හිරේ ගියොත් බස් එක වටේ හුරේ දාන්න 1000 ඉන්නවා. ඉතින් ඒවා වෙනස් නොකර මෙව්වා වෙනස් වෙන්නත් නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොන්නයෙක් අගමැති වෙල නිවටයෙක් ජනාධිපති උනාම ඔහොම තමයි ලබන පාරවත් බුද්ධිමත්ව චන්දය භාවිතා කරපල්ල..
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    රටේ මිනිස්සු මිනිස්සු මුන්ට ගහන්න ඕනේ. එත් අපේ උන් පාට පක්ෂ වලට බෙදිල උන්ට රට වෑඩක් බෑ. පාරට බෑහෑල ඈමතියව ගෙදර යවන්න එකෙක් නෑ උ හිරේ ගියොත් බස් එක වටේ හුරේ දාන්න 1000 ඉන්නවා. ඉතින් ඒවා වෙනස් නොකර මෙව්වා වෙනස් වෙන්නත් නෑ

    :yes::yes::yes:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    ඔය පාරවල් වල රස්තියාදු වෙන "අහින්සක" එවුන් ම තමා ගමේ කසිප්පු කාරයා, කුඩු මුදලාලිව, ලමා දූශකයව පාර්ලිමෙන්තු, පලාත් සභා යැව්වෙ....මන් නම් කියන්නෙ හොද වැඩේ

    Yep. :)
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    948
    632
    93
    If they truly want to send the message to Gov. then they should have worked as same as other days only without charging the passengers.

    That way is better I guess.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,061
    8,389
    113
    Kotahena
    සිරිසේනය පත්තරෙන් බලල ආතල් දුන්නෙ නැත්තං ඇමැති මණ්ඩලේ ට නම් මේ වෙන්කොට පඩි වැඩි කරල.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    සිරිසේනය පත්තරෙන් බලල ආතල් දුන්නෙ නැත්තං ඇමැති මණ්ඩලේ ට නම් මේ වෙන්කොට පඩි වැඩි කරල.


    ඕකුන් ස්ට්ර්යික් කරන්නෙ පඩි වැඩි කරන්න නෙමෙයි . ලක්ශ 2ට වඩා පඩි ගන්න උන් රුපියල් 400ට ඇබරෙන්නෙ නෑනෙ.උන්ට ඕන එක වර්ගෙකට වැඩි කරානම් අනිත් උන්ට ඊට වැඩිය රුපියලක් හරි වැඩි වෙන්න . එක එකාගෙ මහන්තත්වකම
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ඔය පාරවල් වල රස්තියාදු වෙන "අහින්සක" එවුන් ම තමා ගමේ කසිප්පු කාරයා, කුඩු මුදලාලිව, ලමා දූශකයව පාර්ලිමෙන්තු, පලාත් සභා යැව්වෙ....මන් නම් කියන්නෙ හොද වැඩේ


    දැන් උබ චන්දේ දුන්නු එකා උගත් බුද්දිමත් එකෙක්ද..ඌ රට ගොඩ දැම්මද..?කාලකන්නි පාලකයො මේ රට කනව.

    .