මොන විදිහට මේකෙ දේශපාලන වලි දාගත්තත් මම හැමදාම කියනව වගේ කිරියෙ කුකුලො කවදත් මගේ හීතේ විශේෂ තැනක ඉන්නව. මම මීට අවුරුදු කීපයකට කලින් බොහොම අමාරු තැනක ඉන්නකොට මේකෙ උන් එක්ක කතා කරල් ගත්ත තීරණ එක්ක අද යම්කිසි තැනකට ඇවිත් ඉන්නව.
ඔන්න ඉතින් මම කලින් කිව්ව වගේ මට දැන් 33ක් නිසා බඳින්න කෙනෙක් හොය හොයා හිටියෙ, කෙල්ලො දෙතුන් දෙනෙක් සෙට් උනත් හරියන එකක් සෙට් උනේ නෑ , ඔහොම ඉන්නකොට ඔෆිස් එකේ ට්‍රේනින් වැඩකට චීනෙට යන්න උනා සති 2කට මේකෙදි මට කෙල්ලෙක් සෙට් උනා ලංකාවෙ කෙනෙක් . අපි ටිකක් කතා කරල බලනකොට කොහොමහරි ඒ කෙල්ල මගේ හිතට හොදට සෙට් උනා. එයා එහෙම ලොකු ලස්සන කෙනෙක් නෙවේ හැබැයි හරිම කොම්ෆර්ටබ්ලි සීන් එකක මට තේරුනා. කොහොමෙන් කොහොම හරි ගෙවල් වලටත් කතාකරල ( මගේ පැත්තෙන් නම් කවුරුවත් නෑ) පෙබරවාරි අපි දෙන්න මැරි කරන්න ඉන්නෙ. කාට හරි හිතෙයි මොකක්ද පකෝ ඕකෙ ඇචීව්මන්ට් එක කියල. ඇත්තටම මම ආපු ගමනත් එක්ක මේක ලොකු පියවරක් . ජීවිතේ වෙනස්වෙන තැනක් , එයා සල්ලි තියෙන පවුලක කෙනෙක් , ඔසී සිටිසන් තියෙනව ඕව හැමදේටම වඩා හරිම හොඳ කෙනෙක් ඒක්‍යි මටනම් වටින්නෙ .
මම මේ පෝස්ට් එක දාන්න හිතුවෙ මම වගේ අපේක්ෂා භංග වෙලා අනාත වෙලා වයසට යන එලකිරි කුකුලොන්ට කියන්න ජීවිතේ ගලාගෙන යන ගඟක්නෙ ඉස්සරහ වංගු වලදි ඔයාල හිතන්නෙ නැති විදිහට හොඳ දේවල් ලැබෙන්න පුලුවන් ඒක නිසා පොසිව් විදිහට අද ඉන්න. මමත් ලොකු කාලයක් නැති දේවල් ගැන දුක් උනාට ඇති නැති දේවල් නිතර වෙනස් වෙන්න පුලුවන් කියල දැගෙන දැන් ජීවත් වෙන්නෙ ඒක ලේසියි