අපාය විශ්වාස කරනවද?

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
බුද්ධහම අනුව ව නම් සතර අපාය තියෙනවා

1. තිරිසන් ලෝකය (තිරච්ඡාන යෝනි)
2. ප්‍රේත ලෝකය (පේත යෝනි)
3. අසුර ලෝකය (අසුර යෝනි)
4. නරක ලෝකය (නිරය)


එත් මචන් බලන්න අපිට උරුම මේ පෘතුවිය ලේ මස් නහර වලින් හැදුනු මිනිස්සු සත්තු ඇසට නොපෙනෙන හැම ජිවියෙක් ම ඉන්නවා

ඇමරිකාවේ ජපානේ චයිනා ඇතුලු බොහොමයක් රටවල මිනිස්සු දුක කියන දේ දන්නේ වත් නැහැ සතුටින් සැහැල්ලුවෙන් ඉන්නේ දිවියලොක වගේ
එ වගෙම දිළිදුරටවල් කන්න නැහැ බොන්න නැහැ දුක් විදියට ජිවත් වෙන්නේ කුණු ඇද ඇදා කනවා කාණු වතුර බොනවා හරියට එපායක් වගේ මම ඉතින් හිතන්නේ තමන්ට මොනවා ලැබුනත් මොනවා අහිමි වුනත් තම අත්මශකිය හිත දිරිමත් කරන් හොද දෙවල් කරන් ජිවත් වුනත් ඔනම ආපායක් දිවියලොකයක් කර ගත හැකි , හිත සතුටින් ඉන්න මනුස්සයෙක්ට .
 

kasunacrox

Active member
  • May 29, 2010
    956
    59
    28
    උඹලා 'අපාය' කියලා තැනක් තියෙනවා කියලා විශ්වාස කරනවද බන්? :nerd:

    ඔව්වා බොරු වෙන්න ඇති බං.. අපි දැකලා නෑනේ.. නොදැකපු දෙයක් විශ්වාස කරන්නේ කොහොමද..? :confused::confused::confused::confused::confused::confused:
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඌ කියන්නේ මමත් හම්බයෝ වගේම අන්ධ විශ්වාස තුල එල්බගෙන ඉන්න එකෙක් කියලා බන් බෞද්ධ පොත් එහෙම මම නිතරම කියවනවා කියල ඌ දන්න නිසා. ඌ කියන්නේ වැරදි වැඩ නොකර ඉන්න ඕනේ පව් සිද්දවෙන නිසා නෙමෙයි ඒ මගින් අනිත් අය කරදරයට පත් වෙන එක ගැන හිතලා ඇති කරගත් ස්වයං සංයමයක් මත කියලා. තව හෙන ගොඩක් ඒවා කියනවා බන්.

    ඇත්තටම කියනවනම් ඌත් එක්ක කතා කරද්දී මට හිතෙන්නේ ඌ මට වඩා බුද්දිමත් කියල බන්. :sorry::sorry:

    :yes::yes::yes:

    ඇත්තටම බැලුවොත් මම හිතන්නේ නෑ මමත් අපාය කියලා දෙයක් විශ්වාස කරනවා කියලා.

    අපායක් තිබ්බත් එකයි නැතත් එකයි අපි නිවැරදි දේ කරනවා නම් එච්චරයි.

    මම ඔයාගෙ යාලුවාගෙ මතවලට ගරු කරනවා.
    ගොඩක් බෞද්ධ අයත් දැන් හැසිරෙන්නේ මුස්ලිම් අය වගෙ තමා .
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සැබෑ ලෝකේ නම් පිළිකා වාට්ටුවකට වගේ ගියොත් ඒ අපාය තමයි .. මැරුණට පස්සෙනම් දන්නේ නැ
    හැබයි පොඩ්ඩක් ලොජිකල් හිතුවම අපාය දිවියලොක මරණින් මතු ජීවිතය ගැන ප්‍රශ්න තියනවා ..ඒ වගේ දේවල් ගොඩක් වෙලාවට ශාක්ෂි වලින් තොරව විස්වාස කරන්න වෙනවා හැම ආගමකම වගේ
    මිනිහෙක්ට වේදනාව කියන එක දැනෙන්න ස්නායු වැඩ කරන්නත් ඕනි මොලය වැඩ කරන්නත් ඕනි ..හිත කියන එක මොලය නෙවෙයි කියල ගත්තොත් එකත් වැඩ කරන්න ඕනි
    මොලය වැඩ කරත් ස්නායු රෝගියෙට සමහර තැන් වල සංවේදී කම නැති වෙන්න පුළුවන් .මෝහනය කරලාත් මම දැකල තියනවා සමහර සංවේදී කම් නැතිකරන හැටි
    මැරුණම මොලේ ක්‍රියාකාරිත්වය නැතිවෙනවා එතකොට වේදනාවක් කියන එක තේරුම් ගන්න මොලයට බැ
    එතකොට මැරුණට පස්සේ කටු ඉබුලේ නගිනකොට කටු ඇනෙන වේදනාව දැනෙන්නේ කොහොමද කියන එක හිතා ගන්න බැ
    මුස්ලිම් ආගමේ කියනවා මැරුණම වල දාන වලට විස නයි 7 දෙනෙක් ඇවිත් දෂ්ට කරණවලු අනේ මන්ද ඇයි එකට මිනිස්සු බය වෙන්න ඕනි කියල ..මලමිනියකට නයි ගැහුවම ආපහු මුල ඉදන් මැරෙන්න වෙනවා ඇති ...


    අපාය ගැන කියවෙද්දී සිරුරට දැනෙන වේදනා ගැන තමයි කියවෙන්නේ ..එත් මැරුණම සිරුරට සන්ව්දිතාවය නැති උනාට සමහර විට මරණින් පස්සේ හිත කියන එක පවතිනවනන් එකට ලබන්න වෙන අත්දැකීම් මේවගේ කියල උදහරනෙකින් කියනවද දන්නේ නැ ..

    මරණින් මතු ජීවිතය ගැන ජිවත් වෙන කිසිම කෙනෙක් දන්නේ නැ බන් ..තියෙන්නේ විස්වාස විතරයි

    අපාය තියනවද කියන එකේ විස්වාසේ කොහොම උනත් අපායක් තියනවනම් අපි උබල පොඩි පොඩි නඩු වලට හරි එහෙදි සෙට් වෙයි කියලනම් විස්වාසෙන් කියන්ඩ පුළුව
    න්
     
    Last edited:

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    ඇයි බං හීනයක් දැක්කද? :rofl: අපාය තියෙන්නෙ මිහිපිටමයි බං. මේ දැන් වෙන කුපාඩි වැඩ ඔක්කොම කරන්නේ ඒකෙ ඉන්න යමපල්ලෝ.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :yes::yes::yes:

    ඇත්තටම බැලුවොත් මම හිතන්නේ නෑ මමත් අපාය කියලා දෙයක් විශ්වාස කරනවා කියලා.

    අපායක් තිබ්බත් එකයි නැතත් එකයි අපි නිවැරදි දේ කරනවා නම් එච්චරයි.

    මම ඔයාගෙ යාලුවාගෙ මතවලට ගරු කරනවා.
    ගොඩක් බෞද්ධ අයත් දැන් හැසිරෙන්නේ මුස්ලිම් අය වගෙ තමා .

    :yes::yes::yes:

    ඌ හෙන මීටරයක් මචන් පොඩි කාලේ ඉඳලම. ඒ නිසා මම විශ්වාස කරන දේ ගැන නැවත වරක් ප්‍රශ්න කරන්න කියලා මගේ හිතම මට කියනවා. මොනවා වුනත් හොඳම දේ පුළුවන් තරම් හොඳින් යහපත් ලෙස තමන්ගේ ජීවිතේ ගත කරන එක. මම දන්නා තරමින් ඌ නිරාගමික වුනත් ඕනේ කෙනෙක්ට උදව්වක් කරන්න දෙපාරක් හිතන එකෙක් නෙමෙයි. :)
     

    waligamaya

    Well-known member
  • :yes::yes::yes:

    ඌ හෙන මීටරයක් මචන් පොඩි කාලේ ඉඳලම. ඒ නිසා මම විශ්වාස කරන දේ ගැන නැවත වරක් ප්‍රශ්න කරන්න කියලා මගේ හිතම මට කියනවා. මොනවා වුනත් හොඳම දේ පුළුවන් තරම් හොඳින් යහපත් ලෙස තමන්ගේ ජීවිතේ ගත කරන එක. මම දන්නා තරමින් ඌ නිරාගමික වුනත් ඕනේ කෙනෙක්ට උදව්වක් කරන්න දෙපාරක් හිතන එකෙක් නෙමෙයි. :)
    මෙහෙමයි මචන් මම නම් ඕක විශ්වාස කරන්නේනැ නොකා රන්නේ ත් නැ. මොකද අපි හරියටම දන්නේ නැනේ. එකේ තේරුම අපිට සදරනවා බැහැරකරනත් බැ පිලිගන්නත් බැ. නමුත් බුදුදහමේ ම කියල තියනවා දෙයක් තාර්කිකව කිරල් මැනලා තේරුම් ගැන කියල. අනික මගේ මතය චතුරාර්ය සත්ත්‍ය අවබෝද කරගන එකට අපය පිළිගනිම නොගැනීම ප්‍රශ්නයක් නෙවෙයි.

    ගොඩක් ය ඕක කිව්වගනම් උබ අපය තියනවා කියල පිළිගන්නේ නැත්තම් බුද්දවදනය පිළිගැනෙන්නැ එක නිසා බවුද්දයෙක් නෙවෙයි කියල කගනවා. අපේ අයගේ ගැටී එහෙම තමයි නාමික බවුද්දයෝනේ
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    අපායවල් වල සහ එහි දුක් විඳින්නවුන් දැකීමට අවශ්‍යනම් ධ්‍යාන ලබාගන්න! එවිට බුදු හාමුදුරුවෝ කිව්ව හන්ද නෙමෙයි ඇත්තටම විශ්වාශ කරන්න ගනීවි! :) එත් හැමෝටම ධ්‍යාන ලබාගැනීම අපහසු හන්ද තමයි කාරුණික බුදු රජාණන්වහන්සේ මේ දේවල් ලෝකයාට දේශනා කලේ. එය විශ්වාශ නොකරන්නේ නම් ඉතින් sorry තමයි.
    සැ:යු:- සතර අපායෙන් මිදීමට ධ්‍යාන ලබා තිබීම අවශ්‍ය නැත.

    :yes::yes::yes: දැන් ඉන්න මිනිස්සු අවිද්‍යාව විද්‍යාව විදිහට දකින්නෙ... බුදුන් වහන්සේ මහපට ඇඟිල්ලට පස් පිඩක් ගෙන තම ධර්‍මය අවබෝධ කොට නිවන් දුටු පිරිස ඒ හා සමාන බවත් අවබෝධ නොකළ පිරිස මහ පොළවේ තිබෙන පස් හා සමාන බවත් උපමාකොට වදාළහ. ඒ වචන ටිකම ඇති අපිට මේ ලෝකෙ මොනවගේ තැනක්ද කියන එක හිතන්න

    කෙටියෙන්ම කියනව නම් උඹගෙ යාළුව පට්ටම මෝඩයෙක් :)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව්. හැබැයි පරණ ආගම් වල කියනව වගේ අපායවල් හතයි දිව්‍යලෝක හතයි එහෙම නෑ. අපායවල් තියෙන්නෙ එකයි. දිව්‍යලෝක කියල තැනක් නම් නෑ :no: :no: